• Provincial Gross Domestic Product (PGDP) - 2023

    2023 වසරේ දී ද බස්නාහිර පළාත ආර්ථිකයට ප්‍රධානම දායකත්වය ලබා දී ඇති අතර, පසුගිය වසරට සාපේක්ෂව ප්‍රතිශතාත්මකව සුළු අඩු වීමක් වාර්තා වී ඇත.

    2023 වසරේ ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය සඳහා ඉහළම දායකත්වය (සියයට 43.7) බස්නාහිර පළාත විසින් ලබා දී ඇත. කෙසේ වුවද, එම දායකත්වය පෙර වසර හා සසඳන විට සුළු අඩුවීමක් පෙන්නුම් කරයි. බස්නාහිර පළාතේ මෙම ඉහළ දායකත්වය විශේෂයෙන්ම සේවා සහ කර්මාන්ත අංශ තුළ කැපී පෙනුණි. තවද, සමස්ත ද.දේ.නි. සඳහා දෙවන සහ තෙවන ඉහළම දායකත්ව අනුපිළිවෙළින් වයඹ (සියයට 10.9) සහ මධ්‍යම (සියයට 10.3) පළාත් විසින් ලබාදෙන ලදී.

  • Progress on Combating Prohibited Schemes under Section 83(C) of the Banking Act No 30 of 1988, as amended

    මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට අවදානම් එල්ල කරනු ලබන සීඝ්‍රයෙන් ඉහළයන තහනම් යෝජනා ක්‍රමවලින් මහජනතාව ආරක්ෂාකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිගාමී පියවරයන් රැසක් ගෙන ඇත. පුද්ගලයන් හෝ ආයතනයන් බැංකු පනතේ 83ඇ(1) වගන්තියේ විධිවිධාන උල්ලංඝණය කර ඇත්තේද හෝ එසේ උල්ලංඝණය කිරීමට උත්සාහ කර ඇත්තේද යන්න තීරණය කිරීමට බැංකු පනතේ 83ඇ(3) වගන්තිය යටතේ විමර්ශන පැවත්වීම මෙම පියවරයන්ට ඇතුලත්වේ.

  • SL Purchasing Managers’ Index (PMI) – November 2024

    2024 නොවැම්බර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි

    නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 නොවැම්බර් මාසයේදී 53.3 ක දර්ශක අගයක් වාර්තා කළේය. මෙමගින් පසුගිය මාසයට සාපේක්ෂව නිෂ්පාදන කටයුතුවල වර්ධනයක් පෙන්නුම් කරන අතර, ඒ සඳහා සියලුම උප දර්ශක ධනාත්මක දායකත්වයක් ලබා දුන්නේය.

  • The Central Bank of Sri Lanka holds its 13th International Research Conference

    ශ්‍රී ලංකා මහ බැංකුව එහි ප්‍රධානතම පර්යේෂණ සමුළුව වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව දහතුන්වැනි වරටත් 2024 වසරේ දෙසැම්බර් මස 13 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විය. වර්තමානයේ පවතින විවිධ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිමය ගැටලු පිළිබඳ පර්යේෂණ සිදු කිරීම දිරි ගැන්වීම මෙම සමුළුවේ අරමුණ විය. විවිධ විෂය පරාසයන් නියෝජනය කරන පර්යේෂකයන්ගේ අදහස්, සොයාගැනීම් සහ අත්දැකීම් විවිධ මානයන් ඔස්සේ සාකච්ඡා කිරීමට මෙමගින් වේදිකාවක් සැපයිණි. කොවිඩ්-19 වසංගතය සහ ඉන් අනතුරුව රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන්, 2019 වසරෙන් පසුව ප්‍රථම වරට පැවැති මෙම සමුළුව සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

  • Shaping the future of Sri Lanka's domestic foreign exchange market with the FX Global Code

