පාරිභාෂික ශබ්ද මාලාව

 

                                                                                                                          අනෙකුත්

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

අක් වෙරළ බැංකු ඒකකය    
අක්වෙරළ බැංකු ඒකක වලින් ලබාගත් ණය    
අක්‍රීය ණය    
අගය දාම ධාවකයා  VCP අගය දාමයෙහි සහභාගීකරුවන්
අගය රාශිගත කාඩ්පත   ගෙවීම් මාධ්‍යයක් වශයෙන් භාවිතා කළ හැකි රාශිගත අගයකට ප්‍රවේශ වීමට පහසුකම් සලසා දෙන ගෙවීම් කාඩ්පතක් හෝ වෙනයම් උපාංගයක් අදහස් වේ. කාඩ්පත් නිකුත් කරන්නා වෙතම පමණක් ගෙවීම් පියවිය හැකි රාශිගත කාඩ්පත් මෙම අර්ථකථනයට ඇතුළත් නොවේ.
අග්නිදිග ආසියානු කලාපීය මහ බැංකු සංගමය SEACEN  
අත්තිකාරම් ගෙවීම   භාණ්ඩ හෝ සේවා බෙදා හැරීමට පෙර සැපයුම්කරුවෙකුට ගෙවීම හෝ අර්ධ වශයෙන් ගෙවීම
අතථ්‍ය පුද්ගලික ජාලකරණය   දුරස්ථ ප්‍රවේශ සේවාදායකයකට සම්බන්ධ වීම හරහා, වෙනත් ජාලයක් හෝ අන්තර්ජාලය තුලින්,  තවත් ජාලයකට ප්‍රවේශ වීය හැකි  ආරක්ෂිත ක්‍රමයකි
අතථ්‍ය මුදල්   හුවමාරු මාධ්‍යයක්; සහ/හෝ ගිණුම් ඒකකයක්; සහ/හෝ වටිනාකමේ සන්නිධියක් ලෙස කටයුතු කරන අතර, ඩිජිටල් මාධ්‍ය හරහා හුවමාරු කළ හැකි වටිනාකමේ ඩිජිටල් සංදර්ශකයක් වුව ද, කිසිදු බල අධිකාරියක් යටතේ නීතියෙන් වලංගු නොවන අතර, කිසිදු බල අධිකාරියක් මගින් නිකුත් කිරීම හෝ සහතික වනු නොලබයි.
අතිරේක ණය ගිවිසුම SLA ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව සහ එක් එක් සහභාගීත්ව මූල්‍යායතන අතර ගිවිසුම් ගතව තිබෙන ණය එකඟතාව
අදාළ දිනය තුළ දී පියවනු ලබන විදේශ විනිමය ගනුදෙනුව Cash එකඟ වූ විදේශ විනිමය අනුපාතිකයට අනුව, එක් මුදල් ඒකකයකට එරෙහිව තවත් මුදල් ඒකකයක් අත්පිට මිලදී ගැනීම, එම ගනුදෙනුව සිදු කරන දිනයේ දී ම පියවීම සිදු කරනු ලබන ගනුදෙනුවකි.
අධි පෙළ හුවමාරු කෙටුම්පත   අන්තර්ජාලය තුළ ඇති වෙබ් දත්ත සමඟ අන්තර් ක්‍රියා කිරීමට පරිශීලකයින්ට හැකි වන පරිදි තොරතුරු පද්ධති විසින් භාවිතා කරන නීති මාලාවකි . බ්‍රව්සරයට වෙබ් ලිපිනයක් ඇතුළත් කළ විට, අවශ්‍ය වෙබ් පිටුව සොයා ගැනීමට සහ නැරඹීමට අවශ්‍ය  උපදෙස් මෙමගින් වෙබ් සේවාදායකයට යවනු ලැබේ
අධීක්ෂණ සහ ඇගැයීම් ක්‍රමය M&E System  
අධ්‍යක්ෂ, අවදානම් කළමනාකරණ DRM  
අනෙකුත් ව්‍යවහාර මුදල් ඒකක   පදනම් හෝ ප්‍රකාශිත මුදල් ඒකකය වශයෙන් එක්සත් ජනපද ඩොලරය සම්බන්ධ නොවන මුදල් ඒකක. උදාහරණයක් ලෙස මෙවැනි ගනුදෙනුවක ගිවිසුම් පියවීමේ ව්‍යවහාර මුදල් ඒකකය ලෙස එක්සත් ජනපද ඩොලරය භාවිත නොවේ.
අනුකූලතා අධීක්ෂණ නිලධාරී CMO  
අනේවාසික රුපියල් ගිණුම NRRA විගාමිකයන්ට සංක්‍රමණික දීමනා සඳහා හිමිකම් පෑමට සුදුසුකම් ඇති වත්කම් තුළින් ජනනය වන ආදායම උපයෝගී කර ගනිමින් යෙදෙන අවසරලත් ආයෝජන සහ දේශීය ගනුදෙනු පහසු කිරීම සඳහා මෙන්ම, මෙරටට රැගෙන එන ආමුඛ ප්‍රේෂණ තහවුරු කිරීමට නොහැකි ශ්‍රී ලංකාව තුළ සිදු කළ ආයෝජනයන්ගේ ලැබීම් සහ ප්‍රාග්ධන ගනුදෙනු තුළින් නිරුක්තික රුපියලෙන් ජනනය වූ ආදායම වර්තනය සඳහා ශ්‍රී ලංකාවෙන් බැහැර වෙළඳ ව්‍යාපාර සහ සමාගම්හී භාවිතය සඳහා ශ්‍රී ලංකා රුපියල් ගිණුම හඳුන්වා දෙනු ලැබීය.
අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපිනය   ඕනෑම පරිගණකයකට අනන්‍ය වූ හඳුනාගැනීමේ අංකය. උදා: 192.168.101.1.
අන්තර් බැංකු ඒ්ක්ෂණ මුදල් වෙළඳපොළ    
අන්තර් බැංකු මුල්‍ය තොරතුරු සන්නිවේදන සංගමය SWIFT ආරක්ෂිතව සහ කාර්යක්ෂමව රටවල් අතර මුදල් හුවමාරු කරගැනීම සඳහා සාමාජික බැංකුවලට අවස්ථාව සලසා දෙන ජාත්‍යන්තර පද්ධතියකි
අපනයන ආදායම් ශ්‍රී ලැංකා රුපියල් බවට පරිවර්තනය කිරීම    
අපනයන ඒකක මිල දර්ශකය   අපනයන වටිනාකම් දර්ශකය සහ අපනයන පරිමා දර්ශකය අතර අනුපාතය.
අපනයන පරිමා දර්ශකය   පවත්නා කාලපරිච්‍ඡේදය සහ පදනම් කාලපරිච්‍ඡේදය අතර අපනයන පරිමාවන්හි අනුපාතය
අපනයන වටිනාකම් දර්ශකය   පවත්නා කාලපරිච්ඡේදය සහ පදනම් කාලපරිච්‍ඡේදය අතර අපනයන වටිනාකම්හි අනුපාතය
අපනයන සංවර්ධන මණ්ඩලය EDB  
අපේක්ෂිත පාඩුව EL  
අභ්‍යන්තර අරමුදල් ආයෝජන අධීක්ෂන කමිටුව IIOC  
අයභාර කාඩ්පත   කාඩ්පත් දරන්නා වෙත එය නිකුත් කරන්නා විසින් ප්‍රදානය කරන ලද ණය පහසුකමක් සහිත, කාඩ්පත් දරන්නා විසින් භාවිතා කරන ලද ණය මුදල තව දුරටත් දීර්ඝ කිරීමකින් තොරව නියම කරන ලද දිනට හෝ ඊට පෙර සම්පූර්ණයෙන් ගෙවා නිම කළ යුතු ගෙවීම් කාඩ්පතක් වේ
අයවැය හිඟය    
අරමුදල් කළමනාකරණ දෙපාර්තමේන්තු FMDs  
අවදානම මත බර තබන ලද ප්‍රාග්ධන අනුපාතය   පවත්නා ප්‍රාග්ධනය, අවදානම් මත බර තබන ලද වත්කම් වලින් බෙදීමෙන් ගණනය කරන ලද අනුපාතයයි.
අවදානමෙහි පවතින වටිනාකම VaR නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ දී නිශ්චිත විශ්වාසයක් සහිතව හට ගත හැකි උපරිම අලාභය.
අවදානමෙහි පවතින වර්ධනය   අවදානමෙහි පවතින වර්ධනය මගින් සාර්ව මූල්‍ය තත්ත්ව දර්ශකයක් මත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන ව්‍යාප්තිය තත්ත්වානුකූලව පුරෝකථනය කෙරේ. මෙම රාමුව වර්ධනය ප්‍රකාරව සාර්ව ආර්ථික අවදානම් ප්‍රමාණනය කොට, කාලයත් සමඟ ආර්ථික කටයුත්තට හට ගන්නා අවදානම්වල පරිණාමය අධීක්ෂණය කරයි.
අවදානම් අභිරුචි ප්‍රකාශය RAS  
අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති ප්‍රකාශය RMPS  
අවදානම් සම්බන්ධීකරණ නිලධාරීන් RCOs  
අවප්‍රමාණය වීම හා ණය ආපසු ගෙවීම    
අවබෝධතා ගිවිසුම MoU  
අවලංගු කළ විනිමය පාලන පනත ECA  
අවසාන ණය දෙන්නා    
අව්‍යාජ ව්‍යවහාර මුදල් නෝට්ටු   ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් නෝට්ටු
අස්ථාවරත්වය    
අස්පෘශ්‍ය ගෙවීම්   ගුවන් විදුලි සංඛ්‍යාත හඳුනාගැනීමේ (RFID) සහ ක්ෂේත්‍රයට ආසන්න සන්නිවේදනය (NFC) වැනි තාක්ෂණයන් සහිත ගෙවීම් කාඩ්පත් හෝ වෙනත් ගෙවීම් උපකරණ භාවිත කරමින්  ගෙවීම් කළ හැකි අවස්ථා වේ
ආතති පරීක්ෂණ   ආතති පරීක්ෂණ යනු සාර්ව මූල්‍ය විචල්‍යයන් තුළ ඇතැම් සිදු විය නොහැකි එහෙත් ව්‍යාජ අවස්ථා නැතහොත් චලනයන් ගෙන් හට ගන්නා විභව අවදානම් සහගත තත්ත්වයන්ට ඔරොත්තු දීමට දී ඇති අංශයක් / ආයතනයක් සතු ව පවතින ස්ථායීතාව නිශ්චය කිරීමට භාවිත කෙරේ.
ආදාන මිල ගණන් (BOS තුළ)   පසු ගිය වර්ෂයේ අනුරූපී කාර්තුව හා සසඳන කල, ප්‍රවර්තන කාර්තු‍ව තුළ දී සහ මීළඟ කාර්තුව සඳහා අපේක්ෂිත ආදාන මිල (අමු ද්‍රව්‍ය මිල සහ ශ්‍රමය වැනි අනෙකුත් ආදාන) පෙන්නුම් කරයි.
ආපදා ප්‍රතිසාධනය   ව්‍යාපාර අඛණ්ඩතාවයේ උප කුලකයක් වන අතර  ඕනෑම ආපදා තත්වයක් හරහා දත්ත, තාක්‍ෂණය සහ පද්ධති නැවත යථාතත්වයට ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය
ආපසු ගෙවීමේ කාල පරාසය   ණය වගකීම ආපසු ගෙවා අවසන් කළ යුතු කල පරාසය වේ.
ආමුඛ ආයෝජන ගිණුම IIA අනේවාසික ආයෝජකයින් ශ්‍රී ලංකාව තුළ අවසරලත් ප්‍රාග්ධන ගනුදෙනු සිදු කිරීම වෙනුවෙන් ජනිත ආමුඛ ප්‍රේෂණ සහ එවැනි ආයෝජනයන්ගේ ලැබීම් වර්තනය හැසිරවීම සඳහා හඳුන්වා දුන් ගිණුම.
ආයතනගත අවදානම් කළමනාකරණය ERM  
ආයෝජන අධීක්ෂණ කමිටු IOCs  
ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය IPS  
ආයෝජන මාර්ගෝපදේශ IG  
ආයෝජනය (BOS තුළ)   පසු ගිය වර්ෂයේ අනුරූපී කාර්තුව හා සසඳන කල, ප්‍රවර්තන කාර්තු‍ව තුළ දී සහ මීළඟ කාර්තුව සඳහා අපේක්ෂිත ආයෝජන මට්ටම පෙන්නුම් කරයි.
ආරක්‍ෂණ සළකුණු   අව්‍යාජ මුදල් නෝට්ටුවක් හා ව්‍යාජ මුදල් නෝට්ටුවක් අතර වෙනස හඳුනා ගැනීම සඳහා මුදල් නෝට්ටුවලට ඇතුලත්කර ඇති විශේෂාංග
ආරම්භක ප්‍රසිද්ධ නිකුතුව   ආරම්භක ප්‍රසිද්ධ නිකුතුවක් යනු සමාගමක කොටස් පළමු වරට ආයතනික ආයෝජකයන්ට සහ සිල්ලර ආයෝජකයන්ට විකුණනු ලබන ප්‍රසිද්ධ නිකුතුවකි.
ආසන්න ක්ෂේත්‍ර සන්නිවේදනය   කෙටි පරාස රැහැන් රහිත තාක්‍ෂණයකි. මෙම තාක්‍ෂණය සහිත උපාංග ස්පර්ශ වන පරිදි හෝ ඉතා ආසන්නයේ තැබූ විට එකිනෙකා සමඟ ආරක්ෂිතව සන්නිවේදනය කිරීමට හැකියාව  ලබා දේ
ආනයන ඒකක මිල දර්ශකය   ආනයන වටිනාකම් දර්ශකය සහ ආනයන පරිමා දර්ශකය අතර අනුපාතය
ආනයන පරිමා දර්ශකය   පවත්නා කාලපරිච්‍ඡේදය සහ පදනම් කාලපරිච්‍ඡේදය අතර ආනයන පරිමාවන්හි අනුපාතය
ආනයන වටිනාකම් දර්ශකය   පවත්නා කාලපරිච්ඡේදය සහ පදනම් කාලපරිච්‍ඡේදය අතර ආනයන වටිනාකම්හි අනුපාතය
ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය (ගැනුම්කරුවන්ගේ මිල දර්ශකයෙන්)   ඇණවුමක් ස්ථාපනය කිරීමේ සිට සැපයුම්කරු විසින් ඇණවුම සපයනු ලැබීම දක්වා ගත වන කාලය
ආයෝජන මණ්ඩලය    

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

ඉඩම් තක්සේරු දර්ශකය LVI ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ තක්සේරු දෙපාර්තුමේන්තුව විසින් අර්ධ වාර්ෂික පදනමක් මත කොළඹ දිස්ත්‍රික්කය තුළ දිස්ත්‍රික් ලේකම් කොට්ඨාශ 13ක් ආවරණය කරනු ලබමින් සාදන ලද පර්චසයකට පවතින හිස් ඉඩම් මිල ගණන් භාවිත කරමින්, මින් පෙර ඉඩම් මිල දර්ශකය ලෙසත්, දැන් ඉඩම් තක්සේරු මිල දර්ශකය ලෙසත් හැඳින්වෙන මෙම දර්ශකය සම්පාදන කරන ලදී.
ඉඩම් මිල දර්ශකය LPI රජයේ තක්සේරු දෙපාර්තුමේන්තුව විසින් අර්ධ වාර්ෂික පදනමක් මත කොළඹ දිස්ත්‍රික්කය තුළ දිස්ත්‍රික් ලේකම් කොට්ඨාශ 13ක් ආවරණය කරනු ලබමින් සාදන ලද පර්චසයකට පවතින හිස් ඉඩම් මිල භාවිත කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තුමේන්තුව විසින් ඉඩම් මිල දර්ශකය සම්පාදනය කරනු ලැබේ.
ඉදිරි කාර්යාලය FO  
ඉදිරි විකුණුම්   විකිණුම් අවස්ථාවේ විකුණුම්කරුට අයත් නොවන වත්කමක් (සුරකුම්පතක්/ කොටසක්, වෙළඳ අනාගත ගිවිසුමක්, ඒකාබද්ධ හෝ ස්වෛරී බැඳුම්කරයක්) විකිණීම. ඉදිරි විකුණුම් වර්ග දෙකකි, එනම් “ විවෘත ඉදිරි විකුණුම් " සහ “ ආවරණය කළ ඉදිරි විකුණුම් ”.
ඉදිරි විනිමය ගනුදෙනුව Forward එකඟ වූ විදේශ විනිමය අනුපාතිකයට අනුව, එක් මුදල් ඒකකයකට එරෙහිව තවත් මුදල් ඒකකයක් අත්පිට මිලදී ගැනීම, එම ගනුදෙනුව සිදු කරන දිනයට දින දෙකකට පසුව එකඟ වූ ඉදිරි දිනයක දී පියවීම සිදු කරනු ලබන ගනුදෙනුවකි.
ඉලෙක්ට්‍රොනික වෙළඳාම   එය තොරතුරු තාක්‍ෂණයෙන් සක්‍රීය වෙළඳ යාන්ත්‍රණයක් වන අතර එමඟින් වෙළෙඳුන්ට සම්බන්ධ වීමට, ඇණවුම් කිරීමට සහ කලින් තීරණය කරන ලද ස්පර්ශ කළ හැකි  / ස්පර්ශ කළ නොහැකි භාණ්ඩ වර්ග වෙළදාම් කිරීමට හැකිවේ.
ඉල්ලුම (BOS තුළ)   පසු ගිය වර්ෂයේ අනුරූපී කාර්තුව සමඟ සසඳා බලන විට, වර්තමාන කාර්තුව තුළ දී ඉල්ලුමේ පරිමාව සහ මීළඟ කාර්තුව සඳහා අපේක්ෂාව පෙන්නුම් කරයි.
ඉල්ලුමෙන් ඇදුණු උද්ධමන පීඩන    
ඉහළ අවදානම්    
ඉහළ පෙළ විශේෂඥයින්ගේ සම්මන්ත්‍රණ HLS යම් විෂයයක විවිධ පැති නියෝජනය කරන, විදේශීය අත්දැකීම් සහිත කථිකයන් මඩුල්ලකගේ සහභාගිත්වයෙන්, යම් විශේෂිත වූ කාලෝචිත මාතෘකාවක් වටා කේන්ද්‍රගතව පවත්වනු ලබන සාකච්ඡාවකි. බොහෝ විට මෙහි ප්‍රේක්ෂකයින් ට මාතෘකාවට අදාළ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් වේ.

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

උකස් පිටුබලය සහිත සුරැකුම්පත් MBS  
උද්ධමන දැක්ම    
උද්ධමනය   වසරක් මුළුල්ලෙහි ආර්ථිකයක් තුළ භාණ්ඩ සහ සේවාවන්හි සාමාන්‍ය මිල මට්ටමේ සිදු වන අඛණ්ඩ ඉහළ යෑමයි. උද්ධමනය මැනීමේ ක්‍රම දෙකක් සාමාන්‍ය භාවිතයේ ඇත. ඒවා නම් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත උද්ධමනය සහ චල සාමාන්‍ය උද්ධමනය යි.
උද්ධමනය පහළ යෑමේ ක්‍රියාවලිය    
උපයන විට ගෙවීමේ බද්ද    
උපායමාර්ගික වත්කම් වෙන් කිරීම SAA  
උපායික වත්කම් වෙන් කිරීම TAA  
උපයෝගිතා පිරිවැය    
උපරිම සිල්ලර මිල    
ඍජු ආයෝජන ව්‍යාපාර    
ඍජු මූල්‍ය අන්‍යොන්‍ය සබඳතාව   ඍජු මූල්‍ය අන්‍යොන්‍ය සබඳතාව හට ගනුයේ මූල්‍ය ගනුදෙනු, අනෙකුත් බැඳියාවන් සහ සබඳතාවන් ඔස්සේ මූල්‍ය ආයතන අතර පවතින ඍජු සම්බන්ධයන්වලිනි.

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

ඒකකලාභියා   ආයෝජන භාරයක් තුළ එක් හෝ ඒකක කිහිපයක් සතු ආයෝජකයෙකි. එක් ඒකකයක් කොටස් හෝ පොලී කොටසකට සමාන වේ.ඒකකලාභීන් හට භාරයෙහි වෙන්දේසි පාලනය කරන, භාර ප්‍රකාශයෙහි දක්වා ඇති නිශ්චිත අයිතිවාසිකම් ලබා දෙයි.
එක්දින ද්‍රවශීලතා පහසුකම   තත්කාලීන දළ පියවුම් පද්ධතියෙහි සුමට ක්‍රියාකාරිත්වයට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ සුරැකුම්පත් ඇපකර ලෙස තබාගනිමින් සහභාගිත්ව ආයතන වෙත සපයන ලද පොලී රහිත එක්දින අරමුදල් පහසුකමකි
එකතු කළ අගය මත බද්ද    
ඒකාබද්ධ මෙහෙයුම් උපදෙස් COI ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළඳපොළ කටයුතුවලට සම්බන්ධ මෙහෙයුම් උපදෙස් ඇතුළත් චක්‍රලේඛය
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන UNDP  
එක් වරක් පමණක් භාවිතා වන මුරපදය OTP පද්ධතියකට පිවිසීමට හෝ ගනුදෙනුවක් සම්පූර්ණ කිරීමට පද්ධති ක්‍රියාකරු විසින් පරිශීලකයාට ලබා දෙන තනි භාවිතයක් පමණක් සඳහා වන මුරපදයක් වේ.
එතැන් විදේශ විනිමය ගනුදෙනුව Spot එකඟ වූ විදේශ විනිමය අනුපාතිකයට අනුව, එක් මුදල් ඒකකයකට එරෙහිව තවත් මුදල් ඒකකයක් අත්පිට මිලදී ගැනීම, එම ගනුදෙනුව සිදු කරන දිනයට පසුව එළඹෙන දෙවෙනි ව්යාිපාරික දිනය තුළ පියවීම සිදු කරනු ලබන ගනුදෙනුවකි.
එ.ජ. ඩො./ශ්‍රී.ලං.රු. එතැන් මධ්‍ය විනිමය අනුපාතිකය   පෙර/ පවත්නා ආසන්නතම ව්‍යාපාරික දිනය පුරාවට, මිලක් සඳහා කරනු ලබන ඉල්ලීම් (Request For Quote) හරහා ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරනු ලබන වෙළඳපොළ මැදිහත්වීම් ද ඇතුළුව දේශීය අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළේ සිදු කරනු ලබන සියලුම  එ.ජ.ඩො./ශ්‍රී.ලං.රුපියල් එතැන් විනිමය ගනුදෙනුවල බර තබන ලද සාමාන්‍ය අනුපාතිකය.

