2018 ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2018 ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේ ය. අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියනයකට වඩා වැඩි වුව ද, ඉහළ ආනයන වියදම නිසා පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදය හා සැසඳීමේ දී 2018 ජූලි මාසයේ දී වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල් විය. මාසය තුළ දී වාර්ෂික පදනම මත සංචාරක ඉපැයීම් මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කළ අතර, විදේශ‍ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සුළු වශයෙන් අඩු විය.  ජූලි මාසය තුළ දී මූල්‍ය ගිණුම වෙත මධ්‍යස්ථ ලැබීම් ප්‍රමාණයක් වාර්තා වූ අතර, ණය සේවාකරණ අවශ්‍යතාවන් සහ අනෙකුත් ගෙවීම් හේතුවෙන් 2018 ජූලි මස අවසානය වන විට දළ නිල සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 8.4ක් දක්වා අඩු විය.  රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් සිදු වූ විදේශීය ආයෝජන ගෙවීම් සහ ආනයන සඳහා වූ විදේශ විනිමය ඉල්ලුම ඉහළ යෑමත් සමඟ විදේශ විනිමය වෙළෙඳපොළ අඛණ්ඩ ව පීඩනයකට යටත් ව පැවතුන අතර, ඒ හේතුවෙන් විනිමය අනුපාතිකයේ දෛනික ව පැවති අධික  විචලනයන් අවම කිරීම සඳහා මැදිහත් වීමට මහ බැංකුවට සිදු විය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, October 8, 2018