වසර හතරක් තුළ වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී 63.9ක් දක්වා ඉහළ ගියේය. උත්සව සමයේ ඉල්ලුම විශාල වශයෙන් ඉහළ යෑමෙන් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සිදුවූ සැලකිය යුතු වර්ධනය පිළිබිඹු කරමින් සියලුම උප දර්ශක පසුගිය මාසයට සාපේක්ෂව ඉහළ ගියේය.
-
Purchasing Managers’ Indices indicate notable expansions in both Manufacturing and Services activities in March 2025
-
IMF Staff Team Concludes Visit to Sri Lanka
ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ සිව්වන සමාලෝචනයට පාදක වන ආර්ථික ක්‍රියාකාරිත්වය සහ ප්‍රතිපත්ති පිළිබඳව ජා.මූ. අරමුදලේ කාර්යමණ්ඩල කණ්ඩායම ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ඉතා ඵලදායී සාකච්ඡා පැවැත්වීය.
ගෝලීය අවිනිශ්චිතතාව තවමත් ඉහළ මට්ටමක පවතින අතර එය මූල්‍ය වෙළඳපොළ අස්ථාවරත්වයට දායක වේ. රජය වැඩසටහනේ අරමුණු සඳහා කැපවී සිටින අතර, ඒවා ක්‍රියාත්මක කිරීම ශක්තිමත් සහ ප්‍රශංසනීය වන නමුත් බාහිර කම්පනයෙන් ශ්‍රී ලංකාවට ඇති වන බලපෑම තක්සේරු කිරීමට තවත් කාලයක් අවශ්‍ය වේ.
-
Findings of the Systemic Risk Survey (SRS) conducted by the Central Bank of Sri Lanka
2025 වසරේ පළමු භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත.
පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණය මගින් ශ්‍රී ලංකා මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව කෙරෙහි පවතින අවදානම් සහ විශ්වාසය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ගේ අදහස් ප්‍රමාණනය සහ නිරීක්ෂණය කිරීම සිදු වේ. මෙම සමීක්ෂණයේ නියැදි රාමුව ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම්, විශේෂිත කල්බදු සමාගම, රක්ෂණ සමාගම්, ඒකක භාර කළමනාකරණ සමාගම්, ආන්තික සැපයුම්කරුවන් සහ ප්‍රාරක්ෂකයන්, කොටස් තැරව්කාර සමාගම්, බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සහ ශ්‍රේණිගත කිරීමේ ආයතනවල අවදානම් නිලධාරීන්ගෙන් සමන්විත වේ.
-
The Central Bank of Sri Lanka Releases the Annual Economic Review for the Year 2024
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි 80 වැනි වගන්තිය යටතේ ප්රකාශනය වන වාර්ෂික ආර්ථික විවරණය 2024, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ගරු ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය, අනුර කුමාර දිසානායක මැතිතුමා වෙත අද දින (2025 අප්‍රේල් 7) පිළිගන්වන ලදී.
-
Asia Pacific Group on Money Laundering High-Level Visit to Sri Lanka Mutual Evaluation Preparation Briefing
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව සම්බන්ධයෙන් 2026 මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිත අන්‍යොන්‍ය ඇගයීම පිළිබඳ දැනුවත් කිරීමේ සහ ඒ සඳහා සහාය ලබාදීමේ අරමුණින් මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් 2025 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ.
-
External Sector Performance – February 2025
පෙර මාසයට සාපේක්ෂව ජංගම ගිණුම් අතිරික්තය සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමඟ 2025 වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය අඛණ්ඩව ශක්තිමත් විය.
-
CCPI in March 2025 signals easing of deflationary conditions
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින් 2025 මාර්තු මාසයේ දී ආර්ථිකයේ අවධමන තත්ත්වය ලිහිල්වීම ඇරඹුණි. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, අඛණ්ඩව හත්වන මාසයටත් අවධමන කලාපයෙහි පැවතුනද, 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 4.2ක අවධමනයට සාපේක්ෂව 2025 මාර්තු මාසයේ දී සියයට 2.6ක පහළ අවධමනයක් වාර්තා කළේය.
-
Sri Lanka PMI - Construction expands further in February 2025
ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2025 පෙබරවාරි මාසයේ දී දර්ශකාංක 55.6ක් දක්වා තවදුරටත් ඉහළ ගියේය. සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් මෙම මාසය ඇතුළත ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් වාර්තා කළ අතර, මෙම ප්‍රගතිය තවදුරටත් පවත්වා ගැනීම සඳහා නව මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිවල පවතින අවශ්‍යතාවය ද ඔවුහු අවධාරණය කළහ.
-
Administrative Penalties imposed by the Financial Intelligence Unit (FIU) on Reporting Institutions from November to December 2024
2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට නියමිත සහ එසේ අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ආයතන සදහා දණ්ඩන පනවනු ලැබේ- අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.
-
Relief Measures to Assist the Affected Small and Medium Enterprises
ශ්‍රී ලංකා බැංකු සංගමය සමඟ ඇති කරගත් එකඟතාවන්ට අනුකූලව, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා, එම සහන සියලුම බලපත්‍රලාභී බැංකු විසින් ඵලදායීව සහ ඒකාකාරී ලෙස ක්‍රියාත්මක කිරීම තහවුරු කිරීමේ අරමුණින්, 2024.12.19 දිනැති 2024 අංක 04 දරන චක්‍රලේඛය සහ එයට අතිරේකයක් වශයෙන් 2025.01.01 දිනැති 2025 අංක 01 දරන චක්‍රලේඛය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලදී.