ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 මැයි මස 19 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන්, සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹුණි. අඩු උද්ධමන වාතාවරණයක් තුළ හා මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා සහ කොවිඩ්-19 වසංගතයේ තුන්වන රැල්ල මගින් ඇති කරන ලද නව අභියෝග මධ්‍යයේ ආර්ථිකය තිරසාර ලෙස යථා තත්ත්වයට පත්වීම සඳහා සහාය වීමට දැනට පවතින ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වාගෙන යෑමට මුදල් මණ්ඩලය කැපවී සිටියි.
-
The Central Bank of Sri Lanka Continues its Accommodative Monetary Policy Stance to Support the Sustained Recovery of the Economy
-
Imposition of Penalties to Enforce Compliance on Financial Institutions during the First Quarter of 2021 by the Financial Intelligence Unit (FIU)
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතනයක් හෝ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයක් විසින් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.
ඒ අනුව, රටේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2021 ජනවාරි 01 සිට 2021 මාර්තු 31 දක්වා කාලය තුළ පනවන ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 4.0 කි.
-
External Sector Performance - March 2021
වෙළඳ හිඟය පුළුල් වුව ද, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල හිතකර වර්ධනයත්, සංචාරක අංශයේ සුළු වර්ධනයත් සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය 2021 වසරේ මාර්තු මාසයේ දී මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේය. 2020 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව පළමු වරට වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ මාර්තු මාසයේ දී පුළුල් විය. 2020 වසරේ මාර්තු සහ 2021 වසරේ පෙබරවාරි මාසයන්ට සාපේක්ෂව, 2021 වසරේ මාර්තු මාසයේ දී අපනයන මෙන්ම ආනයන ද සැලකිය යුතු ලෙස ඉහළ අගයක පැවතුණි. කෙසේ වෙතත්, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ස්ථාවර ලෙස වර්ධනය වූ අතර, සංචාරක අංශය ඉතා මන්දාගාමී වේගයකින් වුව ද අඛණ්ඩව යථා තත්ත්වයට පත් වෙමින් පැවතුණි. මූල්‍ය ගිණුම සැලකීමේ දී, 2021 වසරේ මාර්තු මාසයේ දී ද රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඔ කොටස් වෙළඳපොළ වෙතින් විදේශීය ආයෝජන හා සම්බන්ධ ශුද්ධ ගෙවීම් සුළු ප්‍රමාණයක් වාර්තා විය. උත්සව සමයේ ආනයන සඳහා පැවතුණු ඉල්ලුම් ප්‍රවණතාවය ද පෙන්නුම් කරමින් මාර්තු මාසය තුළ දී ශ්‍රී ලංකා රුපියල එ.ජ.
-
Sri Lanka Purchasing Managers’ Index - April 2021
අප්‍රේල් මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී.
පෙර වසරවල පැවති රටාවට අනුගත වෙමින් නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2021 අප්‍රේල් මාසයේදී 44.3 දක්වා මාර්තු මාසයට සාපේක්ෂව දර්ශකාංක 22.7 කින් පහළ යන ලදී.
අඛණ්ඩව මාස හතරක් පුරා සේවා අංශය වර්ධනයක් පෙන්නුම් කළ ද, සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2021 අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 48.9ක් දක්වා පහළ ගියේය.
-
Payment of Additional Compensation under the Sri Lanka Deposit Insurance and Liquidity Support Scheme to the depositors of Swarnamahal Financial Services PLC (SFSP)
ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ සුදුසුකම්ලත් තැන්පතුකරුවන්/අදාළ තැන්පතු සඳහා වන නීත්‍යානුකූල උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වැඩිකරන ලද වන්දි මුදල් ගෙවීම 2021.05.10 වන දින සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනු ලබයි. ඒ අනුව, එදින හෝ එදිනෙන් පසු දිවයිනේ ඕනෑම මහජන බැංකු ශාඛාවක් වෙත නියමිත ලේඛන ඉදිරිපත් කර තමන්ට හිමි වන්දි මුදල් ලබා ගන්නා ලෙස සුදුසුකම්ලත් තැන්පතුකරුවන්/එම තැන්පතු සඳහා වන නීත්‍යානුකූල උරුමකරුවන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ. එසේම මහජන බැංකු ශාඛා පරිශ්‍රයන්හි පිරිස් වශයෙන් රැස් නොවන ලෙසටත්, සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙසටත් සුදුසුකම්ලත් තැන්පතුකරුවන්ගෙන්/ අදාළ තැන්පතු සඳහා වන නීත්‍යානුකූල උරුමකරුවන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
-
CCPI based Inflation decreased to 3.9 per cent in April 2021
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 මාර්තු මාසයේ පැවති සියයට 4.1හි සිට 2021 අප්‍රේල් මාසයේ දී සියයට 3.9 දක්වා පහළ ගියේය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ පහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 මාර්තු මාසයේ පැවති සියයට 9.6හි සිට 2021 අප්‍රේල් මාසයේ දී සියයට 9.0 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 අප්‍රේල් මාසයේ දී සියයට 1.8ක අගයක නොවෙනස්ව පැවතුණි.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස 2021 මාර්තු මාසයේ පැවති සියයට 4.0හි සිට 2021 අප්‍රේල් මාසයේ දී සියයට 3.9 දක්වා සුළු වශයෙන් පහළ ගියේය.
