නිතර අසනු ලබන ප්‍රශ්න

ණයපත්

ණයපත් (ක්‍රෙඩිට් කාඩ්) යනු කුමක් ද?  

ණයපත් යනු ඇපකරයක් අවශ්‍ය නොවන ණය වර්ගයක් වන අතර එය භාවිතයෙන් ඔබට භාණ්ඩ හා සේවා දැන් මිල දී ගෙන පසු ව මුදල් ගෙවීමට අවස්ථාව සලසා දෙයි.  

ණයපතක් මගින් කොපමණ මුදලක් ණයට ලබාගත හැකි ද?  

ඔබගේ බැංකු/මුදල් සමාගම විසින් පෙර තීරණය කරන ලද උපරිම ණය සීමාවක් ඔබට ලබා දෙනු ලැබේ. එය ඔබගේ ණය සීමාව ලෙස හැඳින්වේ.  

ණය සීමාව තීරණය වන්නේ කෙසේ ද?  

ප්‍රධාන වශයෙන් ඔබගේ ආදායම සහ ඔබට ණය ගෙවීමට ඇති හැකියාව මත ණය සීමාව තීරණය වේ. 

ණයපතක් (ක්‍රෙඩිට් කාඩ්) ලබා ගැනීමට පෙර දැනගත යුතු කරුණු මොනවා ද?  

    • ණයපත් ක්‍රියාත්මක වන ආකාරය 
    • යෝග්‍යතා නිර්ණායක
    • ණය සීමා 
    • භාවිත කරන ආකාරය  
    • අදාළ ගාස්තු සහ අයකිරීම්  
    • පොලී අනුපාතික සහ පොලී අනුපාතික ගණනය කරන ආකාරය  
    • ණය ආපසු ගෙවීමේ විකල්ප
    • අවම ගෙවීම් අවශ්‍යතා  
    • ලබාගත හැකි ප්‍රතිලාභ සහ වාසි 
    • භාවිතයේ ආරක්ෂාව/සුරක්ෂිතතාව 
    • ඔබට පැවරෙන වගකීම් 

ණයපත් ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? 

ඔබ ණයපතක් භාවිත කරන විට, ඔබ විසින් සිදු කරනු ලබන සියලුම වියදම් බිල්පත් චක්‍රය නමින් හැඳින්වෙන නිශ්චිත කාල පරිච්ඡේදයක් සඳහා එකතු කරනු ලැබේ. බිල්පත් චක්‍රය අවසන් වූ පසු, ඔබ භාවිත කළ මුළු මුදල පියවීම සඳහා ඔබට තවත් දින 20-25ත් අතර කාලයක් (සහන කාලයක්) හිමි වේ. ඔබ මෙම කාල සීමාව තුළ දී සියලුම ගෙවීම් සිදු කළහොත්, කිසිදු පොලියක් හෝ ප්‍රමාද ගෙවීම් ගාස්තුවක් අය කරනු නොලැබේ.  

භාවිතය 

ණයපතක් භාවිත කළ හැකි ස්ථාන? 

වෙළෙඳසැල්, මාර්ගගත අලෙවිසැල් හෝ භාණ්ඩ හා සේවා සඳහා කාඩ්පත් මගින් ගෙවීම් සිදුකළ හැකි අනෙකුත් ස්ථානවල දී ඔබට ණයපත භාවිත කළ හැකිය.

ණයපත් භාවිත කිරීමෙන් මුදල් ලබාගත හැකි ද?   

ඔව්. ඔබට මුදල් අත්තිකරමක් ලබාගත හැකිය. නමුත්, ඒ සඳහා පොලියක් හෝ ගාස්තුවක් අය කෙරේ.  

මුදල් අත්තිකාරමක් ලබා ගන්නේ කෙසේ ද?  

ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයෙන් හෝ බැංකු/මුදල් සමාගමේ ශාඛාවකින් මුදල් අත්තිකාරමක් ලබාගත හැකිය.  

කොපමණ මුදල් ප්‍රමාණයක් ලබාගත හැකි ද?  

ඔබගේ බැංකුව/මුදල් සමාගම විසින් තීරණය කරන ලද උපරිම මුදල් අත්තිකරම් සීමාවක් ඔබගේ ණයපතට හිමිවන අතර, එය සාමාන්‍යයෙන් ඔබගේ මුළු ණය සීමාවට වඩා අඩු අගයක් වේ. 

ණය සීමාව ඉක්මවා වියදම් කළ හැකි ද?  

ඔව්. හදිසි අවස්ථාවක දී භාවිත කිරීම සඳහා, ඔබගේ බැංකුව/මුදල් සමාගම විසින් තීරණය කරනු ලබන නිශ්චිත සීමාවකට යටත් ව පමණක් ණය සීමාව ඉක්මවා යා හැකිය.  

කොපමණ මුදලක් ඉක්මවා යා හැකිදැයි දැන ගන්නේ කෙසේ ද?  

මෙය සාමාන්‍ය භාවිතය සඳහා නොවන බැවින්, ඉක්මවා යා හැකි නිශ්චිත මුදල අනාවරණ නොකරයි. කෙසේ වුවත්, ඔබගේ බැංකුව/මුදල් සමාගම ඇමතීමෙන් එය පරීක්ෂා කළ හැකිය.  

ණය සීමාව ඉක්මවා ගියහොත් සිදු වන්නේ කුමක් ද?  

ණය සීමාව ඉක්මවා යෑමේ ගාස්තුවක් අය කෙරෙනු ඇත.  

විදේශ මුදල් භාවිතයෙන් ගනුදෙනු සිදු කිරීම සඳහා ණයපත භාවිත කළ හැකි ද?  

ඔව්.  

ඕනෑම විදේශ විනිමය ඒකකයක් භාවිතයෙන් ගනුදෙනු කළ හැකි ද?  

නැත.  

සීමා කර ඇති විදේශ විනිමය ගනුදෙනු වර්ග මොනවා ද?  

    • විදේශ විනිමය ගනුදෙනු (විදේශ විනිමය වෙළෙඳාම) 
    • අතථ්‍ය මුදල් ගනුදෙනු සම්බන්ධ ගෙවීම්  
    • ශ්‍රී ලංකාවෙන් පිටත ඔට්ටු ඇල්ලීම්, ක්‍රීඩා සහ සූදු ක්‍රියාකාරකම් සම්බන්ධ ගෙවීම් 
    • වාණිජ අරමුණු සඳහා ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් කරනු ලබන ගෙවීම් 

විදේශ රටවල දී ණයපත් භාවිත කළ හැකි ද?  

ඔව්. විදේශ රටවල දී ණයපත් භාවිත කිරීමට පෙර ඔබගේ බැංකුව/මුදල් සමාගම දැනුවත් කර තිබීම අවශ්‍ය විය හැකිය. 

ගාස්තු සහ අයකිරීම් 

ණයපත් සඳහා අදාළ වන ගාස්තු සහ අයකිරීම් පවතී ද?  

ඔව්.

අදාළ වන ගාස්තු සහ අයකිරීම් මොනවා ද?  

සම්බන්ධ වීමේ ගාස්තුව, වාර්ෂික ගාස්තුව, ප්‍රමාද ගෙවීම් ගාස්තුව, මුදල් අත්තිකාරම් ගාස්තුව ආදිය.  

සම්බන්ධ වීමේ ගාස්තුවක් යනු කුමක් ද?  

ඔබගේ ණය කාඩ්පත ලබා ගන්නා විට එක් වරක් පමණක් ගෙවිය යුතු ගාස්තුවක් ඇත.  ඇතැම් බැංකු/මුදල් සමාගම් මෙම ගාස්තුව අය නොකර කාඩ්පත ලබා දිය හැකිය.  

වාර්ෂික ගාස්තුව යනු කුමක් ද?  

කාඩ්පත භාවිත කිරීම වෙනුවෙන් වාර්ෂික ව අය කරනු ලබන ගාස්තුවකි. එය කාඩ්පත් වර්ගය සහ බැංකුව/මුදල් සමාගම අනුව වෙනස් වේ.  

ප්‍රමාද ගෙවීම් ගාස්තුව යනු කුමක් ද?  

නියමිත දිනට හෝ ඊට පෙර අදාළ ගාස්තුව ගෙවීමට ඔබ අපොහොසත් වුවහොත් අයකරනු ලබන ගාස්තුවකි.  

මුදල් අත්තිකාරම් ගාස්තුව යනු කුමක් ද?  

ඔබ මුදල් අත්තිකරමක් ලබා ගන්නා සෑම අවස්ථාවකදීම අයකරනු ලබන ගාස්තුවකි. සාමාන්‍යයෙන් එය ඔබ ලබාගන්නා මුදලින් කිසියම් ප්‍රතිශතයක් හෝ නිත්‍ය අවම ගාස්තුවක් වේ.

විදේශ ගනුදෙනු සඳහා අදාළ වන ගාස්තුවක් හෝ අයකිරීම් තිබේ ද?  

