• AML Compliance Requirements for Gem and Jewellery Sector in Sri Lanka

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් “මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අනුකූලතා වගකීම් සහ නව ප්‍රවණතාවයන්” යන මැයෙන් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2023 ජූලි 04 වන දින සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති/ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලද අතර මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජේ. ඒම්. තිලකා ජයසුන්දර මහත්මිය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා මහතා, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති අජ්වාර්ඩ් ඩීන් මහතා සහ ලංකා මැණික් අලෙවිකරුවන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමයේ සභාපති යූ. ජී. චන්ද්‍රසේන මහතා ඇතුළුව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැලෙන්නන් සියයකට අධික පිරිසක් සහභාගී විය.

  • Sri Lanka Purchasing Managers’ Index (Manufacturing and Services) - June 2023

    2023 ජුනි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් ද නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් ද පෙන්නුම් කරන ලදී.

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය, නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසුබෑම පෙන්නුම් කරමින් 2023 ජුනි මාසයේ දී 47.3ක දර්ශක අගයක් වාර්තා කරන ලදී. මේ සඳහා සියලුම උප-දර්ශකයන්ගේ මන්දගාමී ක්‍රියාකාරීත්වය හේතු විය.

    සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2023 ජුනි මාසයේ දී 56.7ක දර්ශක අගයක් දක්වා තවදුරටත් ඉහළ ගිය අතර, එය 2022 ජනවාරි මාසයේ සිට වාර්තා වූ ඉහළම අගය විය. මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම් හේතු විය. කෙසේ වුවද, ජුනි මාසය තුළ දී නිමකිරීමට නියමිත කාර්යයන් අඛණ්ඩව පහළ ගිය අතර, සේවා නියුක්තිය නොවෙනස්ව පැවතුනි.

  • The Central Bank releases a Pamphlet on Monetary Policy Implementation in Sri Lanka

    ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මහ බැංකුවේ කාර්යභාරය පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා  මහ බැංකුව විසින් “ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම” පිළිබඳ පත්‍රිකාවක් භාෂා තුනෙන්ම නිකුත් කර ඇත. මෙම ප්‍රකාශනය, ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් සන්නිවේදන උපාය මාර්ගයේ කොටසක් ලෙස, මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ තාක්ෂණික කරුණු පිළිබඳ සරල සාකච්ඡාවක් ඉදිරිපත් කරන අතර, විවිධ පාර්ශ්වකරුවන්ට මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය, ක්‍රියාත්මක කිරීම, මුදල් උපකරණ සහ සම්ප්‍රේෂණය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙන්ම, සාමාන්‍ය ජනතාව අතර මුදල් මෙහෙයුම් කටයුතු පිළිබඳ වැරදි වැටහීම් ඉවත් කිරීමට ද මෙම පත්‍රිකාව උපකාරී වනු ඇත.

  • Non-Renewal of the Money Changing Permits issued to fifteen (15) Money Changers (MCs) for the year 2023

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පහත නම් සඳහන් කර ඇති මුදල් හුවමාරු කරන්නන් පහළොස් දෙනා වෙත නිකුත් කරන ලද මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර 2023 වර්ෂය සඳහා අළුත් නොකිරීමට තීරණය කරන ලද අතර එය 2022 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසියකට අනුකූල නොවීම හේතුවෙන් සිදුකරන ලදී. තවද එය 2023.02.22 වන දින ඔවුන් වෙත දැනුම් දෙන ලදී.

