ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් 2025.08.29 දින රුපියල් 2000 ක සංසරණය සඳහා වන සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරන ලදී.
නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ (Calibration) ක්‍රියාවලියක යෙදී සිටී. මෙම ක්‍රියාවලියේ ප්‍රගතියට අනුකූලව, නව මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරනු ලැබේ.
Published Date:
Monday, September 15, 2025