ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය 2017 දෙසැම්බර් මාසයේ දී අඛණ්ඩ ව වර්ධනය වූ අතර ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් ඉහළ යෑම මීට ප්‍රධාන වශයෙන් හේතු විය. 2017 දෙසැම්බර් මාසයේ දී අපනයන ආදායම ඉහළ වේගයකින් වර්ධනය වුව ද, ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් වෙළෙඳ හිඟය පුළුල් විය. කෙ සේ වුව ද, පුළුල් වූ වෙළෙඳ හිඟය සංචාරක ඉපැයීම් හා විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අඛණ්ඩ ව ලැබීම හේතුවෙන් යම් තාක් දුරකට සමනය විය. කෙටිකාලීන සහ දිගුකාලීන ප්‍රාග්ධන ලැබීම්වල දක්නට ලැබුණු වර්ධනය මෙම මස තුළ දී ද අඛණ්ඩ ව දක්නට ලැබුණි. විදේශීය අංශයේ වූ හිතකර වර්ධනයන් පිළිබිඹු කරමින් 2017 වසරේ දී ගෙවුම් තුලනයේ එක්සත් ජනපද ඩොලර් මිලියන 2,068ක අතිරික්තයක් වාර්තා වූ අතර, 2017 වසර අවසානය වන විට රටෙි දළ නිල සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 8.0ක් විය. මේ අතර, 2017 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල සියයට 2.0කින් අවප්‍රමාණය විය.
-
External Sector Performance - December 2017
-
Inflation in January 2018
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 දෙසැම්බර් මාසයේ පැවැති සියයට 7.3ට සාපේක්ෂ ව 2018 ජනවාරි මාසයේ දී සියයට 5.4ක් දක්වා පහළ ගියේ ය. මේ සඳහා 2017 ජනවාරි මාසයේ දී පැවැති ඉහළ පදනම් අගය මෙන් ම 2018 ජනවාරි මාසයේ දී ආහාර මිල ගණන්වල සිදු වූ මාසික පහළ යෑම ද හේතු විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2017 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 7.7 සිට 2018 ජනවාරි මාසයේ දී සියයට 7.6 දක්වා පහළ ගියේ ය.
-
Sri Lanka Listing in the Financial Action Task Force and Measures Initiated by Sri Lanka to Improve Global AML/CFT Standards
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස කටයුතු කරනු ලබන මූල්‍ය කාර්ය සාධක බලකාය (Financial Action Task Force - FATF) විසින් මුදල් විශුද්ධිකරණය/ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ගෝලීය වශයෙන් සිදුවන වෙනත් අදාළ වැරදි වැළැක්වීම සඳහා නිර්දේශ 40ක් හඳුන්වා දී ඇත. මූල්‍ය කාර්ය සාධක බලකායට අනුබද්ධිත කලාපීය සංවිධානයක් ලෙස මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම (Asia Pacific Group on Money Laundering – APG) කටයුතු කරනු ලබන අතර, මූල්‍ය කාර්ය සාධක බලකායේ නිර්දේශවලට කලාපය තුළ ඇති අනුකූලතාව ඔවුන් විසින් නිරීක්ෂණය කරනු ලබයි. තව ද, ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙක් වේ.
-
SL Purchasing Managers’ Index Survey - January 2018
නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017දෙසැම්බර් මාසයේ දී වාර්තා කළ 59.1ක දර්ශක අගයට සාපේක්ෂ ව 2018 ජනවාරි මාසයේ දී 51.7ක දර්ශක අගයක් වාර්තා කළේ ය. ඒ අනුව 2017 වසරේ අවසාන මාස දෙක තුළ දී දක්නට ලැබුණු සෘතුමය ඉහළ යෑමෙන් අනතුරු ව, නිෂ්පාදන අංශයේ කටයුතු 2017 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂ ව ජනවාරි මාසයේ දී අඩු වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කෙරේ. මේ සඳහා, නිෂ්පාදන සහ නව ඇණවුම් උප දර්ශකවල දක්නට ලැබුණු මන්දගාමිත්වය ප්‍රධාන වශයෙන් හේතු විය. තව ද, සේවා නියුක්ති උප දර්ශකය 2017 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂ ව 2018 ජනවාරි මාසයේ දී මන්දගාමී වූ අතර ගැනුම් තොග උප දර්ශකය පහත වැටීමක් පෙන්නුම් කරයි. මේ අතරතුර දී, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය උප දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් ඉහළ ගියේ ය.
-
Regulatory Action on a Primary Dealer – Pan Asia Banking Corporation PLC
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, 2018 පෙබරවාරි මස 14 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී හි ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2018 පෙබරවාරි මස 15 වැනි දින පෙ.ව. 10.00 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට තීරණය කරන ලදී.