-
The Central Bank of Sri Lanka Releases its Annual Report for the Year 2020
1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35වන වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 71වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය, මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වන ලදී.
-
Revised Regulations Issued Under the Foreign Exchange Act, No.12 of 2017
දේශසීමා අතර විදේශ විනිමය ගනුදෙනු සිදු කිරීමේ දී වැඩි කාර්යක්ෂමතාවයක් ළඟා කර ගැනීමත් සමග පාර්ශව කරුවන්ගේ ව්‍යාපාර කිරීමේ පහසුව තුළින් ආර්ථික කටයුතු සඳහා තවදුරටත් පහසුකම් සැපයීමේ අරමුණින් යුතුව 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි තවදුරටත් සරල කිරීම සහ පැහැදිලිතාව වැඩිදියුණු කිරීම සඳහා සංශෝධනය කරන ලදී.
ඉහත ඉස්මතු කර ඇති පරිදි මෙම සංශෝධිත විදේශ විනිමය ප්‍රතිපත්ති රාමුව 2021 මාර්තු 22 දින සිට වලංගු වනු ඇත. එසේ හඳුන්වා දී ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අතරින් ප්‍රධාන කරුණු පහත පරිදි දේ.
-
NCPI based Inflation increased in March 2021
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 4.2හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 5.1 දක්වා ඉහළ ගියේය. 2020 මාර්තු මාසයේ පැවති පහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ දී පැවති සියයට 6.9හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 8.8 දක්වා ඉහළ ගිය අතර ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 1.9හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 2.0 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස, 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 5.5හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 5.3 දක්වා පහළ ගියේය.
-
External Sector Performance - February 2021
පූර්ව වසංගත මට්ටම දක්වා අපනයන වර්ධනය වීම, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සැලකිය යුතු ලෙස වැඩි වීම සහ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි ඇති වූ ස්ථාවරත්වය 2021 වසරේ පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය කෙරෙහි හිතකර බලපෑමක් ඇති කළේ ය. 2021 වසරේ පෙබරවාරි මාසයේ වෙළෙඳ හිඟය මීට වසරකට පෙර වාර්තා වූ මට්ටමේ ම නො වෙනස් ව පැවතුණි. මූල්‍ය ගිණුම සැලකීමේ දී, 2021 වසරේ පෙබරවාරි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් විදේශීය ආයෝජන හා සම්බන්ධ ශුද්ධ ගෙවීම් වාර්තා විය. 2020 ජූලි මාසයේ දී දකුණු ආසියානු කලාපීය සහයෝගිතා මූල්‍ය සංවිධානයේ පහසුකමක් වශයෙන් ඉන්දියානු සංචිත බැංකුව හරහා ලබා ගත් එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක විදේශ විනිමය හුවමාරු පහසුකම කල් පිරීමෙන් අනතුරු ව 2020 පෙබරවාරි මාසයේ දී ගෙවා නිම කරන ලදී. මාසය තුළ දේශීය විදේශ විනිමය වෙළළෙඳපොළ වෙත වූ ශුද්ධ ලැබීම් විනිමය අනුපාතිකය මත ඇති වූ පීඩනය ලිහිල් කළ අතර, ක්‍රියාත්මක කරනු ලැබූ නියාමනයන් හේතුවෙන් ශුද්ධ පදනම මත මහ බැංකුවට විදේශ විනිමය අවශෝෂණය කර ගැනීමට අවකාශය සැලසුණි.