• Real Estate Agents are Advised to Ramp up AML Measures

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් “මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අනුකූලතා බැඳීම් සහ නව ප්‍රවණතාවයන්” මැයෙන් නිශ්චල දේපළ වෙළෙඳාම් අංශය දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 ජුනි 26 වන දින සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති/ මුදල් විශුද්ධිකරණය වැලැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව් එස් සත්‍යානන්ද මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලද අතර ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ආර් එච් රුවිනිස් සහ නිශ්චල දේපළ වෙළෙඳාම් අංශය නියෝජනය කරමින් හාර්ඩි ජමල්දීන් යන මහත්වරු ද සභාව ඇමතූ අතර සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති සරණ කරුණාරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

  • The Central Bank of Sri Lanka further reduces Policy Interest Rates

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 ජූලි මස 05 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 11.00 සහ සියයට 12.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කළේය. අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වේගවත් නිර්-උද්ධමන ක්‍රියාවලිය සහ පාලනය වූ උද්ධමන අපේක්ෂා ඇතුළු ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මූල්‍ය වෙළඳපොළ පීඩන ලිහිල් කරන අතරම මැදි කාලීනව ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට සහ උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී කිරීමේ අරමුණින් මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.

  • Extension of the Suspension of Business of Perpetual Treasuries Limited

    ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2023 ජූලි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

  • CCPI based headline inflation recorded another sharp decline in June 2023

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 මැයි මාසයේ වාර්තා වූ සියයට 25.2හි සිට 2023 ජුනි මාසයේ දී සියයට 12.0 දක්වා පහළ යෑමක් වාර්තා කළේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, 2023 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වේ.

  • External Sector Performance - May 2023

    සමස්ත වෙළඳ හිඟය, 2023 වසර තුළ මේ දක්වා පහළ මට්ටමක පැවතුණි. 2023 වසරේ මැයි මාසයේ දී වෙළඳ හිඟය, 2022 වසරේ පෙබරවාරි මාසයෙන් පසු පළමු වරට වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව පුළුල් විය.

    2023 වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පෙර මාසයට වඩා ඉහළ අගයක් වාර්තා කළේය. සංචාරක ඉපැයීම් ශක්තිමත් වර්ධනයක් වාර්තා කළ ද සාමාන්‍යයෙන් සංචාරක පැමිණීම් වැඩි වශයෙන් වාර්තා නොවන කාලපරිච්ඡේදයක් නිසා 2023 වසරේ අප්‍රේල් මාසයට වඩා අඩු විය.

    2023 වසරේ මැයි මාසය තුළ දී සියයට 8.8කින් විනිමය අනුපාතිකය කැපී පෙනෙන ලෙස අතිප්‍රමාණය විය.

    රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශ ආයෝජන 2023 වසරේ මැයි මාසය තුළ දී කැපී පෙනෙන ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.

    ආසියානු සංවර්ධන බැංකුවෙන් ලද එ.ජ. ඩොලර් මිලියන 350ක ලැබීම මෙන්ම මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ශුද්ධ පදනම මත විදේශ විනිමය සැලකිය යුතු මිළදී ගැනීම් සිදු කිරීම හේතුවෙන් දළ නිල සංචිත මට්ටම, 2023 වසරේ අප්‍රේල් මස අවසන් වන විට පැවති එ.ජ. ඩොලර් බිලියන 2.8ට සාපේක්ෂව, මැයි මස අවසන් වන විට ආසන්න ලෙස එ.ජ. ඩොලර් බිලියන 3.5ක් දක්වා ඉහළ ගියේය.

  • Sri Lanka Purchasing Managers’ Index - May 2023

    2023 මැයි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් ද නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් ද පෙන්නුම් කරන ලදී.

    නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසු බෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 මැයි මාසයේ දී ඉකුත් මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද පහළ යන ලදී. ඒ අනුව,  නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 මැයි මාසයේ දී 46.2ක අගයක් වාර්තා කළ අතර , මේ සඳහා සියලුම උප-දර්ශකයන්ගේ පහළ යෑම හේතු විය.

    සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, පසුගිය මාසයේ දක්නට ලැබුණු සුළු පහත වැටීමෙන් අනතුරුව, 53.5ක දර්ශක අගයක් වාර්තා කරමින් 2023 මැයි මාසයේ දී නැවතත් වර්ධන කලාපයට ළඟා විය. මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම් හේතු විය. කෙසේ වුවද, සේවා නියුක්තිය සහ නිමකිරීමට නියමිත කාර්යයන් මැයි මාසය තුළ දී අඛණ්ඩව පහළ ගියේය.

  • The Central Bank of Sri Lanka Relaxes its Monetary Policy Stance

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 මැයි මස 31 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 13.00 සහ සියයට 14.00 දක්වා පදනම් අංක 250කින් අඩු කිරීමට තීරණය කළේය. උද්ධමනය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වේගයකින් අඩු වීම, උද්ධමන පීඩන ක්‍රමයෙන් පහළ යෑම සහ උද්ධමන අපේක්ෂා තවදුරටත් පාලනය වීම යනාදී ප්‍රවණතාවන්ට අනුකූලව මුදල් තත්ත්ව ලිහිල් කිරීමේ අරමුණින් මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මෙලෙස මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම ආරම්භ කිරීම හරහා මූල්‍ය වෙළඳපොළ තුළ පවතින පීඩන ලිහිල් කරන අතරම 2022 වසරේදී ආර්ථික ක්‍රියාකාරකම්වල සිදු වූ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම සංකෝචනයෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම සඳහා සහායයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

  • External Sector Performance - April 2023

    වෙළඳ හිඟය, මාසික ලක්ෂ්‍යමය පදනම මත අඛණ්ඩව දෙවන මාසයටත් ඉහළ යෑමක් වාර්තා කළ ද, 2023 වසරේ අප්‍රේල් මාසයේ දී වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව අඛණ්ඩව පහළ මට්ටමක පැවතුණි.

    විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් 2023 වසරේ අප්‍රේල් මාසයේ දී පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස වැඩිදියුණු විය.

    විනිමය අනුපාතිකයෙහි කැපී පෙනෙන අතිප්‍රමාණය වීම 2023 වසරේ මාර්තු මස මුල දී ආරම්භ වූ අතර එය 2023 වසරේ අප්‍රේල් මාසය පුරාවටම අඛණ්ඩව පැවතුණි.

    රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශ ආයෝජන මෙම මාසය තුළ දී කැපී පෙනෙන ශුද්ධ ලැබීම් වාර්තා කළේය.

    දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වෙතින් මහ බැංකුව විසින් විදේශ විනිමය ශුද්ධ පදනම මත මිළදී ගැනීමත් සමඟ 2023 වසරේ අප්‍රේල් මස අවසන් වන විට දළ නිල සංචිත තවදුරටත් වර්ධනය විය.

  • CCPI based headline inflation continued to record a sharp decline in May 2023

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 35.3හි සිට 2023 මැයි මාසයේ දී සියයට 25.2 දක්වා පහළ යෑමක් වාර්තා කළේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, 2023 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වේ.

  • Sri Lanka Purchasing Managers’ Index - April 2023

    2023 අප්‍රේල් මාසයේදී, නිෂ්පාදන හා සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී

    පෙර වසරවලදී ද පැවති රටාවට අනුගත වෙමින්, 2023 අප්‍රේල් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය දර්ශකාංක 34.7ක් දක්වා පහළ ගිය අතර එමගින් ඉකුත් මාසයට සාපේක්ෂව නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම්වල පහත වැටීමක් පෙන්නුම් කරන ලදී. ඒ අනුව,  නිෂ්පාදන, නව ඇණවුම්, සේවා නියුක්තිය, සහ තොග මිලදී ගැනුම් යන උප-දර්ශක, සැම වසරකම පාහේ ඉහළ අගයක් වාර්තා කරන මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී පහත වැටුණි.

    සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2023 අප්‍රේල් මාසයේ දී 49.6ක දර්ශක අගයක් වාර්තා කරමින් කඩඉම් මට්ටමට වඩා ඉතා මඳක් පහළින් පැවතුනි. මේ සඳහා නව ව්‍යාපාර, සේවා නියුක්තිය සහ නිමකිරීමට නියමිත කාර්යයන්හි සිදු වූ පහළ යෑම් හේතු විය. කෙසේ වුවද, මෙම මාසය තුළ දී ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩව ඉහළ ගියේය.

Pages