ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය - 2016

සමස්ත රටේ සහ එහි පළාත්වල සෞභාග්‍ය තත්ත්වය මැනීම සහ සැසඳීම සිදු කරනු ලබන බහුමාන දර්ශකයක් වන ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය පෙර වසරේ වාර්තා කළ 0.685ක අගයේ සිට 2016 වසරේ දී 0.746 දක්වා වර්ධනය වී ඇත. ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකයේ උප දර්ශකවල හැසිරීම විශ්ලේෂණය කිරීමේ දී 2015 වසරේ සිට 2016 වසර දක්වා වූ කාල පරිච්ඡේදය තුළ දී ආර්ථික සහ ව්‍යාපාරික පරිසරය සහ ජන ජීවිතයේ යහපැවැත්ම මනිනු ලබන උප දර්ශක වර්ධනය වූ අතර සමාජ ආර්ථික යටිතල පහසුකම් උප දර්ශකය සුළු වශයෙන් අඩු විය. 

සේවා නියුක්ති අනුපාතිකය, අවිධිමත් අංශයේ වැටුප්, කර්මාන්ත ශාලා ඝනත්වය සහ බැංකු ශාඛා ඝනත්වය යනාදියේ වැඩි වීම ආර්ථික සහ ව්‍යාපාරික පරිසරය උප දර්ශකයේ ඉහළ යෑමට දායක විය. ජන ජීවිතයේ යහපැවැත්ම උප දර්ශකය වැඩිදියුණු වීම සඳහා සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ එය ලබා ගැනීමට ඇති හැකියාව, මහජනතාවගේ වත්කම් සහ විනෝදය සඳහා වූ පහසුකම් පැවතීම සහ භාවිතය යනාදියේ වැඩි වීම මූලික වශයෙන් හේතු විය. සමාජ ආර්ථික යටිතල පහසුකම් උප දර්ශකයේ මධ්‍යස්ථ හැසිරීම කෙරෙහි නල ජලයේ ගුණාත්මකභාවය අඩු වීම, ප්‍රජා කටයුතු සඳහා කාන්තා දායකත්වය අඩු වීම සහ ප්‍රවාහන පහසුකම් සඳහා වූ ප්‍රවේශ පහත වැටීම බලපානු ලැබී ය. කෙ සේ නමුත්, මෙම උප දර්ශකයේ ඇතුළත් මහා මාර්ග ව්‍යාප්තිය, විදුලිය, අපරාධවලින් තොර පරිසරයක් පැවතීම සහ පාසැල් තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පහසුකම් පැවතීම යන අංශවල යම් පමණක වර්ධනයක් දක්නට ලැබිණි.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, December 5, 2017