• External Sector Performance - August 2018

    2018 අගෝස්තු මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය මන්දගාමීව පැවතුණි. ආනයන වියදම්හි සිදු වූ වර්ධනය අ‍භිබවා අපනයන ආදායම් ඉහළ යෑම හේතුවෙන් මාසය තුළදී වෙළඳ ගිණුමේ හිඟය පෙර වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සුළු වශයෙන් අඩු විය. මේ අතර, සංචාරක ඉපැයීම්හි සිදු වූ සුළු වැඩි වීම හා විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල සිදු වූ අඩු වීමත් සමඟ 2018 අගෝස්තු මාසයේ දී ජංගම ගිණුම වෙත වූ අනෙකුත් ලැබීම් තවදුරටත් මධ්‍යස්ථ මට්ටමක පැවතුණි. රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙතින් විදේශීය ආයෝජන ඉවත් කරගැනීම සහ අඛණ්ඩ ණය සේවාකරණ ගෙවීම් හේතුවෙන් මාසය තුළදී ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම ශුද්ධ ගෙවීම් ප්‍රමාණයක් වාර්තා කළේය. මෙම තත්ත්වයන් සහ සමස්තයක් ලෙස එ.ජ. ඩොලරය ශක්තිමත් වීම හේතුවෙන් විනිමය අනුපාතිකය මත අවප්‍රමාණය වීමේ පීඩනයක් අඛණ්ඩව පැවති අතර, විනිමය අනුපාතිකයෙහි අනිසි අධික විචලනයන් අවම කිරීම සඳහා දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙත මැදිහත් වීමට මහ බැංකුවට සිදු විය.

  • The Parliament of Sri Lanka passes the resolution to raise Rs. 310 billion by way of loans in or outside Sri Lanka for Active Liability Management by the Government of Sri Lanka

    “2018 අංක 8 දරන, සක්‍රීය වගකීම් කළමනාකරණ පනතේ විධිවිධානයන්හි විශේෂිතව සඳහන් කර ඇති අරමුණු උදෙසා, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදී, ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 310 නොඉක්මවූ මුදලක් ණයක් වශයෙන් ලබාගැනීමට” එම පනතේ 3 වැනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසින්, 2018.10.26 වැනි දින යෝජනා සම්මත කරන ලදී.

  • Land Price Index – First Half of 2018

    ශ්‍රී ලංකා මහ බැංකුව නිශ්චල දේපොළ අංශයෙහි ප්‍රවණතා අධීක්ෂණය කිරීමේ අරමුණින් දර්ශක කිහිපයක් සම්පාදනය කිරීම සහ විශ්ලේෂණය කිරීම සිදු කරයි. මේ අනුව, කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉඩම් මිල දර්ශකය, 1998 වසර පදනම් වර්ෂය කර ගනිමින් 1998 සිට 2008 වසර දක්වා වාර්ෂිකව සහ 2009 සිට 2017 වසර දක්වා අර්ධ වාර්ෂිකව, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක් ආවරණය වන පරිදි ප්‍රදේශ 50ක ඉඩම් මිල ගණන් භාවිතා කරමින් ගණනය කර තිබේ. නිශ්චල දේපොළ අංශයෙහි මෑත කාලීන ප්‍රවණතා හේතුවෙන් ඉඩම් මිල අධීක්ෂණය කිරීමෙහි අවශ්‍යතාවය වර්ධනය වීමත් සමඟ, ඉඩම් මිල දර්ශකයේ භූගෝලීය ආවරණය කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ප්‍රදේශ 82 ක් දක්වා වැඩි කළ අතර එහි පදනම් වර්ෂය 1998 වසරේ සිට 2017 වසරේ පළමු භාගය දක්වා සංශෝධනය කරන ලදී. භූගෝලීය ආවරණය වැඩි කරන ලද මෙම ඉඩම් මිල දර්ශකය 2017 වසරේ සිට අර්ධ වාර්ෂිකව ලබා ගත හැක.

  • Inflation in September 2018

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 අගෝස්තු මාසයේ දී පැවැති සියයට 2.5 ට සාපේක්ෂ ව 2018 සැප්තැම්බර් මාසයේ දී සියයට 0.9 ක් දක්වා පහළ ගියේ ය. මෙම පහළ යෑම සඳහා පදනම් බලපෑම සහ ආහාර මිලෙහි වූ මාසික පහළ යෑම හේතු විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 අගෝස්තු මාසයේ දී වාර්තා වූ සියයට 4.7 සිට 2018 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.0 දක්වා පහළ ගියේ ය. 

