ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ ද ‍ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන්ට රක්ෂණ වන්දි ගෙවීම

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ වූ ප්‍රතිපාදනයන්ට අනුව ද ‍ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයට මූල්‍ය ව්‍යාපාර කටයුතුවල නියැලීම සඳහා ලබා දී තිබූ බලපත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020.05.22 වන දින සිට බල පැවැත්වෙන පරිදි අහෝසි කර ඇත.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ පවතින ප්‍රතිපාදන අනුව රක්ෂණය වී ඇති සියලු ම තැන්පත්කරුවන්ට රුපියල් 600,000.00ක උපරිමයක් දක්වා වන්දි ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගනු ඇත. නො ගෙවූ ශේෂයක් වෙතොත් ද ‍ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ වත්කම් ඈවර කිරීමෙන් පසු ව එකී මුදල් ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම කටයුත්ත සඳහා පත් කර ඇති නියෝජිත බැංකු ආයතනය වන මහජන බැංකුව මගින් වන්දි මුදල් ගෙවීම සිදු කරනු ලැබේ. ද ‍ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ ශාඛා පැවති ප්‍රදේශයන්හි පිහිටා ඇති මහජන බැංකු ශාඛා මගින් පළමු අදියරේ ගෙවීම් කටයුතු එක් ගිණුමක් පමණක් හිමි තනි පුද්ගල තැන්පත්කරුවන් සඳහා 2020 ජූනි මස 07 දින සිට ආරම්භ කරනු ලැබේ. 

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහත සඳහන් දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැක.

මහජන බැංකුව : 0112-481594, 0112-481320, 0112-481612, 0112-481703

ශ්‍රී ලංකා මහ බැංකුව : 011-2398788, 0112-477261

 

Published Date: 

Thursday, June 4, 2020