කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය, අපේක්ෂා කල පරිදි උද්ධමන ඉලක්කය කරා තවදුරටත් ලඟා විය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2025 අගෝස්තු මාසයේ දී ධන අගයක් වාර්තා කළ අතර, 2025 සැප්තැම්බර් මාසයේ දී,අපේක්ෂා කල පරිදි උද්ධමන ඉලක්කය කරා ඉහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කළේය.ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට අනුකූලව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය 2025 අගෝස්තු මාසයේ දී වාර්තා වූ සියයට 1.2හි සිට 2025 සැප්තැම්බර් මාසයේ දී සියයට 1.5 දක්වා ඉහළ ගියේය.

FULL TEXT

Published Date: 

Tuesday, September 30, 2025