2016 රජයේ අයවැය මගින් යෝජනා කරන ලද පරිදි ලංකාපුත්‍ර ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමග ඒකාබද්ධ කිරීමෙන් අනතුරුව 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 76එෆ් වගන්තිය සමග කියවිය යුතු 9(9) වගන්තියේ නියෝග ප්‍රාකාරව, ලංකාපුත්‍ර ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ් වෙත නිකුත් කර ඇති බලපත්‍රය 2019 අප්‍රේල් 01 දින සිට බලපැවැත්වෙන පරිදි අහෝසි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, 2019 අප්‍රේල් 01 දින සිට බලපැවැත්වෙන පරිදි ලංකාපුත්‍ර ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ් හි සියළුම වත්කම් හා වගකීම් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් අත්පත් කර ගෙන ඒකාබද්ධ කරන ලද අතර, ලංකාපුත්‍ර ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ් මගින් කරගෙන ගිය සියළු බැංකු ව්‍යාපාර කටයුතු ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් කරගෙන යනු ලබයි.