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

කළමනාකරණ කමිටුව MC ජාතික මූල්‍ය අන්තර්ග්‍රහණ උපාය මාර්ගය (NFIS)  දෛනික වශයෙන් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කරනු ඇති සහ යටතේ NFIC හි මාර්ගෝපදේශයට සහ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ප්‍රගතිය අනුකූල වන බව තහවුරු කරනු ඇති, ජාතික මූල්‍ය අන්තර්ග්‍රහණ උපාය මාර්ගය යටතේ පිහිටු වන ලද කමිටුව.
කාර්මික සංවර්ධන මණ්ඩලය IDB  
කාරක ප්‍රාග්ධන ණය    
කාර්තුමය ප්‍රක්ෂේපන ආකෘතිය   මධ්‍ය කාලීන සාර්ව ආර්ථික ප්‍රක්ෂේපන සිදු කිරීම සඳහා මහ බැංකුව විසින් භාවිතා කරන, කාර්තුමය දත්ත මත පදනම් වූ, අර්ධ ව්‍යුහාත්මක සාර්ව ආර්ථික ආකෘතියකි
කාර්මික නිෂ්පාදන දර්ශකය    
කාල පරාසය   සුරැකුම්පත් මත වන මුදල් ප්‍රවාහයෙහි බර තැබූ සාමාන්‍ය පරිනත කාලයයි
කාසි කාණ්ඩය   සංසරණයට නිකුත් කරන ලද විවිධ වටිනාකම් සහිත කාසි එකතුවකි
කාඩ්පත් දරන්නා   කාඩ්පත් නිකුත් කරන්නෙකු විසින් නිකුත් කරනු ලබන ගෙවීම් කාඩ්පතක් භාවිතා කිරීමට අවසර ලත් යම් තැනැත්තෙකු වේ
කාඩ්පත් නිකුත් කරන්නා   ගෙවීම් කාඩ්පතක් නිකුත් කිරීම මඟින් කාඩ්පත් දරන්නා සමඟ ගිවිසුම්ගත සම්බන්ධතාවයකට එළඹෙන ආයතනයක් වේ
කාඩ්පත් සත්‍යාපන අගය CVV කාඩ්පත් සත්‍යාපන අගය යනු සාමාන්‍යයෙන් ගෙවීම් කාඩ්පතක පිටුපස මුහුණතෙහි ඉලක්කම් තුනකින් නිරූපණය කරන අංකයකි.මෙම අගය සාමාන්‍යයෙන් භාවිත වන්නේ කාඩ්පතින් ගෙවීම දුරස්ථව සිදු කරන විටය. (උදා : මාර්ගගත ගෙවීම)
කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන SAPP  
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය SED  
කූපන් අගය   බැඳුම්කරයක් පරිණත වනතුරු කාලය තුළ යම් කාලසීමාවන් අතර බැදුම්කරය දරාසිටින්නා වෙත ගෙවනු ලබන පොලී ගෙවීම්ය. සාමාන්‍යයෙන් මෙම පොලී ගෙවීම් අර්ධ වාර්ෂිකව සිදු කරනු ලබන අතර, ගෙවනු ලබන අගය, ප්‍රාග්ධනය සහ කූපන් අනුපාතිකයේ ගුණිතයට සමාන වේ.
කෘෂිකාර්මික අගය දාමය AVC කෘෂිකාර්මික අංශයෙහි විවිධ කාණ්ඩ සහ ඒවායෙහි සබඳතාව.
කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ජාත්‍යන්තර අරමුදල IFAD  
කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් සඳහා වන ද්‍රවශීලතා පහසුකම LFCS කොවිඩ් 19 වසංගත කාලසීමාව තුළදී මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරන ලද ප්‍රතිග්‍රාහක ලිපිය මත පදනම්ව බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් රජයේ ‍ කොන්ත්‍රාත්කරුවන්ට සහ සැපයුම්කරුවන්‍ට ණය ලබාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලද විශේෂිත ණය යෝජනා ක්‍රමයකි
     
කොළඹ පාරිභෝගික මිල දර්ශකය CCPI කො.පා.මි.ද. මගින් කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික නිවාස විසින් පරිභෝජනය කරනු ලබන තෝරා ගත් භාණ්ඩ සහ සේවාවල මිලෙහි හැසිරීම පිළිබිඹු කෙරේ.
කොළඹ වරාය නගරය ආයෝජන ගිණුම් (ආයෝජක/ආයෝජිත) CPCIA කොළඹ වරාය නගර ආයෝජනය 2022 අංක 06 සහ අංක 07 දරන විධානයන් 2 යටතේ හඳුන්වා දුණි. මෙම ගිණුම් කාණ්ඩය යටතේ ගිණුම් වර්ග දෙකක් පවතියි.
ක්‍රියාකාරී කණ්ඩායම් WG අවධාරිත අංශ සඳහා උපදේශන සංසඳයක් ලෙස ක්‍රියා කරන, ප්‍රධාන සක්‍රීය කළ හැකි ත්‍රිත්ත්වය (දත්ත, යටිතල පහසුකම් සහ ප්‍රතිපත්තිමය උපකරණ මෙන්ම, නියාමන පරිසරයක් සක්‍රීය කිරීම) ආවරණය කිරීමට සහ NFIS අවධාරිත අංශ ( ඩිජිටල් මූල්‍යනය සහ ගෙවීම්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මූල්‍යනය, පාරිභෝගික ආරක්ෂාව සහ මූල්‍ය සාක්ෂරතාව මෙන්ම ධාරිතාව ගොඩනැඟීම) ආවරණය කිරීමට ජාතික මූල්‍ය අන්තර්ග්‍රහණ උපාය මාර්ගය (NFIS) යටතේ පිහිටු වන ලද කණ්ඩායම්. 
ක්ෂණික ප්‍රතිචාර කේතය QR code දත්ත කේතනය කිරීම සහ දෘශ්‍යකරණය කිරීමෙන්  ISO 18004 ට අනුකූල වූ සාමාන්‍යයෙන් ස්මාර්ට් දුරකථනයක කැමරාව මඟින් කියවීමට URL හෝ වෙනත් තොරතුරු ගබඩා කිරීම සඳහා භාවිතා වන යන්ත්‍ර මඟින් කියවිය හැකි කේතයකි.
ක්‍ෂණික ප්‍රතිචාර (QR) කේත නිකුත් කරන්නා   ක්‍ෂණික ප්‍රතිචාර (QR) කේත පදනම් කරගත් ගෙවීම් සිදු කිරීම සඳහා භාවිත කරන ජංගම ගිණුම්, ඉතිරි කිරීමේ ගිණුම්, ණයවර පත් ගිණුම් හා ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් ගිණුම් සඳහා පහසුකම් සපයන ආයතන යන්න අදහස් වේ
ක්‍ෂණික ප්‍රතිචාර (QR) කේත වෙළඳ අත්පත්කරුවා   වෙළෙඳුන් බඳවා ගැනීම, වෙළඳ හැදුනුම්පත් අංක ලබා දීම, වෙළෙඳුන් සඳහා වාර්තා/ගිණුම් පවත්වා ගෙන යාම සහ වෙළෙඳ ගිණුම් පියවීම සඳහා වගකිව යුතු මූල්‍ය ආයතන හෝ ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධති ක්‍රියාකරුවන් ය.  වෙළෙඳුන් මගින් ඉදිරිපත් කරන LANKAQR කේත උත්පාදනය කිරීමටද අත්පත්කරුවා පහසුකම් සලසනු ලැබේ 
ක්ෂුද්‍ර මූල්‍යය MF  
ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර MSME  

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

ගනුදෙනුකරු හඳුනා ගැනීම   මූල්‍ය ආයතන සමඟ හෝ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීන් සමඟ සම්බන්ධතා ඇති කර ගන්නා විට පාරිභෝගිකයාගේ අනන්‍යතාවය හඳුනා ගැනීම සහ සත්‍යාපනය කිරීමේ අනිවාර්ය ක්‍රියාවලිය යි.
ගනුදෙනුකරුවන් පිළිබද නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීම   ගනුදෙනුකරුවන් පිළිබද නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීම යනු
(අ) විශ්වාසදායක, ස්වාධීන මූලාශ්‍ර ලේඛන, දත්ත හෝ තොරතුරු භාවිතා කරමින් ගනුදෙනුකරු හඳුනා ගැනීම සහ එම ගනුදෙනුකරුගේ අනන්‍යතාවය සත්‍යාපනය කිරීම.
(ආ) ප්‍රතිලාභී හිමිකරු හඳුනා ගැනීම සහ ප්‍රතිලාභී හිමිකරුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා නිසි පියවර ගැනීම.
(ඇ) ව්‍යාපාර සම්බන්ධතාවයේ අරමුණ සහ අපේක්ෂිත ස්වභාවය පිළිබඳ තොරතුරු අවබෝධ කර ගැනීම සහ නිසි පරිදි ලබා ගැනීම.
(ඈ) ව්‍යාපාර සම්බන්ධතාවය පිළිබඳ අඛණ්ඩ නිසි උද්යෝගයෙන් කටයුතු කිරීම සහ ගනුදෙනුකරු පිළිබඳ දැනුම, ඔවුන්ගේ ව්‍යාපාර සහ අවදානම් පැතිකඩ සහ අවශ්‍ය අවස්ථාවන්හිදී අරමුදල් ප්‍රභවය ඇතුළු කරුණු වලට අනුකූල වන අයුරින් ව්‍යාපාරයේ ගනුදෙනු සිදුවන බව සහතික කිරීම සඳහා සිදුකරන ලද සියලු ගනුදෙනු පරීක්ෂා කිරීම.
ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය PMI ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය නිෂ්පාදනය, ඉදි කිරීම් සහ සේවා කටයුතු සඳහා මාසික පදනමක් මත තනි තනිව පවත්වා ගෙන යනු ලබන මාසික සමීක්ෂණයක් වන අතර, එම දත්ත ඉහළ සංඛ්‍යාතයක් සහ ආර්ථික කටයුතුවල කාලීන දර්ශක ලෙස සැලකෙයි.
ගිණි පවුර   අන්තර්ජාලය ඇතුළුව බාහිර ජාල වලින් පැමිණෙන අනවසර සන්නිවේදන අවහිර කරන ජාල අතර ස්ථාපිත ආරක්ෂණ බාධකය
ගෙවීම් පත   කේතයක් හෝ ගිණුමකට, ගබඩා කළ අගයකට, ණය අගයකට ප්‍රවේශ වීමේ වෙනත් ක්‍රමයක් ඇතුළුව වරින් වර මුදල් ලබා ගැනීමට හෝ ගෙවීම් කිරීමට භාවිතා කළ හැකි හර අගයක්, ගාස්තු අගයක්, ණය අගයක් හෝ ගබඩා කළ අගයක් සහිත කිසියම් කාඩ්පතක්, තහඩුවක්, කූපන් පොතක් හෝ වෙනත් උපාංගයක් වේ
ගෙවීම් පද්ධතිය   ගෙවීම් ඇණවුම් සැකසීම, හුවමාරු කිරීම, නිෂ්කාශනය කිරීම හෝ නිරවුල් කිරීම සඳහා වන පද්ධතියක් හෝ විධිවිධානයක් සහ  ගෙවීම් මුදල් සම්ප්‍රේෂණය, මුදල් ආපසු ගැනීම හෝ මුදල් වටිනාකම මාරු කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට, ඇණවුම් කිරීමට, සක්‍රීය කිරීමට හෝ පහසුකම් සැපයීමට යොදාගන්නා වෙනත් පණිවුඩ සහිත පද්ධතියක් වේ
ගෙවීම් මෙවලම   චෙක්පතක්, කෙටුම්පතක්, මුදල් ඇණවුමක්, සංචාරක චෙක්පතක්, ගෙවීම් කාඩ්පතක් හෝ මුදල් හෝ මුදල් වටිනාකම සම්ප්‍රේෂණය කිරීම හෝ ගෙවීම සඳහා වන වෙනත් උපකරණයක් වේ. භාණ්ඩ හෝ සේවා වලට පමණක් නිකුත් කරන්නා විසින් මුදවා ගත හැකි ක්‍රෙඩිට් කාඩ්/ ණය පත් වවුචරයක්, ණයවර ලිපියක් හෝ උපකරණයක් මෙම යෙදුමට ඇතුළත් නොවේ
ගෙවීමට එරෙහිව මුදාහැරීම III   සමගාමීව සිදුකරනු ලබන සුරැකුම්පත් හා අරමුදල් හුවමාරුවන්හි ශුද්ධ පියවීම මෙම පද්ධතීන් මගින් ශුද්ධ පදනම යටතේ  සුරැකුම්පත් සහ අරමුදල් යන දෙකම සඳහා දෙන ලද නියෝග ක්‍රියාත්මක කරන අතර දෙවර්ගයෙහිම අවසන් හුවමාරුව සිදුවන්නේ පිරිසැකසුම් ක්‍රියාවලිය අවසානයේදී වන අතර දිනකට වරක් හෝ කිහිප වරක් පියවීම් සිදුවිය හැකිය
ගෙවුම් තුලනය    
ගොනු හුවමාරු කෙටුම්පත   එක් පද්ධතියකින් තවත් පද්ධතියකට අන්තර්ජාලය හරහා ගොනු මාරු කිරීමේදී පරිගණක විසින් අනුගමනය කරනු ලබන නීති මාලාව
ග්‍රාමීය බැංකු හා මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලය RB&STC  
ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණ    

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය  CITS චෙක්පත වෙනුවට චෙක්පතෙහි ඡායාරූපය ඉදිරිපත් කිරීමෙන් චෙක්පත නිෂ්කාශනය කළ හැකි ලංකාක්ලියර් (පුද්ගලික ) සමාගම විසින් මෙහෙයවනු ලබන අන්තර් බැංකු පද්ධතියක් වේ
 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

ජංගම ගනුදෙනු   අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ  ව්‍යවස්ථාවන්හි XXX ව්‍යවස්ථාවෙහි (ඈ) පරිච්ඡේදයෙහි සඳහන්  පරිදි ශ්‍රී ලංකාව තුළට හෝ බැහැරට විදේශ විනිමය හුවමාරු කිරීමක් අවශ්‍ය වන ජාත්‍යන්තර ගනුදෙනුව. 
ජංගම ගෙවීම් යෙදුම   ටැබ්ලට් පරිගණකයක් හෝ ජංගම දුරකථනයක් වැනි ජංගම උපාංගයක් මත ධාවනය වන භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා මුදල් ගෙවීමක් සිදු කළ හැකි පරිගණක වැඩසටහනක් හෝ මෘදුකාංග යෙදුමක් වේ
ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධති   ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධති, අරමුදල් ලැබීමෙන් පසු මුදල්මය වටිනාකමක් නිකුත් කරන අතර ගෙවීම් සඳහා භාවිතයට එය ඉලෙක්ට්‍රොනිකව ගබඩා කරයි.
ජාතික අත්කම් නිර්මාණ සභාව NCC  
ජාතික කෘෂි ව්‍යාපාර සංවර්ධන වැඩසටහන NADeP  
ජාතික ගෙවීම් කවුන්සිලය NPC  
ජාතික පාරිභෝගික මිල දර්ශකය NCPI ජාතික පාරිභෝගික මිල දර්ශකය මගින් කුටුම්භ විසින් ජාතික මට්ටමේ දී පරිභෝජනය කරනු ලබන තෝරා ගත් භාණ්ඩ සහ සේවාවල මිලෙහි චලනය පෙන්නුම් කෙරේ.
ජාතික පාලන කමිටුව NSC  
ජාතික මූල්‍ය අන්තර්ග්‍රහණ උපාය මාර්ගය NFIS ශ්‍රී ලංකාවේ තනි පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා වන උපාය මාර්ගයට ඔවුන්ගේ අවශ්‍යතාව මත පදනම්ව, ඉහළ ගුණාත්මකබවින් යුත්, යෝග්‍ය, ආරක්ෂිත සහ මිල දැරිය හැකි සේවාවලට පිවිසීමටත්, ඔවුන්ගේ ආර්ථික කටයුතුවලට සහාය දැක්වීම සහ ඔවුන්ගේ ජීවිතවල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා මෙම සේවා කාර්යක්ෂමව සහ සඵලදායීව භාවිත කිරීමටත් හැකිය.
ජාතික මූල්‍ය අන්තර්ග්‍රහණ කවුන්සිලය NFIC NFIS සඳහා සමස්ත නායකත්වය, ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශය සහ NFIS සඳහා උපායමාර්ගික මඟ පෙන්වීම සපයනු ඇති සහ කළමනාකරණ කමිටුව සහ ලේකම් කාර්යාලයේ සහය ඇතිව NFIS ක්‍රියාත්මක කිරීම පාලනය කරනු ඇති, ජාතික මූල්‍ය අන්තර්ග්‍රහණ උපාය මාර්ගය (NFIS) යටතේ පිහිටු වන ලද කවුන්සිලය.
ජාතික වශයෙන් තීරණය කරන ද දායකත්වයන්   ජාතික විමෝචනය අඩු කිරීමට සහ දේශගුණික විපර්යාසවල බලපෑම්වලට අනුවර්තනය වීමට එක් එක් රටවල් විසින් කරන ලද කැපවීම් ඇතුළු පශ්චාත් 2020 දේශගුණික ක්‍රියා නොහොත් NDCs ගෙනහැර දැක්වීමට සහ සන්නිවේදනය කිරීමට පැරිස් ගිවිසුම සෑම රටකින්ම ඉල්ලා සිටී
ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව IFC  
ජාත්‍යන්තර සුරැකුම්පත් හඳුනා ගැනීමේ අංකය ISIN රජයේ සුරැකුම්පත්වල වර්ගය, පරිණත වන කාලසීමාව සහ පරිණත වන දිනය ඇතුළත්ව නිකුත් කර ඇති හඳුනා ගැනීමේ අංකය
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ISB  
ජනගහන දරිද්‍රතා දර්ශකය    

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

ඩිජිටල් අත්සන   අත්සන් කරුවෙකු සත්‍යාපනය කරන ගුප්ත විද්‍යාත්මකව ජනනය කරන ලද දත්ත සමූහයක් අඩංගු විද්‍යුත් පණිවිඩය
ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ගණන්    
ඩී පෝරමය   ව්‍යාපාර ආයතනයක් ව්‍යාපාර කටයුතු ආරම්භ කර සේවකයන් බඳවාගත් පසු සේ.අ.අ.අරමුදලෙහි තම ආයතනය ලියාපදිංචි කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවට සම්පුර්ණ කර භාර දිය යුතු අයදුම්පත්‍රය.

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

ණය අනුපාතික මත උපරිම සීමා    
ණය ඇප ආවරණය/ ණය ඇප ආවරණ   ණය අවදානම්වල බලපෑම අඩු කිරීම සහ ණය වර්ධනය සඳහා භාවිත කරන උපකරණවලින් එකකි. ශ්‍රී ලංකාණ්ඩුවෙහි නියෝජිතයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ණය ඇප ආවරණය නිකුත් කරනු ලබන අතර, ණය ගැනුම්කරුවන් විසින් ණය ගෙවීම් පැහැර හරිනු ලැබීමේ අවදානම ඉන් ආවරණය කෙරේ. ණය ගැනුම්කරුවා ඔහු විසින් මූල්‍යායතනවලින් ලබා ගත් ණය ආපසු ගෙවීමට අපොහොසත් වුවහොත්, මූල්‍යායතනවලට ණය ගැනුම්කරුවා විසින් ණය පැහැර හරිනු ලැබීම හේතුවෙන් දරා ගැනීමට සිදු වූ අලාභයන් අයකරවා ගැනීම සඳහා ණය ඇප ආවරණ යෝජනා ක්‍රමයෙහි පිළිසරණ ලබා ගත හැකි වේ.
ණය කාඩ්පත   ණය කාඩ්පත යන්නෙන් කාඩ්පත දරන්නා වෙත එය නිකුත් කරන්නා විසින් ප්‍රදානය කරන ලද ණය පහසුකම් සහිත, කාඩ්පත දරන්නා විසින් භාවිතා කරන ලද ණය මුදල සම්පූර්ණයෙන් හෝ කොටසක් නියමිත දින හෝ ඊට පෙර ගෙවිය හැකි කාඩ්පතක් අදහස් වේ. නියමිත දිනට නොපියවන ලද ණය මුදලට නිකුත් කරන්නා විසින් පොලී හෝ වෙනත් ගාස්තු අය කරනු ලැබිය හැකිය.
ණය තිරසාරභාවය   ණය ලබාගත් රටකට වර්තමාන සහ අනාගත ණය සේවාකරණ සිදුකිරීමේ දී තවදුරටත් ණය සහන ලබාගැනීමකින් හෝ ණය ගිවිසුම්වල කොන්දේසි වෙනස් කිරීමකින් සහ ණය පැහැර හැරීම්   එකතුවීමකින් තොරව මෙන්ම පිළිගතහැකි මට්ටමක ආර්ථික වර්ධනයක් පවත්වා ගනිමින්, ණය දරා සිටීමට ඇති හැකියාවයි
ණය තොගයේ ඒකරාශීවීම     ඉතා විශාල ණය ප්‍රමාණයක් දී ඇති දිනක දී හෝ යම් කාල සීමාවක් ඇතුළත පරිණතවීම, ණය ඒකරාශීවීම ලෙස හඳුන්වයි.
ණය දරා සිටීමේ හැකියාව   ණය ලබාගත් රටකට වර්තමාන සහ අනාගත ණය සේවාකරණ සිදුකිරීමේ දී තවදුරටත් ණය සහන ලබාගැනීමකින් හෝ ණය ගිවිසුම්වල කොන්දේසි වෙනස් කිරීමකින් සහ ණය පැහැර හැරීම්   එකතුවීමකින් තොරව මෙන්ම පිළිගතහැකි මට්ටමක ආර්ථික වර්ධනයක් පවත්වා ගනිමින්, ණය දරා සිටීමට ඇති හැකියාවයි
ණය පත   නිශ්චිත දිනයක දී හෝ ඊට පෙර භාවිත කළ ණය මුදල සම්පූර්ණ වශයෙන් හෝ ඉන් කොටසක් වශයෙන් ආපසු ගෙවිය හැකි, නිකුත් කරන්නා විසින් කාඩ්පත් හිමියා වෙත ලබා දෙන ණය මාර්ගයක් ඇතුළත් වන ගෙවීම් කාඩ්පතකි. නිකුත් කරන්නා විසින් නිශ්චිත දිනයේ දී ආපසු නොගෙවනු ලබන ඕනෑම අගයක් මත පොලියක් හෝ අනෙකුත් ගාස්තු අය කරනු ලබනු ඇත.
ණය යෝජනා ක්‍රමය LS  
ණය වෙත ප්‍රවේශය ( BOS තුළ)   වත්මන් කාර්තුව තුළ දී බැංකු ණය වෙත පවතින ප්‍රවේශය දක්වයි
ණය සහන කාලය    
ණය සැපයුම් සමීක්ෂණය CSS ණය සැපයුම් පරීක්ෂණය යනු කාර්තුමය පදනමක් මත රටෙහි සියලු බලපත්‍රලාබී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ණය ක්‍රියාකාරකම් සම්බන්ධව මෑත කාලීන ප්‍රවණතා සහ ඉදිරි දැක්මෙහි තොරතුරු ග්‍රහණය කර ගැනීමට සිදු කරන සමීක්ෂණයකි.
ණය සේවාකරණ වගකීම්    
ණයකර    
ණයවර ලිපි   ප්‍රකාශිත කාල සීමාවක් තුළ අපනයනකරු විසින් නිශ්චිත ලියකියවිලි ඉදිරිපත් කිරීමේදී කෙටුම්පතකට ගරු කිරීමට හෝ වෙනත් ආකාරයකින් ගෙවීමට ඇති කැපවීම සඳහන් කරමින් ආනයනකරුගේ බැංකුව විසින් නිකුත් කරන ලද ලේඛනයකි.
තතුබෑම්   පරිශීලකයින්ගෙන් පුද්ගලික තොරතුරු ලබා ගැනීම සඳහා වංචනිකව යොදාගන්නා උපක්‍රමයකි.  නීත්‍යානුකූල වෙබ් අඩවි මගින් එවා ඇති ලෙසට  ව්‍යාජව  සකසන  ලද විද්‍යුත් තැපැල් තුල අන්තර්ගත අනිෂ්ට සබැඳි ක්ලික් කිරීමට පරිශීලකයින් පොළඹවීම හරහා මෙලෙස පුද්ගලික දත්ත සොරාගනී