  • Real Estate Agents are Advised to Ramp up AML Measures

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් “මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අනුකූලතා බැඳීම් සහ නව ප්‍රවණතාවයන්” මැයෙන් නිශ්චල දේපළ වෙළෙඳාම් අංශය දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 ජුනි 26 වන දින සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති/ මුදල් විශුද්ධිකරණය වැලැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව් එස් සත්‍යානන්ද මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලද අතර ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ආර් එච් රුවිනිස් සහ නිශ්චල දේපළ වෙළෙඳාම් අංශය නියෝජනය කරමින් හාර්ඩි ජමල්දීන් යන මහත්වරු ද සභාව ඇමතූ අතර සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති සරණ කරුණාරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

  • The Central Bank of Sri Lanka further reduces Policy Interest Rates

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 ජූලි මස 05 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 11.00 සහ සියයට 12.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කළේය. අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වේගවත් නිර්-උද්ධමන ක්‍රියාවලිය සහ පාලනය වූ උද්ධමන අපේක්ෂා ඇතුළු ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මූල්‍ය වෙළඳපොළ පීඩන ලිහිල් කරන අතරම මැදි කාලීනව ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට සහ උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී කිරීමේ අරමුණින් මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.

  • Extension of the Suspension of Business of Perpetual Treasuries Limited

    ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2023 ජූලි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

  • CCPI based headline inflation recorded another sharp decline in June 2023

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 මැයි මාසයේ වාර්තා වූ සියයට 25.2හි සිට 2023 ජුනි මාසයේ දී සියයට 12.0 දක්වා පහළ යෑමක් වාර්තා කළේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, 2023 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වේ.

  • External Sector Performance - May 2023

    සමස්ත වෙළඳ හිඟය, 2023 වසර තුළ මේ දක්වා පහළ මට්ටමක පැවතුණි. 2023 වසරේ මැයි මාසයේ දී වෙළඳ හිඟය, 2022 වසරේ පෙබරවාරි මාසයෙන් පසු පළමු වරට වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව පුළුල් විය.

    2023 වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පෙර මාසයට වඩා ඉහළ අගයක් වාර්තා කළේය. සංචාරක ඉපැයීම් ශක්තිමත් වර්ධනයක් වාර්තා කළ ද සාමාන්‍යයෙන් සංචාරක පැමිණීම් වැඩි වශයෙන් වාර්තා නොවන කාලපරිච්ඡේදයක් නිසා 2023 වසරේ අප්‍රේල් මාසයට වඩා අඩු විය.

    2023 වසරේ මැයි මාසය තුළ දී සියයට 8.8කින් විනිමය අනුපාතිකය කැපී පෙනෙන ලෙස අතිප්‍රමාණය විය.

    රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශ ආයෝජන 2023 වසරේ මැයි මාසය තුළ දී කැපී පෙනෙන ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.

    ආසියානු සංවර්ධන බැංකුවෙන් ලද එ.ජ. ඩොලර් මිලියන 350ක ලැබීම මෙන්ම මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ශුද්ධ පදනම මත විදේශ විනිමය සැලකිය යුතු මිළදී ගැනීම් සිදු කිරීම හේතුවෙන් දළ නිල සංචිත මට්ටම, 2023 වසරේ අප්‍රේල් මස අවසන් වන විට පැවති එ.ජ. ඩොලර් බිලියන 2.8ට සාපේක්ෂව, මැයි මස අවසන් වන විට ආසන්න ලෙස එ.ජ. ඩොලර් බිලියන 3.5ක් දක්වා ඉහළ ගියේය.

  • Sri Lanka Purchasing Managers’ Index - May 2023

    2023 මැයි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් ද නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් ද පෙන්නුම් කරන ලදී.

    නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසු බෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 මැයි මාසයේ දී ඉකුත් මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද පහළ යන ලදී. ඒ අනුව,  නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 මැයි මාසයේ දී 46.2ක අගයක් වාර්තා කළ අතර , මේ සඳහා සියලුම උප-දර්ශකයන්ගේ පහළ යෑම හේතු විය.

    සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, පසුගිය මාසයේ දක්නට ලැබුණු සුළු පහත වැටීමෙන් අනතුරුව, 53.5ක දර්ශක අගයක් වාර්තා කරමින් 2023 මැයි මාසයේ දී නැවතත් වර්ධන කලාපයට ළඟා විය. මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම් හේතු විය. කෙසේ වුවද, සේවා නියුක්තිය සහ නිමකිරීමට නියමිත කාර්යයන් මැයි මාසය තුළ දී අඛණ්ඩව පහළ ගියේය.

Pages