ශ්‍රී ලංකා මහ බැංකුව, ජාතික ආර්ථිකයට දැක්වූ දායකත්වය සිහිපත් කරමින් 2025 වසරේ දී සිය 75වැනි සංවත්සරය අභිමානවත්ව සමරයි. ඉතිහාසය පුරා මිල ස්ථායිතාව පවත්වාගෙන යාම, මූල්‍ය පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහාය වී ඇත. මේ අනුව මෙම සමස්ත ලංකා චිත්‍ර තරගය සංවිධාන කෙරෙනුයේ, එම සාර්ථකත්වය සැමරීම සඳහා පමණක් නොව, ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳ උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්වයන් සමග සම්බන්ධ වීම ද අපේක්ෂාවෙනි. ජාතියේ ආර්ථික ප්‍රගතිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ දායකත්වය පිළිබඳ තමන්ගේ දැක්ම නිර්මාණශීලී ව ඉදිරිපත් කිරීමට ශ්‍රී ලාංකීය ජනතාව යොමුකරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනතාව අතර පවතින සබඳතා වඩාත් ශක්තිමත් කිරීම අපගේ අරමුණයි.
තේමාව
“ශ්‍රී ලංකා මහ බැංකුව : ඔබේ තෙලි තුඩින්” යන පුළුල් තේමාව යටතේ, පෞද්ගලිකව, සමාජයීය සහ/හෝ ජාතික මට්ටමින් විවිධාකාරයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිතවලට බලපාන අයුරු නිර්මාණශීලීව විමසා බැලීමට ඔබට ආරාධනා කෙරේ. මිල ස්ථායිතාව පවත්වා ගැනීම, මූල්‍ය පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම, ආර්ථික වර්ධනය හරහා අවස්ථා නිර්මාණය, ඩිජිටල් බැංකු සහ ගෙවීම් කටයුතු, තිරසාර මූල්‍ය මුලපිරීම්, මූල්‍ය අන්තර්ගතභාවය, ආර්ථික සහ මූල්‍ය සාක්ෂරතාව යනාදී අංශ අවධානයට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව සිය දිවියට කවර අකාරයකින් බලපා ඇතිදැයි චිත්‍ර මගින් ඉදිරිපත් කිරීමට තරගකරුවන්ට අවස්ථාව හිමි වේ. නිර්මාණකරණයේ දී සුදුසු පරිදි මෙම අංශ අතරින් එකක් හෝ කිහිපයක් ඉලක්ක කර ගත හැක.
යෝග්‍යතාව
පහත සඳහන් යෝග්‍යතා නිර්ණායක සපුරා ඇති ශ්‍රි ලාංකික පුරවැසියන්ට තරගයට එක්විය හැක.
- කාණ්ඩ දෙකක් යටතේ තරගකරුවන්ට චිත්‍ර තරගයට එක්විය හැකිය
- පාසල් මට්ටම - 10,11,12 හෝ 13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්
- විවෘත කාණ්ඩය - අවුරුදු 18 හෝ ඊට වැඩි පුද්ගලයින්
- පාසල් සිසුන්ට විවෘත කාණ්ඩය යටතේ තරගයට එක්විය නොහැක.
- ශ්‍රි ලංකා මහ බැංකුවේ සේවකයින්ට හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට තරගයට එක්වීමේ අවස්ථාව හිමි නොවේ.
- තනි පුද්ගලයෙකු වශයෙන් නිර්මාණ ඉදිරිපත් කළ යුතු අතර කණ්ඩායම් වශයෙන් තරගයට එක්විය නොහැකිය.
- එක් තරගකරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණි.
වයස සහ යෝග්‍යතාව තහවුරු කිරීම සඳහා තරගකරුවන් ජාතික හැඳුනුම්පතේ හෝ තැපැල් හැඳුනුම්පතේ හෝ අනන්‍යතාව තහවුරු කළ හැකි වෙනත් ඕනෑම ලේඛනයක පිටපතක් සිය නිර්මාණය සමග ඉදිරිපත් කළ යුතු ය.
නිර්මාණය ඉදිරිපත් කිරීමේ දී සපුරාලිය යුතු අවශ්‍යතා
භාවිත කළ හැකි මාධ්‍ය
- පැන්සල්, චිත්‍ර ඇඳීම සඳහා භාවිත කරන අඟුරු (චාකෝල්), පෑන් හෝ තීන්ත, දිය සායම්, ඇක්‍රිලික් තීන්ත හෝ තෙල් සායම්, පැස්ටල් හෝ මිශ්‍ර මාධ්‍ය
- AI හෝ වෙනත් ඩිජිටල් තාක්ෂණික ක්‍රම භාවිතයෙන් කළ නිර්මාණ භාරගනු නොලැබේ.