    2024 ජනවාරි මස ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති පරිදි, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, සියලු ම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඇතුළත්, දේශීය විදේශ විනිමය වෙළඳ පොළ සාර්ථක ලෙස විදේශ විනිමය පිළිබඳ ගෝලීය ප්‍රශස්ත භාවිත සංග්‍රහයට අනුගත වීම සිදුවූ අතර, ඒ අනුව සමස්තයක් වශයෙන් දේශීය විදේශ විනිමය වෙළඳ පොළ සහභාගිවන්නන් ආචාර ධර්ම සහ ඵලදායී ක්‍රියාකාරීත්වය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා වන පොදු මාර්ගෝපදේශ මාලාවක් අනුගමනය කරනු ඇත. විදේශ විනිමය පිළිබඳ ගෝලීය ප්‍රශස්ත භාවිත සංග්‍රහය දේශීය විදේශ විනිමය වෙළඳ පොළ තුළ ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන් සහ ශ්‍රී ලංකා විදේශ විනිමය සංගමයේ සහයෝගයෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් වන අතර, එය දේශීය විදේශ විනිමය වෙළඳ පොළෙහි සුවිශේෂී ප්‍රගතියක් සනිටුහන් කරයි.

  • External Sector Performance - October 2024

    ජංගම ගිණුම වෙත වූ ඉහළ ලැබීම් හේතුවෙන් 2024 වසරේ ඔක්තෝබර් මාසයේ දී විදේශීය අංශයේ ධනාත්මක ප්‍රවණතාව අඛණ්ඩව පැවතුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සංචිතවල ඉහළ යෑමක් සහ ශ්‍රී ලංකා රුපියලෙහි අතිප්‍රමාණය වීමක් සිදු විය.

  • CCPI-based headline inflation continued to remain in the negative territory in November 2024

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව තුන්වන මාසයටත් ඍණ අගයක පවතිමින් 2024 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 0.8ක අවධමනයට සාපේක්ෂව 2024 නොවැම්බර් මාසයේ දී සියයට 2.1ක අවධමනයක් වාර්තා කළේය.

     

  • SL Purchasing Managers’ Index (PMI) for Construction Industry – October 2024

    ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 ඔක්තෝබර් මාසයේදී දර්ශකාංක 54.3ක් දක්වා ඉහළ ගියේය. මැතිවරණ සමයේ පැවති අවිනිශ්චිතතා පහව යෑමත් සමගම මෙම මාසයේ දී ඉදිකිරීම් ව්‍යාපෘතිවල මෙහෙයුම් වේගවත් වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ.

  • The Central Bank of Sri Lanka introduces the Overnight Policy Rate and further eases its monetary policy stance

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 නොවැම්බර් 26 වැනි දින පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කළ අතර අලුතින් හඳුන්වාදුන් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.00ක් ලෙස තීරණය කළේය. මෙම වෙනසත් සමඟ, ප්‍රතිපත්ති පොලී අනුපාතිකයෙහි අඩු වීම බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකයෙහි දැනට පවතින මට්ටම හා සාපේක්ෂව පදනම් අංක 50ක් පමණ වේ. බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය, නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව තුළ මෙහෙයුම් ඉලක්කය ලෙස තවදුරටත් පවතී.

  • The Central Bank of Sri Lanka implements a Single Policy Interest Rate Mechanism by Introducing the Overnight Policy Rate

    2024 ජනවාරි මාසයේ ඉදිරිපත් කළ මහ බැංකුවේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මෙන්ම ඉන් අනතුරුව 2024 සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කෙරුණු තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අදාළ සැලසුමට අනුකූලව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 නොවැම්බර් මස 27 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය වෙනුවට තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට තීරණය කළේය. මෙය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව තුළ සිදු කළ තවත් වැදගත් වැඩිදියුණු කිරීමකි. ඒ අනුව, මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනුම් දීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරන ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති උපකරණය ලෙස එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (Overnight Policy Rate: OPR) හඳුන්වා දෙනු ලැබේ. මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ වෙනස්කම් ආර්ථිකයේ පාර්ශ්වකරුවන් වෙත සන්නිවේදනය කිරීම සඳහා එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නියමිත කාලසීමාවේදී සමාලෝචනය කර අවශ්‍යතාවය පරිදි සංශෝධනය කරනු ලැබේ. මෙම ප්‍රතිපත්ති වෙනස්කම තුළින් මූල්‍ය වෙළඳපොළ සහ පුළුල් ආර්ථිකය වෙත මුදල් ප්‍රතිපත්තිය දැනුම්දීම මෙන්ම සම්ප්‍රේෂණයවීමේ කාර්යක්ෂමතාව සහ සඵලතාව ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.

Pages