• External Sector Performance - February 2019

    වසර පහකට වඩා වැඩි කාලයකට පසුව වූ අඩුම වෙළඳ හිඟය වාර්තා කරමින් 2019 වසරේ පෙබරවාරි මාස‍යේදී වෙළඳ හිඟය එ.ජ. ඩොලර් මිලියන 451 ක් දක්වා තවදුරටත් අඩු විය.

    2019 වසරේ පෙබරවාරි මාසයේදී වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු වීමට, පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව ආනයන වියදම සියයට 27.6 කින් කැපී පෙනෙන ලෙස අඩු වීම සහ අපනයන ආදායම සියයට 7.2 කින් වර්ධනය වීම හේතු විය.

    2018 වසරේ දෙසැම්බර් මාසයේ සිට සංචාරක පැමිණීම් මාසිකව 240,000 කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා කරමින් පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 2019 වසරේ පෙබරවාරි මාසයේදී සංචාරක පැමිණීම් සියයට 7.0 ක වර්ධනයක් වාර්තා කළ අතර එමගින් සංචාරක ඉපැයීම්හි ඉහළ වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගත්තේය.

    සම්පුර්ණ ලිපිය

  • External Sector Performance - January 2019

    2019 ජනවාරි මාස‍යේ වෙළඳ හිඟයෙහි පසුගිය මාසවලදී පිළිබිඹු කළ යහපත් ප්‍රවණතාව අඛණ්ඩව පැවතිණි. වෙළඳ හිඟය 2018 වසරේ දෙසැම්බර් මාසයේදී වාර්තා කළ එ.ජ. ඩොලර් මිලියන 701 සහ 2018 වසරේ ජනවාරි මාසයේදී වාර්තා කළ එ.ජ. ඩොලර් මිලියන 1,049 සමඟ සැසඳීමේදී 2019 වසරේ ජනවාරි මාසයේදී එ.ජ. ඩොලර් මිලියන 617 ක් වාර්තා කළේය.

    වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු වීම, අපනයන ආදායම ඉහළ යෑමේ සහ ආනයන වියදම කැපී පෙනන ලෙස පහළ යෑමේ ඒකාබද්ධ ප්‍රතිඵලයක් විය. 2019 වසරේ ජනවාරි මාසයේදී අපනයන පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 7.5 කින් වර්ධනය වූ අතර, ආනයන සියයට 17.8 කින් සැලකිය යුතු ලෙස අඩු විය.

    සංචාරක පැමිණීම් 2019 වසරේ ජනවාරි මාසයේදී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 2.2 කින් වර්ධනය වූ අතර, එමගින්, මාසය තුළදී සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් මිලියන 458 ක් ලෙස වාර්තා විය.

  • Sri Lanka Purchasing Managers’ Index - March 2019

    2019 පෙබරවාරි මාසයට සාපේක්ෂ ව 2019 මාර්තු මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ වේගයකින් වර්ධනය විය. නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම්වල ඉහළ යෑමක් පිළිඹිබු කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාස 46ක් තුළ වාර්තා කළ ඉහළ ම අගයට ළඟා විය. උත්සව සමයේ පවතින ඉල්ලුමත් සමඟ, විශේෂයෙන් ම ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයේ, නව ඇණවුම්වල දක්නට ලැබුණු වර්ධනය මාර්තු මාසය තුළ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය.

  • The Central Bank Launched a Roadmap for Sustainable Finance in Sri Lanka

    Dr. P Nandalal Weerasinghe, Senior Deputy Governor, Central Bank of Sri Lanka Launching the Roadmap for Sustainable Finance in Sri Lanka at the Sustainable Banking Network Global Meeting of the International Finance Corporation.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තිරසාර මූල්‍ය පිළිබඳ වූ ශ්‍රී ලාංකීය පෙර දැක්ම 2019 අප්‍රේල් 10 වැනි දින එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පැවැති ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (International Finance Corporation, IFC) තිරසාර බැංකු ජාලයේ (Sustainable Banking Network, SBN) ගෝලීය හමුවේදී දියත් කරන ලදී. මෙම පෙර දැක්ම තුළින් මූල්‍ය නියාමකයින් සහ මූල්‍ය ආයතන සඳහා පුළුල් මඟ පෙන්වීමක් ඉදිරිපත් කර ඇති අතර, මූල්‍ය ආයතන විසින් මූල්‍යනය කරන ව්‍යාපෘතිවලට අනුබද්ධිත පාරිසරික, සමාජයීය සහ පාලන (Environmental, Social and Governance, ESG) අවදානම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමත්, කාලගුණික හිතකාමී, සමාජයීය අන්තර්ගතික (Socially Inclusive) හරිත ව්‍යාපාර සඳහා වැඩි අනුග්‍රාහකත්වයක් දැක්වීමත් අපේක්ෂා කරයි.

  • Real-time Notifications for Transactions in Government Securities (SMS/Email Alert Service)

    සුරැකුම්පත් ආයෝජන සඳහා තවත් විශේෂාංගයක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාසෙක්‍යු පද්ධතිය ඔස්සේ කෙටි පණිවුඩ හා විද්‍යුත් තැපෑල හරහා දැනුම් දීමේ සේවාවක් 2019 මාර්තු 25 දින සිට හඳුන්වා දෙන ලදී. මෙ මගින් රජයේ සුරැකුම්පත් ආයෝජකයින්ගේ (ලංකාසෙක්‍යු පද්ධතියේ ගනුදෙනුකරුවන්ගේ) දැනුම්වත්භාවය වැඩිදියුණු කිරීම අරමුණු කෙරෙයි.

