මූල්‍ය අන්තර්ගතභාවය සඳහා වූ මුල පිරීම් හි උපාය මාර්ගික දිශානතිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා වූ වෙබ් අඩවිය, 2023 අගෝස්තු මස 04 වන දින දියත් කරන ලදී.
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා වූ මෙම වෙබ් අඩවිය, 2018 වසරේ සිට මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීමෙහි ලා ශ්‍රී ලංකා මහ බැංකුවේ දිගු කාලීන හවුල්කරුවෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ මූල්‍ය සහාය ඇතිව නිර්මාණය කරන ලදී. මෙම නවතම මුල පිරීම, ශ්‍රී ලංකාව සඳහා වන සමස්ත මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගයේ එක් කොටසක් වන අතර එ් හරහා රටේ සියලුම කුටුම්භ සහ ව්‍යවසායන් සඳහා වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි, කාර්යක්ෂම සහ දැරිය හැකි මිලකට මූල්‍ය සේවාවන් ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන ලදී.