• Sri Lanka Purchasing Managers’ Index (Construction) - June 2023

    ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනයන් කාලානුරූපීව ග්‍රහණය කර ගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව 2017 වසරේ ජුනි මස සිට ඉදිකිරීම් අංශය සඳහා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණයක් ආරම්භ කරන ලදී. මහ බැංකුවේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය සඳහා සහාය වෙමින් මෙම සමීක්ෂණය වසර හයක් පුරා අඛණ්ඩව සිදු කරන ලදී. දැනට මහ බැංකුව විසින් නිෂ්පාදන සහ සේවා පිළිබඳ අනෙකුත් ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක දෙකක් මාසිකව නිකුත් කරනු ලබයි. එබැවින්, 2023 වසරේ ජුනි මස සිට මහජනතාවගේ දැනගැනීම උදෙසා ඉදිකිරීම් අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණයේ ප්‍රතිඵල ද නිකුත් කිරීමට මහ බැංකුව තීරණය කරන ලදී.

    2023 වසරේ ජුනි මාසය සඳහා වන ඉදිකිරීම් අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණයේ ප්‍රතිඵල පිළිබඳ වාර්තාව පහත දැක්වේ. මින් ඉදිරියට සමීක්ෂණ ප්‍රතිඵල මාධ්‍ය නිවේදනයක් හරහා මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ සංඛ්‍යාති අංශය යටතේ ද මාසිකව ප්‍රකාශයට පත් කරනු ඇත.

  • Governor of the Central Bank of Sri Lanka/The Chairman of the National Coordinating Committee, Dr Nandalal Weerasinghe, Attends the Asia Pacific Group on Money Laundering Annual Plenary, during 11th to 14th July 2023 in Vancouver, Canada

    2023 ජූලි 11 සිට 14 දක්වා කැනඩාවේ වැන්කුවර් හි පැවති, මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ 2023 වාර්ෂික සැසිය සහ තාක්ෂණික සහාය සහ පුහුණු (TA&T) සැසිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ,මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැලැක්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වශයෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමග සහභාගී විය. ලාඕසය, නේපාලය සහ බෲනායි යන රටවල් තුනෙහි අන්‍යෝන්‍ය ඇගයීම් සඳහා සහභාගී වූ ශ්‍රි ලාංකික නිලධාරීන්ගෙන් එම නියෝජිත පිරිස, සමන්විත විය. එම වාර්ෂික සැසිය සදහා ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ සාමාජික රටවල් 42 ක නියෝජිතයින් 300 කට අධික සංඛ්‍යාවක් මෙන්ම අනෙකුත් නිරීක්ෂකයින් සහ පුද්ගලික අංශයේ පාර්ශවකරුවන් එක් වූ අතර, එහිදී මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම ඇතුළු බරපතල මූල්‍ය අපරාධ හා සමුලඝාතක අවි මුල්‍යනය සම්බන්ධ තීරණාත්මක ගැටළු සාකච්ඡා කරන ලදී .

  • New Order Issued Relaxing Certain Limitations/Suspensions Imposed on Outward Remittances of Foreign Exchange

    ගරු මුදල් අමාත්‍යවරයා විසින් විනිමය අනුපාතයට ඇති පීඩනය අවම කිරීම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පවත්වා ගැනීමට සහය වීම සහ රටතුළ පවතින විදේශ විනිමය සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීමේ අරමුණින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ 2020.04.02 දින සිට වරින් වර ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් තාවකාලිකව සීමා කිරීම්/අත්හිටුවීම් සඳහා නියමයන් නිකුත් කරන ලදී.

    දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි වර්තමාන සහ අපේක්ෂිත සංවර්ධනයන් සැලකිල්ලට ගනිමින් සහ ජාත්‍යන්තර ගනුදෙනු වෙනුවෙන් තවදුරටත් පහසුකම් සැලසීමේ අරමුණින් ගරු මුදල් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිත ව විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නව නියමයක් නිකුත් කර ඇත. මෙම නියමය මගින් ප්‍රාග්ධන ගනුදෙනු වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරිීම මත පනවා තිබූ යම් යම් සීමා කිරීම්/අත්හිටුවීම් ලිහිල් කිරීම සහ විගාමිකයන්ගේ වර්තන ගනුදෙනු මත පනවා තිබූ සීමා කිරීම් ඉවත් කර ඇති අතර, පෙර නිකුත් කරන ලද නියමය යටතේ පනවා තිබූ අනෙකුත් සීමා කිරීම්/අත්හිටුවීම් තවදුරටත් බලපැවැත්වෙනු ඇත. නව නියමය 2023.06.28 දින සිට මාස හයක (06) කාලයක් සඳහා වලංගු වේ. මෙම ලිහිල් කිරීම් පිළිබඳ සාරාංශයක් පහත වගුවේ දැක්වේ.