-
Monetary Policy Review - No. 1 of 2018
පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳ සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2018 පෙබරවාරි 14 වන දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස වූ අතර, ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගැනීමට තීරණය විය.
මැදිකාලීන ව උද්ධමනය මැදි-තනි අගයක මට්ටමේ පවත්වා ගෙන යෑම සහ එමගින් තිරසාර වර්ධනයකට පහසුකම් සැලසීමේ අරමුණ සමඟ මුදල් මණ්ඩලයේ මෙම තීරණය අනුකූල වේ. මෙම මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සඳහා තුඩු දුන් සාධක පහත පරිදි වේ.
-
Provincial Gross Domestic Product – 2015
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2010වසර පදනම් වර්ෂය ලෙස සලකා (2010 - ස්ථාවර මිල ගණන් යටතේ) සකස් කර ප්‍රකාශයට පත් කරන ලද දළ දේශීය නිෂ්පාදිත ඇස්තමේන්තු පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් 2015 වසර සඳහා පළාත් දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන ලදි. දළ දේශීය නිෂ්පාදිතය හා සම්බන්ධ එක් එක් අයිතමවල අගයන් පළාත් මට්ටමින් සකස් කර ගත් දර්ශක පදනම් කොට ඒ ඒ පළාත් සඳහා බෙදා හැරීමෙන් පළාත් දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන ලදි.
2015 වසරේ දී, ස්ථාවර මිල (මූර්ත අගය) අනුව සියයට 4.8කින් වර්ධනය වූ දළ දේශීය නිෂ්පාදිතය පවත්නා වෙළෙඳපොළ මිල (නාමික අගය) අනුව රුපියල් බිලියන 11,183 දක්වා සියයට 7.0කින් වර්ධනය විය. පවත්නා වෙළෙඳපොළ මිල අනුව ගණනය කළ පළාත් දළ දේශීය නිෂ්පාදිතය සංඛ්‍යා සටහන 1හි දක්වා ඇත.
-
External Sector Performance - May 2016
වෙළෙඳ හිඟය පුළුල් වීම, සංචාරක ඉපැයුම් අඛණ්ඩ ව වර්ධනය වීම සහ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වර්ධනය වීම සමඟ 2016 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්වී ය. පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂ ව ආනයන වියදම සුළු වශයෙන් වර්ධනය වූ අතර තේ, රබර් නිෂ්පාදන සහ රෙදිපිළි සහ ඇඟලුම් අපනයනයන්හි මන්දගාමී ක්‍රියාකාරිත්වය හමුවේ අපනයන ඉපැයුම් අඩු වීම හේතුවෙන් වෙළෙඳ හිඟය පුළුල් විය. කෙ සේ නමුත්, සමුච්චිත පදනම මත 2016 මැයි මාසය අග වන විට වෙළෙඳ හිඟය ඉහළ යෑමෙන් වූ බලපෑම සංචාරක සේවා මත වූ අඛණ්ඩ ඉපැයීම්, වර්ධනය වූ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සහ මූල්‍ය ගිණුම වෙත වූ මධ්‍යස්ථ ලැබීම් ප්‍රමාණය සමඟ තරමක් දුරට සමනය විය.
-
Economic and Social Statistics of Sri Lanka - 2016
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රකාශනයක් වන 'ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2016' පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. මෙම ප්‍රකාශනයේ දළ දේශීය නිෂ්පාදිතය, කෘෂිකර්මය, කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම සහ මූල්‍ය කටයුතු, රාජ්‍ය බැංකු, බැංකු සහ මූල්‍ය ආයතන, මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ, මිල හා වැටුප්, ශ්‍රම බලකාය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය හා විදුලි සංදේශ සේවා, ජනගහනය සහ දේශගුණය යනාදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ තත්ත්වය පිළිබිඹු වන දර්ශක මෙන් ම අනෙකුත් රටවල තෝරා ගත් ආර්ථික සහ සමාජ දර්ශක ද ඇතුළත් වේ. ඊට අමතර ව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද ආදායම් හා වියදම් පිළිබඳ සමීක්ෂණයෙන් සොයා ගත් ශ්‍රී ලංකාවේ ජීවන තත්ත්වය, දරිද්‍රතාව සහ කුටුම්භ ලක්ෂණවලට අදාළ තොරතුරු ද මෙහි ඇතුළත් කර ඇත. තව ද, මූලික ආර්ථික විචල්‍යයන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ද පළාත් මට්ටමින් මෙම ප්‍රකාශනයේ ඇතුළත් වේ.
-
Clarification over Recent Media Reports on Recording of Government Debt
2018 පෙබරවාරි 8 වැනි දින රාජ්‍ය ණය වාර්තා කිරීම සහ ගිණුම් පවත්වා ගැනීම පිළිබඳ ව පැවැති මාධ්‍ය වාර්තා කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.