    මෙම කෙටි පණිවුඩ/විද්‍යුත් තැපෑල හරහා දැනුම් දීමේ සේවාව මගින්  රජයේ සුරැකුම්පත්වල  ආයෝජකයින් හට තම සුරැකුම්පත් ගිණුමේ සිදු කරන ලද සෑම නිර්ලේඛන සුරැකුම්පත් ගනුදෙනුවක් සඳහා ම තත්කාලීන දැනුම් දීමක් සිදු කෙරෙයි. එ නම්, ගනුදෙනුකරුවන්ගේ සුරැකුම්පත් ගිණුමේ හෙවත් CDS ගිණුමේ ගනුදෙනුවක් සිදු කෙරෙන අවස්ථාවේ දී ම ගනුදෙනුකරුවන්ට ඉහත මාධ්‍යයන් ඔස්සේ ඒ පිළිබඳ දැනුම් දීමක් (කෙටි පණිවුඩ “LankaSecure” වෙතින් ද, විද්‍යුත් තැපෑල “no-reply@cbsl.lk” වෙතින් ද) ලැබෙනු ඇත. 

  • Monetary Policy Review - No. 2 of 2019

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 අප්‍රේල් මස 08 වැනි දින පැවති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කළේ ය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.00 සහ සියයට 9.00 මට්ටමේ පවතී. මැදිකාලීන ව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකයට සිය වි‍භව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහාය වීමේ පුළුල් අරමුණ ඇති ව, දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ මෙන් ම ගෝලීය ආර්ථිකයේ වර්ධනයන් මනා ව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබී ය. 

  • Opening of a Counter to Issue Coins to the General Public

    ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙනුවෙන් කාසි නිකුත් කිරීමේ කවුළුවක් කොළඹ 1, ජනාධිපති මාවතේ අංක 30 දරන ශ්‍රී ලංකා මහ බැංකු මුලස්ථානයේ බිම් මහලේ දී මාර්තු 27 වන බදාදා සිට විවෘත කරනු ලැබේ.

    රජයේ සහ බැංකු නිවාඩු දිනවල හැර සෑම සතියක ම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල දී පමණක් ‍පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා මෙම කවුළුව මහජනයාට ගනුදෙනු සඳහා විවෘත වනු ඇත.

  • Inflation Increased in February 2019

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100)  ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ප්‍රධාන වශයෙන් ම පදනම් බලපෑම හේතුවෙන් 2019 ජනවාරි මාසයේ පැවති සියයට 1.2 හි සිට 2019 පෙබරවාරි මාසයේ දී සියයට 2.4 දක්වා ඉහළ ගියේ ය. මේ අතර, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට 6.5 හි සිට 2019 පෙබරවාරි මාසයේ දී සියයට 6.7 දක්වා ඉහළ ගිය අතර, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ද 2019 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට -4.8 හි සිට 2019 පෙබරවාරි මාසයේ දී සියයට -2.9 දක්වා ඉහළ ගියේ ය. 

  • Issuances of International Sovereign Bonds (ISB) by the Central Bank of Sri Lanka

    ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ වසර 5ක සහ වසර 10ක  පරිණත කාලයන් සහිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමේ දී අනුගමනය කරන ලද මෙහෙයුම් ක්‍රියාවලිය සහ එම බැඳුම්කරවල ඵලදායිතා අනුපාතයන් පිළිබඳ ව මෑත කාලීන ව මුද්‍රිත මාධ්‍යන්හි පළ වූ ලිපි සම්බන්ධයෙන් පහත දැක්වෙන පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

  • Sri Lanka Purchasing Managers’ Index - February 2019

    නිෂ්පාදන ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය වීම සඳහා 2019 ජනවාරි මාසයට සාපේක්ෂව 2019 පෙබරවාරි මාසයේදී, විශේෂයෙන්ම නිමි ඇඳුම් නිෂ්පාදන අංශයේ, නව ඇණවුම් සහ නිෂ්පාදනයෙහි දක්නට ලැබුණු මන්දගාමීත්වය හේතු විය. පෙබරවාරි මාසය තුළ රාජකාරී දින ගණන අඩු වීම මෙම මන්දගාමීත්වයට ප්‍රධාන වශයෙන් හේතු විය. නව ඇණවුම් සහ නිෂ්පාදනයෙහි සිදුවූ අඩු වීමට සමගාමීව තොග මිළදී ගැනීම් වල ද අඩු වීමක් දක්නට ලැබුණි.

    ‍‍කෙසේ වුවත්, ඉදිරි උත්සව සමයේ ඉල්ලුමට සරිලන පරිදි නිෂ්පාදන ක්‍රියාවලිය වර්ධනය කර ගැනීමේ අරමුණින් කරන ලද නව බඳවාගැනීම් හේතුවෙන් රැකියා නියුක්තියෙහි සුළු වර්ධනයක් දක්නට ලැබුණි. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලයෙහි සුළු වැඩි වීමක් දක්නට ලැබුණි. පෙබරවාරි මස මුල් භාගයේදී ඇතිවූ සැපයුම් ගෙන්වා ගැනීමේ ගැටළු සහ චීන අලුත් අවුරුදු නිවාඩු හේතුවෙන් ඇතිවූ බාධා, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලයෙහි වැඩි වීමට හේතු විය. නව ඇණවුම් සහ නිෂ්පාදනය යන උප දර්ශක හැරුණුකොට අනෙකුත් සියලුම උප දර්ශක, කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදී.

Pages