කොළඹ දිස්ත්රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2021 වසරේ පළමු භාගයේ දී 155.1 ක් දක්වා ඉහළ යන ලදී. පසු ගිය වසර දෙක තුළ දක්නට ලැබුණු ඉඩම් තක්සේරු දර්ශකයේ වැඩි වීම පහළ යාමේ ප්රවණතාවයට ප්රතිවිරුද්ධව යමින් ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික වර්ධනය 9.5 ක් ද අර්ධ වාර්ෂික වර්ධනය 6.8 ක් ද ලෙස වාර්තා විය.
ඉඩම් තක්සේරු දර්ශකයෙහි වර්ධනය සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් තක්සේරු අනු දර්ශක තුනෙහිම ඉහළ යාම හේතු විය. කාර්මික ඉඩම් තක්සේරු අනු දර්ශකය මගින් වැඩිම වාර්ෂික වර්ධනය වන සියයට 10.1 ක අගය වාර්තා වූ අතර, අනුපිළිවෙලින් නේවාසික සහ වාණිජ ඉඩම් තක්සේරු අනු දර්ශකයන්හි ද වර්ධනයන් දක්නට ලැබුණි.









පාර්ලිමේන්තු සභාවේ ද අනුමැතිය ඇතිව, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති නීතීඥ, සංජීව ජයවර්ධන මහතා 2027 ජූනි 6 වන දා තෙක්, වසර 6ක නව ධුර කාලයක් සඳහා ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට යළි පත් කරන ලදී.