ශ්‍රී ලංකා මහ බැංකුවේ ආයතනික වෙබ් අඩවිය නව මුහුණුවරකින්

නව්‍යකරණය කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ ආයතනික වෙබ් අඩවිය දියත් කිරීම අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අතින් 2018 මාර්තු මස 28 වැනි දා සිදු විය. https://www.cbsl.gov.lk යන වෙබ් ලිපිනය ඔස්සේ මෙම වෙබ් අඩවියට ප්‍රවේශ විය හැකි ය. 

නව වෙබ් අඩවියේ විශේෂාංග අතරට වැඩි තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් වීම, භාවිතයේ පහසුව, ජංගම දුරකථන ඔස්සේ ද ප්‍රවේශ වීමේ හැකියාව හා සක්‍රීය සමාජ මාධ්‍ය සම්බන්ධතාවක් ලබාදීම ආදී පහසුකම් ද අයත් වේ. සරල මුහුණුවරකින් යුතු මෙම වෙබ් අඩවියෙන් කාර්යක්ෂම හා වේගවත් අයුරින් තොරතුරු වෙත ප්‍රවේශ විය හැකි බැවින් වෘත්තීයවේදීන්, මහජනතාව, මාධ්‍යකරුවන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට වඩාත් පහසුවෙන්  පරිශීලනය කළ හැකි ය. 

පිළිවෙළින් 2014 සහ 2016 වසරවල පැවැති ජාතික මට්ටමේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේ දී  රාජ්‍ය අංශයේ විශිෂ්ටතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මානය සහ ආයතනික මෘදුකාංග යෙදවුම් කාණ්ඩය යටතේ රන් සම්මානය  හිමි කර ගත් ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව සිය වෘත්තීය දක්ෂතා සහ නිපුණතා උපයෝගී කර ගනිමින් වඩාත් ඉහළ පරිශීලන අත්දැකීමක් ලැබිය හැකි පරිදි මෙම වෙබ් අඩවිය සංවර්ධනය කිරීම සඳහා දායක විය. 

 

Published Date: 

Wednesday, March 28, 2018