පැරණි ප්‍රකාශන

ලංකා සෙක්‍යු (2004)

නිර්ලේඛන සුරැකුම්පත් පියවීමේ ක්‍රමය සහ මධ්‍යම තැන්පතු ක්‍රමය පිළිබ ඳ විස්තර කරයි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් මංගතව පමණක් ඇත.

මෙය කියවා බලන්න : PDF

ප්‍රකාශිත දිනය: 2004 පෙබරවාරි 13

ශ්‍රී ලංකාවේ කාසි හා ව්‍යවහාර මුදල් නෝට්ටු පිළිබඳ ඉතිහාසය  (2000)

මෙම ප්‍රකාශනය දිවයිනෙහි කාසි හා ව්‍යවහාර මුදල් නෝට්ටු පිළිබඳ ඉතිහාසය විස්තර කරයි. ප්‍රකාශනය මුද්‍රිත, ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් ඇත.

ලංකාසෙට්ල් (2003)

ලංකාසෙට්ල් ක්‍රමයෙහි ප්‍රධාන අංගයන් තත්කාලීන දළ පියවුම් පද්ධතිය සහ ලංකා සෙක්‍යු ක්‍රමය (රාජ්‍ය සුරැකුම්පත් සඳහා වන නිර්ලේඛන සුරැකුම් පත් පියවීමේ ක්‍රමය සහ මධ්‍යම තැන්පතු ක්‍රමය) පිළිබඳ විස්තර කරයි. (ඉංග්‍රීසි මාධ්‍යයෙන් මංගතව පමණක් ඇත.)

මෙය කියවන්න: PDF

අන්තර් ජාතික වෙළෙඳාම (2001)

අන්තර්ජාතික වෙළෙඳාමෙහි න්‍යායන් පිළිබඳ හැඳින්වීමක් සිංහල භාෂාවෙන් පමණක් ඇත.

1988 අංක 78 දරණ මූල්‍ය සමාගම් පනත යටතේ නිකුත් කරන ලද නියාමයන්, නීති, දැන්වීම් සහ ක්‍රියාපටිපාටි

මෙය මූල්‍ය සමාගම් වලට අදාළවන නියමයන් හා ක්‍රියාපටිපාටි පිළිබඳ පොත් පිංචකි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් ඇත.

බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සඳහා නිකුත් කළ නියාමන, උපදෙස්, රීති, මෙහෙයුම් උපදෙස් හා චක්‍රලේඛ

බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සඳහා නිකුත් කළ නියාමන, උපදෙස්, රීති, මෙහෙයුම් උපදෙස් හා චක්‍රලේඛ අඩංගු පොත් පිංචකි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් ඇත.

මෙය කියවන්න: PDF

ප්‍රකාශිත දිනය: 2014 නොවැම්බර්

ISBN: 978-955-575-253-4

2000 අංක 56 දරණ කල්බදු මූල්‍ය පනත යටතේ නිකුත් කරන ලද නියාමයන්

2000 අංක 56 දරණ කල්බදු මූල්‍ය පනත යටතේ නිකුත් කරන ලද නියාමයන් අඩංගු පොත් පිංචකි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් ඇත.

මෙය කියවන්න: PDF

ප්‍රකාශිත දිනය: 2012 නොවැම්බර්

ISBN: 978-955-575-254-1

මිල ස්ථායීතාව (2005) (පත්‍රිකා මාලාව අංක 01)

මිල ස්ථායීතාව යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද ? එය මනිනු ලබන්නේ කෙසේද, එය වැදගත් වන්නේ මන්ද සහ මිල ස්ථායීතාව කෙරෙහි බලපාන සාධක ආදිය පිළිබඳව මෙම පත්‍රිකාව මඟින් පැහැදිලි කරනු ලබයි. එමෙන්ම උද්ධමනය පාලනය කිරීම සහ මිල ස්ථායීතාව ළඟාකර ගැනීම සහ පවත්වාගෙනයාම සඳහා මුදල් ප්‍රතිපත්තිය භාවිතා කරනු ලබන්නේ කෙසේද යනාදී කරුණු පිළිබඳව ද මේ මඟින් විස්තර කෙරේ. පත්‍රිකාව ඉංග්‍රීසි, සිංහල හා දෙමළ මාධ්‍යයෙන් තිබේ.

මෙය කියවන්න: PDF

ප්‍රකාශිත දිනය: 2005 ඔක්තෝම්බර්

මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය (2005) (පත්‍රිකා මාලාව අංක 02)

මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව යනු කුමක් ද , එය අත්පත් කර ගැනීම සඳහා දායක වන සාධක කවරේද, මූල්‍ය ක්‍රමයේ අස්ථායීතාවයට හේතුවන කරුණු සහ එහි ප්‍රතිවිපාක මොනවාද, මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය පවත්වා ගැනීමෙහිලා ශ්‍රී ලංකා මහ බැංකුවෙහි කාර්යභාරය කුමක් ද යනාදී කරුණු විස්තර කෙරේ. පත්‍රිකාව ඉංග්‍රීසි, සිංහල හා දෙමළ මාධ්‍යයෙන් තිබේ.

