කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 6.0හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 5.7 දක්වා පහළ ගියේ ය. 2020 සැප්තැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 11.5හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 10.0 දක්වා පහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 3.5හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 3.8 දක්වා ඉහළ ගියේ ය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 4.3හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.5 දක්වා ඉහළ ගියේ ය.