ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකවලට අනුව 2023 ජනවාරි මාසයේදී, සේවා ක්‍රියාකාරකම්වල සුළු වර්ධනයක් දක්නට ලැබුණු අතර, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පසුබෑමක් තවදුරටත් දක්නට ලැබුණි.
නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 ජනවාරි මාසයේ දී පෙර මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්හි අඛණ්ඩ පසුබෑමක් පෙන්නුම් කරයි. ඒ අනුව, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 ජනවාරි මාසයේ දී දර්ශකාංක 4.0කින් පහළ යමින් 40.8ක අගයක් වාර්තා කළ අතර, මේ කෙරෙහි ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය හැර අනෙකුත් සියලුම උප-දර්ශකයන්ගේ පහත වැටීම හේතු විය.