  • AML Compliance Requirements for Gem and Jewellery Sector in Sri Lanka

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් “මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අනුකූලතා වගකීම් සහ නව ප්‍රවණතාවයන්” යන මැයෙන් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2023 ජූලි 04 වන දින සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති/ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලද අතර මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජේ. ඒම්. තිලකා ජයසුන්දර මහත්මිය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා මහතා, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති අජ්වාර්ඩ් ඩීන් මහතා සහ ලංකා මැණික් අලෙවිකරුවන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමයේ සභාපති යූ. ජී. චන්ද්‍රසේන මහතා ඇතුළුව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැලෙන්නන් සියයකට අධික පිරිසක් සහභාගී විය.

  • Sri Lanka Purchasing Managers’ Index (Manufacturing and Services) - June 2023

    2023 ජුනි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් ද නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් ද පෙන්නුම් කරන ලදී.

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය, නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසුබෑම පෙන්නුම් කරමින් 2023 ජුනි මාසයේ දී 47.3ක දර්ශක අගයක් වාර්තා කරන ලදී. මේ සඳහා සියලුම උප-දර්ශකයන්ගේ මන්දගාමී ක්‍රියාකාරීත්වය හේතු විය.

    සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2023 ජුනි මාසයේ දී 56.7ක දර්ශක අගයක් දක්වා තවදුරටත් ඉහළ ගිය අතර, එය 2022 ජනවාරි මාසයේ සිට වාර්තා වූ ඉහළම අගය විය. මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම් හේතු විය. කෙසේ වුවද, ජුනි මාසය තුළ දී නිමකිරීමට නියමිත කාර්යයන් අඛණ්ඩව පහළ ගිය අතර, සේවා නියුක්තිය නොවෙනස්ව පැවතුනි.

  • The Central Bank releases a Pamphlet on Monetary Policy Implementation in Sri Lanka

    ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මහ බැංකුවේ කාර්යභාරය පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා  මහ බැංකුව විසින් “ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම” පිළිබඳ පත්‍රිකාවක් භාෂා තුනෙන්ම නිකුත් කර ඇත. මෙම ප්‍රකාශනය, ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් සන්නිවේදන උපාය මාර්ගයේ කොටසක් ලෙස, මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ තාක්ෂණික කරුණු පිළිබඳ සරල සාකච්ඡාවක් ඉදිරිපත් කරන අතර, විවිධ පාර්ශ්වකරුවන්ට මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය, ක්‍රියාත්මක කිරීම, මුදල් උපකරණ සහ සම්ප්‍රේෂණය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙන්ම, සාමාන්‍ය ජනතාව අතර මුදල් මෙහෙයුම් කටයුතු පිළිබඳ වැරදි වැටහීම් ඉවත් කිරීමට ද මෙම පත්‍රිකාව උපකාරී වනු ඇත.

  • Non-Renewal of the Money Changing Permits issued to fifteen (15) Money Changers (MCs) for the year 2023

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පහත නම් සඳහන් කර ඇති මුදල් හුවමාරු කරන්නන් පහළොස් දෙනා වෙත නිකුත් කරන ලද මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර 2023 වර්ෂය සඳහා අළුත් නොකිරීමට තීරණය කරන ලද අතර එය 2022 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසියකට අනුකූල නොවීම හේතුවෙන් සිදුකරන ලදී. තවද එය 2023.02.22 වන දින ඔවුන් වෙත දැනුම් දෙන ලදී.

  • Real Estate Agents are Advised to Ramp up AML Measures

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් “මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අනුකූලතා බැඳීම් සහ නව ප්‍රවණතාවයන්” මැයෙන් නිශ්චල දේපළ වෙළෙඳාම් අංශය දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 ජුනි 26 වන දින සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති/ මුදල් විශුද්ධිකරණය වැලැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව් එස් සත්‍යානන්ද මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලද අතර ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ආර් එච් රුවිනිස් සහ නිශ්චල දේපළ වෙළෙඳාම් අංශය නියෝජනය කරමින් හාර්ඩි ජමල්දීන් යන මහත්වරු ද සභාව ඇමතූ අතර සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති සරණ කරුණාරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

  • The Central Bank of Sri Lanka further reduces Policy Interest Rates

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 ජූලි මස 05 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 11.00 සහ සියයට 12.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කළේය. අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වේගවත් නිර්-උද්ධමන ක්‍රියාවලිය සහ පාලනය වූ උද්ධමන අපේක්ෂා ඇතුළු ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මූල්‍ය වෙළඳපොළ පීඩන ලිහිල් කරන අතරම මැදි කාලීනව ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට සහ උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී කිරීමේ අරමුණින් මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.

  • Extension of the Suspension of Business of Perpetual Treasuries Limited

    ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2023 ජූලි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

Pages