ඔව්. බොහෝ අවස්ථාවල දී විදේශ ගනුදෙනු ගාස්තුවක් ලෙස අදාළ විනිමය අනුපාතිකයට අමතර ව තවත් මුදලක් අය කෙරේ. ඊට අමතර ව, ඔබ එවැනි ගනුදෙනු සඳහා ඔබගේ ණයපත භාවිත කිරීමේ දී රජයේ මුද්දර ගාස්තු හෝ වෙනත් ව්‍යවස්ථාපිත ගාස්තුවක් අදාළ විය හැකිය.   

ආපසු ගෙවීම් සහ පියවීම්  

බිල්පත් චක්‍රය යනු කුමක් ද?  

ඔබගේ බැංකුව/මුදල් සමාගම ඔබගේ වියදම් නිරීක්ෂණය කරනු ලබන කාල සීමාවයි.  (සාමාන්‍යයෙන් දින 30ක කාලයක්)  

තමන්ගේ බිල්පත් චක්‍රය තමන්ට තෝරාගත හැකි ද? 

ඔව්. ඔබගේ බැංකුව/මුදල් සමාගම විසින් ලබා දෙනු ලබන පවතින කාල සීමාවක් අතරින් එකක් තෝරාගත හැකිය. 

බිල්පත් චක්‍රය තුළ වියදම් කර ඇති මුදල් ප්‍රමාණය පරීක්ෂා කර බැලිය හැකි ද?  

ඔව්.  

වියදම් කර ඇති මුදල් ප්‍රමාණය පරීක්ෂා කර බලන්නේ කෙසේ ද?  

ඔබට ඔබගේ කාඩ්පත් මධ්‍යස්ථානයට ඇමතුමක් ලබා දිය හැකිය. නැතහොත් ඔබ වියදම් කළ මුදල සහ ඔබ ගෙවිය යුතු මුදල දැක්වෙන ගිණුම් ප්‍රකාශයක් භෞතික ව හෝ ඩිජිටල් ක්‍රමයෙන් බැංකුව/මුදල් සමාගම විසින් ඔබට එවනු ඇත. 

ණයපත් බිල ගෙවිය යුත්තේ කවදා ද?  

නියමිත අවසන් දිනයේ දී හෝ ඊට පෙර. එය මාසික  ප්‍රකාශනයේ මුද්‍රණය කර දක්වා ඇත. 

ගෙවීම් සිදු කිරීමේ දී සහන කාලයක් හිමිවේ ද? 

ඔව්. ඔබට ආපසු මුදල් ගෙවීම් සඳහා ඔබගේ ගිණුම් ප්‍රකාශන දිනයෙන් පසු අමතර දින 20ත් 25ත් අතර කාලයක් හිමි වේ.  

ගිණුම් ප්‍රකාශ දිනය යනු කුමක් ද?  

එය ඔබගේ මාසික ප්‍රකාශයෙන් මුද්‍රණය කර දැක්වෙන ඔබගේ බිල්පත් චක්‍රයේ අවසන් දිනය යි.  

ගනුදෙනු දිනය යනු කුමක් ද?  

එය ඔබ මිලදී ගැනීමක් හෝ ගෙවීමක් සිදු කළ නිශ්චිත දිනය යි. 

ගිණුම්ගත කළ දිනය යනු කුමක් ද?  

එය ඔබගේ ගනුදෙනුව ඔබගේ ගිණුමේ සටහන් වන දිනය යි. සාමාන්‍යයෙන් එය ගනුදෙනු සිදු කළ දිනයෙන් දින 1-2ක කාලයකින් පසු ව දිනය යෙදේ.  

පියවීම් දිනය යනු කුමක් ද?   

ඔබගේ බැංකුව/මුදල් සමාගම විසින් වෙළෙඳ ආයතනය වෙත මුදල් හුවමාරු කරන දිනය යි. එය සාමාන්‍යයෙන් ගනුදෙනුව සිදු කළ දිනයෙන් ව්‍යාපාරික දින 1-3කට පසු ව යෙදේ.   

නියමිත අවසන් දිනයේ දී හෝ ඊට පෙර සම්පූර්ණ මුදල් එකවර නොගෙවුවහොත් සිදු වන්නේ කුමක් ද?  

ඔබෙන් පොලියක් හෝ ප්‍රමාද ගෙවීම් ගාස්තුවක් අය කෙරෙනු ඇත.  

නියමිත අවසන් දිනයෙන් පසු ව නමුත් මීළඟ බිල්පත් චක්‍රය අවසන් වීමට පෙර සම්පූර්ණ මුදල ගෙවුවහොත් සිදු වන්නේ කුමක් ද?   

ඔබගෙන් පොලියක් අය කෙරෙනු ඇත. ඊට අමතර ව ඔබට ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට ද සිදු වනු ඇත.   

සම්පූර්ණ මුදල ගෙවිය නොහැකි නම් සිදු වන්නේ කුමක් ද?  

