වෙළඳ හිඟය, 2023 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස පුළුල් වුවද, වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව 2023 වසරේ මාර්තු මාසයේ දී අඛණ්ඩව අඩු මට්ටමක පැවතුණි
2023 වසරේ මාර්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් සැලකිය යුතු ලෙස වර්ධනය විය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විස්තීර්ණ ණය පහසුකම් වැඩපිළිවෙළ අවසන් කිරීම සහ මහ බැංකුව විසින් ගනු ලැබූ ප්‍රතිපත්ති ලිහිල් කිරීම මගින් මෙහෙයවනු ලබන දේශීය විදේශ විනිමය වෙළඳපොළේ ද්‍රවශීලතා තත්ත්ව වැඩිදියුණු වීම හරහා ඇති වූ වැඩිදියුණු වූ වෙළෙඳපොළ අපේක්ෂාවන් හේතුවෙන් 2023 වසරේ මාර්තු මාසයේ දී විනිමය අනුපාතිකය කැපී පෙනෙන ලෙස අතිප්‍රමාණය විය