• SL Purchasing Managers’ Index Survey - July 2016

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 ජූනි මාසයේ වාර්තා කළ 55.1 සිට 2016 ජූලි මාසයේ දී 50.6ක් දක්වා පහළ ගියේ ය. මෙහි දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය සහ උප දර්ශක මැයි මාසයට ස‍ාපේක්ෂ ව ජූනි මාසයේ දැක් වූ සැලකිය යුතු වර්ධනයෙන් පසු ව ජූලි මාසය තුළ දී මෙ ලෙස මන්දගාමී වී ඇත. මේ සඳහා නව ඇණවුම් සහ නිෂ්පාදන දර්ශකවල පහත වැටීම ප්‍රධාන වශයෙන් හේතු විය. තව ද, සේවා නියුක්ති සහ ගැනුම් තොග දර්ශක හැරුණු කොට සියලු ම උප දර්ශක පසුගිය මාසයට සාපේක්ෂ ව පහත වැටුණි. නිෂ්පාදන සහ ගැනුම් තොග දර්ශක හැරුණු කොට සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50ට වඩා අඩු අගයක් වාර්තා කළ ද නිෂ්පාදන සහ ගැනුම් තොග දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතීම හේතුවෙන් සමස්ත දර්ශකය වර්ධනය විය. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි. 

  • Issue of a Circulation Standard Commemorative Currency Note to Mark the 70th Independence Celebration of Sri Lanka

    2018 පෙබරවාරි 4 දිනට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 1000 ක වටිනාකමින් යුත් සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරන ලදී. මෙය මහ බැංකුව විසින් නිකුත් කරන ලද 4 වැනි සමරු මුදල් නෝට්ටුව ද වේ.

    සමරු මුදල් නෝට්ටුවේ විශාලත්වය, ප්‍රමුඛ වර්ණය හා ආරක්‍ෂණ සළකුණු දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රුපියල් 1000 වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුව හා සමාන වන අතර පහත සඳහන් වෙනස්කම් පමණක් සිදු කර ඇත.

  • External Sector Performance - November 2017

    රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සඳහා විදේශීය ආයෝජන ඉහළ යෑම හේතුවෙන් ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් අඛණ්ඩ ව ඉහළ යෑම සහ සංචාරක ඉපැයීම්වල සුළු වර්ධනය, 2017 වසරේ නොවැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය සඳහා හිතකර ලෙස දායක විය. 2016 නොවැම්බර් මාසයේ දී අපනයන වටිනාකම අඩු අගයක් ගැනීම හේතුවෙන් 2017 නොවැම්බර් මාසයේ දී අපනයන අංක දෙකක අගයක වර්ධනයක් වාර්තා කරනු ලැබුව ද, ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස පුළුල් විය. මේ අතර, මැදපෙරදිග කලාපයේ පවතින අහිතකර ආර්ථික හා භූ-දේශපාලනික තත්ත්වය හේතුවෙන් විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අඛණ්ඩ ව පහත වැටුණි. ඒ අනුව, 2017 වසරේ නොවැම්බර් අවසානය වන විට ගෙවුම් තුලනයේ සමස්ත ශේෂය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.0 ක අතිරික්තයක් වාර්තා කළේය.

  • Inflation in December 2017

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2017 නොවැම්බර් මාසයේ පැවැති සියයට 8.4ට සාපේක්ෂ ව 2017 දෙසැම්බර් මාසයේ දී සියයට 7.3ක් දක්වා පහළ ගියේ ය. 2016 දෙසැම්බර් මාසයේ දී පැවැති ඉහළ පදනම් අගය මෙම පහළ යෑමට හේතු විය. 

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2017 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 7.5 හි සිට 2017 දෙසැම්බර් මාසයේ දී සියයට 7.7 දක්වා ඉහළ ගියේ ය.