  • The Government of Sri Lanka secured USD 1 Billion Foreign Currency Term Financing Facility

    එක්සත් ජනපද ඩොලර් හෝ ජපන් යෙන් හෝ යූරෝ හෝ ඒවායේ සංයෝජනයකින් නාමනය කරන ලද එක්සත් ජනපද ඩොලර් මිලියන 1000 ක ප්‍රමාණයක් දක්වා වූ විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් 2018 මාර්තු මාසයේ දී දේශීය සහ විදේශීය බැංකු සහ ආයෝජන ආයතනයන්ගෙන් යෝජනාවන් කැඳවන ලදී.

    ඒ අනුව, දේශීය සහ විදේශීය බැංකු  සහ ආයෝජන ආයතනයන්ගෙන් යෝජනා හතරක් ලැබී තිබුණි.  අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද මෙහෙයුම් කමිටුව සහ තාක්ෂණික ඇගයීම් කමිටුව මඟින් සිදුකරන ලද ඇගයීම් සහ යෝජනා ඉදිරිපත්කරන ලද  ආයතනයන් සමග පැවති සාකච්ඡා මත පදනම්ව අඩුම පිරිවැයක් සහ වැඩිම පරිණත කාලයක් සහිත යෝජනාව ඉදිරිපත් කරන ලද චීන සංවර්ධන බැංකුව තෝරා ගන්නා ලදී.

  • Sri Lanka Purchasing Managers' Index - September 2018

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 අගෝස්තු මස වාර්තා කළ 58.2ක අගයට සාපේක්ෂ ව 2018 සැප්තැම්බර් මාසයේ දී 54.1ක දර්ශක අගයක් දක්වා අඩු විය. මෙම අඩු වර්ධනය සඳහා, විශේෂයෙන් ම ආහාර සහ පාන අංශය ඇතුළු ව නව ඇණවුම් සහ නිෂ්පාදනවල වර්ධනය අඩු වීම හේතු විය. සමීක්ෂණයට ප්‍රතිචාර දක්වන්නන් සඳහන් කළ පරිදි රුපියල අවප්‍රමාණය වීමත් සමඟ ම ආනයනික අමු ද්‍රව්‍යයන්හි මිල ඉහළ යෑම හේතුවෙන් භාණ්ඩ වල මිල ඉහළ දැමීමට සිදු විය. එම නිසා, භාණ්ඩවල ඉල්ලුම පහත වැටුණු අතර, එය නව ඇණවුම් සහ නිෂ්පාදනවල වර්ධනය අඩු වීමට හේතු විය. කෙ සේ වුව ද, වැඩි වශයෙන් අපනයන නැඹුරුතාවක් සහිත රෙදිපිළි හා නිමි ඇඳුම් අංශයේ නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ ගියේ ය. තව ද, සේවා නියුක්තිය සහ ගැනුම් තොග ද යම් අඩු වර්ධනයක් පෙන්නුම් කළේ ය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය ඉහළ යෑම තුළින් මෑතකාලීන ව ආර්ථිකය වර්ධනය වන බව සාමාන්‍යයෙන් පිළිබිඹු වේ. එ නමුත්, මෙම මස තුළ දී ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යම් වැඩිවීමක් පෙන්නුම් කරන ලද්දේ නිෂ්පාදකයින් විසින් රුපියල ස්ථාවර වේ යැ යි බලාපොරොත්තුවෙන් සැපයුම් ලබා ගැනීමට වැඩි කාලයක් ගත කිරීම හේතුවෙනි. එම නිසා, ආර්ථික ක්‍රියාකාරකම්හි වැඩි වීමක් එ මඟින් පිළිබිඹු නො වේ. සමස්තයක් ලෙස, ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කළේ ය. ඒ අනුව, 2018 සැප්තැම්බර් මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම්, 2018 අගෝස්තු මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කෙරෙයි.