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

තත්කාලීන දළ පියවීමේ පද්ධතිය RTGS විද්‍යුත් අරමුදල් පියවුම් පද්ධතියක් වන අතර එමගින් එක් එක් ගෙවීම් උපදෙස් තනි තනිව හා ආපසු හැරවිය නොහැකි ලෙස තත් කාලීන පදනමින් ක්‍රියාවට නංවා පියවීම් සිදු කරන අතර, ඒ සඳහා සහභාගීත්ව ආයතනයන්ගේ පියවීම් ගිණුම්වල අරමුදල් භාවිතා කරනු ලැබේ.
තනි වාර  මුරපදය   තනි ගනුදෙනුවක් හෝ පිවිසුම් සැසියක් වෙනුවෙන්  පරිශීලකයෙකු සත්‍යාපනය කිරීම සඳහා ස්වයංක්‍රීයව ජනනය කරන ලද සංඛ්‍යා හෝ අක්ෂරාංක මාලාව
තාක්ෂණ හුවමාරු  වැඩමුළුව TTP ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල, ව්‍යාපාර ක්‍රියාවලීන්හි තාක්ෂණික දැනුම වැඩි දියුණු කිරීමට පවත්වනු ලබන වැඩසටහනකි.
තාක්ෂණික සහාය TA  
තැන්පතු වගකීම්    
තිරසාර බැංකු ජාලය   SBN යනු ජාතික සංවර්ධන ප්‍රමුඛතා, මූල්‍ය වෙලඳපොල පුළුල් කිරීම සහ ස්ථාවරත්වය සඳහා තිරසාර මූල්‍ය ප්‍රගමනය කිරීමට කැපවී සිටින නැගී එන වෙළඳපලවල මූල්‍ය අංශයේ නියාමකයින්, මහ බැංකු, කර්මාන්ත සංගම් සහ පාරිසරික නියාමකයින්ගේ ස්වේච්ඡා ප්‍රජාවකි. ලෝක බැංකු සමූහයේ පුද්ගලික අංශයේ හස්තය වන ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව (IFC), SBN හි ලේකම් කාර්යාලය ලෙස ක්‍රියා කරන අතර, SBN සහ එහි සාමාජිකයින් සඳහා උපායමාර්ගික සහ තාක්ෂණික උපදේශක ලෙස මෙන්ම ගෝලීය කැඳවුම්කරුගේ භූමිකාව ඉටු කරයි.
තීරුබදු නොවන අනෙකුත් ගාස්තු   සාමාන්‍ය රේගු බදු හැර වෙනත් ආනයන බදු
තොග මිල දී ගැනුම් (ගැනුම්කරුවන්ගේ මිල දර්ශකයෙන්)   නිෂ්පාදනය සඳහා භාවිත කිරීමට තොග ගබඩාවක් තුළ තබා ඇති මිල දී ගත් අමු ද්‍රව්‍ය
තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි බාහිර මූලාශ්‍ර වෙත පැවරීම    

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

දත්ත ගබඩාව   ගබඩා කළ දත්ත මත ව්‍යාපාර බුද්ධි ක්‍රියාකාරකම් සිදු කිරීමට ඉඩ සලසන දත්ත ගබඩා සැකැස්ම
දත්ත සංචිතය   ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ අභ්‍යන්තර දෙපාර්තමේන්තු කිහිපයක් සහ බාහිර ආයතන කිහිපයකින් රැස් කර ගත්, මූර්ත, මුදල්, රාජ්‍ය මූල්‍ය, විදේශ සහ මූල්‍ය අංශ පුරා විහිදී යන විවිධ ක්ෂේත්‍ර පිළිබඳ කාල ශ්‍රේණිමය දත්තවලින් දත්ත සංචිතය සමන්විත වේ.
දරිද්‍රතාව තුරන් කිරීමේ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපෘතිය PAMP - RF  
දර්ශක හා බැඳුනු බැඳුම්කර   යම් දර්ශකයක වෙනස්වීම් අනුව වෙනස්වන කූපන් අගයකින් යුත් බැඳුම්කරයකි. සාමාන්‍යයෙන් මෙය පාරිභෝගික මිල දර්ශකය හා බැඳේ.
දළ දේශීය නිෂ්පාදිතය GDP දළ දේශීය නිෂ්පාදිතය යනු කිසියම් කාලපරිච්ඡේදයක් තුළ දී රටක භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කිරීම ඔස්සේ නිර්මාණය වූ එකතු කළ අගයේ වෙළඳපොළ අගය තක්සේරු කිරීමේ සම්මත ක්‍රියාමාර්ගය යි.
දළ නිල සංචිත   දළ නිල සංචිත ප්‍රධාන වශයෙන් මහ බැංකුවේ විදේශ වත්කම් (රත්ර‍න් හිමිකම් ද ඇතුළුව), ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වාගෙන යනු ලබන සංචිතය සහ රජයේ විදේශ වත්කම්වලින් සමන්විත වේ.
දළ ලිඛිත වාරික   ප්‍රතිරක්ෂණය හෝ පවරා දෙන කොමිස් මුදල් සඳහා අඩු කිරීම්වලට පෙර රක්ෂකයෙකු විසින් ගිවිසුමකින් ලැබීමට අපේක්ෂිත සමස්ත ආදායම.
දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය    
දිගු කාලීන   දිගුකාලීන පදනමින් වෙළඳපොළෙන් ද්‍රවශීලතාව අවශෝෂණය කිරීමට හෝ ද්‍රවශීලතාව සැපයීමට විවට වෙළඳ කටයුතු යටතේ පවත්වනු ලබන වෙන්දේසිවල දින 7 කට (සතියකට) වඩා වැඩි කාල සීමාව
දිගු කාලීන රක්ෂණය   ජීවිත රක්ෂණයට සම්බන්ධ ය.
දෙපාර්තමේන්තු අවදානම් නිලධාරී DRO  
දෙමාපිය සංක්‍රමණ යෝජනා ක්‍රමය   විදේශීය රටක ස්ථිර නේවාසික පදිංචිය හෝ ද්විත්ව පුරවැසිභාවය ලබාගත් පුද්ගලයකුගේ ශ්‍රී ලාංකික දෙමව්පියන්ට එකී විදේශ රටේ ස්ථිර නේවාසික පදිංචිය ලබා ගැනීම සඳහා අවස්ථාව විදේශ රටකින් සලසා ඇති යෝජනා ක්‍රමය
දේපළ ඇපකර සහිත නිවාස ණය    
දේපළ මිල දර්ශක   ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තුමේන්තුව වර්තමානයේ දී කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින් දේපළ මිල දර්ශක හතරක් සම්පාදනය කරයි.CMS ඔස්සේ රැස් කරන ලද තොරතුරු භාවිත කරමින් නව සහාධිපත්‍යයන් සඳහා මිල දර්ශකය කාර්තුමය පදනමක් මත සම්පාදනය කෙරේ. මේ අතර, දේපළ ප්‍රචාරණ තොරතුරු භාවිත කරමින් මාසික පදනමක් මත සහාධිපත්‍යයන්, නිවාස සහ ඉඩම් සඳහා ඉල්ලීමේ මිල දර්ශක සම්පාදනය කෙරේ. මෙම මිල දර්ශක ජාත්‍යන්තර යහ පරිචයන් අනුගමනය කරමින් hedonic regression based rolling window time dummy method ක්‍රමවේදයට අනුව ගණනය කරනු ලැබේ.
දේශීය අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළ   සියලුම බලයලත් විදේශ විනිමය අලෙවිකරුවන් අතර විදේශ මුදල් ගනුදෙනුවල නිරතවන වෙළඳපොළ වේ. මෙම වෙළඳපොළ සියලුම බලපත්රරලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන ආයතනවලින් සමන්විත වන අතර මුදල් පරිවර්තනය හරහා බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය ද්රලවශීලතාවය කළමනාකරණය කිරීමට උපකාරී වේ.
දේශීය කෘෂිකාර්මික සංවර්ධනය DAD -PP  
දේශීය බැංකු ඒකක    
දේශීය මෙහෙයුම් බැඳුම්කර ණය ගැනීමේ ගිණුම DOBB ශ්‍රී ලංකා මහ බැංකුවට විවට වෙළඳපොළ කටයුතු සිදු කිරීම සඳහා භාණ්ඩාගාර බැඳුම්කර භාවිත කිරීමට තාවකාලිකව හැකියාව ලබා දෙමින් තෙවන පාර්ශ්වයකින් BBS  යටතේ ණයට ගත් භාණ්ඩාගාර බැඳුම්කර සහිත ගිණුම පවරා දෙනු ලැබේ.
දේශීය මුදල් වෙළඳපොළ    
දේශීය විදේශ විනිමය වෙළඳපොළ    
දෛනික ද්‍රවශීලතාවය    සාමාන්‍යයෙන් මූල්‍ය ආයතනවලට තත්කාලීනව ගෙවීම් කිරීමට හැකිවන සේ ව්‍යාපාර දිනයකදී ප්‍රවේශ විය හැකි සහ එදිනම පියවිය හැකි අරමුදල් වේ.
ද්‍රවශීලතා ආධාරක පහසුකම  LSF විවට වෙළඳපොළ කටයුතු යටතේ බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා හඳුන්වා දෙන ලද ප්‍රතිවිකුණුම් වෙන්දේසිය.
ද්‍රවශීලතා ආවරණ අනුපාතය    
ද්‍රවශීලතා ස්වාරක්ෂක    
ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායුව    
ද්විත්ත්ව හිඟයන්    
ද්විතීයික වෙළඳපොළ      ප්‍රාථමික වෙළඳපොළෙහි දී මිල දී ගත් සුරැකුම්පත් ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් අතර ගනුදෙනු කෙරෙන වෙළඳපොළයි.
ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම   කලින් එකඟ වූ සීමාවක් දක්වා හෝ අසීමිත ප්රtමාණයකින් එකිනෙකාගේ මුදල් වර්ග/ වෙනත් මුදල් වර්ගයක් (අනෙක් මහ බැංකුවේ ස්වකීය මුදල් වර්ගය හැර) ලබා ගැනීම සඳහා මහ බැංකු දෙකක් එකඟ වන ගිවිසුම.
ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම   රටවල් දෙකක් අතර වාණිජමය කටයුතු සම්බන්ධ විධිමත් ගිවිසුමකි

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

ධාරකය   පරිගණක සේවාදායකයෙක් හෝ ජාලයක් හරහා ප්‍රවේශ විය හැකි ඕනෑම පරිගණකයක්, ධාරක පරිගණකයක් ලෙස සැළකේ
ධාරණ අනුපාතය   ප්‍රතිරක්ෂණය වෙත නොපැවරෙන, රක්ෂණ සමාගම් විසින් ආවරණය කරනු ලබන ව්‍යාපාරවල ප්‍රතිශතය.
ධාවන කිලෝමීටර් ගණන    

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තින්   2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ අර්ථ දක්වා ඇති පරිදි නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීන්හි නියැලෙන ආයතන යි
නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණය   නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ (FIT) රාමුවක් යටතේ හසුරුවනු ලබන මුදල් ප්‍රතිපත්තිය මූර්ත ආර්ථිකයට වන බාධා අවම කර ගනිමින් උද්ධමන ඉලක්කය වටා උද්ධමනය ස්ථාවර කිරීම අරමුණු කර ගෙන පවතී
නව ඇණවුම් (ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙන්)   නව විකුණුම් ඇණවුම් පරිමාව
නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය NCRCS  
නාණක විද්‍යාව   ව්‍යවහාර මුදල් පිළිබඳ අධ්‍යයනය කිරීම හෝ ව්‍යවහාර මුදල් එකතු කිරීම
නාමික සඵල විනිමය අනුපාතිකය    
නැව තෙක් වියදම් සහිත (නැ.වි.ස)   රක්ෂණය සහ භාණ්ඩ ප්‍රවාහනය හැර මිල යන අර්ථය ඇති මිල පදයකි.
නැව් නියෝජිත SA ශ්‍රී ලංකා වෙළඳ නැව් අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද අවසරපත්‍රයක් හෝ බලපත්‍රයක් හිමි, විදේශීය නැව් ප්‍රවාහන සේවයක් වෙනුවෙන් මෙරට නැව් නියෝජිතවරයෙකු ලෙස කටයුතු කිරීමට බලයලත් පුද්ගලයා
නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව SRC නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය තුළින් සමන්විත ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික ඇතුළත් පොලී අනුපාතික කොරිඩෝව
නිත්‍ය ණය පහසුකම SLF දිනය අවසානයේ දී සහභාගිත්ව ආයතන වෙත තවදුරටත් පවතින ද්‍රවශීලතා හිඟය පියවා ගැනීමට මහ බැංකුව සහභාගිත්ව ආයතන වෙත සුරැකුම්පත් සහිතව සපයනු ලබන පහසුකම
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය SLFR නිත්‍ය පහසුකම් කොරිඩෝවේ ඉහළ සීමාව වන සහභාගිත්ව ආයතන විසින් නිත්‍ය ණය පහසුකම් ලබාගනු ලබන පොලී අනුපාතිකය
නිත්‍ය තැන්පතු පහසුකම SDF දවස අවසානයේ දී සහභාගිත්ව ආයතන සතු අතිරික්ත අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කිරීමට සපයා ඇති පහසුකම
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය SDFR නිත්‍ය තැන්පතු පහසුකම් කොරිඩෝවේ පහළ සීමාව වන සහභාගිත්ව ආයතන සඳහා නිත්‍ය තැන්පතු පහසුකම් සපයනු ලබන තැන්පතු පොලී අනුපාතිකය
නිදහස් වෙළඳ ගිවිසුම   සාමාජික රටවල ජාතික දේශසීමා නොතකා, වෙළඳ හවුල්කරුවන් අතර බාධාවකින් තොරව හුවමාරු කිරීම සහ භාණ්ඩ හා සේවා ගලා යෑම ස්ථාපිත කරන විධිවිධානයකි
නිපුණතා සංවර්ධන වැඩසටහන SDP ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ව්‍යාපාර කළමනාකරණ දැනුම වැඩිදියුණු කිරීමට පවත්වනු ලබන වැඩසටහනකි.
නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් DST නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් (DST) රජයට සම්බන්ධ සියලු ගනුදෙනු සහ ලියකියවිලි හැසිරවීමේ මුඛ්‍ය තනතුර වේ. රජයේ දෙපාර්තමේන්තු පිළිබඳ සලකා බැලීමේ දී, සියලු ගනුදෙනු හා සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු කරන ඉල්ලීම් DST හරහා සිදු කළ යුතු වේ.
නියාමන අවකාශය   පාලිත පරිසරයක් තුළදී (විශේෂ නිදහස් කිරීමක්, දීමනාවක් හෝ වෙනත් සීමිත, කාලානුරූපී ව්‍යතිරේකයක් යටතේ ක්‍රියාත්මක වන) තෝරාගත් ආයතන විසින් කුඩා පරිමාණයේ නවෝත්පාදන සජීවීව පරීක්ෂා කිරීමට ඉඩ දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කරන ලද රාමුව
නිර්ලේඛන සුරැකුම්පත්   සහතික පත්‍රයක්  වශයෙන් නොව, පරිගණක වාර්තාගත කිරීමකින් පමණක් නිකුත් කෙරෙන භාණ්ඩාගාර බැඳුම්කර සහ  භාණ්ඩාගාර බිල්පත්.
නිර්ලේඛන සුරැකුම්පත් පියවීම් පද්ධතිය SSSS ශ්‍රී ලංකා මහ බැංකුවේ මධ්‍යම තැන්පතුවෙහි සියලුම සුරැකුම්පත් විද්‍යුත් මාධ්‍යයෙන් පවත්වාගෙන යනු ලබන පද්ධතිය
නිල මිල ගණන්   රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන ද්වීතීයික වෙළඳපොළ ඵලදා අනුපාතික මත පදනම්ව ජාත්‍යන්තර සුරැකුම්පත් හඳුනාගැනීමේ අංක මඟින් සමන්විත වූ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල මිල ගණන් වන අතර, ඒවා විද්‍යුත් මංගත ලංසු තැබීමේ පද්ධතියෙහි සහ නිර්ලේඛන සුරැකුම්පත් පියවීමේ පද්ධතියෙහි සුරැකුම්පත් වටිනාකම් ගණනය සඳහා යොදා ගනී
නේවාසික ආගන්තුකයින් සඳහා වන යෝජනා ක්‍රමය RGS ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ "නේවාසික ආගන්තුකයින් සඳහා වන යෝජනා ක්‍රමය" යටතේ ශ්‍රී ලංකාවට පැමිණෙන අනාගත ආයෝජකයින් සහ වෘත්තිකයින් සඳහා විශේෂීත ගිණුම්
නේවාසික ආධුනික රුපියල් ජංගම ගිණුම - ආයෝජකයන්ගේ RGRCAs - Investors නේවාසික ආගන්තුක යෝජනා ක්‍රමය විශේෂ ගිණුම්  - මෙම විශේෂ ගිණුම් 2021 අංක 08 දරන විධාන යටතේ හඳුන්වා දී ඇත.  මෙම විශේෂ ප්‍රවර්ගය යටතේ ගිණුම් වර්ග තුනක් ඇත.
නේවාසික ආගන්තුක රුපියල් ජංගම ගිණුම - වෘත්තිකයන් RGRCAs - Professionals
නේවාසික ආධුනික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම RGFCA
නේවාසික ආයෝජකයා   ශ්‍රී ලංකාවෙන් පිටත අවසරලත් ප්‍රාග්ධන ගනුදෙනු සිදු කිරීම සඳහා විදේශ විනිමය පනතේ ප්‍රතිපාදන යටතේ නිකුත් කළ නියාමනයන්ගේ නිශ්චිත සුදුසුකම් ලත් නේවාසික තැනැත්තන්
නිෂ්කාශන ආයතනය   ගෙවීම් උපදෙස් සහ/ හෝ ආරක්ෂක ගනුදෙනු සඳහා නිෂ්කාශන හෝ පියවීම් සේවා සපයන සංස්ථාවක්, සංගමයක්, හවුල්කාරිත්වයක්, නියෝජිත ආයතනයක් හෝ සංවිධානයක් හෝ වෙනත් ආයතනයක් හෝ පුද්ගලයෙක් වේ
නිෂ්කාශන චක්‍රය   පියවීම සඳහා ගනුදෙනු වල ශුද්ධ අගය තීරණය කිරීමට, ගෙවීම් පද්ධති ක්‍රියාකරු විසින් පූර්වයෙන් නියම කරන ලද කාල සීමාව වේ
නිෂ්කාශන පද්ධතිය   බැංකු අතර සහ වෙනත් මුල්‍ය ආයතන අතර ගෙවීම් කිරීම පිණිස හෝ, සුරැකුම්පත් පැවරීම පිණිස, බැඳීම් හුවමාරු කිරීම සහ සැකසුම් කිරීම සඳහා, එම බැඳීම් නිදහස් කිරීමේ කාර්යය සඳහා වූ යාන්ත්‍රණය වේ
නොස්ට්‍රෝ (Nostro) ගිණුම   බැංකුවක් විසින් විදේශ රටක වෙනත් බැංකුවක විදේශ මුදලකින් පවත්වාගෙන යන ගිණුම.
නොපියවූ දේශීය ණය    
නොපියවූ විදේශීය ණය    
නෛතික පොලී අනුපාතිකය   නෛතික පොලී අනුපාතිකය මුදලක් අයකර ගැනීම සම්බන්ධයෙන් වූ ඕනෑම නීතිමය ක්‍රියාමාර්ගයක දී අදාළ වේ
න්‍යෂ්ටික රන් සංචිතය   මුදල් මණ්ඩලය මගින් පවත්වාගැනීමට තීරණය කළ අවම රන් සංචිත මට්ටම.

