ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021 වසරේ දෙසැම්බර් මස 22වන දින ප්‍රකාශයට පත් කළ පරිදි අපේක්ෂිත විදේශ මුදල් ගලා ඒම සිදුවෙමින් පවතින අතර, මෑත කලීනව සිදු වූ ලැබීම් සමඟ නිල විදේශ සංචිත තත්ත්වය මේ වන විට එ.ජ. ඩොලර් බිලියන 3.1ක් පමණ දක්වා ළඟා වී ඇති බව සහ 2021 වසර අවසන් වන විට ද එම මට්ටමේම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි. මීට අමතරව, සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්මෙහි දක්වා ඇති පරිදි, දැනට සාකච්ඡා කෙරෙමින් පවතින අනෙකුත් පහසුකම් කිහිපයක් සම්බන්ධයෙන් වන විදේශ මුදල් ලැබීම්, 2022 වසරේ ජනවාරි මස ආරම්භයේ දී ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
-
Realisation of Expected Foreign Currency Inflows and the Official Reserves Position
-
Extending Additional Incentives for Inward Workers’ Remittances
ශ්‍රී ලංකා මහ බැංකුව විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලීම් සලකා බලමින් “විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය” යටතේ දැනට ලබාදෙන එ.ජ. ඩොලරයක් සඳහා රුපියල් 2.00 ක් වන දිරි දීමනාවට අමතරව, බලපත්‍රලාභී බැංකු සහ අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ මෙරටට ප්‍රේෂණය කර ශ්‍රී ලංකා රුපියල්වලට මාරු කරනු ලබන විදේශ ප්‍රේෂණ සඳහා දැනට ලබා දෙනු ලබන එ.ජ. ඩොලරයකට රුපියල් 8.00 ක් වූ අමතර දිරි දීමනාව තව දුරටත් 2022.01.31 දක්වා අඛණ්ඩව ගෙවීමට තීරණය කරන ලදී. 2021 දෙසැම්බර් මස මේ දක්වා විදේශීය ප්‍රේෂණවල පෙන්නුම් කරනු ලැබූ හිතකර වර්ධනයට ප්‍රතිචාරයන් වශයෙන්, රුපියල් 10.00 ක් වූ මෙම අතිරේක දිරි දීමනාව ඉහත දැක්වූ පරිදි දීර්ඝ කිරීමට තීරණය කරන ලදි.
-
Expected Foreign Exchange Inflows and the Official Reserve Position
දැනට ගනු ලබන ක්‍රියාමාර්ග තුළින් 2021 වසර අවසාන වන විට නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 3කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි. කොවිඩ්-19 හි ආර්ථික බලපෑම් හේතුවෙන් ඇති වූ බාධක සහ විදේශීය අංශයේ අහිතකර වර්ධනයන් හේතුවෙන් පැන නැඟුණු අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකා ආර්ථිකය 2021 වසර පුරාවට බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කළේය. එසේම, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීම් ඇතුළු විදේශීය ණය ආපසු ගෙවීමෙන් ශ්‍රී ලංකාව සිය ණය බැඳීම් සාර්ථකව ඉටු කළේය. පවතින විදේශීය ණය තිරසාර ලෙස කලමනාකරණය කර ගත හැකි වන පරිදි ණය නොවන ප්‍රවාහයන් දිරිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නිල සංචිත නැවත ගොඩ නැඟීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග සඳහා වසර ආරම්භයේ සිට මහ බැංකුව සහ රජය ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටී.
-
Sri Lanka Prosperity Index - 2020
ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය, 2019 වසරේ වාර්තා කළ 0.783 සිට 2020 වසරේ දී 0.786 දක්වා සුළු වශයෙන් ඉහළ යන ලදී. කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ වුවද, ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ උපදර්ශකයෙහි වැඩිදියුණු වීමක් පෙන්නුම් කළ අතර, ‘ආර්ථික සහ ව්‍යාපාරික පරිසරය’ සහ ‘සමාජ-ආර්ථික යටිතල පහසුකම්’ යන උපදර්ශකවල පසුබෑමක් දක්නට ලැබුණි.
-
NCPI based annual average headline inflation rises to 6.2 per cent, while Y-o-Y inflation increases to 11.1 per cent in November 2021
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 8.3හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 11.1 දක්වා ඉහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.7හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා ඉහළ ගියේය.
උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ දී පැවති සියයට 11.7හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 16.9 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.4හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා ඉහළ ගියේය.
