වෙබ් පිටු නිර්මාණය කිරීම පිළිබඳ මංගත පුහුණුකරණ වැඩසටහන්

ශ්‍රී ලංකා මහ බැංකුවේ කිළිනොච්චි ප්‍රාදේශීය කාර්යාලය විසින් ‘වෙබ් පිටුවක් නිර්මාණය කිරීම’ පිළිබඳව මංගත පුහුණුකරණ වැඩසටහන් දෙකක් යාපනය දිස්ත්‍රික්කයේ සහ වන්නි ප්‍රදේශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 80 දෙනෙකු සහ 50 දෙනෙකු සඳහා පිළිවෙලින් 2021 නොවැම්බර් 05 සහ නොවැම්බර් 19 යන දිනවල දී සාර්ථකව පවත්වන ලදී.