නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සැප්තැම්බර් මාසයේ දී වර්ධනය විය.
2020 අගෝස්තු මාසයට සාපේක්ෂ ව 2020 සැප්තැම්බර් මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ වේගයකින් වර්ධනය විය. විශේෂයෙන් ම ආහාර හා පාන වර්ග නිෂ්පාදන සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන උප අංශවල, නිෂ්පාදනය සහ නව ඇණවුම්වල සිදු වු ඉහළ යාම නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ මෙම ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු විය.