ඔබට හිඟ ශේෂයෙන් කොටසක් පමණක් ගෙවීමට තෝරාගත හැකි අතර, එය අවම ගෙවීම හෝ ඊට වැඩි මුදලක් වීම වඩාත් සුදුසු වේ. 

ගෙවිය යුතු අවම මුදල් ප්‍රමාණයක් තිබේ ද?  

ඔව්. එය ඔබගේ ගිණුම් ප්‍රකාශනයේ  දක්වා ඇත.  

මුදල් ගෙවිය යුතු අවසන් දිනයේ දී හෝ ඊට පෙර, අවම ගෙවීම/අවම ගෙවීමට වඩා වැඩි නමුත් මුළු මුදලට වඩා අඩු මුදලක් පමණක් ගෙවනු ලැබුවහොත් සිදු වන්නේ කුමක් ද?  

ඔබගෙන් ප්‍රමාද ගෙවීම් ගාස්තුවක් අය නොකෙරෙනු ඇත. කෙසේ වුවද පොලියක් ගෙවීමට සිදු වේ.  

මුදල් ගෙවිය යුතු අවසන් දිනයට පසු අවම ගෙවීමට වඩා වැඩි නමුත් ගෙවිය යුතු මුළු මුදලට වඩා අඩු මුදල් ප්‍රමාණයක් ගෙවනු ලැබුවහොත් සිදු වන්නේ කුමක් ද?

ප්‍රමාද ගෙවීම් ගාස්තුවක් සහ පොලී මුදලක් ගෙවීමට සිදු වනු ඇත.   

කිසිදු මුදලක් නොගෙවුවහොත් හෝ අවම ගෙවීමයට වඩා අඩු මුදලක් ගෙවුවහොත් සිදු වන්නේ කුමක් ද? 

ප්‍රමාද ගෙවිම් ගාස්තුවක් සහ පොලියක් ගෙවීමට සිදු වනු ඇත. 

ගනුදෙනුකරුවන් (ට්‍රාන්සැක්ටර්) යනු කවුරුන් ද?  

පොලී අය කිරීමකට යටත් වීමෙන් වළක්වා ගැනීම සඳහා නියමිත දිනයේ දී හෝ ඊට පෙර මුළු මුදල ගෙවනු ලබන පුද්ගලයින්. 

ශේෂය ඉදිරියට ගෙන යන්නන් (රිවෝල්වර්ස්) යනු කවුරුන් ද? 

ප්‍රමාද ගාස්තු අය කිරීම මඟහරවා ගැනීම සඳහා පමණක් අවම මුදල ගෙවා ඉතිරි ශේෂය ඊළඟ මාසයට රැගෙන යන පුද්ගලයින්. මෙහි දී ඔවුන් ගෙවිය යුතු පොලී මුදල ඉහළ යයි. 

වැඩි වාසි හිමිවන්නේ කුමකින් ද?  

නියමිත දිනයේ දී හෝ ඊට පෙර මුළු මුදල පියවීම සහ පොලී එකතු වීම මඟහරවා ගැනීම ඔබට සෑමවිටම වාසිදායක වේ. එනම් ගනුදෙනුකරුවෙකු (ට්‍රාන්සැක්ටර්) වීම වාසිදායක ය.   

ණයපත් ගෙවීම් විකල්ප සහ පොලී සහ ගාස්තු කෙරෙහි ඇති වන බලපෑම  

පොලී අනුපාතික සහ ඒවා ගණනය කිරීමේ ක්‍රමවේද 

මගේ ක්‍රෙඩිට් කාඩ් පොලිය ගණනය කරනු ලබන්නේ කෙසේද?  

    • 2025.01.31 දිනට ප්‍රකාශනය 
    • 2025.01.01 සිට 2015.01.31 දක්වා බිල්පත් චක්‍රය 
    • නියමිත දිනය 2025.02.25  
    • අවම ගෙවීම - රු. 803.92  

ගනුදෙනුකිරීමේදිනය

විස්තරය

ගනුදෙනුප්‍රමාණය (රු.)

ශේෂය (රු.)

25-ජන-1

ආරම්භකශේෂය

-

0.00

25-ජන-7

මිලදීගැනීම්

5,000.00

5,000.00

25-ජන-25

මුදල්අත්තිකාරම්

10,000.00

15,000.00

25-ජන-31

මුදල්අත්තිකාරම්ගාස්තුව

1,000.00

16,000.00

25-ජන-31

මුදල්අත්තිකාරම්සඳහාපොලිය*

78.36

16,078.36

25-ජන-31

අවසන්ශේෂය

-

16,078.36

  • මුදල්අත්තිකාරම්සඳහාපොලිය= 78.36 (10,000 x 26/100 x 365 x 11*)

* දින11 – 25-ජන-20 සිට 25-ජන-31 දක්වා

 

  • 2025.02.28 දිනටප්‍රකාශනය
  • 2025.02.01 දිනසිට 2025.02.28 දිනදක්වාබිල්පත්චක්‍රය

ගනුදෙනුකිරීමේදිනය

විස්තරය

ගනුදෙනුප්‍රමාණය (රු.)

