ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2024 මාර්තු

ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මාර්තු මාසයේ දී දර්ශකාංක 55.9ක් වාර්තා කළ අතර, එමගින් ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය අඛණ්ඩව මෙලෙස තුන්වන මාසය සඳහා ද කඩඉම් මට්ටමට ඉහළ අගයක් වාර්තා කරමින්, ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයේ යම් ස්ථායී බවක් පෙන්නුම් කරයි.

නව ඇණවුම් පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් මාර්තු මාසය තුළ දී ඉහළ යන ලදී. ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් අවස්ථා පැවතිය ද, මිල ගණන් සඳහා අධික තරගකාරීත්වයක් පවතින බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී. සේවා නියුක්තිය පෙර මාසයට සාපේක්ෂව මාර්තු මාසයේ දී පහත වැටුණි. මේ සඳහා, පළපුරුදු කාර්ය මණ්ඩල සේවකයින් අඛණ්ඩ සේවය හැර යෑම් මෙන්ම සීමාසහිත ලෙස සේවකයින් බඳවා ගැනීම හේතු විය. ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල ඉහළ යෑමත් සමග තොග මිලදී ගැනුම් මෙම මාසය තුළ දී වර්ධනය විය. තවද, ඇතැම් ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල මට්ටම්වල පහත වැටීමක් මෙම මාසය තුළ දී පෙන්නුම් කරයි. මේ අතර, මාර්තු මාසයේ දී ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය පෙර මාසය හා සමාන වේගයකින් ඉහළ යන ලදී.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, April 30, 2024