ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 17 වන අධිපතිවරයා ලෙස සිය ධූරයේ රාජකාරි කටයුතු ඇරඹුවේ ය. ආචාර්ය වීරසිංහ මහතා මුදල් සහ විනිමය අනුපාතික ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ අත්දැකීමක් සතු මහ බැංකු වෘත්තිකයෙකි. ඒ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී 2011 සැප්තැම්බර් 27 වන දින නියෝජ්‍ය අධිපති පදවියට පත් වූ අතර, අනතුරු ව 2012 සැප්තැම්බර් 01 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ලෙස සිය ධුරයේ කටයුතු ඇරඹී ය. ඕස්ට්‍රේලියානු නැෂනල් යුනිවර්සිටියෙන් ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිය හා පශ්චාත් උපාධිය හිමි කර ගත් ආචාර්ය වීරසිංහ මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි.
-
Dr. P. Nandalal Weerasinghe takes office as the Governor of the Central Bank of Sri Lanka
-
Postponement of the Announcement of the Monetary Policy Review: No. 03 of 2022
2022 අප්‍රේල් මස 05 වන දින පෙ. ව. 07.30ට දැනුම් දීමට නියමිතව තිබූ 2022 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය කල් දමන ලදී. ඒ අනුව 2022 අප්‍රේල් 05 වන දින පැවැත්වීමට සැලසුම්කොට තිබූ මාධ්‍ය සාකච්ඡාව ද කල් දමන ලදී. මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරන දිනය සහ මාධ්‍ය සාකච්ඡාව පැවත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.
-
Central Bank continues regulatory actions against errant Money Changers
ශ්‍රී ලංකා මහ බැංකුව බලයලත් මුදල් හුවමාරු ව්‍යාපාර ස්ථානයන්හි අඛණ්ඩව ස්ථානීය පරීක්ෂණ සිදු කළ අතර එහිදී පහත සඳහන් මුදල් හුවමාරු කරන්නන් බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන්ට ලබා දී ඇති විනිමය අනුපාතවලට වඩා වැඩි මිලකට විදේශ මුදල් ගනුදෙනු කර ඇති බවත්, එමගින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ ඔවුන්ට නිකුත් කර ඇති විධානයන් උල්ලංඝණය කර ඇති බවත් අනාවරණය කර ගන්නා ලදී.
-
External Sector Performance - January 2022
අඛණ්ඩව අටවැනි මාසයටත් එ.ජ ඩොලර් බිලියනය ඉක්ම වූ ඉහළ අපනයන ඉපැයීම් මධ්‍යයේ වුව ද, ආනයන වියදම අඛණ්ඩව ඉහළ යෑම හේතුවෙන් 2021 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2022 වසරේ ජනවාරි මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය පුළුල් විය. සංචාරක පැමිණීම් පෙර වසරේ එම මාසයට වඩා, 2022 වසරේ ජනවාරි මාසයේ දී කැපී පෙනෙන ලෙස යථා තත්ත්වයට පත් වීමක් පෙන්නුම් කළ අතර, 2022 වසරේ ජනවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල මන්දගාමී බවක් නිරීක්ෂණය විය. මේ අතර, ශ්‍රී ලංකාව 2022 ජනවාරි මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සාර්ථකව පියවන ලදී. දකුණු ආසියානු කලාපීය සහයෝගිතා මුල්‍ය සංවිධානය යටතේ ඉන්දියානු සංචිත බැංකුවෙන් එ.ජ. ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරු පහසුකම ලැබීමත් සමඟ, මාසය තුළ ගෙවුම් ශේෂයේ මූල්‍ය ගිණුම ශක්තිමත් විය.
-
Central Bank suspends Money Changing permit issued to Prasanna Money Exchange (Pvt) Ltd
ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවෙහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් 2022.03.30 දින ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමෙහි ස්ථානීය පරීක්ෂණයක් සිදුකරන ලදී. එකී විමර්ශනයට අනුව, ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම විසින් ඔවුන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත තම ගනුදෙනුකරුවන් වෙත ලබා දී විදේශ මුදල් මිලදී ගන්නා බවත්, එමගින්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ බලයලත් මුදල් හුවමාරු කරන්නන් වෙත නිකුත් කරන ලද විධානයන් කඩ කරන බවත් නිරීක්ෂණය විය.
-
NOTICE TO THE PUBLIC – MONEY CHANGERS
මුදල් හුවමාරු කරන්නන් විසින් සිය ගනුදෙනුකරුවන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් ලබාදීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව තහනම් කර ඇති බව මහජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.
මුදල් හුවමාරු කරන්නන්, බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ අනුපාතයන්ට විදේශ මුදල් ගනුදෙනු සිදු කරන්නේ නම් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට/ අවලංගු කිරීමට සිදුවන බව ඔවුන් වෙත දන්වා ඇත.
-
The CBSL’s Comments on the IMF Article IV Report
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ හතරවන වගන්තියට අදාළ නිලධාරීන්ගේ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. එම හතරවන වගන්තියේ ක්‍රියාවලිය පහත දැක්වෙන පරිදි සිදුවිය.
-
Clarification Regarding the Forex Sales by Banks to the Central Bank of Sri Lanka
2022.03.21 දින සිට බලපැවැත්වෙන පරිදි, මෑතකදී 25% සිට 50% දක්වා වැඩි කරන ලද විදේශ විනිමය ශ්‍රී ලංකා මහ බැංකුවට විකිණීමේ අවශ්‍යතාවය බැංකුවලට පමණක් අදාළ වන අතර, විදේශගත ශ්‍රමිකයන්ගේ විදේශ විනිමය ඉපැයීම් සහ අපනයනකරුවන්ගේ අපනයන ආදායම් සඳහා පවතින අවශ්‍යතා කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව මෙයින් දන්වා සිටී.
-
Statement from the Central Bank of Sri Lanka
බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදු කර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන අතර, බැංකු පද්ධතිය ස්ථාවර බවටත්, රාජ්‍ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදු වෙමින් පවතින බවටත්, මහජනතාව සහ සියලු පාර්ශ්වයන් වෙත මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මින් තහවුරු කරනු ලැබේ.
-
The Central Bank of Sri Lanka issues a Circulation Standard Commemorative coin to mark 150th Anniversary of Faculty of Medicine, University of Colombo
ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය පීඨය ලෙස කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය විසින් ලබා දුන් ජාතික දායකත්වය අගයමින් එහි 150 වන සංවත්සරය සනිටුහන් කිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 20 ක මුහුණත වටිනාකමක් සහිත සංසරණය සඳහා භාවිතා කරනු ලබන සමරු කාසියක් නිකුත් කරන ලදී. මෙම කාසිය නිකුත් කිරීම කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ඉල්ලීම පරිදි සිදු කරන ලදී.