ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2024 පෙබරවාරි

ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 පෙබරවාරි මාසයේ දී දර්ශකාංක 57.1ක් වාර්තා කළ අතර, එමගින් ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම වර්ධනය සඳහා ඉදිකිරීම් කටයුතු සඳහා පවතින හිතකර වාතාවරණය සහ තාවකාලිකව අත්හිටුවා තිබූ ඇතැම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම හේතු වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ ආයතන සඳහන් කරන ලදී. 

ඉදිකිරීම් කටයුතු සඳහා පවතින ඉල්ලුමෙහි ඉහළ යෑම පිළිබිඹු කරමින් අඛණ්ඩව දෙවන මාසයට ද නව ඇණවුම් ඉහළ ගියේ ය. දැනට පවතින ටෙන්ඩර් අවස්ථා අතර, විශේෂයෙන් විදේශ අරමුදල් මගින් සිදුකරන ව්‍යාපෘති ඇතුළුව මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති ද පවතින බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී. කෙසේ වුවද, සේවා නියුක්තිය පෙර මාසයට වඩා අඩු වේගයකින් වුවද, පෙබරවාරි මාසයේ දී පහත වැටුණි. සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් පුහුණු හා පළපුරුදු ඉදිකිරීම් සේවකයන්ගේ පවතින හිඟය පිළිබඳව අවධාරණය කළහ. තවද, ඉදිරියේදී නිම කිරීමට සැලසුම්ගත ව්‍යාපෘති ඉහළ යෑමත් සමග තොග මිලදී ගැනුම් වර්ධනය විය. ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල මට්ටම්වල මෙම මාසය තුළ දී පහත වැටීමක් පෙන්නුම් කරන ලදී. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය පෙබරවාරි මාසයේ දී තවදුරටත් ඉහළ ගියේය

සම්පූර්ණ ලිපිය

 

Published Date: 

Thursday, March 28, 2024