ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනයේ තැන්පත්කරුවන් සඳහා මුදල් ගෙවීම

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී යන ආයතන සම්බන්ධ ව 2018.01.02 දින නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය හා බැ‍ඳේ. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තැන්පත්කරුවන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරු ව ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනයේ මුළු තැන්පතු වගකීම්වලින් සියයට 10ක් තැන්පත්කරුවන් වෙත ගෙවීමට, ආයතනය වෙත උපදෙස් ලබා දී ඇත. මෙම ගෙවීම 2018.07.10 දින ආරම්භ කෙරෙනු ඇත. මෙම ගෙවීම් සැලැස්ම පිළිබඳ විස්තර තැන්පත්කරුවන් වෙත ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනය විසින් ඉක්මනින් දැනුම් දෙනු ඇත. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ විධානයන් ක්‍රියාත්මක කිරීමට පසුගිය මාස 6ක කාලය තුළ සහයෝගය දැක් වූ සියලු ම පාර්ශ්වයන්ට ශ්‍රී ලංකා මහ බැංකුව සිය ස්තූතිය පල කර සිටින අතර, ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනයේ ව්‍යාපාරික කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීමට හා එය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත් කරන ලද කළමනාකරණ මණ්ඩලයට සහයෝගය ලබා දෙන ලෙසත් එතෙක් ඉවසිලිවන්ත ව කටයුතු කරන ලෙසත් සියලු ම තැන්පත්කරුවන්ගෙන් ඉල්ලා සිටී. මේ සම්බන්ධ ව ගනු ලබන තීරණ පිළිබඳ තොරතුරු යථා කාලයේ දී දැනුම් දීමට ද කටයුතු කරනු ඇත.

 

 

Published Date: 

Tuesday, July 10, 2018