2023 වසරේ පෙබරවාරි මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අපනයන ආදායමෙහි අඩු වීමට සාපේක්ෂව ආනයන වියදම කැපී පෙනෙන ලෙස පහළ ගිය අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වෙළඳ හිඟයෙහි සැලකිය යුතු පහළ යෑමක් වාර්තා විය.
2023 වසරේ පෙබරවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් අඛණ්ඩව වර්ධනය විය.
මෑත මාසවලට සාපේක්ෂව 2023 වසරේ පෙබරවාරි මාසය තුළ දී දළ නිල සංචිත තවදුරටත් ශක්තිමත් විය.
විනිමය අනුපාතිකය තීරණය කිරීමේ දී ඉහළ නම්යශීලීභාවයකට ඉඩ හැරීමෙන් පසුව 2023 වසරේ මාර්තු මාසයේ දී විනිමය අනුපාතය සැලකිය යුතු ලෙස අතිප්‍රමාණය විය.
2023 වසරේ පෙබරවාරි මාසයේ දී කොළඹ කොටස් වෙළඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ විදේශ ආයෝජනයන්හි ශුද්ධ ලැබීම් වාර්තා කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එ.ජ.ඩො. බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකම අනුමත වූ අතර එහි පළමු වාරිකය 2023 වසරේ මාර්තු මාසයේ දී ලබා දෙන ලදී.









It is with deep sorrow that we announce the demise of former Governor of the Central Bank of Sri Lanka (CBSL), Mr. H.B. Dissanayake.