ශේෂය (රු.)

25-පෙබ-1

ආරම්භකශේෂය

-

16,078.36

25-පෙබ 15

මිලදීගැනිම්

2,000.00

18,078.36

25-පෙබ- 21  

ගෙවීම්

5,000.00

13,078.36

25-පෙබ-28  

පොලිය

455.26

13,533.62

25-පෙබ- 28  

අවසන්ශේෂය

-

13,533.62

 

නියමිතදිනටපෙරඅර්ධගෙවීමක් (අවමගෙවීම්අවශ්‍යතාවටවඩාවැඩි) සිදුකරඇත.

පොලියගණනයකිරීම

දිනපරාසය

විස්තරය

ප්‍රමාණය

අනුපාතිකය

දිනගණන

පොලියගණනය

පොලීප්‍රමාණය (රු.)

25-ජන-20

25-පෙබ-21

මුදල්අත්තිකාරම්

10,000.00

26%

32

10,000 x (26/100)/ 365 x 32

227.95

25-පෙබ-22

25-පෙබ-28

ඉතිරිමුදල්අත්තිකාරම්

5,000.00

26%

6

5,000 x (26/100)/ 365 x 6

21.37

25-පෙබ--1

25-පෙබ--28

මුදල්අත්තිකාරම්ගාස්තු

1,000.00

26%

27

1,000 x (26/100)/ 365 x 27

19.23

25-ජන-7

25-පෙබ-28

මිලදීගැනීම්

5,000.00

26%

52

5,000 x (26/100)/ 365 x 52

185.21

25-පෙබ-1

25-පෙබ-28

මුදල්අත්තිකාරම්සඳහාපොලිය

78.36

26%

27

78.36 x (26/100)/ 365 x 27

1.51

මුළුපොලිය

455.26

 

මෙයපොලියගණනයකිරීමේමූලිකක්‍රමයකි. කෙසේවෙතත්, දිනඅගයමතසහවිශේෂිතගනුදෙනුසලකාබැලීම්අනුවආයතනිකවශයෙන්ගණනයකිරීමවෙනස්වියහැකි. මෙහිදීසැලකියයුතුවැදගත්කරුණක්වන්නේ, ඔබගෙවීමක්සිදුකරනවිටඑයඅනෙකුත්හිඟශේෂසඳහායෙදවීමටපෙර,ප්‍රථමයෙන්මුදල්අත්තිකාරම්ගාස්තුසහපොලීගෙවීමසඳහාභාවිතාකරනබවයි.

මුදල් අත්තිකාරමක් මත පොලිය ආරම්භ වන්නේ කවදාද? 

ඔබ මුදල් ආපසු ගැනීමත් සමග ම පොලිය ආරම්භ වේ.
ඔබට සාමාන්‍ය කාඩ්පත් ගෙවීමක දී ලැබෙන අන්දමේ සහන කාලයක් නොමැත. 

මුදල් අත්තිකාරම් සඳහා පොලී අනුපාතිකය වැඩි ද? 

ඇතැම් බැංකු/මුදල් සමාගම් සාමාන්‍ය ණයපත් මිලදී ගැනුම්වලට වඩා වැඩි පොලී අනුපාතිකයක් අය කරයි. 

නිරන්තරයෙන් මුදල් අත්තිකාරම් ගැනීමෙන් වැළකිය යුතු ද ? 

ඔව්. එය බෙහෙවින් මිල අධික ය.  

ඔබ: 

  • ආපසු ගැනුම් ගාස්තුවක් (සාමාන්‍යයෙන් මුදල් අත්තිකාරම් ගාස්තුව ලෙස හඳුන්වයි.) 
  • ඉහළ පොලී අනුපාතික
  • පළමු දිනයේ සිට ම පොලිය , ගෙවනු ලබයි. 

නිරතුරු ව මුදල් අත්තිකාරම් ලබා ගැනීම නිසා ඔබේ ණයපත් බිල ඔබ බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් වැඩි විය හැකි ය.

 

දීමනා සහ ප්‍රතිලාභ

ණයපත් මගින් ලැබෙන ත්‍යාග ලකුණු (Reward Points), මුදල් ආපසු ලැබීම (Cashback) සහ අනෙකුත් ප්‍රතිලාභ මොනවාද ?