මෙය කියවන්න: PDF

ප්‍රකාශිත දිනය: 2005 ඔක්තෝම්බර්

විනිමය අනුපාතය (පත්‍රිකා මාලාව අංක  03)

විනිමය අනුපාතික පිරිහීමට සහ අගය වැඩිවීමට බලපාන සාධක සහ නාමික හා මූර්ත ඵලදායී විනිමය අනුපාතිකයන්ගේ විශේෂ ලක්ෂණ සහ විවිධ විනිමය අනුපාත ක්‍රම පිළිබඳව පැහැදිලි කෙරේ. එමෙන්ම විදේශ විනිමය වෙළෙඳපොළ සහ විනිමය අනුපාතිකය ස්ථායීව පවත්වාගැනීම  සම්බන්ධයෙන් මහ බැංකුවේ කාර්යභාරය පිළිබඳ සමස්ත හැඳින්වීමක් සපයනු ලැබේ. පත්‍රිකාව ඉංග්‍රීසි, සිංහල හා දෙමළ මාධ්‍යයෙන් තිබේ.

මෙය කියවන්න: PDF

ප්‍රකාශිත දිනය: 2006 අප්‍රේල්

පිරමීඩ යෝජනා ක්‍රම සහ ජාල අලෙවිකරණ යෝජනා ක්‍රමවල අන්තරායකර බලපෑම් (2006) (පත්‍රිකා මාලාව අංක 04)

විවිධ පිරමීඩ යෝජනා ක්‍රමවල ලක්ෂණ සහ ඒවා මගින් ඇතිවිය හැකි අන්තරායකර තත්ත්වයන් පිළිබඳව ද පිරමීඩ යෝජනා ක්‍රම හඳුනා ගැනීමට හෝඩුවාවන් ද මෙම පත්‍රිකාව මගින් සපයනු ලබයි. පත්‍රිකාව ඉංග්‍රීසි, සිංහල හා දෙමළ මාධ්‍යයෙන් තිබේ.

මෙය කියවන්න: PDF

ප්‍රකාශිත දිනය: 2006 මැයි

මහජනතාවගෙන් තැන්පතු භාරගැනීමට බලය ලත් ආයතන (2006) (පත්‍රිකා මාලාව අංක 05)

මහජනතාවගේ තැන්පතු භාර ගැනීම සඳහා නීත්‍යානුකූලව බලය ලත් විවිධ වර්ගයේ ආයතන පිළිබඳ තොරතුරු සපයයි. පත්‍රිකාව ඉංග්‍රීසි, සිංහල හා දෙමළ මාධ්‍යයෙන් තිබේ.

මෙය කියවන්න: PDF

ප්‍රකාශිත දිනය: 2006 මැයි

මුදල් විශුද්ධිකරණය වැලැක්වීම සහ ත්‍රස්තවාදීන් මුදල් සැපයීමට එරෙහිවීම (2006) (පත්‍රිකා මාලාව අංක 06)

මුදල් විශුද්ධිකරණයෙහි හා ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමෙහි නීති විරෝධි බව සහ මුදල් විශුද්ධිකරණයෙහි යෙදෙන්නන් අනුගමනය කරන ක්‍රමවේද මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම හා බැඳුන සෘණාත්මක ප්‍රතිවිපාක විස්තර කෙරේ. මෙම නීතිවලට අනුව මුදල් විශුද්ධිකරණය පිළිබඳ නීති හා මෙම නීති සම්බන්ධයෙන් පුද්ගලයන් හා ආයතන සතු වගකීම් හා යුතුකම් පැහැදිලි කරයි. පත්‍රිකාව ඉංග්‍රීසි, සිංහල හා දෙමළ මාධ්‍යයෙන් තිබේ.

මෙය කියවන්න: PDF

ප්‍රකාශිත දිනය: 2006 ජුලි

ලංකාසෙක්‍යු (2006) (පත්‍රිකා මාලාව අංක 07)

රාජ්‍ය සුරැකුම් පත් සඳහා වන නිර්ලේඛන සුරැකුම්පත් පියවීමේ ක්‍රමය සහ මධ්‍යම තැන්පතු ක්‍රමය ඇතුලත් ලංකා සෙක්‍යු ක්‍රමය පිළිබඳව විස්තර කරයි. පත්‍රිකාව ඉංග්‍රීසි, සිංහල හා දෙමළ මාධ්‍යයෙන් තිබේ.

මෙය කියවන්න: PDF

ප්‍රකාශිත දිනය: 2006 ජුලි