2025 වසර තුළ මූල්‍ය අංශයේ කාර්යසාධනය

විදේශීය අංශයන්හි අවදානම් සැලකිය යුතු මට්ටමක පැවතිය ද අඛණ්ඩ ණය ප්‍රසාරණයට සහාය දක්වමින් 2025 වසරේ දී, දේශීය සාර්ව මූල්‍ය තත්ත්වයන් තවදුරටත් ශක්තිමත් විය. 2025 වසර අවසානය වන විට බැංකු සහ මුදල් සමාගම් එක්ව ලබා දුන් සමස්ත ණය ප්‍රමාණය ඉහළයාමත් සමග ණය වර්ධනය සැලකිය යුතු ලෙස වේගවත් විය. ශක්තිමත් වූ පෞද්ගලික අංශ ණය වර්ධනය හේතුවෙන් මූල්‍ය අංශයේ සමස්ත නිරාවරණය තවදුරටත් පෞද්ගලික අංශය වෙත යොමු වූ අතර අඛණ්ඩ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය පිළිබිඹු කරමින්, මූල්‍ය ආයතන රාජ්‍ය අංශයට නිරාවරණය වීම අඩු විය.  සමස්ත නිරාවරණයෙන්, රජයට අදාළ නිරාවරණ ප්‍රතිශතය අඩු වුවද, එය තවමත් සැලකිය යුතු මට්ටමක පවතී. බැංකු අංශයේ ණය-තැන්පතු අනුපාතය අඛණ්ඩව ඉහළ යාම මගින් පිළිබිඹු වන පරිදි මූල්‍ය අතරමැදිකරණය තවදුරටත් වැඩිදියුණු විය. ක

කෙසේ වුවද, දළ දේශිය නිශ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස ණය සහ එහි දිගුකාලීන ප්‍රවණතාව අතර පරතරය ණය චක්‍රයේ ධනාත්මක පරාසය තුළ තවදුරටත් පුළුල් වූ අතර, එමගින් මූල්‍ය පද්ධතිය තුළ ඇතිවිය හැකි පද්ධතිමය අවදානම පිළිබඳ ව අඛණ්ඩ අවධානයෙන් පසුවීමේ වැදගත්කම ඉස්මතු කරයි. මැදපෙරදිග භූ-දේශපාලන ගැටුම් ඇතුළු ගෝලීය අවිනිශ්චිතතා, වෙළෙඳ භාණ්ඩ මිල අස්ථාවරත්වය සහ අහිතකර කාලගුණික තත්ත්ව, මූල්‍ය අංශයේ ණය ගුණාත්මකභාවයට අවාසිදායක අවදානම් ඇති කළ හැකිය. මෙම පසුබිම තුළ, තිරසාර රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය සහ විදේශීය ස්වාරක්‍ෂක ශක්තිමත් කිරීම සාර්ව මූල්‍ය ස්ථායීත්වය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයන් වනු ඇත.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, March 17, 2026