රටේ නිෂ්පාදන ක්‍රියාකාරකම් වඩා ඉහළ වේගයකින් යථාතත්වයට පත්වීම පිළිබිඹු කරමින්, 2021 මාර්තු මාසයේදී නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 67.0ක් ලෙස මාස 9ක් තුළ ලබාගත් ඉහළම අගය වාර්තා කරන ලදී. නිෂ්පාදනය, නව ඇණවුම් සහ තොග මිලදී ගැනුම් උප දර්ශකවල ඉහළ යාම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. විශේෂයෙන්ම, ආහාර හා පාන වර්ග නිෂ්පාදන සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශවල නව ඇණවුම් සහ නිෂ්පාදනය උප දර්ශක වල සිදුවූ සැලකිය යුතු වැඩි වීම සමස්ත දර්ශකයේ ඉහළ යාමට ප්‍රධාන වශයෙන් දායක විය. අලුත් අවුරුදු උත්සව සමය ආසන්නවත්ම විකුණුම් මෙන්ම නිෂ්පාදනය ඉහළ ගිය බව ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයේ බොහෝ ප්‍රතිචාර දක්වන්නන් විසින් සඳහන් කරන ලදී. තවද, ඉදිරි උත්සව සමය වෙනුවෙන් ලබාදෙන නිවාඩු දින ආවරණය කිරීම සඳහා මෙම මාසයේදී සිය නිෂ්පාදනය වැඩි කළ බව රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයේ ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී.
-
Sri Lanka Purchasing Managers’ Index - March 2021
-
Suspension of Business of 'Swarnamahal Financial Services PLC'
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 31(1) වන වගන්තිය ප්‍රකාරව, 2021 අප්‍රේල් මස 12 වන දින ප.ව. 5:00 සිට බලපැවැත්වෙන පරිදි ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී යන ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම සඳහා තීරණය කරන ලදී. ආයතනයේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වීම සහ නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි සාධනීය ආයෝජන යෝජනාවලියක් ඉදිරිපත් නොවීම හේතු කොටගෙන, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(1) වන වගන්තිය ප්‍රකාරව, 2020 ජුලි 13 වන දින සිට බලපැවැත්වෙන පරිදි ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී සහ එහි මව් සමාගම වන, ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම සඳහා 2020 ජූලි මස 10 වන දින තීරණය කරන ලද අතර, එම ව්‍යාපාර කටයුතු අත්හිටුවීම 2021 ජනවාරි 12 වන දින දක්වා බල පැවැත්වුණි.
-
Payment of Additional Compensation under the Sri Lanka Deposit Insurance and Liquidity Support Scheme
ද ෆිනෑන්ස් කම්පනි පී එල් සී ආයතනයේ තැන්පතුකරුවන්/නීත්‍යනුකූල තැන්පතු උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වැඩි කරන ලද වන්දි මුදල් ගෙවීම කලින් නියම කොට තිබූ පරිදි ම 2021.04.12 දින ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
-
Public awareness on Risks in investing in Virtual Currencies in Sri Lanka
අන්තර්ජාතික හා දේශීය වෙළෙඳපොළවල අතථ්‍ය මුදල් භාවිතය පිළිබඳ මෑත දී කරන ලද විමසීම් හේතුවෙන් අතථ්‍ය මුදල්වල (Virtual Currencies) ආයෝජනය කිරීම හා සම්බන්ධ අවදානම් පිළිබඳ ව මහජනයා දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. පුද්ගලික ආයතන විසින් නිර්මාණය කරන ලද ඩිජිටල් ටෝකන (Digital Tokens) අතථ්‍ය මුදල් ලෙස හදුන්වන අතර, පරිගණක තුළින් ජනනය කිරීම (Mining) මගින් හෝ, මුලික කාසි නිකුතුව (Initial Coin Offerings) හෝ අතථ්‍ය මුදල් හුවමාරු කර ගන්නා අන්තර්ජාල වෙළෙඳපොළ (Virtual Currency Exchanges) හරහා හෝ ලබා ගත හැකි ය. අතථ්‍ය මුදල් සාමාන්‍යයෙන් අප්‍රකාශිත විද්‍යුත් මුදල් (Cryptocurrencies) ලෙස ද හැඳින්වේ.
