2026 වසරේ මාර්තු මාසයේ දී විදේශීය ජංගම ගිණුමෙහි සුළු අතිරික්තයක් වාර්තා වූ අතර, පෙර වසරට සාපේක්ෂව වෙළඳ හිඟය පුළුල් වීම සහ සේවා ගිණුමේ අතිරික්තය අඩු වීම මධ්‍යයේ වුවද, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යෑම සහ ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟය අඩු වීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය. ඒ අනුව, 2026 වසරේ පළමු කාර්තුව තුළ දී ජංගම ගිණුමේ සමුච්චිත අතිරික්තය එ.ජ. ඩොලර් මිලියන 531ක් ලෙස වාර්තා විය.
අපනයනවලට සාපේක්ෂව ආනයනවල ඉහළ වර්ධනය පිළිබිඹු කරමින් 2026 වසරේ මාර්තු මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පුළුල් විය. 2026 වසරේ පළමු කාර්තුවේ දී, වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 1.5ට සාපේක්ෂව එ.ජ. ඩොලර් බිලියන 2.3ක් දක්වා පුළුල් විය.
මැද පෙරදිග පවතින යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ගණන් සහ ආනයන පරිමාවන් ඉහළ යෑම මත 2026 වසරේ මාර්තු මාසයේ දී ඉන්ධන ආනයන වියදම එ.ජ. ඩොලර් මිලියන 630ක් දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 74.7%කින් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.
පෞද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයන වියදම 2026 වසරේ මාර්තු මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 195ක් වූ අතර, 2026 වසරේ පළමු කාර්තුව තුළ දී මුළු වාහන ආනයන වියදම එ.ජ. ඩොලර් මිලියන 613ක් විය.
ආනයන මිල ගණන් පහළ යෑම ඉක්මවා අපනයන මිල ගණන් පහළ ගිය බැවින්, 2026 වසරේ මාර්තු මාසයේ දී වෙළඳ මිල අනුපාතය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. මේ අතර, 2026 වසරේ පළමු කාර්තුවේ දී වෙළඳ මිල අනුපාතය පෙර වසරට සාපේක්ෂව සුළු වශයෙන් පහළ ගියේය.
සංචාරක ඉපැයීම්වල අඩු වීම හේතුවෙන්, 2026 වසරේ මාර්තු මාසයේ දී සේවා ගිණුමේ අතිරික්තය එ.ජ. ඩොලර් මිලියන 227ක් දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 42.4%කින් සැලකිය යුතු ලෙස පහළ ගියේය. 2026 වසරේ පළමු කාර්තුව සඳහා සේවා ගිණුමේ සමුච්චිත අතිරික්තය, 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 20.2%කින් අඩු විය.
මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෑත මාසවල දී සංචාරක ක්ෂේත්‍රය තුළ දක්නට ලැබුණු ස්ථාවර වර්ධනය ආපසු හැරුණු අතර, 2026 වසරේ මාර්තු මාසයේ දී සංචාරක පැමිණීම් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 19.8%ක සැලකිය යුතු ලෙස පහළ යෑමක් පිළිබිඹු කරමින්, 183,979ක් දක්වා පහළ ගියේය. 2026 වසරේ මාර්තු මාසයේ දී සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් මිලියන 224ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇති අතර, 2026 වසරේ පළමු කාර්තුව තුළ දී සමුච්චිත ඉපැයීම් එ.ජ. ඩොලර් මිලියන 954ක් දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 15.0%කින් පහළ ගියේය.
2026 වසරේ මාර්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එ.ජ. ඩොලර් මිලියන 815ක් දක්වා ඉහළ ගිය අතර, එය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 17.5%ක වර්ධනයක් වාර්තා කළේය. සමුච්චිත වශයෙන්, වසරේ පළමු කාර්තුව තුළ දී ප්‍රේෂණ වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 26.5%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළේය.
2026 වසරේ මාර්තු මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි එ.ජ. ඩොලර් මිලියන 64ක ශුද්ධ ගෙවීමක් වාර්තා වූ අතර, ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළ ගනුදෙනු ඇතුළත් කොළඹ කොටස් වෙළඳපොළෙහි එ.ජ. ඩොලර් මිලියන 10ක ශුද්ධ ගෙවීමක් වාර්තා විය.
2026 වසරේ මාර්තු මස අග වන විට, චීන මහජන බැංකුව සමඟ වන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ව, දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 7.0ක් විය. මහ බැංකුව විසින් විදේශ විනිමය මිලදී ගනු ලැබුව ද, විදේශ ණය සේවාකරණ ගෙවීම් සිදු කිරීම මාසය තුළ දී දළ නිල සංචිත පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය.
2026 වසරේ පෙබරවාරි මස අග භාගයේ දී මැද පෙරදිග ගැටුම ආරම්භ වීමෙන් පසු ඇති වූ විදේශීය අංශයේ පීඩනයන් මධ්‍යයේ, 2026 වසරේ අප්‍රේල් මස අවසානය වන විට, ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව 2.9%කින් අවප්‍රමාණය විය.