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

පද්ධතිමය අවදානම   පද්ධතිමය අවදානම යනු මූල්‍ය අංශයේ ස්වචාර අවස්ථා නැතහොත් තත්ත්වයන් මගින් හට ගන්නා සමස්ත මූල්‍ය පද්ධතියෙහි නැතහොත් මූල්‍ය වෙළඳපොළවල බිඳවැටීමකට තුඩු දෙන අවදානම යි. තනි අස්ථිත්වයක් නැතහොත් අස්ථිත්ව කිහිපයක් හා ආශ්‍රිත අවදානම් සමස්ත පද්ධතියට හානි සිදු කිරීමකින් තොරව මැඩ පැවැත්විය හැකි නම්, එම අවදානම් පද්ධතිමය අවදානමක් ක්‍රියාරම්භක නොකරනු ඇත.
පරිණතවීම   මෙය යම් සුරකුම්පතක් නිකුත්කරන්නා විසින්, මුලික ප්‍රාග්ධනය නැවත ගෙවීමට පොරොන්දු වී ඇති දිනය යි. එම නැවත ගෙවීමේ දිනය දක්වා ඇති දින හෝ වසර ගණන පරිණත කාලය ලෙස හැඳින්වේ.
පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුව   පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුව ප්‍රවීණ වෘත්තිකයන්, විද්වතුන් සහ පෞද්ගලික අංශයේ ප්‍රවීණයන් ඇතුළු විවිධ අංශවල පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත වේ
පාරිභෝගික ගිණුම් පදනම් කරගත් ජංගම ගෙවීම් පද්ධතිය   බලපත්‍රලාභී වාණිජ බැංකුවක්, බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් හෝ මූල්‍ය සමාගමක් විසින් මෙහෙයවනු ලබන එකී මූල්‍ය ආයතනයක් සමඟ පවත්වාගෙන යනු ලබන පාරිභෝගික ගිණුම් වෙත ප්‍රවේශ වීමේ මාර්ගයක් සපයන ජංගම දුරකථන පදනම් කරගත් ගෙවීම් ක්‍රමයක් වේ
පාරිභෝගික මිල උද්ධමනය    
පලුදු වූ / විකල වූ මුදල් නෝට්ටු   දිරාපත්වීම හා ඉරීයාම නිසා නෝට්ටුවේ කොටස් අඩුවීමෙන් එහි සම්මත ප්‍රමාණය අඩුවී ගිය, පිලිස්සී ගිය, දිරාපත්වී ගිය, කැඩී ගිය, ඉරී ගිය හා විවිධ ස්වාභාවික විපත් හේතුවෙන් හෝ හදිසි අනතුරු හේතුවෙන් ආරක්‍ෂණ සළකුණු, දිනය, අනුක්‍රමික අංකය හා අත්සන ආදියට හානි සිදු වූ ව්‍යවහාර මුදල් නෝට්ටු
පවත්නා පිරිවැය අනුපාතය   පොළී ගෙවීම්, වසර ආරම්භයේ පැවති ණය  ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස දැක්වීම.
පවිත්‍ර මුදල් නෝට්ටු ප්‍රතිපත්තිය   මුදල් සංසරණය තුළ ඉහළ ගුණාත්මකභාවයක් සහිත ව්‍යවහාර මුදල් නෝට්ටු පැවතීම සහතික කිරීම
පසු කාර්යාලය  BO  
පසු දින පියවනු ලබන විදේශ විනිමය ගනුදෙනුව Tom එකඟ වූ විදේශ විනිමය අනුපාතිකයට අනුව, එක් මුදල් ඒකකයකට එරෙහිව තවත් මුදල් ඒකකයක් අත්පිට මිලදී ගැනීම, එම ගනුදෙනුව සිදු කරන දිනයට පසු දින පියවීම සිදු කරනු ලබන ගනුදෙනුවකි.
පළාත් දළ දේශීය නිෂ්පාදිතය PGDP ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) විසින් සම්පාදනය කරනු ලබන නාමික දළ දේශීය නිෂ්පාදිතය ඉහළ සිට පහළට වෙන් කිරීමේ ප්‍රවේශයක් භාවිත කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින්  පළාත් දළ දේශීය නිෂ්පාදිතය සම්පාදනය කරනු ලබයි. පළාත් සඳහා පළාත් දළ දේශීය නිෂ්පාදිතය තක්සේරු කිරීමේ දී, දළ දේශීය නිෂ්පාදිතය තුළ පෙළට තිබෙන සෑම අයිතමයක ම අගය පළාත් මට්ටමින් අදාළ දර්ශක භාවිත කරමින්  බෙදා වෙන් කෙරේ.
පාදක බැඳුම්කර   වෙනත් බැඳුම්කරවල ක්‍රියාකාරිත්වය මැනිය හැකි ප්‍රමිතියක් සපයන බැඳුම්කරයකි. රජයේ බැඳුම්කර බොහෝ විට පාදක බැඳුම්කර ලෙස භාවිතා කරයි. මෙය “පාදක නිකුතු ” ලෙසද හැඳින්වේ.
පාරිසරික සමාජ සහ පාලන   ESG යනු සියලුම ආයතනික පාර්ශවකරුවන් සඳහා වටිනාකම් උත්පාදනය කිරීමේ අවශ්‍යතා සහ ක්‍රම සලකා බලන සංවිධානයක උපාය මාර්ගයකට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති රාමුවකි.
පාවෙන පොලී අනුපාතික මත වූ බැඳුම්කර   මුදල් වෙළඳපොළෙහි ඇති නිර්දේශිත අනුපාතයකට අනුව වෙනස්වන කුපන් අගයකින් යුතු බැඳුම්කර වේ. උදා :  අන්තර් බැංකු අර්පන අනුපාතිකය සහ විසිරුමෙහි එකතුවයි. (LIBOR plus a spread). මෙම විසිරුම වෙනස් නොවී පවතින අනුපාතිකයකි.
පැමිණිලි යොමු අංකය CRN  
පැමිණිලි යොමු කිරීමේ පෝරමය CSF  
පැහැර හැරීමේ සම්භාවිතාව PD  
පිරිවැය, රක්ෂණ හා ප්‍රවාහන ගාස්තු ගෙවූ    පිරිවැය, රක්ෂණය, භාණ්ඩ ප්‍රවාහනය මිලට ඇතුළත් වන මිල පදයකි
පිළිගත් අවදානම් මට්ටම ALR  
පුද්ගලයා   ඕනෑම ස්වභාවික හෝ නෛතික පුද්ගලයකු
පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම PFCA සුදුසුකම් ලත් පුද්ගලයින් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්
පුද්ගලික හැඳුනුම් අංකය PIN ගෙවීම් කාඩ්පත් භාවිතා කිරීමේදී, අන්තර්ජාලය පදනම් කරගත් බැංකු කටයුතු වලදී හෝ ජංගම ගෙවීම් යෙදුම්වලට ප්‍රවේශවීමේදී කාඩ්පත් හිමියාට හෝ පාරිභෝගිකයාට සිය අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා උපුටා දැක්විය යුතු සංඛ්‍යා කේතයකි
පුනරාවර්තන වියදම්    
පුරෝකථන සහ ප්‍රතිපත්ති විශ්ලේෂණ පද්ධතිය   ආර්ථික දත්ත සහ විශ්ලේෂණ මත පදනම්ව ඉදිරි දැක්මක් සහිත මුදල් ප්‍රතිපත්ති සම්පාදනයට සහාය වීම සඳහා නිර්මාණය කර ඇති මෙවලම් සහ අදාළ ක්‍රියාවලි පද්ධතියකි
පුළුල් මුදල් (M2b)   පටු මුදල් සැපයුම (M1), මහජනයා සතු වාණිජ බැංකු වෙතැති කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු සහ වාණිජ බැංකු වෙතැති විදේශ ව්‍යවහාර මුදල් තැන්පතුවලින් කොටසක් ඇතුළත් වේ
පුහුණුකරන්නන් පුහුණු කිරීම ToT  
පොත් අගය BV වෙළඳපොළ මිල ගණන් යටතේ රජයේ සුරැකුම්පත්වල වටිනාකම
පොත් අගයට මිල අනුපාතය   පොත් අගයට මිල අනුපාතය යනු සමාගමක වත්මන් වෙළඳපොළ අගය එහි පොත් අගයට සංසන්දනය කිරීම සඳහා භාවිත කරන මූල්‍ය අනුපාතයකි.
පොලී අනුපාතික කොරිඩෝව    
පොලී සහන ණය IS මූල්‍යනය වෙත ප්‍රවේශය පුළුල් කිරීමට භාවිත කරනු ලබන උපකරණවලින් එකකි. ඉහළ ණය අවදානමක් පවතින ආර්ථික අංශවලට තම ස්වකීය අරමුදල් භාවිත කරමින් ණය ලබා දීම සඳහා මූල්‍යායතන දිරි ගැන්වීම පිණිස, පොලී සහන යෝජනා ක්‍රමය යටතේ මූල්‍යායතනවලට පොලී සහන සැපයීම සඳහා ශ්‍රී ලංකාණ්ඩුව නැතහොත් ශ්‍රී ලංකා මහ බැංකුව නැතහොත් දායක නියෝජිත ආයතනයක් විසින් අරමුදල් සපයනු ඇත.
පෞද්ගලික අංශයේ ණය    
පෞද්ගලික - රාජ්‍ය - නිෂ්පාදක හවුල්කාරීත්වය 4P  
ප්‍රකාශය   විදේශ විනිමය ඩොලර් 15,000 හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදලකින් ඒ හා සමාන වටිනාකමක් ඉක්මවා යන විට ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කරන ප්‍රකාශනය හෝ විදේශ විනිමය ඩොලර් 15,000 හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදලකින් ඒ හා සමාන වටිනාකමකට අඩු හෝ සමාන වූ විට බලයලත් වෙළෙන්දෙක්ට ලබා දෙන සුදුසු ප්‍රකාශය.
ප්‍රතිපාර්ශවය   මූල්‍ය ගිවිසුමක හෝ ගනුදෙනුවක අනෙක් පස සිටින පුද්ගලයා හෝ ආයතනය.
ප්‍රතිශතාංක    
ප්‍රතිවිකුණුම්   විවට වෙළඳපොළ කටයුතු යටතේ සහභාගිත්ව ආයතන විසින් මහ බැංකුවෙන් තාවකාලික පදනමින් අරමුදල් ණයට ලබා ගැනීම සඳහා අනාගත දිනකදී නැවත විකිණීමේ ගිවිසුම මත, සහභාගිත්ව ආයතන වෙතින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ සුරැකුම්ත් මිලට ගැනීම
ප්‍රතිදාන මිල (BOS තුළ)   පසු ගිය වර්ෂයේ අනුරූපී කාර්තුව සමඟ සසඳා බලන විට, වර්තමාන කාර්තුව තුළ දී සහ ඉදිරි කාර්තුව සඳහා අපේක්ෂිත විකුණුම් මිල ගණන් පෙන්නුම් කරයි.
ප්‍රතිපාර්ශවීය ණය අවදානම් කළමණාකරන මාර්ගෝපදේශ CCRMG  
ප්‍රතිමිලදීගැනුම් REPO අනාගත දිනකදී ඉහළ මිලකට නැවත මිලදී ගැනීමේ ගිවිසුම මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ සුරැකුම්පත් සහභාගිත්ව ආයතන වෙත විකිණීම හරහා විවට වෙළඳපොළ කටයුතු යටතේ සහභාගිත්ව ආයතන සමග තාවකාලික පදනමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වා ගනු ලබන තැන්පතු වේ.
ප්‍රතිමුඛ ආයෝජන ගිණුම OIA නෝවාසික පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් බැහැර අවසරලත් ප්‍රාග්ධන ගනුදෙනු සම්බන්ධයෙන් බාහිර සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ හැසිරවීම සහ ශ්‍රී ලංකාවට එවැනි ආයෝජනයන්ගේ ආපසු ලැබීම් සඳහා හඳුන්වා දුන් ගිණුම්
ප්‍රධාන අනුකූලතා නිලධාරී CCO  
ප්‍රධාන අවදානම් නිලධාරී CRO  
ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් ඒකක   එක්සත් ජනපද ඩොලර් (USD); යුරෝ; ස්ටර්ලිං පවුම්; ඕස්ට්‍රේලියානු ඩොලර්; සිංගප්පූරු ඩොලර්; ස්වීඩන් ක්‍රෝනර්; ස්විස් ෆ්රෑන්ක්; කැනේඩියානු ඩොලර්; හොංකොං ඩොලර්; ජපන් යෙන්; ඩෙන්මාර්ක ක්‍රෝනර්; නෝර්වීජියානු ක්‍රෝනර්; චීන රෙන්මින්බි; නවසීලන්ත ඩොලර් සහ තායි බාට්.
ප්‍රාග්ධන උපයෝගීතාව   පසු ගිය වර්ෂයේ අනුරූපී කාර්තුව සමඟ සසඳා බලන විට, ප්‍රවර්තන කාර්තුව තුළ උපයෝගී කර ගත් ධාරිතාව ( ශ්‍රමය, පහසුකම් යනාදිය) සහ මීළඟ කාර්තුව සඳහා අපේක්ෂාව දක්වයි
ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම CTRA සංක්‍රමණිකයන්, ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීමට හෝ ඉන් පිටව යෑමට අරමුණැති ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත සිටින ශ්‍රී ලාංකික ජාතිකයන් නොවන නේවාසිකයන්ට ශ්‍රී ලංකාවෙන් පිටත දී ඔවුනට ලැබීමට සුදුසුකම් ලබන සංක්‍රමණික දීමනාව සහ අනෙකුත්  ලැබීමට සුදුසුකම් ලබන මුදල් ප්‍රත්‍යාවර්තනය කිරීමට පහසුකම් සැලසීම සඳහා හඳුන්වා දෙන ලද ගිණුම.
ප්‍රාග්ධන ගනුදෙනුව   2017 අංක 12 දරන විදේශ විනිමට පනතේ අර්ථය තුළ තිබෙන, ප්‍රවර්තන ගනුදෙනුවක් නොවන ගනුදෙනුවකි.
ප්‍රාථමික අලෙවිකරු   ශ්‍රී ලංකා මහා බැංකුව විසින් රජයේ සුරැකුම්පත් වෙළඳපොළ ගනුදෙනු සඳහා පත්කර ඇති අතරමැදියෙකි.
ප්‍රාථමික වෙළඳපොළ   ගනුදෙනුකරුවන්ට ප්‍රථමයෙන් සුරැකුම්පත් නිකුත්කරන වෙළඳපොළයි.
ප්‍රාරක්ෂණ අනුපාතය   නියෝජිතයන් සහ තැරැව්කරුවන්ට සිදු කරන කොමිස් ගෙවීම, රාජ්‍ය සහ නාගරික බදු, වැටුප් සහ අනෙකුත් මෙහෙයුම් වියදම් වැනි ප්‍රාරක්ෂණ පිරිවැයන්ට වෙන් කොට ඇති සමාගමක ශුද්ධ වාරිකවල අගය යි. මුළු ප්‍රාරක්ෂණ වියදම්, උපයාගත් ශුද්ධ වාරිකවලින් බෙදීම මගින් මෙම අනුපාතය නිශ්චය කෙරේ.
ප්‍රාරක්ෂණය   ප්‍රාරක්ෂණය යනු පුද්ගයෙකු නැතහොත් ආයතනයක් විසින් යම් ගාස්තුවකට මූල්‍ය අවදානම භාර ගැනීමයි. මෙම අවදානමට වඩාත් දර්ශීය වශයෙන් ණය, රක්ෂණය නැතහොත් ආයෝජන ඇතුළත් වේ.

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

ඵලදා වක්‍රය   සුරකුම්පතක ඵලදා අනුපාතය හා ඒවායෙහි පරිණත කාලය අතර ඇති සම්බන්ධය ප්‍රස්ථාරගතව දැක්වීමකි
ඵලදාව   මිලෙහි ප්‍රතිශතයක් ලෙස දක්වන ලද වට්ටම් හෝ කූපන් අගයයි

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

බදු පෙර    
බදු විරාම    
බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය AWCMR ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෑම වැඩ කරන දිනකදීම ගණනය කොට ප්‍රකාශයට පත් කරනු ලබන අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපොළෙහි දෙන ලද දිනයකට බලපත්‍රලාභී වාණිජ බැංකු අතර සිදුවන එක්දින මුදල් වෙළඳපොළ ගනුදෙනුවල (සුරැකුම්පත් රහිතව) බරිත සාමාන්‍ය පොලී අනුපාතිකයයි. බරිත සාමාන්‍ය එක්ෂණ මුදල් අනුපාතිකය ශ්‍රී ලංකා මහ බැංකුවේ දැනට පවතින මුදල් ප්‍රතිපත්ති රාමුව යටතේ මෙහෙයුම් ඉලක්කය වේ
බරිත සාමාන්‍ය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය පොලී අනුපාතිකය AWSR බරිත සාමාන්‍ය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය පොලී අනුපාතිකය ගණනය කිරීමේදී, රජයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රම ඇතුළත් නොවන අතර, බලපත්‍රලාභී බැංකු විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබා දුන් සියලුම රුපියල් ණය සහ අත්තිකාරම්වල පොලී අනුපාතික මත පදනම් වේ
බරිත සාමාන්‍ය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නව ණය පොලී අනුපාතිකය AWNSR බරිත සාමාන්‍ය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නව ණය පොලී අනුපාතිකය ගණනය කිරීමේදී, රජයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රම ඇතුළත් නොවන අතර, බලපත්‍රලාභී බැංකු විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබා දුන් සියලුම නව රුපියල් ණය සහ අත්තිකාරම්වල පොලී අනුපාතික මත පදනම් වේ
බරිත සාමාන්‍ය ණය පොලී අනුපාතිකය AWLR බරිත සාමාන්‍ය ණය පොලී අනුපාතිකය, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සපයන ලද සියලුම රුපියල් ණය සහ අත්තිකාරම්වලට අදාළ පොලී අනුපාතික මත පදනම් වේ
බරිත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය AWDR බරිත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය, බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතැති සියලුම පොලී උපයන රුපියල් තැන්පතුවලට අදාළ පොලී අනුපාතික මත පදනම් වේ
බරිත සාමාන්‍ය නව ණය පොලී අනුපාතිකය AWNLR බරිත සාමාන්‍ය නව ණය පොලී අනුපාතිකය, මාසයක් තුළ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සපයන ලද නව රුපියල් ණය සහ අත්තිකාරම්වලට අදාළ පොලී අනුපාතික මත පදනම් වේ
බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය AWNDR බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය, මාසයක් තුළ බලපත්‍රලාභී වාණිජ බැංකුවල තැන්පත් කර ඇති සියලුම පොලී උපයන නව රුපියල් තැන්පතුවලට අදාළ පොලී අනුපාතික මත පදනම් වේ.
බරිත සාමාන්‍ය නව ස්ථාවර තැන්පතු අනුපාතිකය AWNFDR බරිත සාමාන්‍ය නව ස්ථාවර තැන්පතු අනුපාතිකය, මාසයක් තුළ බලපත්‍රලාභී වාණිජ බැංකුවල තැන්පත් කර ඇති සියලුම පොලී උපයන නව කාලීන රුපියල් තැන්පතුවලට අදාළ පොලී අනුපාතික මත පදනම් වේ.
බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය AWPR බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය සතියක් තුළ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සිය ප්‍රධාන ගනුදෙනුකරුවන්ට ලබා දුන් කෙටි කාලීන රුපියල් ණය සහ අත්තිකාරම් සඳහා වන පොලී අනුපාතික මත පදනම් වේ.
බරිත සාමාන්‍ය වෙළඳපොළ ප්‍රතිමිලදීගැනුම් අනුපාතිකය AWRR රජයේ සුරැකුම්පත් ප්‍රතිමිලදීගැනීම් වෙළඳපොළෙහි දෙන ලද දිනයකට සහභාගිත්ව ආයතන අතර සිදු වන එක් දින වෙළඳපොළ ප්‍රතිමිලදීගැනුම් ගනුදෙනුවල (සුරැකුම්පත් සහිතව) බරිත සාමාන්‍ය පොලී අනුපාතිකය වන අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෑම වැඩ කරන දිනයකදීම ගණනය කොට ප්‍රකාශයට පත් කරනු ලබයි
බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය AWFDR බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය, බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතැති සියලුම පොලී උපයන කාලීන රුපියල් තැන්පතුවලට අදාළ පොලී අනුපාතික මත පදනම් වේ.
බලපත්‍රලාභී මුදල් සමාගම්    
බලපත්‍රලාභී වාණිජ බැංකු    
බලපත්‍රලාභී විශේෂිත බැංකු    
බලපෑම    
බලය පැවරීමේ සහතිකය COA මුදල් තැරැව්කරණ ව්‍යාපාරයේ නියැළීම සඳහා 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති සීමිත වගකීම් සහිත සමාගමකට පමණක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන බලය පැවරීමේ සහතිකය
බලයලත් මුදල් තැරැව්කරුවන් AMB බලයලත් මුදල් තැරැව්කරුවන් යනු 2013 අංක 01 දරන මුදල් තැරැව්කරණ රෙගුලාසි යටතේ 2013 දී බලය පැවරීමේ සහතික නිකුත් කරන ලද, ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් පිළිගත් ජාත්‍යන්තර වෙළෙඳපොළවල, සුරැකුම්පත් සහ විදේශ විනිමය වෙළෙඳපොළවල ගනුදෙනුකරුවන් සමඟ මූල්‍ය නිෂ්පාදන ගනුදෙනු සම්බන්ධයෙන් මුදල් තැරැව්කාර, විදේශ විනිමය තැරැව්කාර, අන්තර් බැංකු මුදල් තැරැව්කාර ව්‍යාපාරවල නියැලී සිටින මූල්‍ය අතරමැදියෙකි
බලයලත් වෙළෙඳුන් AD විදේශ මුදල් හුවමාරුවෙහි ගනුදෙනු කිරීමට බලයලත් ගනුදෙනුකරුවෙකු ලෙස 2017 අංක 12 දරන විදේශ මුදල් හුවමාරු පනතේ වගන්ති 4 යටතේ බලයලත්, 1988 අංක 30 දරන බැංකු පනත යටතේ බලය හා අවසරයලත් බැංකුවකි.
බහුමාන දරිද්‍රතා දර්ශකය    
බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් පදනම මත නිශ්කාශන ශේෂයන් MLNSB වාණිජ බැංකු සඳහා වන බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් නිෂ්කාශන ශේෂයන් යනු ලංකා පේ (පෞද්ගලික) සමාගම හරහා ක්‍රියාත්මක වන චෙක්පත් , ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම්, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය, විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය සහ විකුණුම් පොළ යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණය යන නිෂ්කාශන පද්ධතීන් හරහා ජනනය කරනු ලබන ශුද්ධ ශේෂයන්ය
බැංකු අංශයේ බදු පසු ලාභය    
බැංකු අඛණ්ඩතා දර්ශකය BSI මූල්‍ය ස්ථායීතාවට අදාළව මූල්‍ය පද්ධතියෙහි ප්‍රධාන සංරචකයක් වන, බැංකු අංශයේ අඛණ්ඩතාව තක්සේරු කිරීමට සංවර්ධනය කොට ඇති සූචකයකි. 
බැංකු අනුපාතිකය   බැංකු අනුපාතිකය යනු මහ බැංකුව විසින් හදිසි අවස්ථාවලදී බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත ලබා දෙන අතිවිශේෂ ණය සහ අත්තිකාරම් සඳහා භාවිත කළ හැකි මහ බැංකුව විසින් තීරණය කරනු ලබන පොලී අනුපාතිකයයි
බැංකු අයිරාව OD බලපත්‍රලාභී වාණිජ බැංකුවල පවත්වාගෙන යන ජංගම ගිණුමේ හිඟයක් ඇතිවන පරිදි එම ගිණුමේ ශේෂය ඉක්මවා මුදල් ප්‍රමාණයක් ලබාදීම
බැංකු හැඳුනුම් කේතය BIC බැංකු හඳුනාගැනීමේ කේතය යනු අක්ෂර 8 සිට 11 දක්වා වූ කේතයක් වන අතර, එය (SWIFT) ගනුදෙනුවක් සිදු කරන විට නිශ්චිත බැංකුවක් හඳුනා ගැනීම සඳහා භාවිතා කරයි
බැංකු ණය සඳහා ඉල්ලුම (BOS තුළ)   පසු ගිය වර්ෂයේ අනුරූපී කාර්තුව සමඟ සසඳා බලන විට, වර්තමාන කාර්තුව තුළ දී බැංකු ණය ලබා ගැනීමට තිබෙන ඉල්ලුම සහ මීළඟ කාර්තුව සඳහා අපේක්ෂාව පෙන්නුම් කරයි.
බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් SPD බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන්
බැඳුම්කර ණය ගැනීමේ යෝජනා ක්‍රමය BBS විවට වෙළඳපොළ කටයුතු (OMOs) යටතේ ප්‍රති මිල දී ගැනුම් ගනුදෙනු සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර තොගය ප්‍රමාණවත් නොවන කාලයන්හි දී තෙවන පාර්ශ්වයකින් ණයට ගත් සුරැකුම්පත් භාවිත කරමින් දේශීය මුදල් වෙළඳපොළ තුළ අතිරේක ද්‍රවශීලතාව අවශෝෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාවිත කරනු ලබන විශේෂ යෝජනා ක්‍රමයකි. වර්තමානයේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවට BBS යටතේ සුරැකුම්පත් ණයට ගැනීමට අවසර ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලින් පමණි.
බේරුම්කරණ අවදානම    
බ්ලොක්චේන් තාක්ෂණය   බ්ලොක්චේන් තාක්‍ෂණය යනු විමධ්‍යගත කිරීම, විනිවිදභාවය සහ දත්ත අඛණ්ඩතාව ප්‍රවර්ධනය කරන ව්‍යාප්ත ගතවූ ලෙජර පද්ධතියකි
බාහිර කළමණාකරු   සුරැකුම්පත් කළඹක් හෝ වෙනත් වත්කම් කළමනාකරණය කිරීම තුළින් ප්රතතිලාභ වැඩි දියුණු කිරීම, විවිධාංගීකරණය සහ/හෝ තාක්ෂණික දැනුම ලබාගැනීම ඇතුළු විවිධ අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා මුදල් මණ්ඩලය හෝ ආයෝජන ආයතන විසින් යොදාගනු ලබන වෙනත් ආයතනයක්.

