පසුගිය වසරවල අලුත් අවුරුදු සමයේ පැවති රටාව පෙන්නුම් කරමින්, සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මගින් පිළිබිඹු වන පරිදි, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 41.4ක් දක්වා පහත වැටුණි. කෙසේ වෙතත්, පෙර වසරේ අනුරූප මාසය හා සැසඳීමේ දී, 2025 අප්‍රේල් මාසයේ පහත වැටීම සාපේක්ෂව අඩු මට්ටමක පැවතුණි. අලුත් අවුරුදු සැමරුම් හේතුවෙන් සිය ඉදිකිරීම් ස්ථාන බොහොමයක් මෙම මාසය තුළ දිගු කාලයක් තාවකාලිකව වසා දමා තිබූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවෝ සඳහන් කළහ.
Published Date:
Friday, May 30, 2025