  • Progress on Implementation of the Recommendations of the Presidential Commission of Inquiry to Investigate, Inquire and Report on the Issuance of Treasury Bonds (COI) during the period from 1 Feb 2015 to 31 March 2016

    ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුකූල ව ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ මෙහෙයුම් අංශයන් හා බැඳුණු ක්‍රියාවලියන්හි විනිවිදභාවය සහ වගවීම වඩාත් තීව්‍ර කිරීමේ අභිලාෂයෙන්  ආරම්භ කරන ලද්දා වූ සහ ක්‍රියාවට නැංවූ පියවර පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක වන නීතිමය රාමුව වඩාත් ශක්තිමත් කිරීම සඳහා, පියවර රැසක් මේ වන විට ක්‍රියාවට නංවා ඇත.  මුදල් නීති පනතට සහ ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම් ආඥා පනතට සංශෝධන මේ වනවිට සකස් කරමින් පවතී.

  • The Central Bank Responds to Misleading Newspaper Articles on Rupee Depreciation

    ”Government and CB have abdicated vital statutory duty by not being able to deal with rupee depreciation” යන මැයෙන් ඔක්තෝබර් 08 සහ 09 යන දිනවල විවිධ පුවත්පත්වල පළවූ ලිපිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පහත දැක්වෙන ප්‍රකාශය ඉදිරිපත් කිරීමට අදහස් කරයි.

    ශ්‍රී ලංකාවේ ඵලදායි සම්පත් සංවර්ධනය දිරිගැන්වීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ දැක්ම සහිතව, අ) ආර්ථික හා මිල ස්ථායිතාව; සහ ආ) මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව සුරක්ෂිත කීරීමේ ව්‍යවස්ථාපිත වගකීම මුදල් නීති පනත මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පවරා ඇත. අභ්‍යන්තර හා බාහිර කම්පනයන්ට සාර්ථකව මුහුණදීමට ඇති හැකියාව මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව ලෙස හඳුන්වන අතර, ඉහළ සහ තිරසාර මට්ටමක ආර්ථික වර්ධනයට උපකාරී වන ආර්ථික සාධක පවත්වා ගැනීමට ඉවහල් වන ලෙස උද්ධමනය අඩු හා ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම මිල ස්ථායිතාව ලෙස නිර්වචනය කෙරේ.

  • External Sector Performance - July 2018

    2018 ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේ ය. අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියනයකට වඩා වැඩි වුව ද, ඉහළ ආනයන වියදම නිසා පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදය හා සැසඳීමේ දී 2018 ජූලි මාසයේ දී වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල් විය. මාසය තුළ දී වාර්ෂික පදනම මත සංචාරක ඉපැයීම් මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කළ අතර, විදේශ‍ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සුළු වශයෙන් අඩු විය.  ජූලි මාසය තුළ දී මූල්‍ය ගිණුම වෙත මධ්‍යස්ථ ලැබීම් ප්‍රමාණයක් වාර්තා වූ අතර, ණය සේවාකරණ අවශ්‍යතාවන් සහ අනෙකුත් ගෙවීම් හේතුවෙන් 2018 ජූලි මස අවසානය වන විට දළ නිල සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 8.4ක් දක්වා අඩු විය.  රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් සිදු වූ විදේශීය ආයෝජන ගෙවීම් සහ ආනයන සඳහා වූ විදේශ විනිමය ඉල්ලුම ඉහළ යෑමත් සමඟ විදේශ විනිමය වෙළෙඳපොළ අඛණ්ඩ ව පීඩනයකට යටත් ව පැවතුන අතර, ඒ හේතුවෙන් විනිමය අනුපාතිකයේ දෛනික ව පැවති අධික  විචලනයන් අවම කිරීම සඳහා මැදිහත් වීමට මහ බැංකුවට සිදු විය.

  • IMF Staff Completes Review Mission to Sri Lanka

    රටක සංචාරය අවසන් කිරීමෙන් පසු නිකුත් කරනු ලබන පුවත්පත් නිවේදනයන්හි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ මූලික නිරීක්ෂණයන් ඇතුළත් වේ. මෙම ප්‍රකාශනයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමේ මතය වන අතර එ මඟින් අවශ්‍යයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වයේ හෝ විධායක මණ්ඩලයේ මතය පිළිබිඹු නො කෙරෙයි. දූත මණ්ඩලයේ මූලික නිරීක්ෂණ පදනම් කර ගෙන කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් වාර්තාවක් පිළියෙළ අතර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත්, තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරෙයි.

Pages