පාර්ලිමේන්තු සභාවේ ද අනුමැතිය ඇතිව, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති නීතීඥ, සංජීව ජයවර්ධන මහතා 2027 ජූනි 6 වන දා තෙක්, වසර 6ක නව ධුර කාලයක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට යළි පත් කරන ලදී.
සංජීව ජයවර්ධන මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පත් වූ ප්‍රථම ජනාධිපති නීතිඥවරයා ද වේ.
ඔහු වර්තමානයේ දී විදේශ ණය අධීක්ෂණ කමිටුවෙහි මුදල් මණ්ඩල මට්ටමේ සභාපතිවරයා ලෙසත්, අවදානම් අධීක්ෂණ කමිටුවෙහි සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි. එමෙන්ම, ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ ආචාර ධර්ම කමිටුවෙහි සභාපතීත්වය ද දරයි.