  • SL Purchasing Managers’ Index Survey - December 2017

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 දෙසැම්බර් මාසයේ දී 59.1ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර එය 2017 නොවැම්බර් මාසයට සාපේ්ක්ෂ ව දර්ශක අගයයන් 0.3ක සුළු ඉහළ යෑමකි. ඒ අනුව 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂ ව දෙසැම්බර් මාසයේ දී නිෂ්පාදන කටයුතු වැඩි වේගයකින් වර්ධනය වීමක් පිළිබිඹු වේ. මේ සඳහා විශේෂයෙන් ම නිෂ්පාදන උප දර්ශකයේ ඉහළ යෑම හේතු විය. තව ද, 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂ ව ගැනුම් තොග සහ සේවා නියුක්ති යන උප දර්ශක ද වැඩි වේගයකින් වර්ධනය වූ අතර නව ඇණවුම් උප දර්ශකය අඩු වේගයකින් වර්ධනය විය. මේ අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය සඳහා අදාළ වන උප දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂ ව වැඩි වේගයකින් වර්ධනය විය. ඒ හැරුණු විට. සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලද අතර ඒ අනුව නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය සමස්තයක් ලෙස වර්ධනයක් පිළිබිඹු කළේ ය.

  • Statement Issued by the Central Bank of Sri Lanka

    2008 - 2014 කාල සීමාව තුල රජයේ සුරැකුම්පත් නිකුත් කිරීමේ දී කිසියම් අක්‍රමිකතාවක් සිදු වී ඇත්ද යන්න පිළිබඳ ව වහාම ප්‍රකාශයක් කරන ලෙස මහ බැංකුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත. 

    මෙහි දී 2018 ජනවාරි 11 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබූ ප්‍රකාශය වෙත අවධානය යොමු කරනු ලැබේ. එහි අවසාන ඡේදයේ වෝහාරික විගණනයක් සිදු කිරීම පිළිබඳ ව සඳහන් කොට ඇත. එකී විගණනයේ දී 2008 - 2014 කාල සීමාව තුළ සිදු වූ රජයේ සුරැකුම්පත් සහ සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධ කටයුතු පිළිබඳ ව විමසා බැලෙනු ඇති අතර මෙම විගණනය බාහිර පාර්ශ්වයක් විසින් සිදු කෙරෙනු ඇත. වෝහාරික විගණනය අවසාන වීමට පෙර මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කිරීම යෝග්‍ය නො වේ.

  • Statement by the Monetary Board of the Central Bank of Sri Lanka

    2015 පෙබරවාරි 1 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ සම්බන්ධවත්, රාජ්‍ය ණය සහ සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය සහ පරිපාලනය විධිමත් කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුුදල් මණ්ඩලය විසින් කරනු ලබන ප්‍රකාශය.

    2015 පෙබරවාරි 1 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසන් සභා වාර්තාව එහි ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සලකා බැලීම සඳහා ජනාධිපති ලේකම්තුමා විසින් 2018 ජනවාරි 10 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා වෙත භාර දෙනු ලැබිණි.

  • Inflation in July 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 ජූනි මාසයේ දී වාර්තා කළ සියයට 6.4 සිට 2016 ජූලි මාසයේ දී සියයට 5.8 දක්වා පහළ ගියේ ය. 2016 ජූලි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය. 

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 ජූනි මස වාර්තා වූ සියයට 3.1 සිට 2016 ජූලි මස දී සියයට 3.4 දක්වා ඉහළ ගියේ ය. 

  • Extension of the Suspension of Business of Perpetual Treasuries Limited

    ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කර ගෙන යාමේ අරමුණින්, 2018 ජනවාරි මස 4 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2018 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට තීරණය කරන ලදී.

  • Monetary Policy Review - August 2016

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මතුපිට හා මූලික උද්ධමනය 2016 ජූලි මාසයේ දී පහළ ගියේ ය. දේශීය සැපයුම් යථා තත්ත්වයට පත් වීම මෙන් ම ඇතැම් බදු සංශෝධන අත්හිටුවීම පාරිභෝගික මිල උද්ධමනය පහළ යෑමට හේතු විය. කෙ සේ වුවත්, වාර්ෂික සාමාන්‍ය මිල වෙනස් වීම් මගින් පිළිබිඹු වන පරිදි යටිදැරි උද්ධමනයේ ඉහළ යෑමේ ප්‍රවණතාව වසරේ මේ දක්වා ම නො කඩවා පැවැතුණි. 

Pages