2020 වර්ෂයේ ජූලි 13 දින සිට 23 දින දක්වා කාලය තුළදී සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකමෙහි අදියර II සහ අදියර III යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එවන ලද ණය අයදුම්පත් 3,985ක් සඳහා රුපියල් මිලියන 11,829ක මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලදී.
ඉහත සඳහන් නව අනුමත කිරීම් සමඟ 2020 වර්ෂයේ ජූලි 23 වන දින වන විට සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද ණය සහන පහසුකම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති මුළු ණය අයදුම්පත් සංඛ්‍යාව 26,291 දක්වා ඉහළ ගියේ ය. එසේ ම, 2020 වර්ෂයේ ජූලි 23 වන දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද මුළු ණය ප්‍රමාණයෙහි වටිනාකම රුපියල් මිලියන 72,079 දක්වා ඉහළ ගොස් තිබේ. පහත වගුව 1 හි දක්වා ඇති පරිදි 2020 වර්ෂයේ ජූලි 23 වන දින වන විට බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් දිවයින පුරා විසිරී සිටින ප්‍රතිලාභීන් 18,007ක් අතරේ රුපියල් මිලියන 45,777ක් මුදා හැර ඇත.