නිති ඇසෙන පැන 

අපගේ මව්බිමට ආධාර කරමු

ශ්‍රී ලංකාවට මගේ නොමසුරු පරිත්‍යාගය අවශ්‍ය වන්නේ ඇයි? 

ඔබ දන්නා පරිදි, රටේ විදේශ විනිමය සංචිත පහළ වැටීමේ ප්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය ඖෂධ, ඉන්ධන සහ ආහාර යනාදී දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට මහත් දුෂ්කරතා ඇති වී තිබීම හේතුවෙන්  සියලු ශ්‍රී ලාංකිකයෝ මේ වන විට සමාජීය, ආර්ථික සහ මූල්‍යමය අසීරුතාවන්ට මුහුණ දෙමින් සිටිති. එබැවින්, ශ්‍රී ලංකාවේ ජනතාව විසින් මුහුණ දෙනු ලබන දුෂ්කරතා අවම කිරීම සඳහා ඔබගේ  විදේශ විනිමය පරිත්‍යාග බෙහෙවින් අවැසි වේ. 

පරිත්‍යාග බලාපොරොත්තු වන්නේ කාගෙන්ද ? / පරිත්‍යාග කළ හැක්කේ කාටද ? / සුදුසුකම් ලබන්නේ කවුරුන් ද?

විදෙස්ගත සියලුම ශ්‍රී ලාංකිකයන් සහ සහාය ලබා දීමට අපේක්ෂා කරන වෙනත් ඕනෑම අයෙකු හෝ ආයතනයක්.

මාගේ පරිත්‍යාගය ලබාදිය හැක්කේ කෙසේද? 

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පවත්වා ගෙන යනු ලබන පහත සඳහන් ඕනෑම බැංකු ගිණුමකට බැංකු පැවරුමක් ඔස්සේ ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකිය.    

 

ව්‍යවහාර මුදල

බැංකුවේ නම

ගිණුම් තොරතුරු 

1.

එ.ජ. ඩොලර්  (USD)

Deutsche Bank Trust Company Americas

නිව්යෝර්ක්,  NY

ඇමරිකාව

 

ගිණුම්ලාභියාගේ නම: ශ්‍රී ලංකා මහ බැංකුව

ගිණුම පවත්නා බැංකුව : Deutsche Bank Trust Company Americas

ගිණුම් අංකය: 04015541

ගිණුම් වර්ගය: ඉල්ලුම් තැන්පතු ගිණුම (DDA)

Routing No : 021001033

SWIFT CODE : BKTRUS33XXX

2.

Euro (EUR)

ODDO BHF Bank -

Frankfurt Am Main

ජර්මනිය 

ගිණුම්ලාභියාගේ නම: ශ්‍රී ලංකා මහ බැංකුව

ගිණුම පවත්නා බැංකුව : ODDO BHF බැංකුව

ගිණුම් අංකය: 0000739854

IBAN : DE39500202000000739854

SWIFT CODE: BHFBDEFF500

3. ස්ටර්ලින් පවුම් (GBP) HSBC ලන්ඩන් 

ගිණුම්ලාභියාගේ නම: ශ්‍රී ලංකා මහ බැංකුව

ගිණුම පවත්නා බැංකුව : HSBC Bank Plc

ගිණුම් අංකය: 39600144

Sort Code : 40-05-15

IBAN : GB48MIDL40051539600144

SWIFT CODE: MIDLGB22XXX

4. ස්ටර්ලින් පවුම් (GBP)

Bank of Ceylon (UK) LTD 

ලන්ඩන්, එක්සත් රාජධානිය  

ගිණුම්ලාභියාගේ නම: ශ්‍රී ලංකා මහ බැංකුව

ගිණුම පවත්නා බැංකුව: Bank of Ceylon (UK) LTD 

ගිණුම් අංකය: 88001249

Sort Code : 40-50-56

IBAN : GB89BCEY40505688001249

SWIFT CODE: BCEYGB2LXXX

5. ජපාන යෙන් (JPY)

MUFG BANK 

ටෝකියෝ

ගිණුම්ලාභියාගේ නම: ශ්‍රී ලංකා මහ බැංකුව

ගිණුම පවත්නා බැංකුව: MUFG BANK 

ගිණුම් අංකය: 653-0407895

SWIFT CODE: BOTKJPJTXXX

6.