නිර්මාණයේ ප්‍රමාණය
- චිත්‍ර ඇඳීම සඳහා A3 (සෙ.මී 297 X සෙ.මී 420) ප්‍රමාණයේ කඩදාසියක් හෝ කැන්වසයක් පමණක් භාවිත කළ යුතුය.
නිර්මාණය පිළිබඳ විස්තරය
- තම නිර්මාණයට මුල් වූ හේතුව, ඉන් ලබා දෙන පණිඩුඩය හෝ නිර්මාණය පසුපස ඇති කතාව පැහැදිලි කෙරෙන කෙටි සටහනක් (වචන 100ට නොවැඩි) සෑම නිර්මාණයක් සමග ඉදිරිපත් කළ යුතුය.
- තරගකරුවාගේ අභිමතය පරිදි එය සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් ඉදිරිපත් කළ හැකිය.
නිර්මාණයේ නව්‍ය බව සහ ඉදිරිපත් කිරීම
- සෑම නිර්මාණයක්ම 100%ක් තරගකරුගේ ස්වාධීන නිර්මාණයක් විය යුතු ය.
- ඉදිරිපත් කරන නිර්මාණ මීට පෙර ප්‍රසිද්ධියට පත් නොකෙරුණු , ප්‍රදර්ශනය නොකළ හෝ වෙනත් තරගකරුවෙකු විසින් ඉදිරිපත් කරන ලද්දක් නොවිය යුතුයි.
- සෑම නිර්මාණයක් ම රාමු කිරීමකින් තොරව ඉදිරිපත් කළ යුතුය. නිර්මාණ රාමු කිරීම සහ ප්‍රදර්ශනට එක්කිරීමට අදාළ කරුණු ශ්‍රී ලංකාවේ මහ බැංකුව මගින් සිදු කෙරේ.
- කිසිම නිර්මාණයක් නැවත ලබා නොදෙන අතර ඉදිරියේ දී ප්‍රදර්ශනය සඳහා එම නිර්මාණ ශ්‍රී ලංකා මහ බැංකුව සතු දේපළක් ලෙස පවතිනු ඇත. එහිදී නිර්මාණවල සියලුම හිමිකාරීත්වය එහි නිර්මාණකරුට හිමි වේ.
- තරගයට අදාළ මාර්ගෝපදේශවලට යටත් වන බවට තහවුරු කරමින් සියලු ම තරගකරුවන් අත්සන් කරන ලද ප්‍රකාශයක් ලබාදිය යුතු වේ.
- පාසල් මට්ටමේ තරගකරුවන්ගේ නිර්මාණවල වලංගුතාව අදාළ පාසල්වල විදුහල්පතිවරුන් තහවුරු කළ යුතුය.
නිර්මාණ යොමුකළ හැකි ආකාර
සියලු ම තරගකරුවන්ට සිය නිර්මාණ 2025 ජූනි 25 හෝ ඊට පෙර ලැබෙන පරිදි පහත සඳහන් පරිදි යොමුකළ හැක.
- රාජකාරී වේලාවන් තුළ ශ්‍රි ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කර්යාල වෙත ගෙනැවිත් භාරදීම
- “ශ්‍රී ලංකා මහ බැංකුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ කුරියර් මගින් ලැබීමට සැලැස්වීම.
ඒ සමඟ:
- අත්සන් කරන ලද ප්‍රකාශය
- සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාවිතයෙන් ලිඛිත නිර්මාණකරුගේ සටහන (වචන 100කට නොවැඩි)
- ජාතික හැඳුනුම්පතේ හෝ වලංගු හැඳුනුම්පතක පිටපතක් (පාසල් තරගකරුවන් අදාළ පාසල්වල විදුහල්පතිතුමා විසින් තහවුරු කරනු ලැබිය යුතුය)
චිත්‍ර තරගයට අදාල ප්‍රධාන දින
- තරගය අවසන් වන දිනය : 2025 ජූනි 25
- ප්‍රදර්ශනය : 2025 අගෝස්තු මාසයේ දී කොළඹ දී
ත්‍යාග සහ සහතික ප්‍රදානය
- කාණ්ඩ දෙකෙහිම ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග සහ සහතික හිමිවේ.
- තරගයේ දී තෝරාගැනෙන මුල් නිර්මාණ 75 නිල සාංවත්සරික ප්‍රදර්ශනයට එක්කෙරේ.
- තෝරාගත් නිර්මාණ සඳහා විශේෂ ඇගැයීමක් ප්‍රදානය කෙරේ.
බාගත කළ හැකි ලේඛන
තරගයට අදාළ අත් පත්‍රිකාව – PDF
වැඩි විස්තර සඳහා
තරගයට අදාළ විමසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගත හැක.
ඊ-මේල්: 75art@cbsl.lk
දු.ක අංකය: 0112477965 / 0112477418
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සමාජ මාධ්‍ය නාලිකා හරහා තරගයේ තොරතුරු යාවත්කාලීන කෙරේ.
Twitter / X | YouTube |