-
External Sector Performance - October 2021
2021 වසරේ මැයි මාසයේ සිට මාසික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගිය වෙළඳ භාණ්ඩ හිඟය, 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 495ක් දක්වා තවදුරටත් පහළ ගියේය. ඉතිහාසයේ ඉහළම මාසික අපනයන ඉපැයීම් අගය 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ අතර, අපනයන ඉපැයීම් අඛණ්ඩව පස්වන මාසයටත් එ.ජ. ඩොලර් බිලියන 1.0ක් ඉක්ම විය. අපනයන ඉපැයීම්වල සිදු වූ මෙම වර්ධනයන් සහ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම ඉහළ යෑමත් සමඟ ඉදිරි කාලය තුළ දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙත විදේශ විනිමය ලැබීම ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආනයන වියදම ද 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වර්ධනයක් වාර්තා කළේය. 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී සංචාරක පැමිණීම්වල වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගනිමින්, පසුගිය මාසයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළේය. 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල අඩු වීමක් තවදුරටත් පෙන්නුම් කළේය. රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි සහ කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන ශුද්ධ ගෙවීම් මාසය තුළ දී සුළු ප්‍රමාණයක් වාර්තා විය. මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය එ.ජ. ඩොලරයට රුපියල් 201ක මට්ටමක පැවතුණි.
-
The Government Strongly Disputes the Hurried Rating Action by Fitch Ratings
සමස්ත ලෝකයම කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තීන් කිහිපයක් සමඟ සටන් වදිමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවේ සිදුවන ධනාත්මක වර්ධනයන් හඳුනා ගැනීමට අසමත් වී ඇති බව පෙන්නුම් කරමින් 2021 වසරේ දෙසැම්බර් 17 වන දින අනවශ්‍ය හදිසි පියවරක් ලෙස ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය (ෆිච් රේටින්ස්) ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළුවේය. මෙම ක්‍රියාව, මෑතක දී, එනම් 2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට දින කිහිපයකට පෙර, මූඩීස් ආයෝජන සේවාව විසින් සිදු කරන ලද සාධාරණ නොවන ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම හා සමාන වේ. විශේෂයෙන් ම ආර්ථිකයේ සියලු අංශවල නව ප්‍රවණතා සහ නුදුරේ දී ලැබීමට නියමිත විදේශ විනිමය ප්‍රවාහ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ෆිච් ආයතනය වෙත නිරන්තරයෙන් සිදු කළ යාවත්කාලීන කිරීම පිළිබඳ සැලකිල්ලට ගත් කල, ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට සඳහා ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයකට මතු වූ හදිසි අවශ්‍යතාව තේරුම්ගත නොහැකිය.
-
Provincial Gross Domestic Product (PGDP) - 2020
COVID-19 වසංගතය පැතිරීම මධ්‍යයේ, බස්නාහිර පළාත ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය ලෙස අඛණ්ඩව පැවති අතර සමස්ත ආර්ථිකයේ සිදු වූ පසු බෑම කෙරෙහි එහි දායකත්වයේ අඩු වීම ද හේතු විය.
රටේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ (ද.දේ.නි.) ඉහළම දායකත්වය (සියයට 38.0) බස්නාහිර පළාත විසින් ලබා දී ඇත. කෙසේ වෙතත්, වසංගත තත්ත්වය මධ්‍යයේ ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීම හේතුවෙන්, එහි දායකත්වය 2019 වසරේ සිට සියයට 1.0 කින් අඩු වී ඇත. මධ්‍යම පළාත (සියයට 11.3) සහ වයඹ පළාත (සියයට 11.0) පිළිවෙලින් දෙවන සහ තෙවන ඉහළම දායකත්වයන් ලබා දී ඇත.
වයඹ, දකුණ, සබරගමුව සහ උතුරු මැද පළාත්වල දායකත්වයන්හි ඉහළ යාමක් සිදු වී ඇති අතර බස්නාහිර සහ උතුරු පළාත්වල දායකත්වය පෙර වසරට සාපේක්ෂව අඩු වී ඇත.
-
SL Purchasing Managers’ Index (PMI) – November 2021
2021 නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක තවදුරටත් ඉහළ යන ලදී.
රටේ ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් යථාවත් වීම හේතුකොටගෙන නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය තවදුරටත් ඉහළ යමින් 2021 නොවැම්බර් මාසයේදී 61.9ක අගයක් වාර්තා කරන ලදී.
සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2021 නොවැම්බර් මාසයේ දී තවදුරටත් ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින්, 62.1ක දර්ශක අගයක් වාර්තා කළේය.
-
The Credit Information Bureau (CRIB) donated Rs. 50 Mn to the “COVID – 19 Healthcare and Social Security Fund”
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවන ලද ශ්‍රී ලංකාවෙහි කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සහ ආශ්‍රිත සුබසාධන වැඩසටහන අරමුණු කරගත් “කොවිඩ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල“ වෙත දේශීයව පුළුල් වගකීම් සමූහයක් පැවරී තිබේ. දේශීය මෙන්ම විදේශීය පරිත්‍යාගශීලීන්ට ද “කොවිඩ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල“ වෙත තම මූල්‍ය දායකත්වයන් සිදු කළ හැකිය.
“කොවිඩ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලෙහි“ සභාපති ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපති, ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා ණය තොරතුරු කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී නන්දි ඇන්තනී මහතා විසින් “කොවිඩ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල“ වෙත පිරිනමන ලද රුපියල් මිලියන 50 ක පරිත්‍යාගය පිළිගන්නා ලදී.