"මෑත කාලින ආර්ථික ප්‍රවණතා" අධ්‍යාපනික වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් සඳහා සංවිධානය කරන ලද "මෑත කාලින ආර්ථික ප්‍රවණතා" පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන 2019 මාර්තු මස 06 වන දින ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලයේ දී සිසුන් 250ක ගේ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්විණි.