අඛණ්ඩ ව තෙවන මාසයට ද එක්සත් ජනපද ඩොලර් බිලියනයක සීමාව පසු කරමින් 2017 වසරේ සැප්තැම්බර් මාසයේ දී අපනයන අංක දෙකක අගයකින් වර්ධනය වී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි දායක විය. කෙ සේ වුවත්, මාසය තුළ දී ඉන්ධන සහ සහල් ආනයන ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය පුළුල් විය. 2016 සැප්තැම්බර් මාසයට සාපේක්ෂ ව සංචාරකයන් පැමිණෙන ප්‍රධාන රටවලින් පැමිණි සංචාරකයන් ප්‍රමාණය සුළු වශයෙන් පහළ යෑමත් සමඟ මාසය තුළ දී සංචාරක ඉපැයීම් ද සුළු වශයෙන් අඩු විය. සැප්තැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩ ව අඩු වූ අතර එය 2017 වසරේ පළමු මාස නවය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ කැපී පෙනෙන ලෙස අඩු වීම සඳහා හේතු විය. කෙ සේ වුව ද, අඛණ්ඩ ආයෝජක විශ්වාසය පිළිබිඹු කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ ඉහළ විදේශීය ලැබීම් සමඟ මාසය තුළ දී ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම අඛණ්ඩ ව ශක්තිමත් විය.
-
External Sector Performance - September 2017
-
Establishing the Department of Foreign Exchange to Implement the Foreign Exchange Act, No. 12 of 2017
ප්‍රාග්ධන ප්‍රවාහ තවදුරටත් ලිහිල් කිරීම සහ ජංගම ගිණුම් ගනුදෙනු සහ විවිධ වර්ගයේ විදේශ ව්‍යවහාර මුදල්/රුපියල් ගිණුම් සම්බන්ධයෙන් වූ ක්‍රියාවලීන් තවදුරටත් සරල කිරීම සඳහා නව විදේශ විනිමය නීති හඳුන්වාදෙන බව රජය විසින් 2016 අයවැය යෝජනාවේ ප්‍රකාශයට පත්කරන ලදී.
මෙම නිවේදනය හා සමගාමී ව, 1953 අංක 24 දරන විනිමය පාලන පනත ඉවත් කරමින් 2017 නොවැම්බර් 20 දින සිට විදේශ විනිමය මෙහෙයුම් සඳහා වූ නව නෛතික සහ ප්‍රතිපත්ති රාමුවක් 2017 අංක 12 දරන විදේශ විනිමය පනත මගින් හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුතින් පිහිටුවන ලද විදේශ විනිමය දෙපාර්තමේන්තුව මගින් නව පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.
-
IMF Staff Concludes Visit to Sri Lanka to Discuss Progress of Economic Program
රටක සංචාරය අවසන් කිරීමෙන් පසු දූත මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන පුවත්පත් නිවේදනයන්හි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගේ මූලික නිරීක්ෂණ ඇතුළත් වේ. මෙම ප්‍රකාශනයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමේ මතය වන අතර එ මගින් අවශ්‍යයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මතය පිළිබිඹු නො කෙරේ. දූත මණ්ඩලයේ මූලික නිරීක්ෂණ පදනම් කර ගෙන කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් වාර්තාවක් පිළියෙළ කරන අතර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාච්ඡා කිරීමටත් තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරේ.
-
Inflation in October 2017
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2017 සැප්තැම්බර් මාසයේ පැවැති සියයට 8.6ට සාපේක්ෂ ව 2017 ඔක්තෝබර් මාසයේ දී සියයට 8.8ක් දක්වා ඉහළ ගියේ ය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2017 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 6.8 සිට 2017 ඔක්තෝබර් මාසයේ දී සියයට 7.1 දක්වා ඉහළ ගියේ ය.
-
Monetary Policy Review - September 2016
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2015 වසරේ දෙවන කාර්තුවේ වාර්තා කරන ලද සියයට 7.0ක වර්ධනයට සාපේක්ෂ ව 2016 දෙවන කාර්තුව තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 2.6කින් වර්ධනය වී ඇතැ යි තාවකාලික ව ඇස්තමේන්තු කර ඇත. මේ අතර 2016 වසරේ පළමු කාර්තුව තුළ ආර්ථික වර්ධනය සියයට 5.2ක් ලෙස සංශෝධනය කර ඇත.
2016 වසරේ දෙවන කාර්තුව තුළ දී සේවා අංශය ආශ්‍රිත ක්‍රියාකාරකම් සියයට 4.9කින් වර්ධනය වී ඇති අතර කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් සියයට 2.2ක් වූ මන්දගාමී වර්ධනයක් වාර්තා කළේ ය. අහිතකර කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම හේතුවෙන් කෘෂිකර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් වසරේ දෙවන කාර්තුව තුළ දී සියයට 5.6කින් සංකෝචනය විය. ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සහ ව්‍යාපාර විශ්වාසය වැඩිදියුණු වීම මෙන් ම 2016 වසරේ හතර වන කාර්තුව තුළ දී පෙර වසරේ සමාන කාලයේ දී පැවැති අගයට සාපේක්ෂ ව පදනම් බලපෑම හේතුවෙන් වසරේ දෙවන භාගය තුළ ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත් වනු ඇතැ යි අපේක්ෂා කෙරේ.