ඔබ ණයපත් භාවිතය දිරි ගැන්වීම සඳහා බැංකු/මුදල් සමාගම් මගින් විශේෂ දීමනා ලබා දෙනු ලැබේ. 

    • oත්‍යාග ලකුණු
      • ත්‍යාග ලකුණු යනු ඔබ යමක් මිල දී ගැනීමට ඔබගේ ණයපත භාවිත කරන සෑම අවස්ථාවක දී ම ලැබෙන ලකුණු වේ. 
      • ඔබට මෙම ලකුණු භාවිතයෙන් ත්‍යාග, සාප්පු සවාරි වවුචරපත්, වට්ටම් ලබා ගැනීමට හෝ ඔබේ ණයවරපතෙහි බිල අඩු කර ගැනීමට පවා (මෙය බැංකුවේ හෝ මුදල් සමාගමේ ත්‍යාග වැඩසටහන මත පදනම් වේ) භාවිත කළ හැකි ය. 
    • oමුදල් ආපසු ලැබීම් 
      • මුදල් ආපසු ලැබීම් යනු බැංකුව/මුදල් සමාගම ඔබ වියදම් කළ මුදලෙන් කුඩා ප්‍රතිශතයක් ආපසු ලබා දීම යි.  
      • මෙම මුදල්, පසුව භාවිත කළ හැකි මුදලක් හෝ ණය මුදලක් ලෙස ඔබගේ කාඩ්පත් ගිණුමට නැවත එකතු වේ. 

 

    • oවෙනත් ප්‍රතිලාභ
      • ඇතැම් ණයපත් පහත පරිදි විශේෂ වරප්‍රසාද ලබා දෙයි: 
      1. නොමිලේ හෝ වට්ටම් සහිත සංචාරක රක්ෂණයක් 
      2. ගුවන්තොටුපල විවේකාගාර සඳහා ප්‍රවේශය
      3. අවන්හල්/හෝටල්වල නවාතැන් ගැනීම් සඳහා මිල අඩු කිරීම් 
      4. හවුල්කාර වෙළඳසැල් සඳහා සුවිශේෂී දීමනා 
      5. පොලී රහිත වාරික ගෙවීම් සැලසුම් (නමුත් හැසිරවීම් ගාස්තුවක් අය කළ හැකි ය)

සෑම ණයපතක් ම සමාන ප්‍රතිලාභ ලබා දෙන්නේ ද? 

නැත. කාඩ් වර්ගය සහ බැංකුව/මුදල් සමාගම අනුව ප්‍රතිලාභ තීරණය වේ. සෑම කාඩ්පතකට ම එයට අදාළ ප්‍රතිලාභ සම්බන්ධයෙන් නියමයන් සහ කොන්දේසි පවතී. 

ආරක්ෂාව සහ සුරක්ෂිතතාව

යමෙකුට මගේ ණයපත අනිසි ලෙස භාවිත කළ හැකි ද ? 

ඔව්, ණයපත් බොහෝ විට වංචාකරුවන්ගේ ඉලක්ක බවට පත්වේ. 

ප්‍රධාන ණයපත් වංචා ආකාර මොනවාද?  

ප්‍රධාන ආකාර දෙකක් තිබේ:  

    • මාර්ගගත වංචා – යමෙකු ඔබගේ කාඩ්පතෙහි දත්ත සොරකම් කර ඒවා අන්තර්ජාලයෙන් යොදා ගැනීම. 
    • භෞතික වංචා –යමෙකු ඔබගේ සොරකම් කරන ලද කාඩ්පත වෙළඳසැලක හෝ විකුණුම් ස්ථානයක ඇති යන්ත්‍ර හරහා (POS යන්ත්‍ර වැනි)  භාවිත කිරීම.

වංචාව අන්තර්ජාලය හරහා සිදු වන්නේ නම් කුමක් සිදු වේද?  

ඔබේ කාඩ්පත් විස්තර අන්තර්ජාලය ඔස්සේ අවභාවිත කර ඇත්නම්, ඔබ ඒ පිළිබඳව පැමිණිල්ලක් ගොනු කළ යුතු අතර, ඉන්පසු ව ඔබගේ බැංකුව හෝ මුදල් සමාගම ඒ පිළිබඳ ව විමර්ශනයක් පවත්වනු ඇත.

ඔබේ පැමිණිල්ල සත්‍ය එකක් නම්, 'නැවත අයකර ගැනීමේ' (chargeback) ක්‍රමවේදයක් ඔස්සේ ඔබේ මුදල් නැවත ලබා ගැනීමට ඔවුන් ඔබට උපකාර කරනු ඇත.

