ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුව

එක්සත් ජනපද ඩොලරයෙන් නාමනය කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම ශ්‍රී ලංකා රජය මඟින් සිදු කරයි. මෑතකදී සිදු කළ සංවර්ධන බැඳුම්කර නිකුතුව නොවැම්බර් මස 10 සිට 13 වන දින දක්වා සිදු කෙරිණි. එහි ගෙවීම් කළ යුතු දිනය නොවැම්බර් 18 දින වේ. එම වෙන්දේසියේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 24.82 ක මුදලක් රැස් කරන ලදී. එහිදී වසර 1 මාස 2 සිට වසර 4 මාස 2 දක්වා වන පරිණත කාලයන් ස්ථාවර ඵලදා අනුපාතිකය සියයට 6.69 සිට 6.82 දක්වා නිකුත් කෙරිණි.

එම වෙන්දේසියෙන් අනතුරුව සංවර්ධන බැඳුම්කර සඳහා සිදු වූ අභිප්‍රේරණය හේතුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 62 ක අමතර මුදලක් එක් එක් පරිණත කාලයන්ට අදාල පෙර නිකුත් කළ ස්ථාවර ඵලදා අනුපාතිකය යටතේ අද දිනය අවසන් වන විට රැස් කෙරිණි. ඊට අදාළ ගෙවීම් කළ යුතු දිනය ද නොවැම්බර් 18 වේ. ඒ අනුව වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ එක්සත් ජනපද ඩොලර් මිලියන 75 හා සැසඳීමේදී සමස්ත වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 86.82 ක මුදලක් පරිණත කාලයන් හතර මඟින්ම රැස් කෙරිණි.

Published Date: 

Monday, November 16, 2020