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගේ ගිණුම   මහා භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර සිදුවන සියලු ගනුදෙනු හා ලියකියවිලි හැසිරවීම සඳහා භාවිතා කරන ගිණුම
භාණ්ඩාගාර බැදුම්කර   ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් අඥා පනත යටතේ, නිකුත් කරනු ලබන මධ්‍යම හා දිගු කාලීන ණය උපකරණයකි.
භාණ්ඩාගාර බැඳුම්කර ණයට ගැනීමේ යෝජනා ක්‍රමය   විවට වෙළඳ‍පොළ කටයුතු යටතේ ප්‍රතිමිලදීගැනුම් ගනුදෙනුව සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වා ගෙන යනු ලබන භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර තොගය ප්‍රමාණවත් නොවන අවස්ථාවකදී දේශීය මුදල් වෙළඳ‍පොළ අති‍රික්ත ද්‍රවශීලතාව අවශෝෂණය කර ගැනීමට තෙවන පාර්ශ්වයකින් සුරැකුම්පත් ණයට ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාවිතා කරන විශේෂ ක්‍රමයකි. දැනට මෙම ක්‍රමය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට සුරැකුම්පත් ණය ලබා ගැනීමට අවසර ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලින් පමණි
භාණ්ඩාගාර බිල්පත්   වට්ටමක් සහිතව නිකුත් කෙරෙන කෙටි කාලීන ණය උපකරණයකි. මෙම බිල්පත් දින 91, දින 182 සහ දින 364 යන පරිණත කාලයන්ගෙන් යුක්ත වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය භාණ්ඩාගාර බිල්පත් අඥා පනත යටතේ, නිකුත් කරනු ලබයි
භාවිතා කළ හැකි සංචිත   කිසිදු සීමාවකින්/බාධාවකින් තොරව භාවිත කළ හැකි හෝ මුදල් බවට පරිවර්තනය කර භාවිත කළ හැකි විදේශ සංචිත වේ.
භාවිතයට නුසුදුසු මුදල් නෝට්ටු   මුදල් සංසරණයේදී ඉරීගිය, දුර්වර්ණවී ගිය, ලිවීමෙන් විකෘති වූ, සු`ඵ හානි සහිත  හෝ සිතාමතා විකෘති කළ, වෙනස් කළ හෝ හානි කළ අව්‍යාජ ව්‍යවහාර මුදල් නෝට්ටු

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

මතුපිට උද්ධමනය   මතුපිට උද්ධමනයෙන් පාරිභෝගික මිල දර්ශකය වෙනස් වීමේ අනුපාතිකය හැඳින්වෙන අතර, ආර්ථිකයක් තුළ සමස්ත උද්ධමනය ඉන් මනිනු ලැබේ. 
මධ්‍යම ඒකාබද්ධ වෙළඳපොළ මෙහෙයුම් පද්ධතිය CIMM සහභාගිත්ව ආයතනවල සියලුම මුදල් වෙළඳපොළ ගනුදෙනු තත්කාලීන පදනමින් වාර්තා කිරීමට සහ ද්‍රවශීලතා තත්ත්වය පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහභාගිත්ව ආයතන වෙත සපයා ඇති වාර්තා කිරීමේ කවුළුවකි
මධ්‍යම තැන්පතුව   නිර්ලේඛන සුරැකුම්පත්වල ප්‍රාථමික නිකුතු සහ ඒවායේ ද්වීයිතීක වෙළඳපොළ ගනුදෙනු වාර්තා කරනු ලබන පරිගණකගත ක්‍රමයකි.
මධ්‍යම ප්‍රතිපාර්ශවය   මධ්‍යම ප්‍රතිපාර්ශවය සියළුම අලෙවිකරුවන්ට ගැනුම්කරුවකු සහ සියළුම ගැනුම්කරුවන්ට අලෙවිකරුවෙකු වෙමින් මූල්‍ය වෙළඳපොළක් හෝ වෙළඳපොළ කීපයක ප්‍රතිපාර්ශවයන් අතරට මැදිහත් වන අතර එමඟින් විවෘත ගිවිසුම්වල ක්‍රියාකාරීත්වය සුරක්ෂිත කරනු ලබයි. මධ්‍යම ප්‍රතිපාර්ශවය නවීකරණය කිරීම තුළින් විවෘතව ඉදිරිපත් කිරීමේ පද්ධතියක් හෝ සදෘශ්‍ය, නීත්‍යානුකූලව බැඳී සිටින ක්‍රමයක් මඟින් වෙළඳපොළ සහභාගීකරුවන්ට ප්‍රතිපාර්ශවයක් වේ. ගනුදෙනුවල බහුපාර්ශවීය තුලනය කිරීම් හා සියළුම සහභාගීකරුවන් මත වඩාත් ඵලදායී අවදානම් පාලකයන් සැපයීම තුළින් සහභාගීකරුවන්ගේ අවදානම් සැලකිය යුතු ලෙස අඩු කිරීමේ හැකියාවක් මධ්‍යම ප්‍රතිපාර්ශවයන්ට ඇත. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් සහභාගීකරුවන්ට ඔවුන්ගේ වෙළඳපොළවල්වල ඇති පද්ධතික අවදානම් අඩු කරගත හැක.
මහ බැංකු ඩිජිටල් මුදල් CBDC ඩිජිටල් හෝ විද්‍යුත් ක්‍රමයකට මහ බැංකුවක් විසින් නිකුත් කරන මුදල්
මහ බැංකුව වෙතැති වාණිජ බැංකු සතු තැන්පතු    
මාසික ලක්ෂ්‍යමය උද්ධමනය   පසු ගිය මාසයේ පාරිභෝගික මිල දර්ශනයට වඩා වර්තමාන මාසයේ පාරිභෝගික මිල දර්ශකයේ ප්‍රතිශතාත්මක වෙනස.
මැද තනි අගයක මට්ටම    
මැදි කාර්යාලය MO  
මිල - ඉපැයුම් අනුපාතය   සමාගමක/ සමස්ත ‍වෙළඳපොළ කොටස් මිල, කොටසකට සමාගමේ/ සමස්ත වෙළඳපොළ ඉපැයුම්වලට  අනුපාතය යි. මෙම අනුපාතය සමාගම්/ සමස්ත වෙළඳපොළ අගය කිරීමට සහ ඒවා අධි අගය කොට තිබෙන්නේ ද නැතහොත් ඌණ අගය කොට තිබෙන්නේ ද යන්න සොයා ගැනීමට භාවිත කෙරේ.
මිලක් සඳහා කරනු ලබන ඉල්ලීම RFQ තරගකාරී වෙළඳපොළක මිලදී ගැනීමේ/විකිණීමේ  අදහසින් වාචිකව, විද්යුලත්ව හෝ ලිඛිතව, ලිඛිත මිල ගණන් ඉදිරිපත් කිරීමට සිදු කරනු ලබන ඉල්ලීමකි.
මුදලේ වලංගුතාව   ශ්‍රී ලංකාව තුළ ඕනෑම මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සියලුම ව්‍යවහාර මුදල් නෝට්ටු හා කාසි වලංගු වේ
මුදල් අච්චු ගැසීම   මුදල් අච්චු ගැසීම යනු මහ බැංකුව විසින් ආර්ථිකය වෙත නව මුදල් සැපයීමේ ක්‍රියාවලියයි
මුදල් තැන්පතු යන්ත්‍රය CDM ස්වයං සේවා උපාංගයක් / පර්යන්තයක් මඟින් ගනුදෙනුකරුවන්ට මුදල් තැන්පත් කිරීමට සහ මුදල් භාවිතා කරමින් ගෙවීම් ගනුදෙනු කිරීමට ඉඩ ලබා දෙන යන්ත්‍රයක් වේ
මුදල් ප්‍රතිපත්ති උපදේශක කමිටුව    
මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග    
මුදල් ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය CRM ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකට සමාන මුදල් තැන්පත් කිරීමට සහ මුදල් ආපසු ගැනීමට පාරිභෝගිකයින්ට ඉඩ සලසන උපාංගයක් / පර්යන්තයක් වේ
මුදල් මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුව BROC  
මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම   මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ මහා පරිමාණ අවිආයුධ ව්‍යාප්තිය සදහා මුදල් සැපයීමට එරෙහිව එහි සාමාජිකයන් ජාත්‍යන්තර ප්‍රමිතීන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ලබන සාමාජික රටවල් 41 කින් සමන්විත අන්තර් රාජ්‍ය සංවිධානයකි.
මුදල් විශුද්ධිකරණය වැළක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම   මුදල් විශුද්ධිකරණය වැළැක්වීම යන්නෙන් අදහස් කරන්නේ නීති විරෝධී ලෙස ලබාගත් අරමුදල් නීත්‍යානුකූල භාවයට පරිවර්තනය කිරීම වැළැක්වීම සම්බන්ධයෙන් වන නීති, රෙගුලාසි සහ ක්‍රියා පටිපාටි ය.  
ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම යනු ත‍්‍රස්තවාදීන් ලෙස නම් කරන අයට අරමුදල් සහ මූල්‍ය සේවාවන් සඳහා ප‍්‍රවේශය සීමා කිරීම අරමුණු කරගත් රජයේ නීති, රෙගුලාසි සහ වෙනත් භාවිතයන් සමූහයකි.
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම   නීත්‍යානුකූල නොවන ක්‍රියාවන්ගෙන් උපයන ලද මුදල් එහි නීත්‍යානුකූල නොවන සම්භවය සැඟවීම සඳහා සිදුකරනු ලබන ක්‍රියාවලියයි.  
ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම යනු ත‍්‍රස්තවාදී  ක්‍රියා, ත්‍රස්තවාදීන්ට සහ ත්‍රස්ත සංවිධානවලට මුදල් සැපයීමයි.
මුදල් වෙළඳපොල MM  
මුදල් වෙළඳපොළ උපකරණ   කෙටි කාලීන ණයදීමේ  සහ ණය ගැනීමේ කාර්යයන් සඳහා මුදල් බවට පහසුවෙන් පරිවර්තනය කළ හැකි දිනක සිට වසරක කාලයක් දක්වා වූ කල්පිරීමක් සහිත මූල්‍ය උපකරණ වේ.
මුදල් සමස්තයන්    
මුදල් සේවා   සුරක්ෂිතව තබාගැනීම, මුදල් සම්ප්‍රේෂණය, චෙක්පත්  මුදල් කිරීම හෝ මුදල් හුවමාරුව වැනි සේවාවන් ඇතුළු මුදල් සම්බන්ධ ඕනෑම සේවාවක් වේ
මුදල් හුවමාරු ගනුදෙනුවක් අලුත් කිරීම   මුදල් හුවමාරු ගනුදෙනුවක දෙපාර්ශවයම එකඟ වූ නියමයන් සහ කොන්දේසි සහිතව එම ගනුදෙනුව‍ෙහි කල්පිරීමේ කාලය ඉකුත් වූ පසු තවත් කාලයක් සඳහා දීර්ඝ කිරීම. එය මුදල් හුවමාරු ගනුදෙනුවක් නැවත අලුත් කිරීමක් ලෙස ද හැඳින්විය හැක.
මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ හුවමාරු මුදල් ලබා ගැනීම   මුදල් හුවමාරු ගිවිසුමක දක්වා ඇති නියමයන් සහ කොන්දේසි යටතේ මුදල් ඉල්ලා සිටින පාර්ශවය සහ මුදල් සපයන පාර්ශවය අතර සිදු වන මුදල් හුවමාරුව.
මුහුණත වටිනාකම FV පරිණත වන දිනයේදී රජයේ සුරැකුම්පත්වල වටිනාකම
මූර්ත ආර්ථිකය    
මූර්ත දේපළ ආයෝජන භාර REITS දේපළවල ආයෝජනය කිරීම නැතහොත් ආදායම් උත්පාදනය කරන මූර්ත දේපළ/ යටිතල පහසුකම් මූල්‍යනය කිරීම අරමුණු කර ගත්, හුවමාරුවක් මත ලැයිස්තුගත සහ වෙළඳාම් කෙරෙන, සමාගමක් හෝ අරමුදලකි. මූර්ත දේපළ ආයෝජන භාර විසින් විවිධ ආයෝජකයින්ගේ ප්‍රාග්ධනය රැස් කරනු ලබන අතර, අන්‍යොන්‍ය අරමුදලකට සමානව, ඔවුන් විසින් ම කිසිදු දේපළක් මිලට ගැනීම, කළමනාකරණය කිරීම හෝ මූල්‍යනය කිරීමෙන් තොරව, හිමිකරුවාට මූර්ත දේපළට නිරාවරණය සපයමින්, එම ආයෝජන තුළ පවතින කොටස් විකුණනු ලබයි.
මූර්ත සඵල විනිමය අනුපාතිකය   මූ.ස.වි.අ. ගණනය කරනුයේ පැසට ඇතුළත් මුදල් වර්ග අයත් රටවල උද්ධමන වෙනස නාමික සඵල විනිමය අනුපාතිකයට (නා.ස.වි.අ.) ගැළපීම මගිනි
මූලික කොළඹ පාරිභෝගික මිල දර්ශකය CCPI Core කො.පා.මි.ද. පැසෙන් නිතර මිල උච්ඡාවචන සහිත ආහාර අයිතම, බලශක්ති සහ ප්‍රවාහනය බැහැර කරමින්
මූලික ජාතික පාරිභෝගික මිල දර්ශකය NCPI Core ජාතික පාරිභෝගික මිල දර්ශකයේ පැසෙන් නිරන්තරව ම මිල උච්චාවචනය වන ආහාර, බලශක්තිය සහ ප්‍රවාහනය යන කාණ්ඩ ඇතුළත් නොකරමින්
මූල්‍ය අත්පත්කරු   මූල්‍ය අත්පත්කරු යන්නෙන් ගෙවීම් මාධ්‍යයක් වශයෙන් කාඩ්පත් දරන්නන්ගෙන් ගෙවීම් කාඩ්පත් භාර ගැනීමට තුන්වන පාර්ශවයන් සමඟ කටයුතු පිළියෙල කරනු ලබන සහ කාඩ්පත් දරන්නා විසින් මිලදී ගත් භාණ්ඩ සහ සේවාවල වටිනාකම එම තුන්වන පාර්ශවය වෙත ප්‍රතිපූරණය කරනු ලබන සහ/ හෝ කාඩ්පත් දරන්නන් විසින් ලබාගත් මුදල් අත්තිකාරම්වල වටිනාකම එම තුන්වන පාර්ශවය වෙත ප්‍රතිපූරණය කරනු ලබන ඕනෑම තැනැත්තෙක් වේ
මූල්‍ය අතරමැදිකරණය FI අරමුදල් අතිරික්තයක් සහ අරමුදල් හිඟයක් සතු පාර්ශ්වයන් අතර අරමුදල් හැසිරවීමේ ක්‍රියාවලිය යි.
මූල්‍ය අන්තර්ගතකරණ සමීක්ෂණය FIS  
මූල්‍ය අන්‍යොන්‍ය සබඳතාව   මූල්‍ය අන්‍යොන්‍ය සබඳතාව යනු මූල්‍යායතන සමඟ පවතින ණය නිරාවරණ, වෙළඳ සබඳතා, අනෙකුත් සබඳතා සහ පරායත්තතාවන්වලින් හට ගන්නා මූල්‍ය සබඳතා ජාලය යි. මූල්‍ය අන්‍යොන්‍ය සබඳතාව යනු ක්‍රමික අවදානමෙහි වැදගත් මානයකි. මූල්‍ය අන්‍යොන්‍ය සබඳතාව දෙයාකාර වේ. එනම්, ඍජු මූල්‍ය අන්‍යොන්‍ය සබඳතාව සහ වක්‍ර මූල්‍ය අන්‍යොන්‍ය සබඳතාව යි.
මූල්‍ය ආයතන   2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ අර්ථ දක්වා ඇති පරිදි මූල්‍ය ව්‍යාපාරයන්හි නියැලෙන ආයතන යි.
මූල්‍ය කාර්ය සාධක බලකාය   මූල්‍ය කාර්ය සාධක බලකාය යනු මුදල් විශුද්ධිකරණය සහ ත්‍ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කරනු ලබන ගෝලීය ආයතනයයි.  මෙම අන්තර් රාජ්‍ය ආයතනය විසින් මෙම නීති විරෝධී ක්‍රියාවන් සහ ඒවා තුළින් සමාජයට සිදුවන හානිය වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන් සකස් කරයි.  ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතනයක් ලෙස, මෙම ක්ෂේත්‍රයන්හි ජාතික ව්‍යවස්ථාදායක හා නියාමන ප්‍රතිසංස්කරණ ගෙන ඒමට අවශ්‍ය දේශපාලන කැමැත්ත ජනනය කිරීමට මූල්‍ය කාර්ය සාධක බලකාය කටයුතු කරයි.
මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම, මහා විනාශකාරී ආයුධ සඳහා අරමුදල් සැපයීම සහ සංවිධානාත්මක අපරාධ සහ දූෂණ වැළැක්වීම සඳහා සම්බන්ධීකරණ ගෝලීය ප්‍රතිචාරයක් සහතික කරන නිර්දේශයන් හෝ ප්‍රමිති මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් සකස් කර ඇත.
මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය විසින් සකස් කරන ලද ප්‍රමිති සම්පුර්ණයෙන්ම හා ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම සහතික කිරීම සඳහා රටවල් අධීක්ෂණය කරන අතර ඒවාට අනුකූල නොවන රටවල් ලැයිස්තුගත කරයි.
මූල්‍ය ගනුදෙනු හා සම්බන්ධ භාරකරුවන්   අනෙකුත් වෙළඳ සාමාජිකයින් හරහා ක්රිභයාත්මක වෙමින්  තම සේවාදායකයින්ගේ වෙළඳ ගනුදෙනු පියවීම් කරන නිෂ්කාශන සාමාජිකයන්.
මූල්‍ය තාක්ෂණ (FinTech)   බැංකු හා මූල්‍ය සේවාවන් සඳහා සහාය වීම හෝ සක්‍රීය කිරීම අරමුණු කරගත් තාක්ෂණය හා නව්‍යකරණයයි
මුල්‍ය තොරතුරු ජාලය FInNet බලපත්‍රලාභී වාණිජ බැංකු, ප්‍රාථමික වෙළෙඳුන් සහ ලීසිං සමාගම් වෙතින් දෛනික, සතිපතා, මාසික, කාර්තුමය සහ වාර්ෂික පදනමින් නියාමන වාර්තා දත්ත රැස් කිරීමට පහසුකම් සපයන පද්ධතියකි
මූල්‍ය නොවන අවදානම් කළමනාකරණ කමිටුව NFRMC  
මූල්‍ය පාරිභෝගික ආරක්ෂාව FCP  
මූල්‍ය බුද්ධි ඒකකය   2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ (FTRA) විධිවිධාන ප්‍රකාරව මුදල් අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකය, 2006 මාර්තු මාසයේදී පිහිටුවන ලදී.
ජනාධිපතිවරයා විසින් මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ කරන ලද නියෝගයකට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ස්වාධීන ආයතනයක් ලෙස මූල්‍ය බුද්ධි ඒකකය කටයුතු කරන අතර එය, ජාත්‍යන්තර නිර්දේශයන්ට හා ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ වැළැක්වීමට එරෙහිව ක්‍රියා කරනු ලබයි.

මූල්‍ය සේවා සැපයුම්කරු

FSP  
මෙහෙයුම් අලාභ    
මෙහෙයුම් උපදෙස් Ois කලින් කලට ප්‍රතිමූල්‍යනය, පොලී සහනය සහ ණය ඇප ආවරණය ඇතුළුව ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මෙහෙයුම් මාර්ගෝපදේශ.

