ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමා විසින් ජනාධිපති නීතීඥ මෛත්‍රී එවන් වික්‍රමසිංහ මහතා 2025 ඔක්තෝබර් 02 වැනිදා සිට බලාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කර ඇත. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත ප්‍රකාරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිපාලනමය සහ කළමනාකරණ කටයුතු පාලනය කිරීමට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පොදු ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා වගකිව යුතු ආයතනය ලෙස පාලක මණ්ඩලය පිහිටුවා ඇත. තව ද, ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 12 (1) (ආ) වගන්තිය ප්‍රකාර ව පාලක මණ්ඩලයේ සාමාජිකයින්, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින් ලෙස ද කටයුතු කරයි.
Published Date:
Friday, October 10, 2025