-
Central Bank commences the payment of increased compensation to the depositors of Failed Finance Companies
ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වැඩි කරන ලද රුපියල් ලක්ෂ 5ක (රු. 500,000/-) වන්දි මුදල ගෙවීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විට ආරම්භ කර ඇත. එහි දී සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්, ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්, ටී. කේ. එස්. ෆිනෑන්ස් ලිමිටඩ්, ද ෆිනෑන්ස් කම්පනි පී.එල්.සී., ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. යන ආයතනවල තැන්පතුකරුවන් / අදාළ නීත්‍යනුකූල තැන්පතු උරුමකරුවන් වෙත එම වන්දි මුදල් ගෙවනු ලැබේ.
-
The Central Bank of Sri Lanka continues its Accommodative Monetary Policy Stance
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 අප්‍රේල් මස 07 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික තත්ත්වයන් සහ, අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹුණි. අඩු උද්ධමන වාතාවරණයක් තුළ සහ මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා මධ්‍යයේ, අඩු පොලී අනුපාතික ව්‍යුහයක් පවත්වාගෙන යෑම සහ එමගින් ආර්ථිකය තිරසාර ලෙස යථා තත්ත්වයට පත්වීම සඳහා අඛණ්ඩව සහාය වීම සහතික කිරීම සඳහා මුදල් මණ්ඩලය කැපවී සිටියි.
-
Erroneous News Report on Debt Service Payments on account of Sri Lanka Development Bonds and Foreign Currency Loans from Domestic Banks
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ රජය විසින් දේශීය බැංකු මගින් ලබා ගත් විදේශීය ව්‍යවහාර මුදලින් නාමනය කරන ලද ණය සඳහා ආපසු ගෙවිය යුතු මුදල් පියවීම සැලසුම් සහගත ව ප්‍රමාද කිරීම පිළිබඳ සාවද්‍ය සහ සනාථ නො කළ වාර්තාවක් අද එක්තරා පුවත්පතක් ප්‍රකාශයට පත් කොට ඇති බව මහ බැංකුව විසින් කණස්සල්ලෙන් යුතු ව නිරීක්ෂණය කරන ලදී.
-
CCPI based Inflation increased to 4.1 per cent in March 2021
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 3.3හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 4.1 දක්වා ඉහළ ගියේ ය. 2020 මාර්තු මාසයේ පැවති පහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 7.9හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 9.6 දක්වා ඉහළ ගියේ ය. එමෙන් ම, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 1.3හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 1.8 දක්වා ඉහළ ගියේ ය.
-
The Central Bank of Sri Lanka enters into a Bilateral Currency Swap Agreement with the People’s Bank of China
දෙරටේ ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත්, දෙපාර්ශ්වයේ ම එකඟතාව මත වෙනත් අරමුණු සඳහා භාවිත කිරිමට හැකි වන පරිදිත්, ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ චීන මහජන බැංකුව (PBoC) ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹෙන ලදී. මහජන චීන ජනරජය ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවය වේ. 2020 දී, චීනයෙන් කරනු ලැබූ ආනයන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.6ක් විය (ශ්‍රී ලංකාවේ ආනයනයන්ගෙන් 22.3%).
-
NCPI based Inflation increased in February 2021
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජනවාරි මාසයේ පැවති සියයට 3.7හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 4.2 දක්වා ඉහළ ගියේ ය. ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජනවාරි මාසයේ දී පැවති සියයට 5.9හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 6.9 දක්වා ඉහළ ගියේ ය. තව ද, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජනවාරි මාසයේ පැවති සියයට 1.8හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 1.9 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය.