මුල්‍ය සාක්ෂරතාවය සහ තහනම් මුල්‍ය යෝජනා ක්‍රම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් රාජ්‍ය නිලධාරීන් සදහා සංවිධානය කරන ලද “මුල්‍ය සාක්ෂරතාවය සහ තහනම් මුල්‍ය යෝජනා ක්‍රම ” පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන 2019 මාර්තු මස 07 වන දින පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ හා බලගැන්වීමේ දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ සහකාර අධ්‍යක්ෂ අරුණ විජේසිරි මහතා සහ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ සහකාර අධ්‍යක්ෂ කීර්ති දුනුතිලක මහතා විසින් සම්පත් දායකත්වය ලබාදෙන ලදී .