-
Sri Lanka Purchasing Managers’ Index Survey - October 2017
නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 ඔක්තෝබර් මාසයේ දී 54.8ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර එය 2017 සැප්තැම්බර් මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 4.2ක අඩුවීමකි. ඒ අනුව, 2017 සැප්තැම්බර් මාසයට සාපේක්ෂ ව ඔක්තෝබර් මාසයේ දී නිෂ්පාදන කටයුතු අඩු වේගයකින් වර්ධනය වීමක් පිළිඹිබු වේ. මෙම අඩු වර්ධනය සඳහා විශේෂයෙන් ම පසුගිය මාසයේ ඉහළ වේගයකින් වර්ධනය වූ නව ඇණවුම් සහ සේවා නියුක්තිකයන්ගේ උප දර්ශක මේ මාසයේ දී සාපේක්ෂ ව අඩු වේගයකින් වර්ධනය වීම හේතු විය. තව ද, 2017 ඔක්තෝබර් මාසයේ දී නිෂ්පාදන සහ ගැනුම් තොග යන උප දර්ශක ද අඩු වේගයකින් වර්ධනය විය. මේ අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය සඳහා අදාළ වන උප දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂ ව වැඩි වේගයකින් වර්ධනය විය. මේ සඳහා ප්‍රධාන වශයෙන් විදේශීය සැපයුම්කරුවන්ගේ අමු ද්‍රව්‍ය සඳහා අනෙකුත් රටවල්වලින් ඇති ඉහළ ඉල්ලුම හේතුවෙන් ඔවුන් ඇණවුම් සැපයීමට වැඩි කාලයක් ගත කිරීම හේතු විය.
-
Financial Intelligence Unit of Sri Lanka Entered into a Memorandum of Understanding with Department of Immigration and Emigration
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2016 සැප්තැම්බර් 27 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ දී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම මෙහි මූලික පරමාර්ථය වී ඇත. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජෙනරාල් එම් එන් රණසිංහ සහ ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ එච් අමරතුංග විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදි.
-
Statement of the Monetary Board on the Recent Media Reports
ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට යටත් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ ප්‍රාථමික වෙළෙඳ ආයතනයක් වශයෙන් කටයුතු කරනු ලබන පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්හි පරීක්ෂණ වාර්තාව සඳහා පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරණයක් ලබා දී තිබුණි.
මෙම වාර්තාව මහජනතාව වෙත නිකුත් කර ඇත්තේ නිසි අවසරයකින් තොරවයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් එම වාර්තාව සම්බන්ධයෙන් වන අභ්‍යන්තර ක්‍රියාවලිය සම්පූර්ණ කර එහි අවසන් වාර්තාව මුදල් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොමැත. මෙම අනවසර හෙළිදරව් කිරීම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව තම අභ්‍යන්තර පාලන ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කර ඇති අතර මෙම වාර්තාව අනවසර ලෙස නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාළ නීති බලගැන්වීමේ අධිකාරීන්වලට දැනටමත් පැමිණිලි කොට ඇත.
-
SL Purchasing Managers’ Index Survey - September 2016
නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 අගෝස්තු මාසයේ දී වාර්තා කළ 53.5 සිට 2016 සැප්තැම්බර් මාසයේ දීී 57.7ක් දක්වා දර්ශක අගයන් 4.2කින් ඉහළ ගියේ ය. මේ සඳහා නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකයන්ගේ වර්ධනය බෙහෙවින් දායක විය. මෙහි දී පසුගිය මාසයට සාපේක්ෂ ව ගැනුම් තොග දර්ශකය නො වෙනස් ව පැවැති අතර නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක ඉහළ ගියේ ය. කෙ සේ නමුත්, සේවා නියුක්තිය සහ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශක පසුගිය මාසයට සාපේක්ෂ ව පහළ ගියේ ය. තව ද, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 හි පැවැති අතර අනෙකුත් සියලු ම උප දර්ශක කඩඉම් අගයට වඩා වැඩි අගයක් වාර්තා විය. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.
-
Statement issued by the Monetary Board
මුදල් මණ්ඩලය විසින් 2016 ඔක්තෝබර් 14 වැනි දින පවත්වන ලද විශේෂ මුදල් මණ්ඩල රැස්වීමේ දී 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සහ 2016 අගෝස්තු 31 දිනෙන් අවසන් මාස පහ තුළ ප්‍රාථමික වෙළෙඳුන්ගේ මූල්‍ය කාර්යසාධනය ඇතුළු සමස්ත ක්‍රියාකාරිත්වය පිළිබඳ ව වූ අතුරු වාර්තාව සැලකිල්ලට භාජනය කරන ලදි. එම වාර්තාව මගින් ප්‍රාථමික වෙළෙඳුන්ගේ ක්‍රියාකාරිත්වයේ තියුණු විෂමතා මෙන් ම භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළ තුළ ඔවුන්ගේ ගනුදෙනු රටාවේ පවතින යම් යම් ගැටලු සම්බන්ධයෙන් ද අවධානය යොමු කළේ ය. ඒ අනුව මුදල් මණ්ඩලය විසින් දැනට කරමින් පවතින පරීක්ෂණ වාර්තා ක්‍රියාවලිය කඩිනමින් නිම කරන ලෙස අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දෙන ලදි. මෙය මුදල් මණ්ඩලය ඉදිරියේ දී ගත යුතු ක්‍රියා මාර්ග කඩිනමින් නිර්ණය කිරීමට ඉවහල් වනු ඇත.