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

යටිදැරි ඉල්ලුම් පීඩන    
යටිදැරි උද්ධමනය   මතුපිට දර්ශකයෙන් නිතර මිල උච්ඡාවචන සහිත ආහාර අයිතම, බලශක්ති සහ ප්‍රවාහනය බැහැර කරමින් ගත් පියවර 
යෙදුම් පද්ධති 400  AS/400 IBM මඟින් සංවර්ධනය කරන ලද මෙහෙයුම් කවුළුවකි
යොමු කිරීම් නිර්දේශ  ToR  

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

රක්ෂණ ප්‍රතිපත්තිලාභියා   රක්ෂණ ප්‍රතිපත්තියක හිමිකාරීත්වය දරන නැතහොත් පාලනය කරන සහ ගිවිසුමෙහි දක්වා ඇති අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට වරප්‍රසාදය සතු පුද්ගලයෙකු හෝ ස්වාධීන ආයතනයකි. මෙම පාර්ශ්වය බොහෝ විට, එහෙත් සැම විටම නොව, රක්ෂිතයා වන අතර, මෙම ප්‍රතිපත්තියෙහි ප්‍රතිලාභීන් විය හැකිය, නැතහොත් නොවිය හැකිය.
රජය සතු වාණිජ ව්‍යවසායයන්    
රජයට ලබා දුන් ශුද්ධ ණය    
රජයේ කොන්ත්‍රාත්කරුවන්ට සහ සැපයුම්කරුවන් වෙත නොපිය වූ  බිල්පත් ගෙවීම භාර ගැනීමේ ලිපිය LAPC කොවිඩ් - 19 වසංගත කාලය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලද විශේෂ ණය යෝජනා ක්‍රම යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් කොන්ත්‍රාත්කරුවන්ට සහ සැපයුම්කරුවන් ණය ලබා ගැනීමේ දී රජයෙන් නොපිය වූ ගෙවීම් තහවුරු කරමින් සුරැකුමක් ලෙස භාවිත කළ හැකි, රජය විසින් කොන්ත්‍රාත්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට රජයේ මහා භාණ්ඩාගාරයෙන්  නිකුත් කරනු ලබන ලිපියකි.
රජයේ නිර්-ඉතුරුම්    
රඳවා ගැනීමේ බදු    
රාජ්‍ය තාන්ත්‍රිකයා   රාජ්‍ය දූත මෙහෙය නියෝජනය කරනු ලබන විදේශ රටක පුරවැසියන්
රාජ්‍ය නොවන සංවිධානය NGO 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන [ලියාපදිංචිය සහ අධීක්ෂණය] පනත සහ ඉන්පසු සංශෝධන යටතේ රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වූ ස්වේචඡා සමාජ සේවා සංවිධානයක්
රාජ්‍ය ව්‍යාපාර SOEs රජය වෙනුවෙන් වාණිජ කටයුතුවල දී සහාභාගී වීම සඳහා රජය විසින් නිර්මාණය කරන ලද නෛතික අස්ථිත්වයකි. එය සම්පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් රජය හිමිකාරීත්වය දරන්නක් විය හැකි අතර, නිශ්චිත වාණිජ කටයුතුවල දී සහභාගී වීම සඳහා එය දර්ශීය වශයෙන් විශේෂයෙන් සංලක්ෂිත කොට ඇත.
රාජ්‍ය සේවයේ නියුතු තැනැත්තන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම   ශ්‍රී ලංකාවේ රාජ්‍ය දූත මෙහෙයේ නියුතු නිළධාරීන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම
රාජ්‍ය දූත මෙහෙය   කලින් කලට විදේශ කටයුතු අමාත්‍යංශයේ නීති අංශය මගින් රාජ්‍ය දූත මෙහෙය ලෙස හඳුනා ගන්නා තානාපති කාර්යාල, මහකොමසාරිස් කාර්යාල, කොන්සියුලර් කාර්යාල, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්ථිර සාමාජිකයින්, යුරෝපා කොමිසමේ යුරෝපා සංගම් කණ්ඩායම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ප්‍රතිසංස්තරණය සහ සංවර්ධනය සඳහා වූ ජාත්‍යතර බැංකුව, ආසියනු සංවර්ධන බැංකුව හෝ සමාන සංවිධානයක්.
රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයන්    
රාජ්‍ය මූල්‍ය (වගකීම්) කළමනාකරණ පනත    
රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය    
රාජ්‍ය මූල්‍ය ශේෂයන්ගේ පිරිහීම    
රාජ්‍ය මූල්‍ය සානුබල ක්‍රියාමාර්ග    
රාජ්‍ය සුරැකුම්පත් මත ඵලදා අනුපාතික    
රුපියල් ණය   වසර දෙකකට වඩා වැඩි පරිණත කාලයන්ගෙන් යුත් මධ්‍ය හා දිගු කාලීන ණය උපකරණයකි. මෙය ටැප් ක්‍රමයට හෝ සෘජු වෙන්කිරීමක් ලෙස, ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබයි. මෙම ණය උපකරණයේ පොළී අනුපාතිකය රජය මගින් තීරණය කරනු ලබයි.
රුපියල් ද්‍රවශීලතාව    
රුපියල්වලින් නාමනය කරන ලද සුරැකුම්පත්    

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

ලංකා පේ (පෞද්ගලික) සමාගම LPPL ලංකා පේ (පෞද්ගලික ) සමාගම යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ මග පෙන්වීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ජාතික ගෙවීම් ජාලයයි. (ලංකාක්ලියර් පෞද්ගලික සමාගම ලෙස පෙර හඳුන්වන ලදී)
ලංකා විදුලිබල මණ්ඩලය    
ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතිකය   ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතිකය වේ. මෙම අනුපාතිකය සාමාන්‍යයෙන් ණය ලබාගැනීම් හා ලබාදීම් හි ආන්තික අගයන් ස්ථාපිත කිරීමට පදනම් වන අතර,  ජාත්‍යන්තර බැංකුමය කටයුතු සිදුකෙරෙන වෙළඳපොළ නිර්දේශිත අනුපාතිකය ලෙස භාවිතා වේ 
ලාභ සහ ලාභාංශ    
ලාභදායීත්වය (BOS තුළ)   පසු ගිය වර්ෂයේ අනුරූපී කාර්තුව සමඟ සසඳා බලන විට, වර්තමාන කාර්තුව තුළ දී  සහ ඉදිරි කාර්තුව සඳහා ලාභ මට්ටම පෙන්නුම් කරයි.
ලාභාංශ ගෙවීම්    
ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය    
ලෝක ආර්ථික ඉදිරි දැක්ම    
ලෝක මුදල් අනුපාතික   එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ප්රනධාන විදේශ මුදල්  ඒකකවල විනිමය අනුපාත වේ.

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

වක්‍ර මූල්‍ය අන්‍යොන්‍ය සබඳතා   මූල්‍ය ආයතනයක ආපදා තත්ත්වය ඍජු සබඳතා නොමැති විටෙක දී පවා තවත් මූල්‍ය ආයතනයකට බලපෑම් එල්ල කළ හැකි මාර්ග මින් අදහස් කෙරේ. පොදු වත්කම් වෙත නිරාවරණය, ඡායා බැංකුකරණය, ගිනි විකුණුම් (භාණ්ඩ සහ වත්කම් අධික ලෙස වට්ටම් මිලකට විකිණීම), ආන්තික ඇමතුම් හා වත්කම්වල අගය අඩු කිරීම් මෙන්ම, තොරතුරු පිරිතිරිය වක්‍ර යනාදිය මූල්‍ය අන්‍යොන්‍ය සබඳතාවලට නිදසුන් කිහිපයක් වේ.
වටිනාකම් මත ණය ලබා දීමේ අනුපාතය LTV ණය මුදල සහ ණය සුරක්ෂිත කරන වත්කමෙහි වෙළඳපොළ අගය අතර සම්බන්ධය මනිනු ලබයි.
වටිනාකම මත බද්ද   ආනයනය කරන භාණ්ඩවල වටිනාකමේ ප්‍රතිශතයක් ලෙස බද්ද අය කෙරේ
වත්කම් පිටුබලය සහිත සුරැකුම්පත් ABS  
වත්කම් මත ප්‍රතිලාභය    
වරණීය වෙළඳ ගිවිසුම්    
වරාය පර්යන්ත ක්‍රියාකරුවන්   ශ්‍රී ලංකා ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, දකුණු ආසියානු ගේට්වේ පර්යන්ත (පුද්) සමාගම සහ කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය ඇතුළත්ය.
වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්ද    
වසම   යම්කිසි අධිකාරියක් විසින් එහි රෙගුලාසි සහ මාර්ගෝපදේශයන්ට අනුව පාලනය කරවන පරිගණක සහ උපාංග ජාලය
වාණිජ පත්‍ර   පොදුවේ ව්‍යාපාර ආයතන විසින් නිකුත් කරනු ලබන කෙටි කාලීන ණය උපකරණ වර්ගයක් වන අතර, දර්ශීය වශයෙන් කෙටි කාලීන වගකීම් මූල්‍යනය සඳහා භාවිත කෙරේ.
වාණිජ පරිමාවේ කිරි නිෂ්පාදන සංවර්ධනය කිරීමේ ණය යෝජනා ක්‍රමය CSDDLS  
වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය   පසු ගිය වර්ෂයේ එම මාසයට වඩා ප්‍රවර්තන මාසයේ පාරිභෝගික මිල දර්ශකයෙහි ප්‍රතිශතාත්මක වෙනස
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන උද්ධමනය   අවසන් මාස 12 තුළ සාමාන්‍ය පා.මි.ද. හි සහ පෙර මාස 12 දී සාමාන්‍ය පා.මි.ද හි  ප්‍රතිශතමය වෙනස
වැඩි මහලු විදේශ ජාතිකයින් සඳහා විශේෂිත ගිණුම SFNSA ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ "සිහින නිවහන වැඩසටහන - ශ්‍රී ලංකාව" යටතේ නේවාසික වීසා භාවිත කරමින් දිගු කලක් රැඳී සිටීමට කැමැත්තක් දක්වන්නා වූ වයස අවුරුදු 55 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ විදේශ ජාතිකයන්ට විශේෂිත ගිණුම්
විකුණුම් (BOS තුළ)   ප්‍රවර්තන කාර්තුව තුළ දී විකුණුම් පරිමාව සහ පසු ගිය වර්ෂයේ අනුරූපී කාර්තුව හා සසඳන කල, මීළඟ කාර්තුව සඳහා විකුණුම් අපේක්ෂාව පෙන්නුම් කරයි.
විකුණුම්පළ ගෙවීම් යන්ත්‍ර POS terminal විකුණුම්පළ ගෙවීම් යන්ත්‍ර  මගින් ගනුදෙනුකරුවන්ට වෙළඳසැල්වල ණය, හර සහ අගය රාශිගත කාඩ්පත් හරහා ගෙවීම් සිදු කිරිමට පහසුකම් සලසයි
විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණය CPS වෙනත් කාඩ්පත් නිකුත් කරන්නෙකුගේ (not-on-us) ගනුදෙනුකරුවෙක් සඳහා විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර ගනුදෙනු හුවමාරුවට සහ නිෂ්කාශනයට විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජිකයින්ට පහසුකම් සැලසීමට ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම (LCPL) මඟින් මෙහෙයවනු ලබන පද්ධතියක් වේ
විගාමිකයන්ගේ ප්‍රේෂිත ආදායම් ගිණුම ERIA කිසියම් විගාමිකයෙකු විසින් ගෝලීය මට්ටමින් නිරුක්තික වත්මන් ආදායම හඳනා ගැනීම සඳහා එම විගාමිකයා ස්ථිරව පදිංචි රට තුළ නියාමනය කිරීමේ අවශ්‍යතාවක් ඇත්නම් පමණක්, එම විගාමිකයා මෙරට තුළ ජනිත ආදායම වර්තනය සඳහා හඳුන්වා දුන් ගිණුම.
විගාමිකයා   වෙනත් රටක ස්ථිර නේවාසික පදිංචිය හෝ ද්විත්ව පුරවැසිභාවය ලබාගත් පුද්ගලයෙකු, මව හෝ පියා ශ්‍රී ලංකාවේ උපත ලද ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු, මව හෝ පියා ශ්‍රී ලංකාවේ උපත ලද එහෙත් ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන පුද්ගලයෙකු සහ ශ්‍රී ලංකාවේ උපත ලියාපදිංචි කළ පුද්ගලයෙකු සේම මෙකී පුද්ගලයන්ගේ බාලවයස්කාර දරුවන් ද.
වැඩි මහලු විදේශ ජාතිකයින්ගේ රුපියල් ගිණුම SFNRA මෙම විශේෂ ගිණුම් 2021 අංක 7 දරන විධාන යටතේ හඳුන්වා දුණි. මෙම විශේෂ ප්රුවර්ගය යටතේ ගිණුම් වර්ග දෙකක් පවතියි.
වැඩි මහලු විදේශ ජාතිකයින්ගේ ස්ථාවර තැන්පතු ගිණුම (විදේශ ව්ය්වහාර මුදල්) SFNFDA
විදේශ ගුවන් සේවාව   2010 අංක 14 දරන (සංශෝධිත) සිවිල් ගුවන් සේවා පනතේ ප්‍රතිපාදන හා අනුරූපී ශ්‍රී ලංකාවෙන් බැහැර නේවාසිකයෙකුට හිමි ඕනෑම ගුවන් සමාගමක්
විදේශ නැව් සමාගම   1972 අංක 10 දරන (සංශෝධිත) නැව් නියෝජිත බලපත්‍ර නිකුත් කිරීමේ පනතේ ප්‍රතිපාදන හා අනුරෑපී ශ්‍රී ලංකාවෙන් බැහැර නේවාසිකයෙකුට හිමි ඕනෑම නැවි සමාගමක්
විදේශ විනිමය ගැනුම් විකුණුම් හුවමාරු    
විදේශ විනිමය වෙළඳාම   2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ ප්‍රකාරව විදේශ විනිමය පිළිගැනීම, මිලට ගැනීම, විකිණීම, ණයට ගැනීම සහ ණයට දීම සහ වෙනත් යම් විදේශ ව්‍යවහාර මුදලකට හුවමාරු කිරීම.
විදේශ විනිමය හුවමාරු පහසුකම    
විදේශ ව්‍යවහාර මුදල්   ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් හැර වෙනත් ඕනෑම ව්‍යවහාර මුදල් කාණ්ඩයක්.
විදේශ ව්‍යවහාර මුදල් විශේෂිත ගිණුම SFCA 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ විශේෂ අවසර සහිතව නිශ්චිත හර සහ බැර සීමාවන් සමග ක්‍රියාත්මක වන විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්
විදේශ සංචිත ආයෝජන අධීක්ෂන කමිටුව IRIOC  
විදේශ සේවයේ නියුතු තැනැත්තන් සඳහා රුපියල් ගිණුම DRA ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරේ යෙදෙන නිළධාරීන් සඳහා ශ්‍රී ලංකා  රුපියල් ගිණුම
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ   ව්‍යවහාර මුදල් නෝට්ටු හැරුණු විට, විදුලි මුදල් මාරුව, අනිකුත් අන්තර් බැංකු හුවමාරු, බැංකු අයිරා, අනිකුත් ගෙවීම් උපකරණ, වෙනත් ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් ගෙවීම් යාන්ත්‍රණ හෝ මාධ්‍ය සහ හුවමාරු සමාගම්/ නිවස්න වෙතින් ලැබූ අරමුදල් ද ඇතුළුව විදේශයන්ගෙන් ගලා එන විදේශ ව්‍යවහාර මුදල්
විදේශීය ආමුඛ ප්‍රේෂණ    
විදේශීය ජංගම ගිණුමේ හිඟය    
විදේශීය වාණිජ ණය ගැනීමේ ගිණුම EFTC 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකාවෙන් බැහැර නේවාසික පුද්ගලයන්ගේ විදේශ ණය ගැනීම සඳහා නේවාසික ණය ලබාගන්නා (බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, ශ්‍රී ලංකා රජය සහ රාජ්‍ය ව්‍යාපාර හැර) පවත්වාගෙන යන ගිණුම්.
විද්වත් මණ්ඩල කථිකාව EPD ආර්ථිකමය වැදගත්කමකින් යුතු යම් විෂයයක විවිධ පැතිකඩ නියෝජනය කරන කථිකයන් මඩුල්ලක් විසින් එම විෂය කේන්ද්‍රගතව පවත්වනු ලබන සාකච්ඡාවකි.
විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩිපත් EFTC විදේශ විනිමය පනතේ විධිවිධාන හා අනුකූල කටයුතු සඳහා භාවිත කරනවා දැ යි බලයලත් වෙළඳුන්  හරහා ගනුදෙනු තොරතුරු හඳුනා ගත හැකි වටිනාකම ණය, හර හෝ වෙනයම් ආකාරයකින් සමර්පනය කළ හැකි කාඩිපතක් හෝ යෙදවුමක්. ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් ඇතුළත් වේ.
විනිමය අනුපාතිකයේ දිනක් තුළ සිදු වන විචලනය   දිනක් තුළ විනිමය අනුපාතිකයේ සිදු වන වෙනස්කම්.
විනිමය අනුපතිකයන්හි වෙනස්වීම හේතුවෙන් ඇතිවන විචලන   දේශීය මුදලට එරෙහිව විදේශීය මුදලෙහි අගය ඉහළ පහළ  යෑම මගින් දේශීය මුදලින් සඳහන් විදේශීය මුදලින් පවතින ණය කළඹ මත ඇතිකරන බලපෑම වේ. 
විනිමය අනුපාතිකයේ හැසිරීම    
විභව නිරාවරණය PE  
විවට වෙළඳ‍පොළ කටයුතු OMOs ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව වෙළඳ‍පොළ ද්‍රවශීලතාව යෝග්‍ය මට්ටමේ පවත්වා ගැනීම සහ වෙළඳපොළ පොලී අනුපාතික ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගත් සුරැකුම්පත් (රජයේ සුරැකුම්පත් සහ මහ බැංකු සුරැකුම්පත්) භාවිතා කරමින් ‍වෙළඳපොළ මත පදනම්ව සිදු කරන මෙහෙයුම් වේ. පවත්නා මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට පදනම්ව දේශීය මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාව කළමනාකරණය කරගනිමින් බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව තුළ අපේක්ෂිත මට්ටමේ පවත්වා ගැනීම සඳහා විවට වෙළඳපොළ කටයුතු භාවිතා කෙරේ.
විවෘත ගිණුම   කලින් තීරණය කළ දින ගණනක් ඇතුළත විකුණුම්කරුට ගෙවීමට ගැනුම්කරු පොරොන්දු වන ගෙවීම් ක්‍රමයකි
විවෘත බැංකුකරණය   පාරිභෝගිකයින් විසින් අගය එකතු කළ සේවාවන් ලබා ගැනීම සඳහා තෙවන පාර්ශවීය සේවා සපයන්නන්ට මූල්‍ය ආයතනවල ඇති එම පාරිභෝගිකයින්ගේ මූල්‍ය දත්ත වෙත ප්‍රවේශ වීමට කැමැත්ත ලබා දීමේ ක්‍රියාවලිය වේ
විශේෂ ගැනුම් හිමිකම්   ජාත්‍යන්තර මූල්‍ය අරමුදල භාවිත කරන මූලික ජාත්‍යන්තර මුදල් වර්ග පැසක් පදනම් කරගත් විනිමය ඒකකයක් වේ.
විශේෂ ප්‍රතිලාභ සහිත වෙළඳ වරණයක් පිළිබඳ පොදු ක්‍රමය   දැනටමත් වරණීය වෙළඳාම් පිළිබඳ පොදු ක්‍රම (ජී.එස්.පී) වලින් ප්‍රතිලාභ ලබන සංවර්ධනය වෙමින් පවතින රටවලට අමතර වෙළඳ දිරිගැන්වීම් සපයන ජී.එස්.පී යෝජනා ක්‍රමයේ විශේෂ අංගයකි.
විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද   විශේෂ ගැනුම් හිමිකම් යනු ජා.මූ.අ. ගිණුම් ඒකකය වේ
විශේෂිත කල්බදු මුල්‍යකරණ සමාගම්    
වෙළඳ අනුපාතය   අපනයන මිල දර්ශකය සහ ආනයන මිල දර්ශකය අතර අනුපාතය
වෙළඳ භාණ්ඩ හිඟය    
වෙළඳ ශේෂය   නිශ්චිත කාලපරිච්ඡේදයක් සඳහා රටක මුළු අපනයන සහ මුළු ආනයන අතර වෙනසයි
වෙළඳපොළ ණය පොලී අනුපාතික    
වෙළඳපොළ තැන්පතු පොලී අනුපාතික    
වෙළඳපොළ පොලී අනුපාතිකය   වෙළඳපොළ පොලී අනුපාතිකය ණය දෙන ආයතන විසින් වාණිජමය ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ නීතිමය ක්‍රියාමාර්ගයක දී රුපියල් 150,000කට වඩා වැඩි ණය මුදලක් අය කර ගැනීමේ දී ඒ සඳහා එකඟ වූ පොලී අනුපාතිකයක් නොමැති විටක අදාළ වේ
වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය   වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය යනු ලැයිස්තුගත සමාගම්වල නිකුත් කරන ලද මුළු කොටස් ගණන දී ඇති කාලයක දී අදාළ මිල ගණනින් ගුණනය කළ විට ලැබෙන අගය යි. මෙම අගය මගින් එම කාලයේ දී වෙළඳපොළෙහි පවතින පුළුල් අගය පෙන්නුම් කෙරේ.
වෙළඳපොළ මෙහෙයුම් කමිටුව MOC මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ සමස්ත මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග දෛනික මුදල් ප්‍රතිපත්ති මෙහෙයුම් බවට පරිවර්තනය කිරීමේ කාර්යභාරය පැවතී ඇති කමිටුවයි. මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේද, වෙළඳපොළ මෙහෙයුම් කමිටුව විසින් ඇස්තමේන්තුගත ද්‍රවශීලතා මට්ටම, මෙහෙයුම් ඉලක්කයෙහි යෝග්‍ය මට්ටම, වෙළඳපොළ සහභාගිවන්නන් අතර පවතින ද්‍රවශීලතා ව්‍යාප්තිය, වෙළඳ‍පොළට සුදුසු සංඥාවන්ගේ අවශතා ආදිය සැලකිල්ලට ගනිමින් ද්‍රවශීලතා කළමනාකරණය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සැලසුම් කරනු ලබන අතර, දේශීය මුදල් වෙළඳපොළ ද්‍රවශීල අවශ්‍යතා සඳහා මෙහෙයුම් තීරණ ගනු ලබයි
වෙළඳපොළ විචලනය   දෙන ලද කාල පරාසයක් තුළ මිල වෙනස්වන ප්‍රමාණය සහ එම වෙනසෙහි වේගය.
විදුලි පැවරුම් මුදල් අනුපාත TT Rates විදේශීය වයර් ගනුදෙනු හරහා විදේශ විනිමය පැවරුම් සිදු කිරීමට බැංකු විසින් යොදාගන්නා විනිමය අනුපාතික වේ.
ව්දේශ විනිමය පනත FEA 2017 අංක 12 දරන විදේශ විනිමය පනත
විදේශ විනිමය වෙළඳපොළට මහ බැංකුවේ මැදිහත් වීම   විනිමය අනුපාතිකයේ අධික උච්චාවචන වැළැක්වීම  සහ/හෝ විදේශ සංචිත ප්රචමාණවත් මට්ටමක පවත්වාගැනීම යන අරමුණු ඇතිව මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළ තුළ විදේශ විනිමය මිලදී ගැනීම සහ විකිණීම.
විශ්‍රම්භ පරාස    
විස්තීරණ ණය පහසුකම    
විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය CEFTS අන්තර්ජාලය පදනම් කරගත් බැංකු කටයුතු, ජංගම දුරකථන පදනම් කරගත් බැංකු කටයුතු, ස්වයං සේවා යන්ත්‍ර, බැංකු කවුන්ටරය සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හරහා මෙම පද්ධතියට සම්බන්ධ මූල්‍ය ආයතන වල ගනුදෙනුකරුවන් අතර දේශීය අන්තර් බැංකු අරමුදල් පැවරීම තත්කාලීනව සිදු කිරීමට පහසුකම් සලසන විද්‍යුත් අරමුදල් පැවරීම් ස්විචයකි.
විද්‍යුත් මංගත ලංසු තැබීමේ පද්ධතිය   සහභාගිත්ව ආයතන විසින් විවට වෙළඳපොළ කටයුතු යටතේ වන වෙන්දේසි පැවැත්වීමට සහ නිත්‍ය පහසුකමට ප්‍රවේශ වීමට පහසුකම් සැපයීමට ඇති යෙදුම් පද්ධතියයි (AS400)
ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය    
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය SRR ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය යනු වාණිජ බැංකු විසින් සිය තැන්පතු වගකීම්වලින් කිසියම් ප්‍රතිශතයක් මුදල් තැන්පතුවක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවෙහි පවත්වාගෙන යා යුතු ප්‍රමාණයයි
ව්‍යවහාර මුදල්   1949 අංක 58 දරන මුදල් නීති පනත ප්‍රකාරව රට තුළ සංසරණය වන  හෝ නිකුත් කරන ලද සියලුම මුදල් නෝට්ටු සහ කාසි
ව්‍යවහාර මුදල් අවලංගු කිරීම    පූර්ව නිවේදනයක් සමගින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යවහාර මුදල් නෝට්ටුවක් හෝ කාසියක් වලංගු මුදල් ලෙස භාවිතයෙන් ඉවත් කිරීම
ව්‍යවහාර මුදල් නෝට්ටු කාණ්ඩය   නිශ්චිත තේමාවක් යටතේ නිකුත් කරන ලද විවිධ වටිනාකම් සහිත ව්‍යවහාර මුදල් නෝට්ටු එකතුවකි
ව්‍යවහාර මුදල් නෝට්ටු ප්‍රතිනිෂ්පාදනය   රූප සටහන්, චිත්‍රණය, ඡායරූප, පින්තූර, ඉලෙක්ට්‍රොනික පිළිබිඹු, මුද්‍රණ හෝ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය, අන්තර්ජාලය, රූපවාහිනිය හා චිත්‍රපට හරහා නෝට්ටුවේ දෘශ්‍ය රූපය සම්පූර්ණයෙන්ම හෝ එහි ඕනෑම කොටසක් (නෝට්ටුවෙන් සියයට 25 කට වඩා වැඩි කොටසක්), එහි අන්තර්ගතය හෝ මුහුණුවර පිටපත් කිරීම, ප්‍රතිවලිත කිරීම, අනුකරණය කිරීම හෝ නිර්මාණය කිරීම
ව්‍යවහාර මුදල් වර්ග කිහිපයකින් සැදුම්ලත් පැස    
ව්‍යාජ නෝට්ටු / කූට ලෙස වෙනස් කරන ලද නෝට්ටු   ශ්‍රී ලංකා මහ බැංකුව හැර වෙනත් ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් සිතාමතාම ව්‍යවහාර මුදල් නෝට්ටු අනුකරණය කිරීම මඟින් එම මුදල් ලබන තැනැත්තා මුලාවට පත් කිරීමේ උත්සාහයක් ලෙස සංසරණය වෙත නිකුත් කරන ව්‍යවහාර මුදල්
ව්‍යාපාර අඛණ්ඩතාව   පද්ධතිවල ක්‍රියාකාරීත්වය ආපදාවන් තුලදී පවා බාධාවකින් තොරව පවත්වාගැනීම සහතික කිරීම සඳහා සිදු කරන  ක්‍රියාවලිය
ව්‍යාපාර අපේක්ෂා පිළිබඳ සමීක්ෂණය BOS ව්‍යාපාර අපේක්ෂා පිළිබඳ සමීක්ෂණය යනු ආර්ථිකයේ දැනට පවත්නා තත්ත්වය නියාමනය කරන, ව්‍යාපාර කටයුතුවල ප්‍රධානතම අංශයන්හි වර්තමාන සහ අපේක්ෂිත සංවර්ධනයන්ට අදාළව ආර්ථිකයේ ප්‍රධාන අංශ තුන ආවරණය කරමින්, ආයතනික අංශයේ අභිප්‍රායන් හසු කර ගන්නා කාර්තුමය සමීක්ෂණයකි.
ව්‍යාපාර කටයුතු සඳහා හිතකාමී බදු ක්‍රමය    
ව්‍යාපාර තත්ත්වය ( BOS තුළ)   ප්‍රවර්තන කාර්තුව තුළ දී සාමාන්‍ය ව්‍යාපාර තත්ත්වය සහ මීළඟ කාර්තුව සඳහා අපේක්ෂාව පෙන්නුම් කරයි.
ව්‍යාපාර පවත්වාගෙන යෑමේ පරිසරය    
ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම BFCA ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසිකයෙකුගෙන් විදේශ විනිමය උපයන, ශ්‍රී ලංකාව තුළ වාසය කරන පුද්ගලයන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම.
ව්‍යාප්ති සටහන   යම් විචල්‍යයක පසුගිය දත්ත හා පුරෝකථන, සහ එම පුරෝකථන මත වන අවිනිශ්චිතතාවය නිරූපනය කෙරෙන ව්ශ්‍රම්භ ප්‍රාන්තර නියෝජනය කරන ප්‍රස්ථාරයකි
ව්‍යාපෘති කළමනාකරණ ඒකකය PMU  
විශේෂ තැන්පතු ගිණුම් SDA විශේෂ තැන්පතු ගිණුම් 2021 අංක 21 දරන විධානය යටතේ හඳුන්වා දෙන ලදී. තවද, සඳහන් කළ විධාන 2021 අංක 25 සහ 2022 අංක 04 දරන විධාන මගින් සං‍ශෝධනය විය.

