ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 වසර සඳහා වන වාර්ෂික වාර්තාව

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 66 වැනි වාර්ෂික වාර්තාව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් පිළිගැන්වූ අතර 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව ගරු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ද පිළිගන්වන ලදි.

(ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් 2015 වසර සඳහා වූ වාර්ෂික වාර්තාව අ.ිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ගරු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත පිළිගැන්වීම. මහ බැංකුවේ නියෝජ්‍ය අධීපතිවරුන් වන ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා, එස් ලංකාතිලක මහතා, මහ බැංකුවේ සහකාර අධිපති කේ ඩී රණසිංහ මහතා සහ මහ බැංකුවේ ආර්තික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ එම් මහින්ද සිරිවර්ධන මහතා ද ඡායාරූපවල වෙ‍ති.)

 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, April 26, 2016