තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතිය - 2025 ජූලි 14 වන දින සිට ජූලි 18 වන දින දක්වා

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් 2025 ජූලි 14 වන දින සිට ජූලි 18 වන දින දක්වා තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් “අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.

මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම හා මූල්‍ය පාරිභෝගිකයන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම යන මහ බැංකුවේ කාර්යභාරයන්ට සමගාමී ව තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳ ව හා ඒවා මගින් තනි පුද්ගලයන්ට මෙන් ම සමස්ත ආර්ථිකයට සිදුවන සැළකිය යුතු අවදානම් පිළිබඳ ව පුළුල් වශයෙන් දැනුම්වත් කිරීම මෙම ජාතික වැඩසටහනේ ඉලක්කය වේ.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Sunday, July 13, 2025