• Appointment of a New Member to the Governing Board of the Central Bank of Sri Lanka

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමා විසින් ජනාධිපති නීතීඥ මෛත්‍රී එවන් වික්‍රමසිංහ මහතා 2025 ඔක්තෝබර් 02 වැනිදා සිට බලාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කර ඇත. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත ප්‍රකාරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිපාලනමය සහ කළමනාකරණ කටයුතු පාලනය කිරීමට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පොදු ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා වගකිව යුතු ආයතනය ලෙස පාලක මණ්ඩලය පිහිටුවා ඇත. තව ද, ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 12 (1) (ආ) වගන්තිය ප්‍රකාර ව පාලක මණ්ඩලයේ සාමාජිකයින්, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ  සාමාජිකයින් ලෙස ද කටයුතු කරයි.  

  • IMF Staff Reaches Staff-Level Agreement on the Fifth Review Under Sri Lanka’s Extended Fund Facility Arrangement

    එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) දූත කණ්ඩායමක් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ පස්වන සමාලෝචනය සඳහා 2025 සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 09 දක්වා කොළඹ සංචාරයක යෙදුණි. ජා.මූ. අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමෙන් පසු, ජා.මූ. අරමුදල 2025 ඔක්තෝබර් 09 වන දින පහත මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලද අතර, එයට පහත සබැඳියෙන් ප්‍රවේශ විය හැක.

  • The Central Bank of Sri Lanka Releases the Financial Stability Review for the Year 2025

    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා සිය වාර්ෂික මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කළේය. මෙම ව්‍යවස්ථාපිත වාර්තාව තුළ මූල්‍ය පද්ධති ස්ථායීතාව පිළිබඳ තක්සේරුවක් සහ ඒ හා සම්බන්ධ අවදානම් සහ දුර්වලතා හඳුනා ගැනීම සහ ඇගයීමක් ද ඇතුළත් වේ. තවද, මහ බැංකුව සහ අනෙකුත් නියාමන ආයතන විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ද ඇතුළත් වේ. ඊට අමතරව, 2025 වර්ෂයේ මූල්‍ය ස්ථායීතා විවරණයෙහි සංක්ෂිප්ත වාර්තාවක් ද ප්‍රකාශයට පත් කරන ලදී. මූලික වශයෙන් මෙම වාර්තාව මගින් 2025 ජූනි මස අවසානය දක්වා වූ දත්ත ආවරණය කර ඇත. මෙම ප්‍රකාශනයේ විද්‍යුත් පිටපතක් මහ බැංකු වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැක.

  • External Sector Performance – August 2025

    ජංගම ගිණුමේ මාසික අතිරික්තයන් අඛණ්ඩව පවත්වා ගනිමින් 2025 වසරේ අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශ අංශය අඛණ්ඩව ශක්තිමත් විය.

    ආනයනවල වර්ධනයට වඩා අපනයනවල වර්ධනය වැඩි වීම නිසා 2024 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 2025 වසරේ අගෝස්තු මාසයේදී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අඩු විය.

  • As expected, CCPI based headline inflation accelerated towards the target in September 2025

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2025 අගෝස්තු මාසයේ දී ධන අගයක් වාර්තා කළ අතර, 2025 සැප්තැම්බර් මාසයේ දී,අපේක්ෂා කල පරිදි උද්ධමන ඉලක්කය කරා ඉහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කළේය.ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට අනුකූලව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය 2025 අගෝස්තු මාසයේ දී වාර්තා වූ සියයට 1.2හි සිට 2025 සැප්තැම්බර් මාසයේ දී සියයට 1.5 දක්වා ඉහළ ගියේය.

  • Sri Lanka PMI - Construction increased in August 2025

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය,  2025 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 61.1ක් දක්වා ඉහළ ගියේය. ප්‍රතිචාර දැක්වූවන්ට අනුව, තාවකාලිකව අත්හිටුවන ලද ඇතැම් ඉදිකිරීම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමත් සමග ව්‍යාපෘති ලබා ගැනීමේ හැකියාව තවදුරටත් වර්ධනය වීම හේතුවෙන් ඉදිකිරීම් අංශයේ විශ්වාසය ඉහළ ගොස් ඇත.

  • The Central Bank of Sri Lanka (CBSL) releases the “Sri Lanka Socio-Economic Data – 2025” Publication

    ශ්‍රී ලංකා මහ බැංකුවේ, "ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2025" වාර්ෂික ප්‍රකාශනය මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. මෙය, එම ප්‍රකාශන මාලාවේ 48 වන වෙළුමයි.

    පහසුවෙන් පරිශීලනය කළ හැකි මෙම ප්‍රකාශනයෙහි ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය කටයුතු, මූල්‍ය හා බැංකු යන ශීර්ෂ 14 ක් යටතේ දත්ත ඇතුළත් වේ. මෙම ප්‍රකාශනය පුළුල් පරාසයක සමාජ-ආර්ථික දත්ත සංක්ෂිප්ත හා සාරාංශ ආකාරයෙන්  ඉදිරිපත් කරන බැවින්, එය ප්‍රතිපත්ති සම්පාදකයින්, පර්යේෂකයින්, ශාස්ත්‍රඥයින්, වෘත්තිකයන්, සිසුන් සහ මහජනතාව සඳහා ප්‍රයෝජනවත් ප්‍රකාශනයක් වනු ඇත.

  • The Central Bank of Sri Lanka keeps the Overnight Policy Rate (OPR) unchanged

    මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳ ව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5% ඉලක්කය කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාස කරයි.

  • SL Purchasing Managers’ Index (PMI) – August 2025

    2025 අගෝස්තු මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

    නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 55.2ක අගයක් වාර්තා කළේය. මෙමගින් පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද නිෂ්පාදන කටයුතුවල වර්ධනයක් පිළිබිඹු කරනු ලැබීය. මෙහිදී,  සියලුම උප දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතුනි.  

  • Public Awareness on the Rs. 2000 Circulated Commemorative Currency Note Issued to Mark the 75th Anniversary of the Central Bank of Sri Lanka

    ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් 2025.08.29 දින රුපියල් 2000 ක සංසරණය සඳහා වන සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරන ලදී. 

    නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ (Calibration) ක්‍රියාවලියක යෙදී සිටී. මෙම ක්‍රියාවලියේ ප්‍රගතියට අනුකූලව, නව මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරනු ලැබේ.

Pages