නැති වූ හෝ සොරකම් කරන ලද ණයපත ඒ පිළිබඳ ව බැංකුව/මුදල් සමාගම දැනුවත් කිරීමට ප්‍රථම භාවිත කළේ නම් සිදු කරන්නේ කුමක්ද?   

යමෙකු ඔබගේ භෞතික කාඩ්පත එය සොරකම් කළ බව වාර්තා කිරීමට ප්‍රථම භාවිත කළේ නම් පාඩුව විඳ ගැනීමට ඔබට සිදු වේ. එසේ සිදු වන්නේ ඔබ නිල වශයෙන් එය සොරකම් කළ බව දැනුම් දීමට ප්‍රථම එසේ වූ බවට සාක්ෂියක් නොමැති විම යි.   

ණයපත් වංචාවලින් ආරක්ෂා වන්නේ කෙසේද? 

    • ඔබගේ කාඩ්පත ආරක්ෂිත  ව තබා ගන්න. 
    • ඔබගේ කාඩ් අංකය, PIN හෝ OTP අංක හුවමාරු කර නොගන්න. 
    • විශ්වාසදායී වෙබ් අඩවි සඳහා පමණක් ඔබගේ කාඩ්පත භාවිත කරන්න. 
    • ඔබගේ ගනුදෙනු දෛනික ව පරීක්ෂා කරන්න. 
    • නැති වූ කාඩ්පත පිළිබඳ ව වහාම වාර්තා කරන්න. 

විමසිලිමත් ව සිටීම වංචාවක් සිදු වීමට ප්‍රථම වළක්වා ගැනීමට ඇති හොඳම මාර්ගයි. 

සෑම මාර්ගගත ණයපත් ගනුදෙනුවක් සඳහා ම නිරන්තරයෙන් OTP අංකයක් ලබා දෙන්නේ ද?  

නැත. සෑම මාර්ගගත ගෙවීමකින් ම OTP අංකය විමසා සිටින්නේ නැත. එය ඔබ ගෙවීම් සිදු කරන වෙබ් අඩවිය හෝ යෙදවුම මත පදනම් වේ. 

ඇතැම් වෙබ් අඩවි OTP අංකය විමසීම් නොකරන්නේ ඇයි? 

ඇතැම් වෙළෙදුන් පාරිභෝගිකයන්ට මුදල් ගෙවීම වඩාත් වේගවත් සහ පහසු කිරීම උදෙසා OTP ඇතුළු කිරීමේ පියවර ඉවත් කරනු ලබයි. 

OTP අංකයක් විමසා නොසිටින වෙබ් අඩවි සඳහා ගෙවීම් කිරීම සුරක්ෂිත  ද? 

එහි ආරක්ෂිත බව අඩු ය. හැකි නම් OTP අංකයක් විමසා නොසිටින වෙබ් අඩවි හෝ යෙදවුම් සඳහා ගෙවීම් කිරීමෙන් වැළකී සිටින්න.  

තමන්ගේ ආරක්ෂාව සඳහා කුමක් සිදු කළ යුතු ද? 

සෑම විට ම ගනුදෙනුව සම්පූර්ණ කිරීමට ප්‍රථම OTP අංකයක් විමසා සිටින මාර්ගගත වෙළෙඳුන් තෝරාගන්න. එය වංචාවන්ට එරෙහිව අමතර ආරක්ෂණ පියවරක් එකතු කරයි. කිසිදු විටෙකත් ඔබගේ ණයපත් තොරතුරු වෙබ් අඩවිවල සුරක්ෂිත (save) නොකරන්න. 

සැකසහිත ගනුදෙනුවක් හඳුනා ගතහොත් කුමක් සිදු කළ යුතු ද? 

ඔබේ ණයපතෙහි ඔබ නොදන්නා ගනුදෙනුවක් සිදු වී ඇති බව ඔබ හඳුනාගතහොත්, ප්‍රථමයෙන් ම, එය ඔබ හෝ අවසරලත් වෙනත් පරිශීලකයෙකු විසින් සිදු කරන ලද්දක් නොවන බව තහවුරු කර ගැනීමට ඔබේ වාර්තා පරීක්ෂා කර බලන්න. තවදුරටත් එය සැක සහිත යැයි හැඟෙන්නේ නම්, එම සැකසහිත ගනුදෙනුව පිළිබඳව වාර්තා කිරීම සඳහා වහාම ඔබේ බැංකුවේ හෝ මුදල් සමාගමේ ක්ෂණික ඇමතුම් අංකය හෝ පාරිභෝගික සේවා අංශය අමතන්න. විමර්ශන කටයුතු සඳහා සහය වීම පිණිස ගනුදෙනුව සිදු වූ දිනය, මුදල සහ අදාළ වෙළඳසැලේ නම වැනි ගනුදෙනු විස්තර ලබා දෙන්න. බැංකුව හෝ මුදල් සමාගම මෙම සිදුවීම සමාලෝචනය කර, ආරක්ෂක හේතූන් මත ඔබේ කාඩ්පත අක්‍රීය කිරීමට හෝ අලුතින් කාඩ්පතක් ලබා ගැනීමට ඔවුන් ඔබට උපදෙස් දෙනු ඇත. 