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

ශුන්‍ය කූපන් බැදුම්කර   මෙම ශුන්‍ය කූපන් බැදුම්කරයක, කාලපරාසය තුළ දී පොලියක් නොගෙවයි. ඒ  වෙනුවට මෙම  බැදුම්කරවල ආයෝජකයින්, ඒවයේ මුහුණත වටිනාකම මත ඉහළ වට්ටම් අනුපාතයක් මත එම බැදුම්කර මිල  දී ගනු ලබන අතර ඒවා පරිණත වීමේ දී මුහුණත වටිනාකම ගෙවනු ලබයි
ශුද්ධ දේශීය වත්කම්    
ශුද්ධ විදේශ විනිමය විවෘත තත්ත්වය NOP මූල්‍ය ආයතනයක දෙන ලද දිනයක දී/වේලාවක දී, විදේශ මුදල්වලින් දරන වගකීම්වලට (ශේෂ පත්‍ර පිටත අයිතම ඇතුළුව) වඩා පවත්නා විදේශ වත්කම් (ශේෂ පත්‍රයෙන් පිටත අයිතම ඇතුළුව) හෝ විදේශ වත්කම්වලට වඩා (ශේෂ පත්‍රයෙන් පිටත අයිතම ඇතුළුව) පවත්නා විදේශ වගකීම් වේ.
ශුද්ධ විදේශීය වත්කම්    
ශ්‍රම ඵලදායීතාව   වැඩ කළ පැයකට දළ එකතු කරන ලද (GVA) අගය ප්‍රකාරව මනින ලද
ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතිකය    
ශ්‍රම බලකාය   වර්තමානයේ දී ආර්ථිකමය වශයෙන් සක්‍රීය ජනගහණය, එනම්, එක් සතියක් වන සමුද්දේශ කාලාවධියේ තුළ සේවානියුක්ත සහ සේවාවියුක්ත පුද්ගලයන්  (වයස අවුරුදු 15 සහ ඊට වැඩි) ගණන යි.
ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය SLIPS පූර්ව අවසරලත් කුඩා වටිනාකම් සහිත තොග වශයෙන් සිදු කළ හැකි ගෙවීම් (සෘජු හර සහ බැර හුවමාරු ගනුදෙනු) හසුරුවනු ලබන පද්ධතිය
ශ්‍රී ලංකා මහ බැංකුව සතු රාජ්‍ය සුරැකුම්පත් තොගය    
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර    
ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත SLSED සමාජ ආර්ථික විචල්‍යයන් පිළිබඳ ව සංඛ්‍යාන වගු හා රූප සටහන් ද රටරටවල් අතර සන්සන්දනයන් ද ඇතුළත් සාක්කු ප්‍රමාණයේ වාර්ෂික ප්‍රකාශනයකි. ප්‍රකාශනය මුද්‍රිත සහ විද්‍යුත් ආකෘතිවලින් මෙන්ම, ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් ලබා ගත හැකිය.
ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය SLPI ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය යනු රටෙහි සෞභාග්‍යතා මට්ටම මැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරන ලද සංයුක්ත දර්ශකයකි. මෙම දර්ශකය සෞභාග්‍යතාවෙහි විවිධ පැතිකඩ නියෝජනය කරන විචල්‍යයන් 41ක් භාවිත කොට මනින ලද, එනම්, ආර්ථික සහ ව්‍යාපාර පරිසරය, ජන ජීවිතයේ යහපැවැත්ම සහ සමාජ-ආර්ථික යටිතල පහසුකම් යන උප දර්ශක ත්‍රිත්ත්වයෙන් සමන්විත වේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන ESS ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තුමේන්තුව විසින් ශ්‍රී ලංකාවට සහ අසල්වැසි රටවලට  සම්බන්ධ ආර්ථික හා සමාජ සංඛ්‍යානවලින් සමන්විත තනි තොරතුරු ප්‍රභවයක් සැපයීමේ අරමුුණැතිව , වාර්ෂික පදනමක් මත ආර්ථික හා සමාජ සංඛ්‍යාන ප්‍රකාශ කරනු ලැබ ඇත. මෙම ග්‍රන්ථකය සියලු භාෂා ත්‍රිත්ත්වයෙන් ම, මුද්‍රිත සහ විද්‍යුත් සැකසුම්වලින් ලබා ගත හැකිය.
ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයින්   2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 31වන වගන්තිය යටතේ නිකුත් කරන ලද නියෝගයේ විධාන ප්‍රකාරව 'නේවාසිකයින්' ලෙස නිශ්චය කරන ලද පුද්ගලයින්

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

සංක්‍රමණික දීමනාව   වයස අවුරුදු 18 හෝ ඊට වැඩි විගාමිකයන්ට ශ්‍රී ලංකාව තුළ හිමිකම සහිත/ අත්කර ගත්/උරුම වූ/ ත්‍යාගයක් ලෙස හිමි වූ ඕනෑම වත්කමක් සඳහා හිමිකම් ලැබීම වෙනුවෙන් අනුමත අරමුදල 
සංඛ්‍යානමය පදනම් බලපෑම    
සංචිත කාල පරිච්ඡේදය RMP සංචිත කාල පරිච්ඡේදය යනු බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචිත පවත්වා ගැනීම සඳහා ගණනය කරනු ලබන කාල සීමාව වන අතර, දැනට මාසයක් සඳහා මෙවැනි සංචිත කාල පරිච්ඡේදයන් දෙකක් ක්‍රියාත්මක වේ.
සංචිත මුදල්    
සංචිත වත්කම් තත්ත්වය    
සංයුක්ත අනුපාතය   රක්ෂණ ආයතනයක් එහි දෛනික මෙහෙයුම් කටයුතුවල දී කෙතරම් හොඳින් ක්‍රියා කරන්නේ ද යන වග මැන බැලීමට එම ආයතනය විසින් භාවිත කරනු ලබන ලාභදායීත්වයෙහි මිනුමකි. දරා ගත් පාඩු සහ වියදම්වල එකතුව ගෙන, එය උපයාගත් වාරිකයෙන් බෙදීම මගින් සංයුක්ත අනුපාතය ගණනය කෙරේ.
සංයෝජිත වර්ගීකරණය   ලෝක රේගු සංවිධානය විසින් සංවර්ධනය කරන ලද ජාත්‍යන්තර වෙළඳාමේ භාණ්ඩ වර්ගීකරණය කිරීමේ ක්‍රමයක්
සංසරණ තත්ත්වයේ නොවන / සංසරණය සඳහා නොයෙදෙන සමරු කාසි   සංසරණයට නිකුත් නොකරන ලද සහ සමරු අයිතම ලෙස අලෙවි කරනු ලබන සමරු කාසි. සාමාන්‍යයෙන් මෙවැනි කාසියක විකුණුම් මිල එහි මුහුණත වටිනාකමට වඩා වැඩි වේ
සංසරණය සඳහා නොයෙදෙන දිලිසෙන නිමාවක් සහිත කාසි   මෙම කාසි සාමාන්‍යයෙන් සංසරණය සඳහා භාවිතා කරනු ලබන කාසි නිෂ්පාදනයට සමාන ආකාරයකින් නිපදවන නමුත් දීප්තිමත් නිමාවක් ලබා ගැනීම සඳහා ගුණාත්මකභාවය වැඩි දියුණු කර ඇත
සංසරණය සඳහා භාවිතා කරනු ලබන සමරු කාසි   ගනුදෙනු සඳහා මුදල් සංසරණයට නිකුත් කරන ලදල කාසියේ මුහුණත වටිනාකම කාසියේ මූල්‍ය වටිනාකමට සමාන වූ සමරු කාසි
සංසරණයේ පවතින ව්‍යවහාර මුදල්   නිශ්චිත අවස්ථාවක දී මහජනතාව (බලපත්‍රලාභී වාණිජ බැංකු සහ වෙනත් මූල්‍ය ආයතන ඇතුළුව) සන්තකයේ පවතින ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි වල වටිනාකම
සත්‍යාපනය   පරිශීලකයෙකු ඔහු / ඇය යැයි පවසන පුද්ගලයා ලෙස තහවුරු කරන හඳුනාගැනීමේ ක්‍රියාවලිය
සමරු නෝට්ටු සහ කාසි   ශ්‍රී ලංකාවේ සමාජ යහපැවැත්ම උදෙසා පුද්ගලයෙකුගේ  හෝ විශේෂ අවස්ථාවක වටිනා දායකත්වයෙහි වැදගත්කම සැමරීම නිමිත්තෙන් නිකුත් කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටුවක් හෝ කාසියක්
සමස්ත කොටස් මිල දර්ශකය    
සමස්ත පද්ධතිය වෙත ම බලපාන අවදානම   එක් හෝ බොහෝ මූල්‍යායතනවල මූල්‍ය දුෂ්කරතා සම්ප්‍රේෂණය වෙනත් මූල්‍ය ආයතන විශාල සංඛ්‍යාවකට හෝ සමස්ත මූල්‍ය පද්ධතියට සම්ප්‍රේෂණය කිරීම යි. මූල්‍ය අන්‍යොන්‍ය සම්බන්ධතාව සමස්ත පද්ධතියට ම බලපෑමට ප්‍රණාලයක් ලෙස ක්‍රියා කරයි.
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද    
සහන කාලය   ණය ගිවිසුමක දී ණය මුදල නැවත ගෙවීම ආරම්භ කිරීම සඳහා ලබා දී ඇති කල පරාසයයි.
සහනශීලිත්ව මිනුම   එය ණය මුදලේ මුහුණත අගය හා වට්ටම් කළ අනාගත ණය සේවකරන ගෙවීම්හි එකතුව අතර වෙනස ණය මුදලේ මුහුණත අගයේ ප්‍රතිශතයක් ලෙස දැක්වීමකි. එය යම්කිසි ණය මුදලක සහනශීලිත්වයේ මිනුමක් ලෙස භාවිතා කරයි.
සහභාගීත්ව ආයතන PIs ශ්‍රී ලංකා මහ බැංකුව සමග මෙ‍ෙහයුම් කටයුතු පවත්වා ගෙන යෑම සඳහා සම්බන්ධ වන බලපත්‍රලාභී වාණිජ බැංකු, බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් (බලපත්‍රලාභී වාණිජ බැංකු හැර ප්‍රාථමික අලෙවිකරුවන් ලෙස පත් කරන ලද සමාගම්) මෙන්ම සේවක අර්ථසාධක අරමුදල යන ආයතනවලින් සමන්විත වේ
සහභාගීත්ව මූල්‍යායතන PFI  
සහාධිපත්‍ය වෙළඳපොළ සමීක්ෂණය CMS දැනුවත් තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී සහ දේපළ මිල දර්ශකය සම්පාදනය කිරීමේ ක්‍රියාවලියේ දී භාවිත කිරීමට අවශ්‍ය වන විකුණුම් ගනුදෙනු දත්ත ඇතුළු වෙළඳපොළ තොරතුරු ලබා ගැනීමේ අරමුණැතිව, කාර්තුමක පදනමක් මත සහාධිපත්‍ය ඉදිකරන්නන් ඉලක්ක කර ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහාධිපත්‍ය වෙළඳපොළ සමීක්ෂණය පවත්වා ගෙන යනු ලබයි.
සාංගමික ණය වෙළඳපොළ    
සාමාන්‍ය අලෙවි නියෝජිත GSA ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද අවසරපත්‍රයක් හෝ බලපත්‍රයක් හිමි, විදේශීය ගුවන් සමාගමක් වෙනුවෙන් මෙරට සාමාන්‍ය අලෙවි නියෝජිතවරයෙකු ලෙස කටයුතු කිරීමට බලයලත් පුද්ගලයා
සාමාන්‍ය පරිණත කාලය   සියලුම ණය සුරැකුම්පත්/ ණය කළඹෙහි ඇතුලත් ණය පරිණත වීමට ගතවන බර තබන ලද සාමාන්‍ය කාලයයි.
සාමාන්‍ය රක්ෂණය   ජීවිත රක්ෂණයෙහි විෂය සීමාවට අයත් නොවන රක්ෂණ ගිවිසුම් සාමාන්‍ය රක්ෂණය ලෙස හැඳින්වේ. සාමාන්‍ය රක්ෂණයෙහි විවිධ ස්වරූප වන්නේ ගිනි, මුහුදු, රථ වාහන, හදිසි අනතුරු සහ අනෙකුත් විවිධ ජීවිත - නොවන රක්ෂණයන් ය.
සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්තිය   සූර්ය බලශක්තිය, ජෛව ස්කන්ධ, ඩෙන්ඩ්‍රෝ ජෛව ස්කන්ධ, සුළං බලය සහ යනාදී සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වේ
සාර්ව මූල්‍ය ප්‍රතිපෝෂණ ලූප   සාර්ව ආර්ථිකයෙහි ඇති වන අහිතකර තත්ත්වයක් මූල්‍ය පද්ධතියෙහි සංරචකයකට බලපෑම හේතුවෙන්, එය පෙරළා යළිත් සාර්ව ආර්ථිකයට ලූපයක ස්වරූපයෙන් දිගින් දිගටම ක්‍රියාත්මක වීමට බලපානු ඇති වීම ය.
සාර්ව විචක්ෂණ ප්‍රතිපත්තිය   මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගෙන යෑඹ සහ පද්ධතිමය අවදානම මඟ හැරීම අරමුණු කර ගත් ප්‍රතිපත්ති.
සාර්ව විචක්ෂණශීලී ක්‍රියාමාර්ග    
සිතා මතා විකෘති කරන ලද/ වෙනස් කරන ලද/ හානි කරන ලද මුදල් නෝට්ටු   ව්‍යවහාර මුදල් නෝට්ටුවල අනුක්‍රමික අංකය, දිනය, අත්සන්, වටිනාකම හෝ ආරක්ෂණ සළකුණු මත ලිවීම, ඇඳීම, අත්සන් කිරීම හෝ සංකේත යෙදීම යනාදී ක්‍රම මගින් සැලකිය යුතු ආකාරයට වෙනස් කරන ලද නෝට්ටු
සී 1 වාර්තාව   සේවකයන් 50ට වැඩි තවමත් විද්‍යුත් ක්‍රමයෙන් සේ.අ.අ. දායක මුදල් යොමු කිරීමට ලියාපදිංචි නොවූ සේවායෝජකයන් විද්‍යුත් මාධ්‍යයෙන් සේ.අ.අ දායක මුදල් ගෙවීමට ලියාපදිංචි වන තෙක් මාසිකව තම සේවකයන්ගේ සේ.අ.අ දායක මුදල් සේ.අ.අ. දෙපාර්තමේන්තුවට බැර කිරීමේදී යොමු කළ යුතු වාර්තාව.
සී 3 වාර්තාව   සී 1 වාර්තාවක් මඟින් මාසිකව සේ.අ.අ දායක මුදල් ගෙවන ලද සේවායෝජකයන් සයමාසිකව අදාළ දායක මුදල් සාමාජිකයන්ගේ ගිණුම්වලට ගිණුම්ගත කළ යුතු විස්තර සඳහන් කර එවිය යුතු වාර්තාව.
සී වාර්තාව   සේවකයන් 50ට අඩු සේවායෝජකයින් මාසිකව තම සේවකයින්ගේ සේ.අ.අ. දායක මුදල් සමඟ සේ.අ.අ. දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු දායක මුදල් සාමාජිකයන් වෙත ගිණුම්ගත කළ යුතු විස්තර සඳහන් වාර්තාව
සීමා කරන ලද ගැනුම්කරුවන් RD බලපත්‍රයේ සඳහන් වන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා, ඒ වෙනුවට මහ බැංකුව විසින් නියම කළ හැකි කොන්දේසි සහ නියමයන් ආදියට යටත්ව, විදේශ විනිමය ගනුදෙනු කිරීමට හැකි, බලයලත් වොළන්දෙකු නොවන, ඹිනෑම පුද්ගලයකු, පුද්ගල පන්තියක් හෝ පන්ති.
සුළු ඉඩම් හිමි තේ සහ රබර් පුනර්ජීවනය STaRR  
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර SME  
සුරක්ෂිත එක් දින මූල්‍ය අනුපාතිකය SOFR භාණ්ඩාගාර සුරැකුම්පත් ඇපකර ලෙස තබා එක් දින ද්‍රවශීලතා අවශ්‍යතා සපුරාගැනීමට අරමුදල් ණයට ගැනීමේදී දරන  පිරිවැය පිළිබඳ පුළුල් මිනුමක් වේ. මෙම අනුපාතිකය එක්සත් ජනපද ඩොලර් නිර්මිත ව්‍යුත්පන්නයන් (derivatives) සහ ණය සඳහා වන මිණුම් අනුපාතයක් ලෙස භාවිත වන අතර මෙය ලන්ඩන් අන්තර් බැංකු පොළී  අනුපාතිකය (LIBOR) වෙනුවට යොදා ගැනීමට නියමිතව පවතී.
සෙස් බද්ද    
සේවක අර්ථසාධක අරමුදල EPF විශ්‍රාමික ප්‍රතිලාභ භුක්ති නොවිඳින පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශ සේවකයන් සඳහා තිබෙන අනිවාර්ය නිර්වාචිත දායකත්වය විශ්‍රාම යෝජනා ක්‍රමයකි. එය ශ්‍රී ලංකාවේ තිබෙන විශාලතම විශ්‍රාමික අරමුදල වේ.
සේවක අර්ථසාධක අරමුදල් ආයෝජන අධීක්ෂණ කමිටුව EIOC  
සේවක භාරකාර අරමුදල ETF රජයේ විශ්‍රාමික යෝජනා ක්‍රමයට හිමිකම් නොලබන සියලු රාජ්‍ය අංශයේ සේවකයන් සහ සියලු පෞද්ගලික අංශයේ සේවකයන් මෙම අරමුදලහෙි සාමාජිකයන් වන අතර, ඔවුන්ගේ සේවායෝජකයන්  මාසිකව මෙම අරමුදලට දළ ඉපැයුම්වලින් 3%ක් ප්‍රේෂණය කළ යුතු වේ. එබැවින්, සේ.අ.අ මෙන් නොව, මෙහිදී සේවායෝජකයා පමණක් සේවකයා/ සාමාජිකයා වෙනුවෙන් දායකත්වයක් සිදු කරන අතර, එබැවින් එය සාමාජිකයාට නිර්දායක ප්‍රතිලාභයක් වේ.
සේවකයින්ගේ කොටස් හිමිකම් සැලැස්ම/ සේවකයින්ගේ කොටස් තෝරා ගැනීමේ යෝජනා ක්‍රමය   ශ්‍රී ලංකාවෙන් බැහැරව ක්‍රියාත්මක වන සමාගමක් තම සමාගමේ ශාඛාවක හෝ ශ්‍රී ලංකාවේ අනුබද්ධ ආයතනයක සේවකයින් සඳහා කොටස් හෝ සමාගම් සමූහයේ කොටස් ලබා ගැනීමට අවස්ථාව සලසමින් ස්ථාපිත සැලැස්මක් හෝ යෝජනා ක්‍රමයක්.
සේවා අනිසි මුදල් නෝට්ටු   සංසරණයේදී අපවිත්‍රවී ගිය, ඉරීගිය / දුර්වර්ණ වී ගිය නමුත් විකෘති නොකරන ලද හා නැවත භාවිතයට නුසුදුසු තත්ත්වයේ පවතින ව්‍යවහාර මුදල් නෝට්ටු
සේවා නියුක්ති ප්‍රවර්ධන මූලිකත්ව ණය යෝජනා ක්‍රමය SEPI  
සේවා නිසි / භාවිතයට සුදුසු ව්‍යවහාර මුදල් නෝට්ටු   තවදුරටත් මුදල් සංසරණය සඳහා යෙදවිය හැකි ගුණාත්මක තත්ත්වයේ පවතින මුදල් නෝට්ටු
සේවාදායකය   වෙනත් උපාංග හෝ මෘදුකාංග වැඩසටහන් මගින් කරන ලද ඉල්ලීම් ඉටු කිරීම සඳහා කැප වූ විශේෂිත පරිගණකයකි
සේවානියුක්ත ජනගහණය   සමුද්දේශ කාලාවධිය තුළ දී වැටුපක් ලබන සේවකයන්, සේවාදායකයන්, ස්වකීය ගිණුම් කම්කරුවන් නැතහොත් දායකත්වය ලබා දෙන පවුල් කම්කරුවන් ලෙස අවම වශයෙන් පැයක් හෝ සේවය කරන මිනිසුන් සේවානියුක්තිකයන් ලෙස සැලකෙයි.  සමුද්දේශ කාලාවධිය තුළ දී රැකියාවෙහි නොසිටින, එහෙත් රැකියාවක් සහිත පුද්ගලයන් ද මීට ඇතුළත් වේ.
සේවානියුක්තිය (ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙන්)   ආයතනය සඳහා සේවය කරන සේවකයන් ගණන
සේවාවියුක්ත ජනගහණය   රැකියාවක් සඳහා සිටින පුද්ගලයන් සහ රැකියාවක් සොයමින් සිටින පුද්ගලයන් සහ රැකියාවක් නොමැතිව පසු වන, එමෙන්ම, පසු ගිය සති හතර තුළ දී රැකියාවක් සොයා ගැනීමට පියවර ගත් පුද්ගලයන් හා ඉදිරි සති දෙක තුළ දී රැකියා අවස්ථාවක් ලබා දුන්හොත් රැකියාවක් භාර ගැනීමට සූදානම් පුද්ගලයන් රැකියා වියුක්තිකයන් ලෙස හැඳින්වේ.
ස්ටර්ලිං එක් දින දර්ශක සාමාන්යංය SONIA මෙම දර්ශකය සැබෑ ගනුදෙනු මත පදනම් වන අතර එය බැංකු මගින් තම එක් දින බ්‍රිතාන්‍ය පවුම් ද්‍රවශීලතා අවශ්‍යතා සපුරා ගැනීමේදී අනෙකුත් මූල්‍ය ආයතන සහ අනෙකුත් ආයතනික ආයෝජකයින්ට ගෙවනු ලබන පොළී අනුපාතවල සාමාන්‍ය පිළිබිඹු කරයි.
ස්ථාවර ආදායම් සුරකුම්පත් FIS  
ස්ථිර පදනම මත වූ ගනුදෙනු   සුරැකුම්පත් වල හිමිකාරිත්වය ස්ථිරවම ගැනුම්කරුට පවරනු ලබන ගනුදෙනු.
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය  ATM ගෙවීම් කාඩ්පතක් සහ පුද්ගලික හැඳුනුම් අංකය (PIN) සත්‍යාපනය වැනි ක්‍රම භාවිතා කිරීමෙන් මුදල් ආපසු ගැනීම සහ / හෝ ශේෂ විමසුම සහ අරමුදල් මාරු කිරීම වැනි වෙනත් සේවාවන් සඳහා කාඩ්පත් දරන්නා විසින් මෙහෙයවනු ලබන ස්වයංක්‍රීය විද්‍යුත් යාන්ත්‍රික උපාංගයක් වේ
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය CAS මෙම පද්ධතිය විසින් එයට සම්බන්ධිත ආයතනවල ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මඟින් වෙනත් සාමාජික ආයතනයක ගනුදෙනුකරුවන් හට සිය ගිණුමෙන් මුදල් ලබාගැනීමට, ගිණුම් ශේෂයන් විමසීමට සහ වෙනත් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවාවන් සිදු කරගැනීමට පහසුකම් සලසනු ලබන විද්‍යුත් මුදල් හුවමාරු පද්ධතියක් වේ
ස්වර්ණ පාරාදීස විදේශ ව්යරවහාර මුදල් ගිණුම GPFCA ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් ක්රිශයාත්මක කරනු ලබන “ස්වර්ණ පාරාදීස වීසා වැඩසටහන“ යටතේ වසර 10 ක  නේවාසික වීසා මත ශ්රීත ලංකාවෙහි රැඳී සිටීමට අපේක්ෂා කරන විදේශ ජාතිකයන්ගේ නමින් අරඹනු ලබන විශේෂ විදේශ ව්යිවහාර මුදල් ගිණුමකි.
ස්වෛරීත්ව අවදානම   ජාතික රජයක භාණ්ඩාගාරය නැතහොත් මහා බැංකුව ඔවුන්ගේ ස්වෛරීත්ව ණය පැහැර හැරීමට නැතහොත් එහි විදේශීය හුවමාරු ගිවිසුම්වල වටිනාකම සුවිශේෂී ලෙස අඩු කරනු ඇති හෝ නිශේධනය කරනු ඇති විදේශ විනිමය රීති නැතහොත් සීමා කිරීම් පැනවීමට පවතින ඉඩකඩ.
ස්වෛරීත්ව ණය ගෙවීම් පැහැර හැරීම    
ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම   “ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම යනු රටක නැතහොත් ස්වෛරී අස්තිත්වයක ණය ලැබීමට ඇති සුදුසුකමෙහි ස්වාධීන තක්සේරුවකි. ස්වෛරීත්ව ණය ශ්‍රේණි ගත කිරීම් මගින් ආයෝජකයන්ට ඕනෑම දේශපාලනික අවදානමක් ඇතුළුව, යම් රටක ණය තුළ ආයෝජනය කිරීම හා ආශ්‍රිත අවදානම් මට්ටම තුළට සූක්ෂ්ම දෘෂ්ටියක් ලබා දිය හැකිය.  රටෙහි ඉල්ලීම මත, ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිත ආයතනයක් එරටට ශ්‍රේණිගත කිරීමක් ලබා දීම සඳහා එහි ආර්ථික සහ දේශපාලනික පරිසරය සමීක්ෂණය කරනු ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවලට ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොළ තුළ අරමුදල්කරණය පිවිසීම සඳහා යහපත් ණය ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීම සාමාන්‍යයෙන් අත්‍යාවශ්‍ය වේ.”
ස්වෛරීත්ව බැඳුම්කරය   දේශීය හෝ විදේශීය මුදලින් නාමනය කරන ලද කිසියම් ස්වෛරීත්ව රජයක් විසින් නිකුත් කරන ණය සුරකුම්පත්ය. මෙහි විදේශීය මුදල් ලෙස සලකනු ලබන්නේ ප්‍රධාන වර්ගයේ විදේශ මුදල් පමණය.