ඕස්ට්‍රේලියානු ඩොලර්

(AUD)

ඕස්ට්‍රේලියාවේ සංචිත බැංකුව

ගිණුම්ලාභියාගේ නම: ශ්‍රී ලංකා මහ බැංකුව

ගිණුම පවත්නා බැංකුව: ඕස්ට්‍රේලියානු සංචිත බැංකුව

ගිණුම් අංකය: 81736-4

BSB : 092002

SWIFT CODE: RSBKAU2SXXX

7.*

චීන රෙන්මින්බි හෝ යුවාන් (CNY)

The Hongkong and Shanghai Banking Corporation

ගිණුම්ලාභියාගේ නම: ශ්රී  ලංකා මහ බැංකුව

ගිණුම පවත්නා බැංකුව: The Hongkong and Shanghai Banking Corporation

බැංකුව පිහිටි රට: හොංකොං

ගිණුම් අංකය: 511-191306-209

SWIFT: HSBCHKHHHKH

ගිණුමේ භාවිතා වන ව්ය වහාර මුදල් වර්ගය: CNH

ගිණුමේ භාවිතා වන ව්ය වහාර මුදල් වර්ගය: CNY (SWIFT format currency code)

*2022.05.30 වන දින ප්‍රකාශයට පත් කළ නව ගිණුම්

පරිත්‍යාග යැවිය යුතු ප්‍රතිලාභියාගේ ලිපිනය සහ දුරකථන අංකය කුමක්ද? 

ලිපිනය : 30, ජනාධිපති මාවත, කොළඹ, 00100, ශ්‍රී ලංකාව.
දු.ක.  : +94112477317

මගේ පරිත්‍යාගය ලැබුණු බව තහවුරු කර ගත හැක්කේ කෙසේද ? 

ගෙවීම තහවුරු කිරීමෙහි ඡායාරූපයක් fdacc@cbsl.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කිරීම මගින් ඔබට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දෙනු ලබන ප්‍රථම ප්‍රතිචාරය ලබා ගත හැකිය.  ඔබගේ පරිත්‍යාගය, අදාළ ගිණුමට බැර වූ පසු සහ බැංකු සැසඳුම් කිරීමෙන් අනතුරුව, පරිත්‍යාගය ලැබුණු බවට තහවුරු කිරීමේ දෙවෙනි විද්‍යුත් තැපැල් පණිවිඩය ඔබට ලැබෙනු ඇත.

මගේ පරිත්‍යාගය වෙනුවෙන් අමතර තොරතුරු ලබා ගැනීම සඳහා, මා ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සම්බන්ධ වන්නේ කෙසේද?

fdacc@cbsl.lk විද්‍යුත් තැපෑල හෝ +94768315782 යන වට්ස්ඇප් (WhatsApp) අංකය ඔස්සේ පණිවිඩයක් එවීමෙන් ඕනෑම විමසීමක් සිදු කළ හැකිය.

අත්‍යවශ්‍ය අයිතම ආනයනය කිරීම සඳහා පමණක් මගේ පරිත්‍යාගය භාවිත කෙරෙනු ඇති බවට මා සහතික කර ගන්නේ කෙසේද? 

මෙම ඉල්ලීම යටතේ ලැබෙන සියලුම විදේශ විනිමය පරිත්‍යාග ඖෂධ, ඉන්ධන සහ ආහාර වැනි බෙහෙවින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා පමණක් භාවිත කරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වේ. 

මෙම විදේශ විනිමය ලැබීම් සහ ඒවායෙහි භාවිතයේ විනිවිදභාවය පවත්වා ගෙන යාම සඳහා මහ බැංකු අධිපතිතුමන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත. ලැබෙන සියලුම විදේශ විනිමය පිළිබඳ මූල්‍ය ප්‍රකාශ සෑම මසකම, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය වන https://www.cbsl.gov.lk ඔස්සේ පළ කිරීමේ වගකීම මෙම කමිටුව සතු වේ. සියලු පරිත්‍යාග සහ එහි භාවිතයන් කාලීනව ස්වාධින විගණනයකට යටත් කරනු ලැබේ. තවද දෙසතියකට වරක් ගිණුම්ගත වූ පරිත්‍යාග යාවත්කාලීන කර ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වූ කාර්යය දැනටමත් අරඹා ඇත.