වෙනත් තොරතුරු 

ඉන්ධන පිරවුම්හල්වල දී ගෙවීම් සිදු කිරීම සඳහා ණයපත භාවිත කළ හැකි ද? 

ඔව්, නමුත් ඇතැම් බැංකු/මුදල් සමාගම් සාමාන්‍යයෙන් 1% පමණ කොමිස් මුදලක් අයකළ හැකි ය.  

ණයපත් කිහිපයක් භාවිත කිරීම සුදුසු ද?   

ඔව්. සුදුසු විය හැකි ය.

ණයපත් කිහිපයක් භාවිත කළහොත් සිදු වන්නේ කුමක් ද?  

ඔබට බැංකු/මුදල් සමාගම්වලින් ණය ලබා ගැනීමට ඇති හැකියාවට බලපෑම් එල්ල විය හැකි ය.  

කෙසේ ද? 

ඔබ සැලකිලිමත් නොවුණහොත්, ණයපත් කිහිපයක් භාවිත කිරීමෙන් ඔබගේ ණය ශ්‍රේණිගත කිරීම්වලට (CRIB rating) හානි විය හැක. පහත සඳහන් හේතු මත එය සිදුවිය හැකිය.   

    • ගෙවීම් මඟහැරීම 
    • අධික ලෙස ණය සීමාව ඉක්මවා යෑම 
    • සියලු කාඩ්පත් නිසි පරිදි කළමනාකරණය අපහසු විම 

ණය ලකුණු අඩු වීමෙන් ණය ලබාගැනීම දුෂ්කර විය හැකිය.   

ණයපත් කිහිපයක් ලබා ගැනීමට පෙර මතකයේ තබාගත යුතු කරුණු මොනවා ද? 

අනාගත ණය ගැනීම් සහ මූල්‍ය අවශ්‍යතා සඳහා යහපත් ණය ශ්‍රේණිගත කිරීමක් පවත්වාගෙන යෑමට අවශ්‍ය නම්, ණයපත් කිහිපයක් භාවිත කිරීමට පෙර මනා ව සිතා බලන්න. ඔබට ණයපතක් ලබා ගැනීමට සැබෑ අවශ්‍යතාවක් පවතින බවත් එය වගකීම් සහගත ව කළමනාකරණය කළ හැකි බවත් සහතික කරගන්න. 

අතිරේක කාඩ්පතක් යනු කුමක් ද?  

එය ඔබගේ පවුලේ සාමාජිකයෙකු වැනි වෙනත් පුද්ගලයෙකුට භාවිත කළ හැකි  පරිදි ඔබගේ බැංකු ගිණුම යටතේ නිකුත් කරනු ලබන අමතර කාඩ්පතකි.  

එය නිකුත් කරනු ලබන්නේ ණයපත් හිමියාගේ නම යටතේ ද?  

නැත. එය අනෙක් පුද්ගලයාගේ නමින් නිකුත් කෙරේ.  

එම අමතර කාඩ්පතට ණය සීමාවක් පවතී ද?  

නැත. ඔබ සහ අමතර කාඩ්පත් හිමියා විසින් ඔබගේ ණය සීමාව පොදුවේ භාවිත කළ යුතුය.   

අමතර කාඩ්පත් හිමියාට වෙනත් ගිණුම් ප්‍රකාශනයක් හිමිවේ ද?  

නැත. ඔවුන්ගේ වියදම් ද ඔබගේ මාසික ගිණුම් ප්‍රකාශනයේ ඇතුළත් වේ.  

අමතර කාඩ්පතේ වියදම් සඳහා වගකීම දරනු ලබන්නේ කවුරුන් විසින් ද?   

මුළු හිඟ ශේෂය ගෙවීමේ වගකීම ඔබ සතු වේ.   

අමතර කාඩ්පත් හිමියා ගෙවීම් සිදු නොකළහොත් සිදු වන්නේ කුමක් ද?   

ගෙවීම් ආශ්‍රිත ව සිදුවන ඕනෑම ප්‍රමාදයක් හෝ ගෙවීම් පැහැර හැරීමක් ඔබගේ ණය වාර්තා වෙත අහිතකර ලෙස බලපානු ඇත.