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

හර කාඩිපත   කාඩිපත්හිමියාගේ ගිණුමේ ශේෂයෙන් සෘජුවම හර වන සේ මුදල් ලබා ගැනීම සඳහා සහ/හෝ භාණ්ඩ සහ සේවා ලබා ගැනීම සඳහා ගෙවීම් කිරීමට යොදා ගත හැකි ගෙවුම් කාඩ්පතක්. 
හරිතාගාර වායු   ස්වාභාවික හරිතාගාර ආචරණයට දායක වන වායූන්. කියෝතෝ සම්මුතිය මගින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ සහ දේශගුණික විපර්යාසවල අවදානම වැඩි කරන මානව ක්‍රියාකාරකම් මගින් නිපදවන හරිතාගාර වායු (GHGs) හයක් ආවරණය කරයි.
හිමාකාර කාසි   හිමාකාර මෝස්තර මූලිකාංග සමඟ කැඩපතක් වැනි පසුබිමක් සහිත සංසරණය සඳහා නොයෙදෙන සමරු කාසි වේ. සාමාන්‍යයෙන් එහි නිර්මාණ සැලසුම වඩාත් සවිස්තරාත්මක ගෙන හැර පෑමට මෙම කාසි අතින් සාදා නිමවා ඇත
හිමිකම් අනුපාතය   උපයා ගත් වාරිකවලට සම්බන්ධව දරන ලද හිමිකම් පිරිවැයන්හි ප්‍රතිශතය.
හිමිකම් මත ප්‍රතිලාභය    
හුවමාරු ගිවිසුම   මුදල් ප්‍රවාහ හෝ වගකීම් හුවමාරු කර ගැනීම සඳහා පාර්ශව දෙකක් අතර ඇතිවන එකිනෙකට වෙනස් වන මූල්‍ය උපකරණ දෙකකින් සමන්විත වන එකඟතාවයක් හෝ ව්‍යුත්පන්න ගිවිසුමක්.

 

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

ෆෙඩරල් අරමුදල් ඉලක්ක අනුපාතය   ෆෙඩරල් විවෘත වෙළඳපොළ කමිටුව (FOMC) විසින් සකසා ප්රපකාශයට පත් කරන ෆෙඩරල් අරමුදල් අනුපාතය. මෙම අනුපාතය එක්සත් ජනපද බැංකු අතර සිදු කෙරෙන එක් දින (overnight) ණය ගනුදෙනු සඳහා මඟ පෙන්වීමට යොදාගනු ලබන අතර, ඉහළ සහ පහළ සීමාවක් අතර පරාසයක් ලෙස මෙම අනුපාතය සකසනු ලැබේ.

 

 

අනෙකුත්

Go to Top

    පදය

කෙටි යෙදුම

විස්තරය

1 පෝරමය   විදේශ විනිමය විකිණිම/ විකිණුම්
2 පෝරමය   විදේශ විනිමය මිලදී ගැනුම්
2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත   ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ජාත්‍යන්තර සම්මුතිය බලපැවැත්වෙන පරිදි සහ ත්‍රස්තවාදී ක්‍රියා, ත්‍රස්තවාදීන් සහ ත්‍රස්ත සංවිධානවලට මුදල් සැපයීම තහනම් කරන සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම ආශ්‍රිත වත්කම් රදවා තබා ගැනීම, අත්පත් කර ගැනීම සහ රාජසන්තක කිරීම සඳහා විධිවිධාන සලසන පනතකි.
2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත   ශ්‍රී ලංකාවෙහි මුදල් විශුද්ධිකරණය තහනම් කිරීම සදහා ද; මුදල් විශුද්ධිකරණය මර්දනය කිරීම සහ වැලැක්වීම පිණිස අවශ්‍ය පියවර සැලැස්වීම සදහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත   මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම වළක්වාලීම, අනාවරණය කිරීම, විමර්ශණය කිරීම සඳහා පහසුකම් සලසනු පිණිස හා පිළිවෙලින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීමට එරෙහි වැරදි සඳහා නඩු පැවරීමට අවශ්‍ය සැක කටයුතු මූල්‍ය ගනුදෙනු පිළිබද දත්ත එකතු කිරීම සඳහා; මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා නිසි උද්යෝගී පියවර ගැනීමට ඇතැම් ආයතනවලට නියම කිරීම සඳහාද ; මේ පනත අදාල වන සියලු ආයතනවල කටයුතු සමීක්ෂණය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු අධිකාරියක් හදුනාගැනීමේ විධිවිධාන සැලැස්වීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.
2021 අංක 1 සහ 4 දරන නියාමනයන් යටතේ  පවුලේ සමීපතම සාමාජිකයින්   අදාළ පුද්ගලයාගේ දෙමව්පියන්, කලත්‍රයා සහ දරුවන්
2021 අංක 2 දරන නියාමනයන් යටතේ  පවුලේ සමීපතම සාමාජිකයින්   අදාළ පුද්ගලයාගේ දෙමව්පියන්, මුතුන් මිත්තන්, කලත්‍රයා සහ දරුවන්
2021 අංක 3 දරන නියාමනයන් යටතේ  පවුලේ සමීපතම සාමාජිකයින්   අදාළ පුද්ගලයාගේ දෙමව්පියන්, මුතුන් මිත්තන්, සහෝදර සහෝදරියන් සහ කලත්‍රයා
2021 අංක 3 දරන නියාමනයන් යටතේ තාවකාලික වාස වීසා   යම්කිසි විශේෂ කොන්දේසි සපුරාලීමකට යටත්ව මතු යම් දිනක කිසියම් රටක ස්ථිර නේවාසික පදිංචිය හෝ ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම උදෙසා මග පාදන ඛාණ්ඩයේ වීසා ගණයට අයත් ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලබාගත් වීසා බලපත්‍රයක් 
83 පෝරමය   සේවකයින් 150ට වැඩි නමුත් විද්‍යුත් මාධ්‍යයෙන් දායක මුදල් නොඑවන C3 වාර්තා මඟින් දායක මුදල් විස්තර වාර්තා යොමු කරන සේවායෝජකයෙකු එක් ගිණුම් වර්ෂයකට අදාළව සිදුකරන ලද සේ.අ.අ දායක මුදල් ගෙවීම හා අදාළ සේවායෝජක යටතේ සිදුකළ කේවල ගිණුම්ගත කිරීම් පිළිබඳ සාරාංශය.
AMD 1   දැනටමත් RR6 පෝරමයක් මඟින් එවා ඇති සාමාජිකයෙකුගේ නම හා දැනට භාවිතා කරන ජාතික හැඳුනුම්පතට අනුව නම අතර විෂමතාවයක් ඇත්නම් එම නම සේ.අ.අ. දෙපාර්තමේන්තුවෙහි නිවැරදි කිරීමට එවිය යුතු ලිපිය.
AMD 2   දැනටමත් RR6 පෝරමයක් මගින් එවා ඇති සාමාජිකයෙකු ජාතික හැඳුනුම්පත් අංකය හා දැනට භාවිතා කරන  ජාතික හැඳුනුම්පතෙහි අංකය අතර විෂමතාවයක් ඇති නම්, එම අංකය සේ.අ.අ  දෙපාර්තමේන්තුවෙහි නිවැරදි කිරීමට එවිය යුතු ලිපිය.
ASL Balancing   සේ.අ. අරමුදලෙහි වාර්ෂික සාමාජික ගිණුම් තුලනය හා වාර්ෂික පොළිය සාමාජිකය ගිණුම් වෙත බැර කිරීම.
CL1 පෝරමය   නඩු පවරා හෝ හිඟ මුදල් ලෙස අය කරගන්නා ලද සේ.අ.අ දායක මුදල් වාරික වශයෙන් සේ.අ.අ දෙපාර්තමේන්තුව වෙත කම්කරු දෙපාර්තමේන්තුව මගින් යොමු කිරීමේදී අදාළ වාරික සමානුපාතිකව ගිණුම්ගත කළ  යුතු සාමාජික විස්තර සහිත සී වාර්තාව හා පළමු වාරිකය සමඟ ඉදිරිපත් කළ යුතු දායක මුදල් විස්තර සඳහන් පෝරමය.
CL2 පෝරමය   CL1 පෝරමය යටතේ යොමු කළ සාමානුපාතිකව ගිණුම්ගත කිරීමට අදාළ සේ.අ.අ දායක මුදල් වාරිකයකට  අදාළ සෙසු වාරික සේ.අ.අ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමේදී එවිය යුතු දායක මුදල් විස්තර ඇතුළත් පෝරමය.
CL3 පෝරමය   නඩු මඟින් හෝ හිඟ මුදල් ලෙස අය කර සේ.අ.අ දෙපාර්තමේන්තු‍වෙහි  කම්කරු කොමසාරිස් ගිණුමේ රඳවා ඇති, සේ.අ.අ දායක මුදල් වලින් වාරික කිහිපයක් සාමානුපාතිකව සාමාජිකයන්ට ගිණුම්ගත  කිරීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව මගින් සී වාර්තා සමඟ එවිය යුතු පෝරමය.
CON TOT Checking   වාර්ෂික ගිණුම් තුලනයට පෙර සේවායෝජක ගිණුමෙහි සාමාජිකයන්ගේ ගිණුම්වලට බැර නොකර රඳවා ඇති ශේෂයන් පිළිබඳ කරනු ලබන පරීක්ෂාව.
CR පෝරමය   සේවායෝජකයෙකු මාසිකව ගෙවනු ලබන සේ.අ.අ දායක මුදල් අරමුදලට ලද බවට සනාථ කරමින් නිකුත් කරනු ලබන කුවිතාන්සිය.
EMVCo   EMVCo යනු  Europay(යුරෝපේ), Mastercard (මාස්ටර්කාඩ්) සහ Visa (වීසා) යන්නෙහි මුලකුරු වලින් සැදුණු ගෙවීම් චිප්පත් සහ වෙනත් ගෙවීම් තාක්ෂණයන් සඳහා පිරිවිතර සපයන ගෝලීය ප්‍රමිතියකි.
EM1 පෝරමය   විද්‍යුත් මාධ්‍ය හරහා සේ.අ.අ. දායක මුදල් ඉදිරිපත් කිරීම සඳහා ලියාපදිංචි වීම සඳහා සේවා යෝජකයෙකු විසින්ඉදිරිපත් කළ යුතු පෝරමය මෙයයි
IEL   වාර්ෂික ගිණුම් තුලනය කළ පසු එක් එක් සාමාජිකයන්ගේ ගිණුමෙහි වර්ෂ අවසාන බැරට පවතින ශේෂය ඇතුලත් ලෙජරය.
LANKAQR   ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලද ශ්‍රී ලංකාවේ දේශීය මුදල් ගෙවීම් සඳහා වන ජාතික ක්ෂණික ප්‍රතිචාර (QR) කේත ප්‍රමිතිය LANKAQR නමින් හැඳින්වේ
N පෝරමය   පෞද්ගලික අර්ථසාධක අරමුදලක් සේ.අ.අ වෙත පැවරීමේදී අදාළ මුදල් සේ.අ.අරමුදලෙහි සාමාජික ගිණුම් යටතේ ගිණුම්ගත කිරීමට අදාළ විස්තර සඳහන් කර විගණනය කර කම්කරු කොමසාරිස් (සේ.අ.අ) අනුමැතිය සහිතව සේ.අ.අ දෙපාර්තමේන්තුව වෙත එවිය යුතු පෝරමය.
Q පෝරමය   සේ.අ.අරමුදලට සේවායෝජකයින් වැරදීමකින් හෝ වැඩිපුර ගෙවන ලද සේ.අ.අ දායක මුදල්, දායක මුදල් ගෙවා වසරක් ඇතුළත ආපසු ලබා ගැනීමට කම්කරු කොමසාරිස්ගේ (සේ.අ.අ.අනුමැතිය සහිතව සේ.අ.අ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු පෝරමය.
RR2 පෝරමය   දැනටමත් සේ.අ.අ දායක මුදල් ගෙවා ඇති සේවකයෙකු ගේ ජාතික හැඳුනුම්පත අනුව නම සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සඳහන් නම අතර විෂමතාවයක් ඇති නම් එම විෂමතාවය නිවැරදි කර ජාතික හැඳුනුම්පතෙහි තොරතුරුවලට අනුව සාමාජික විස්තර සේ.අ.අ දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචි කිරීමට සේවායෝජකයෙක් සම්පූර්ණ කර එවිය යුතු පෝරමය.
RR6 පෝරමය   තම සේව්‍යායතනය යටතේ සේ.අ.අ දායක මුදල් ගෙවනු ලබන සාමාජිකයන් ඔවුන්ගේ ජාතික හැඳුනුම්පතෙහි ඇතුළත් තොරතුරු අනුව සේ.අ.අ දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචි කිරීමට සේවායෝජකයෙකු සම්පූර්ණ කර එවිය යුතු පෝරමය.
SFCA –කෙටි කාලීන ණය   නිෂ්පාදිත නිෂ්පාදනය කිරීම සඳහා අමු ද්රේව්යම ආනයනය කිරීමට සිදු කරන ගෙවීම්වලට පහසුකම් සැලසීම සඳහා හඳුන්වා දී තිබෙන විදේශ විනිමය ගිණුමකි.
WR1 පෝරමය   මංගත සහ කෙටි පණිවිඩ ක්‍රම ඔස්සේ සේ.අ.අ ශේෂය පිරික්සීම සදහා සම්පූර්ණ කර ශ්‍රි ලංකා මහ බැංකු සේ.අ.අ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු අයදුම් පත්‍රයවේ. එම සේවාව සදහා ලියාපදිංචි වීමෙන් සමාජිකයකුට සේ.අ.අ ගිණුම් ශේෂය, දායක මුදල් විස්තර, ප්‍රතිලාභ අයදුම් පතහි තත්වය සහ නිවාස ණය අයදුම් පතහි තත්වය මංගත සහ කෙටි පණිවිඩ ක්‍රම ඔස්සේ පිරික්සීමෙහි පහසුකම හිමිවේ.
WR2 පෝරමය   මංගත සහ කෙටි පණිවිඩ ක්‍රම ඔස්සේ සේ.අ.අ ශේෂය පිරික්සීම සදහා ලියාපදිංචි වී ඇති සාමාජිකයකු විසින් එම සේවාව සදහා නව සේ.අ.අ. සාමාජික අංක ඇතුලත් කර ගැනීම සදහා සම්පූර්ණ කර ශ්‍රි ලංකා මහ බැංකු සේ.අ.අ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු අයදුම් පත්‍රයවේ.