විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2016 ජනවාරි

2016 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් පෙන්වී ය. 2016 ජනවාරි මාසයේ දී වෙළෙඳ හිඟය අඩු වූ අතර සංචාරක ඉපැයීම් ලෙස වූ විදේශ විනිමය ලැබීම්හි සාපේක්ෂ ඉහළ වර්ධනයක් වාර්තා විය. තව ද, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මගින් වූ ලැබීම් ද මෙම කාල පරිච්ඡේදය තුළ දී ඉහළ ගියේ ය. 2016 ජනවාරි මාසයේ දී අපනයන ආදායමේ සිදු වූ අඩු වීමට සාපේක්ෂ ව ප්‍රධාන වශයෙන් ඉන්ධන, මෝටර් රථ සහ සහල් ආනයනයේ සිදු වූ පහළ යෑම මගින් ආනයන වියදමේ සිදු වූ ඉහළ අඩු වීම හේතුවෙන් වෙළෙඳ හිඟය අඩු විය. කෙ සේ නමුත් මෙම කාල පරිච්ඡේදය තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් ශුද්ධ ගෙවීමක් වාර්තා විය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, May 6, 2016